“අනේ මගෙ මිකී මවුස් මග් එක….”
ර් ර් ර් ර් අර හාදයා හින්දා තමයි. අම්මා බැන බැන කටු ටික අස් කරද්දි මම
කාමරේට එන්න පඩිපෙළ නැග්ගා. නගිද්දි දැක්කෙ අම්මයි පොඩි මෑනුයි ඇස් එලියට පනින සයිස් එකෙන් ලොකු කරන් බලං ඉන්නවා.
එයාලා වැරදිත් නෑ හැබැයි. ඒ බිදුනෙ මගෙ ආසම මග් එක. වෙනදට නම් අලුතෙන් ඒ වගේම එකක් ගෙනත් දෙනකම් ගෙදරම දෙවනත් වෙන්න අඩනවා. ඒත් අද මට අඩන්න තරම් මානසිකත්වයක් නෑ.
ඇදට පැනලා කල්පනා කලේ යනවද නැද්ද කියලා. කොහොමද දෙයියනේ රෙද්දක් ඇදන් යන්නෙ. නපුරු ඇස් මුලු ලංකාදීපයටම කිව්වනෙ මම හෙරක් කියලා. හම්බෙන්න නෙවෙයි යන්න වටින්නෙ.
හහ් මම නම් තෙමෙයි වැස්සට කියලා නාගෙනත් ආවා.
………………..
ඇදට වෙලා කල්පනා කලේ අද දවස ගෙවාගන්න මම කරපු දේවල් කවදාවත් නැතුව රෙදි ටිකත් හේදුවා. ගෙදරත් අතු ගෑවා අම්ම බය වෙලා නලලටත් අත තියලා බැලුවා.
අද මල් කඩන් ආවෙත් පොඩි මෑන්ස්. ඒ මදිවට එහා ගෙදර හාදයෝ දෙන්නා මම උනුත් එක්ක සෙල්ලම් කරන්න ආවෙ නෑ කියලා මුලු ගමේම පතුරවලා මම ලොකු ළමයෙක් වෙලා
කියලා. අනේ මන්දා මෙහෙමත් අසල්වැසියෝ. ආඩම්බරයක් ඉතින්…………..
ඇදේ නිදියගත්තත් පේන්නෙ අර නපුරු ඇස් හාදයගෙ ඇස් දෙක.
“ස්ස්ස්ස්ස්….ස්ස්ස්ස්”
දෙවියනේ….මයි ටයිම් හෑස් කම් කිව්වලු. මොකාද ඒ මේ මහ රෑ. නයෙක්ද පොළගෙක් ද. ඇදෙන් බහින්න ඕනෙ මොන පැත්තෙන්ද කියන එකත් අමතක උනා.
“කොහෝ…ක්හෝ” මොකක් ඩයල් එක ගමට ඇවිල්ලද ආයෙ. අනේ මගෙ රත්තරං කොහා ආයෙත් ඇවිල්ලා. අපි දෙන්නා අතරෙ තිබ්බ සියලුම තරහ අමතක කරලා මම ඉකමනට දොර අරින්න ගියා.
ඇයි නැත්තම් මූ ආයෙත් ගමෙන් ගියොත් මට තමයි ගහට නැගලා කෑ ගහන්න වෙන්නෙ.
දොර ඇරියට වඩා ඉකමනින් වහන්න ගියාට මම පරක්කු වැඩියි මොකද ඒ වෙද්දිත් මාවත් පෙරලගෙන කොහා වන්නම නටපු හාදයා කාමරේට රිංගලා ඉවරයි. ඒ අර නපුරු ඇස් හාදයා…..මාව
හොරෙක් කියලා මුලු ලංකාවට ම පතුරපු කෙනා.
“මොකද්ද ඒ පාර කරන්න හදන්නෙ” මම හිමීට ඇහුවා.
“මොකක් කරනව වගේද පේන්නෙ“
“අනවසරෙන් කෙල්ලෙක්ගෙ කාමරේට රිංගලා වෙන මොකද්ද”
“මෙහ්..බලනවකො ඕයි තමුසෙ හින්දා උනේ”
දකුනු අත තැන් දෙක තුනකම හොදටම සීරිලා ගිහින්. නපුරු ඇස් මගෙම ගෙදර මගෙම කාමරේ මගෙම ඇදේ ඉදන් මමට කෑ ගහනවා.
