-අහඹු රුවැත්තී- (01 කොටස)

25
0

පාර්ක් එකට ආවට මොකද්දෝ මන්දා දෙයකට මට හිතුනෙ නෑ මගෙ අපාය සහයකයො දෙන්නා වගේ තරඟෙට අයිස් ක්‍රීම් කන්න වත්, සබන් බෝල තරඟෙට පුම්බන්නවත්.

සමහර විට යුනිවසිටි එකේදි යාලුවෝ විහිලු කරපු දේවල් හින්දා වෙන්න ඇති.

මම පිළිගන්නෙ නෑ මම එයාලා ඒ කිව්ව විකාර වලට අවුල් උනා කියලා ඒත් දැන් මට ඕනෙ තනියම ඉන්න. මනස නිදහස් කරගන්න.

යාලුවෝ දෙන්නා පොඩි උන් සෙට් එකක්ද අල්ලං බය කරද්දි මම ආවෙ කවුරුත් නැති නිස්කලංක වටපිටාවක් තියෙන තැනකට.

“හ්ම්ම්ම්” මට ලොකු හුස්මක් පිට උනා මම ගැනම. ඇත්තට ම අවුරුදු 21ක් ම තණිකඩව ඉන්න එක වැරදි ද. අම්මලා කියන්නෙත් මට කැමති දෙයක් කරන්න කියලා. එහෙම එකේ ඇයි මම අනුන් කියන විදිහට වෙනස් වෙන්න හදන්නෙ. මම වෙන්න ඕනෙ මම!

කොච්චර කොල්ලො ආවත් මට හැමවෙලාවකම හිතුනෙ මම එයාටල හරි මදි කියලා.

මේ විකාර තව දුරටත් හිතන්න ගියොත් මගෙ සීරියස් මෝඩ් එක ඔන් වෙන හින්දා මම වටපිටාව දිහා ඇස් ඇරලා බැලුවා පොඩ්ඩක්.

මෙතන මෙච්චර ලස්සක්! මම මට ම කියා ගත්තා. මම ඉදගෙන හිටියේ කන්දක් වගේ තැනක, මට පහලින් ගලින් ගල තියලා හදලා තියෙන අඩි පාර ගානට කපලා තියෙන තණකොල මැද්දෙන් ගිහින් එකතු වෙන්නෙ ලස්සන ම ලස්සන ලොකු පිලිවෙලක් නැති පාට පාට මල් වැල් ගිහින් තියෙන මැස්සකට. නිකං ඒක පතෝල මැස්සක් වගේ මුලු පාරම වහගෙන.

ඒත් මට සීයට දාහක් විශ්වාසයි මේ මැස්ස නම් සීයගෙ කොටටුවේ තියෙන අර දිරුණු පතෝල මැස්සට වඩා ගොඩක් ශක්තිමත්. එතනම එහා පැත්තෙ පොඩි ලේක් එකක් වගේ. පේන හැටියට නම් ගැඹුරුයි වගේත්…

මට මෙතනට අර මැස්ස වගේ එක උඩ ගිහින් තියෙන මල් මොනාද කියලා වෙන් වෙන්ව අදුරගන්න අමාරුයි.

ඒත් මට පොඩි ආසාවක් ආවා රපුන්සල් පළවෙනියටම අර හාදයත් එක්ක කැලේ මැදින් ගියා වගේ අර මල් මැස්ස යටින් උඩ බලාගෙන යන්න.

හිමීට ගල් අඩිපාර දිගේ ගිහින් හරියටම මැස්ස පටන් ගන්න තැනට ගියාම මගෙ කටත් ඇරුනා…

ඇරුනා නෙවෙයි ඇරිලා…මේ ලෝකෙට ආවෙ බතල පාට රෝස මල් පෙත්තක් ඇවිත් මගෙ කට ඇතුලට වැටුනම.

මල් පෙත්ත හපලා කන්න ආසාවක් ආවත් මට ඒක ආයාසයෙන් මැඩ ගන්න උනා. මොකද මට දුක හිතුනා මේ පෙත්ත අයිති මල ගැන.

සමහර විට එයත් උඩට වෙලා බිම බලාගෙන ඇති එයාගෙ ඈත් උනු පෙත්තට මොකද්ද අත් වෙන ඉරණම කියලා.

මම හිමින් සීරුවෙ පෙත්ත කටින් එළියට අරන් ගහක් මුලින් තිබ්බ.

“ඔන්න ඔයා ආරක්ෂිතයි පුංචි යාලුවේ”

මේ මල් පරවෙලා වැටෙන වෙලාවක් නොවුනත් මම දැක්කා එහෙන් මෙහෙන් පාර පුරා වැටිලා තියෙන පාට පාට මල් වර්ගයක්. ඇත්තටම මෙච්චර දවස් ගානක් මේ පාර්ක් එකට ආවත් මම මේ මල් වල නමක් දන්නෙ නෑ.

නමක් ගමක් දන්නෑ හැබැයි මලක්!

හිමින් සීරුවෙ මල් ටික අතට එකතු කර ගන්න ගමන් හිතුවේ මෙයාට දාන්න නමක්!

ඒ නමක් නොදන්න මල් එකින් එක මම අහුලන්න පටන් ගත්තා.

සේරම මල් පොඩි වෙන්නෙ නැති වෙන්න අතට ගුලි කරන් එයාගෙ ගහේ මුල හොයලා එතනින් තිබ්බා. දැන් හරි අත් දෙක පිහිදගෙන මම බැලුවේ මල් ගොඩ දිහා. එයාලට ආයෙමත් දවසක මල් ආත්ම වෙලා ගහට නැගලා ලස්සටන පිපෙන්න පුලුවන් වෙයි.

තව මල් තියේද කියලා වට පිට බලද්දි මම දැක්කෙ ලේක් එකේ පීන පීන ඉන්න මල් යාලුවෙක්ව. මල් ගස් අතරින් ගිහින් මම හිමීට ලේක් එකට අත දැම්මා….

“වාව්” මට ඉබේ ම කියඋනා. හරිම සීතලයි වතුර. මල් යාලුවවත් අතට අතට අරන් අවසාන වතාවට වතුර වල සීතල අතේ වද්ද ගන්න අත හිමීට හිමීට වතුර කිට්ටුවටම ගෙනියන කොට….

“ඒයී…” මේ අඩියක් නොපෙනෙන ලේක් එක තරමට ම ගැඹුරු කටහඬක් මගෙ පිටි පස්සෙන් ඇහුනා එක සැරේටම.

මම එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැති හින්දම මම ගැස්සිලා ගිහින් වතුරට බර උනා. එන්න එන්න ම මගෙ සමබරතාම නැති වෙද්දිම කලින් අතේ විතරක් ගෑවුනු ඒ සීතල වතුරෙන් මුලු ඇඟම නෑවෙනව නේද කියලා හිතාගෙන මම මලත් අතේ ගුලි කරගත්තා.

ඒත් එක්කම සීතල වතුරෙන් නෑවෙන එක හිතාගෙන ඉද්දි එක සැරේටම මට දැනුනෙ මම කුරුල්ලෙක් වගේ පියාඹනවා කියලා. ඒත් තටු ගන්න බෑ උරිස්ස හරිය තද මොකකට හරි හිරවෙලා වගේ.

මොකක් බලන්නත් ඇස් අරින්න ඕනෙ නේද කියලා

මතක් වෙලා මම බයෙන් බයෙන් ඇස් ඇරියා.

මගෙ ඇස් ඉස්සරහා තිබුනෙ තද කලු ලස්සන සරාගී ඇස් දෙකක්! වම් ඇහැ කෙලවරේ පොඩි ලපයක්. ඒ ලපේ හින්දා වෙන්න ඕනෙ මේ ඇස් මෙච්චරම සරාගියි වගේ පේන්නෙ..වට පිට බලද්දියි තේරුනේ මගෙ ඇස් දෙක තියෙන්නෙත් ඒ කලු ඇස් කෙලින් ම නේද කියන එක.

“හැඩ බැලුවා ඇති වගේනම් මාව බිමින් තියන්න පුලුවන් ද ඔයාට”

මගෙ හෙන ගහන්න වගේ තියෙන කටේ සද්දෙට මුලින් ම උනේ ඒ ඇස් ගැස්සුනු එක ඒත් ඊගළ තප්පරේ ඒ ඇස් නපුරු දුෂ්ට ඇස් දෙකක් උනා. ඒත් එක්ක ම මාවත් බිමට විශාල ශබ්දයක් නගාගෙන පතිත උනා.

“ඔයා මාව ඉස්සුව නම් ඒ උස්සපු විදිහට ම බිමින් තියන්න ඉගෙන ගන්නවා”

මම කිව්වෙ දත් මිටි කන ගමන්. ඔක්කෝටම වඩා කේන්තියි මාව බිමට අතෑරපු විදිහට.

මැරෙන්නද යන්නෙ” ඒ නපුරු ඇස් ඇහිබැමක් උස්සලා ඇහුවා අත් දෙකත් පපුව හරහට බැඳ ගන්න ගමන් ම.

“නෑ ඇයි” මම කේන්තියෙන් ම උත්තර දුන්නා.