“මොකද්ද මම කලේ”
“ඔයාට එන්න මම අර කටුකම්බිය කපලා දැම්මා. රෑ වෙනකම් දැන් එයි දැන් එයි කියලා බලාගෙන හිටියා. කෝ ඉතින් ආවෙ නෑනෙ” ශික් මාරම ලැජ්ජයි මට නම් දැන්. කිසිම හිරිකතයක් නැතුව කියන හැටි.
“කෙල්ලෙක් ආවෙ නෑ කියන්නෙ ඒ කෙල්ල කැමති නෑ කියන එක. එතකොට කරන්නෙ රෑට ඒ කෙල්ලගෙ කාමරේට රිංගන එක නෙවෙයි”
“ඒත් ඉතින් ඒ කෙල්ල සතියක් ම ගෙට රිංගලා ඉන්නව නම්”
“ඔයා කොහොමද ඒක දන්නෙ” දෙවියනේ දැන් නම්
බැල්කනියෙන් පැනලා මැරෙන්න හිතයි.
“මම ඔය මැඩම් ගැන දන්නෙ නැත්තෙ මොනාද කියලා අහන්න” මම රවාගෙන ගිහින් පොත් මේසෙ පුටුව බොහොම අමාරුවෙන් ඇදන් ඇවිත් නපුරු ඇස් ඉස්සරහින් ම ඉදගත්තා. මේක දෙකෙන් එකක් විසදගන්න ඕනෙ.
“මම මොකද්ද කරන්න ඕනෙ දැන්. කෙටියෙන් කියන්න”
“මගෙ කෙල්ල වෙන්න”
“පිස්සු හැදීගෙන එනවද මනුස්සයෝ”
“ඔව්ེ.මට පිස්සු හැදිලා බබා ඔයා හින්දා” කියලා දඩස් ගාලා ඇදේ පෙරලිලා මෑන්ස් එයාගෙ සිහින ලෝකෙ ගිලිලා අත් දෙකක් ටයිටැනික් එකේ වගේ දෙපැත්තට විහිදන්.
“හිමීට කතා කරනවා මනුස්ස පැටියෝ…මල්ලි ආවොත් විනාසයි”
“බය වෙන්න එපා ඌ මගෙ එකා” ර් ර් ර් අම්මගෙ බඩෙන් ආපු එකා තමුසෙගෙ වෙන්නෙ කොහොමද ඕයි කියලා අහන්න කටට ආවත් කටවහං හිටියා.
“ඒ කොහොමද ඒ”
“ඇයි බං බැල්කනියට නගින්න ඉගිමග තිබ්බ තැන කිව්වෙ ඌ. ජනේලෙන් ඔලුව දාලා.” මොකක් කිව්වා…මේ අල්ලපු කාමරේ ඉන්න එකා එහෙම කිව්වා.
“බොරු කියන්න එපා”
“ගිහින් අහන්න ඕන්නම්. ඊයෙ පාරෙදි හම්බුනාම කිව්වා අක්කා ටීවි එක අතුරුපසට කන්න වගේ ඉද්දි ඌට තේරුනා මම තමයි පතාගෙන ආපු පෞකාරයා කියලා” පෞකාරයා නම් මොකටද කෙල්ල වෙන්න කියන්නෙ.
“දැන් වෙන්න බැයිද කියපන්කෝ”
“මේ හලෝ. මම ඔහේගෙ නමක් ගමක් දන්නෙත් නෑ. දැක්කෙත් එක දවසයි. එහෙම කොහොමද ඔයාගෙ කෙල්ල වෙන්නෙ. හිතන්න කොච්චර දේවල් තියේද. අනිත් එක අහපු ගමන් ම මට නම් කැමති වෙන්න බෑ”
“ඉතින් බං මම සතියක් ගල් ගැහුවනෙ ….ඒ මදිද” ඇගිලි වලින් දවස් 5ක් පෙන්නලා අහන්නෙ අර පොඩි එකෙක් මම බත් කටවල් මෙච්චරක් කෑවා කියන්නා වගේ.
රැව්වා රැවිල්ලක් ඉදන් ඉන්න ඇඳත් එක්කම අලුබත් වෙලා යන්න. ආස ඇති
“මාව හෙරක් කියලා මේ මුලු රටට ම කිව්වෙ”
“අන්න ඒක නම් පොඩ්ඩක් අවුල් නෙහ්. වෙඩින් එකේදි මිනිස්සු බලයි ඇයි මම හොරෙක් ව බඳින්නෙ කියලා”
“යනවද යන්න…මට ඕනෙ නෑ ඔයාගෙ කවුරුත් වෙන්න. නෑදෑයො මං ගැන මොනවා නොහිතයිද”
“ඇයි මොනාද හිතන්නෙ“
“අපේ නෑදෑ පරපුරම මහ කුනු ලෝබයෝ. උන්ට වෙඩින් දෙනවට වඩා හොදයි පැනලා යන එක”
“ඔයාට ඕනෙ ම නම් අපි අම්මලාට කියලා පැනලා යමු සුදූ”
……….
ඒ විදිහට ඒ කුණුහරප වීඩියො එක ඉවර වෙද්දි මුලු වෙඩින් හෝල් එකම මීයට බිම්බා වගේ නිශ්ශබ්ද වෙලා. ඇඬෙනවා යකෝ මේවට…..
මම ඔසරි පොටෙන් මූන කවර් කරගන්න ගේමක් දෙද්දි ඔය කුණුහරපෙ පටිගතකරපු පොඩි මෑන්ස් අර මගෙ මිනිහා කියන හාදයත් එක්ක දෙකට නැවි නැවි හිනා වෙනවා.
එදා මලික් හොරෙන් කාමරේට ආපු සීන් එක වෙලා අදට අවුරුදු 2ක් වෙනවා.
ඇරත් කවුද හිතන්නෙ ඒ නයිටියක් ඇඳන් නිදිමරගාතෙ මලික් එක්ක කතා කරද්දි පොඩි මෑන්ස් ඕක වීඩියෝ කරයි කියලා.
අනිත් එක ඒ මල් මල් නයිටියත් ලොකු නැන්දා ගෙනත් දුන්නු එකක්. ඒක දැනගෙන ම මම ලෝබයෝ කියලා බැන්නනෙ.
“අක්කෙ තමුසෙට සප්‍රියිස් එකක් තියේ” කියලා කිව්වට මම මේක අඩුම තරමේ දවල් හීනෙකින්වත් හිතපු නැති එකක්.
මම හිතුවේ මල් සිංදුවක් දාගෙන පොඩි මෑන්ස් එහා ගෙදර උන් දෙන්නත් එක්ක නටයි කියලා.
මොන නැටිලිද නටන්න හිටපු පොඩි නැන්දගෙ දුවලා දෙන්නත් නැටුම නටන්න ඉදපු ඒවා අමතක වෙලා හෝල් එක මැද හිටන් ඉන්නවා.
කවදාවත් අරක්කු කටේ නොතියා අමද්‍යප සංගමේ ලේකම් වෙච්ච පොඩි බාප්පා අද කෙලින් ම රෙඩ් ලේබල් බෝතලේට බට දාගෙන බොන්නෙ, කොකා කෝලා බොනවා වගේ.
අම්මයි තාත්තයි හැසිරෙන්නෙ මාව දන්නෑ වගේ. අපේ පරම්පරාව එන්නෙ නුවර විමලධර්මසූරිය රජ කාලෙ ඉදන් ගගා හොටෙල් එකට අඩිය තියන්න කලින් ම වංශෙ කබල් ගාපු ජිනේ සීයා බීරෙක් වගේ පිඟානට ඔලුව ඔබන් ඉන්නවා.
“පව් ඕයි තමුසේ…”
පව් නම් මොකටද හිනා වෙන්නෙ කියලා අහන්න හැදුවත් වචන එන්නෙ නෑ කට ට.
දැන් නම් මට පැහැදිලි සැකයක් එනවා මලික් අර පොත ඉස්සරා ඉදන් මගෙ නම වෙනුවට කිව්වෙ අල්ලපුගෙදර ගෑනිගෙ නමද කියලා.
ඒ මදිවට අහඹු රුවැත්තී කියලා මාව හැමතැනම චිත්‍රෙ ඇදපු එකාට වඩා ප්‍රසිද්ධ වෙලා. දැන් යන යන හැමගෙදරකම මොනාලිසා වෙනුවට තියෙන්නෙ අහඹු රුවැත්තී……..
“විසාල කරදරයක් උනා මේක”
අහඹු රුවැත්තී නොහොත් සියැසි උමාරා…..
…………………………….
ඔන්න අවසාන ඒ විදිහට සනිටුහන් උනා. Sorry මේක දෙන්න පරක්කු උනාට…..
ඔයාලට මේ Episodes 04 ගැන අදහස කියන්න අමතක කරන්න එපා.
සදාදර
Mrs.හෝම්ස්