එහෙනම් මොන මගුලකටද ලේක් එකට එබෙන්න ගියේ”

“එබෙන්න නෙවෙයි මම කෙනෙක්ව බේර ගන්න ගියේ” පොඩ්ඩක් කේන්තිය මැඩගෙන කිව්වත් නපුරු ඇස් වල නම් තියෙන්නෙ “වෙන්න බෑ” වගේ බැල්මක්.

පිස්සුද ඕයි”

“නෑ ඒ උනාට ඔයාට මට පිස්සු වගේ පේනව ද?” මම බෙල්ලත් ඇල කරලා ඇහුවා. මට ඕන උනා වගේම නපුරු ඇස් වලට යටින් තිබුනු කම්මුල් ටික ටික රතු උනා.

මම කිව්ව කියලා හිතාගනින්..මගෙ පේන්ට් එකත් මට නැවැත්තුවා තමුසෙ හින්දා”

” ඉතින් මම කඩාගෙන බිදගෙන මෙතනට එන්න කිව්වෙ නෑනෙ”මාත් නපුරු ඇස් වලට සකන්ඩ් වෙන්න බැරි හින්දම කියලා දාලා නැගිටලා මලත් එයාට අයිති තැනින් තියන්න ආවා.

මල තියන ගමන් හොරෙන් බැලුවෙ නපුරු ඇස් යන්නෙ කොහෙට ද කියලා. එහා ගියේ ටිකක් එහාට වෙන්න තියෙන ලොකු ගහ යට ට.

“thawa tikkin api yamu ned. Inna thanakin Gate eka lagata waren” හරි මට යන්න වෙලාව හරි.

“10 minutes diym” යාලුවටත් මැසේජ් එකක් දාලා මම ගියේ නපුරු ඇස් ව බලන්න. මොනා උනත් එයා ආවෙ මාව බේරගන්නනෙ.

මම යද්දිත් එයා ඉන්නෙ චිත්‍රෙ ඇතුළට සම වැදිලා වගේ. මම ආව දැක්කෙත් නෑ එයා. මට ඕන උනා හොරෙන් එයා අදින්නෙ මොකද්ද කියලා බලන්න.

මොකද නපුරු ඇස් එක්ක මට හිතුනා මම අහලා බලන්න ගියොත් එයා මට පෙන්නන්නෙ නැතුව හංගගනී කියලා.

හොරෙන් හොරෙන් ගිහින් එයාගෙ උරිස්සට උඩින් එබුනා මම! ඒත් තප්පර දෙකක් යන්න ඇති එයා සමවැදිලා හිටපු දැහැන බිදලා එක සැරේටම ඔලුව උස්සලා මම දිහා බැලුවා.

“සො..සොරි මට ඔයා අඳින්නෙ මොකද්ද කියලා බලන්න ඕනෙ උනා”

හොරෙන්?” නපුස් ඇස් හීනි කරන් අරන්නෙ ආයෙමත් ඒ ඝන ඇහි බැමක් උස්සගෙන

“අහලා බලන්න ගිහින් ඔයා මට පෙන්නුවෙ නැති උනොත් එහෙම” හිමීට හිමීට වචන අමුනද්දි නපුරු ඇස් කලේ ඉදන් ඉන්න තැනින් නැගිටලා “ඇති තරම් බලන්න” වගේ හීන් හිනාවක් දීලා එහාට උනු එක.

“ලස්සනයි. ඒත්..”

ඇයි ඒත්?”

“මෙච්චර මල් තියෙන පාක් එකක ඉදන් මුහුදක් අදින්නෙ ඇයි. ඒක නිකං සරනේරුයි, ඩෝනටුයි වගේ කිසිම ගැළපීමක් නෑ”

දැන් කොහොමද එතකොට මම ගැළපෙන්න අඳින්න ඕනෙ”

“ම්ම්ම්ම් ඔයා අඳින්න අර මල්”

මොකද්ද විශේෂෙ ඒවගෙ”

“විශේෂෙ තමයි කිසිම කෙනෙක් මේ වෙනකම් ම එයාලව ඇඳලා නැති එක”

ඒත් එක්කම මට යාලුවන්ගෙන් කෝල් එකක් ආවා. යන්න වෙලාව හරි හින්දා තව එක පාරක් නපුරු ඇස් දිහායි එයාගෙ චිත්‍රෙ දිහායි බලලා එයාට බායි කිව්වා. එයත් බායි කිව්වා ඒත් එයාගෙ අත් දෙකේම පින්සල් හින්දා එයා බායි කිව්වෙ ඇස් වලින්.

🥀🥀🥀🥀🥀🥀🥀🥀

………To be continuing….

සදාදර

Mrs.හෝම්ස්

Mrs හෝම්ස්
WRITTEN BY

Mrs හෝම්ස්

In a world full of roses dare to be a Daisy...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *