-අහඹු රුවැත්තී- (3 කොටස)

9
0

මූනත් සෝදගෙන මම හිමින් හිමින් කිරි එකත් අරන් පඩිපෙළ බැස්සෙ අද ගෙදර ඇතුළට වෙලා ඉන්න කියන බොරුව මොකද්ද කියලා හිතන ගමන්.

“අක්කා..”

අපේ ගෙදර බඩ පිස්සා කියන තැන ඉන්න පොඩි මෑන්ස් කෑ ගැහුවේ මුලු ගෙදරම උලු ටික උඩ යන විදිහට. ඊළඟට පොඩි මෑන්ස්ට අත් වෙන ඉරනම මතක් වෙද්දි මට කට කොනින් හිනාවක් ගියා.

“පොඩි පුතා….හිමින් කතා කරන්න බැයිද ළමයෝ තව පොඩ්ඩෙන් ඊයෙ අලුතින් ගෙනාපු හට්ටියත් බිදෙනවා”

අම්මා කෑ ගහන්නෙ උපරිමේටම මල පැනලා.

ඔය අස්සෙ මම මේ කිරි එක රත් කරගන්න ගිහින් මම ගිය අවුරුද්දෙ කොහාට මුං කැවුමෙන් ගැහුව සීන් එකේ ඉදලම උඩට මතු වෙනවා කියලා අද්දැකීමෙන් දන්න හින්දම අදට ඇල් කිරි බොනවා කියලා හිතාගෙන මාත් පොඩි මෑන්ස් ඉන්න තැනට ආවා.

“අක්කා ඔයා ඇත්තටම ඇයි අර එදා කොහාට කකා හිටපු කැවුමෙන් දමලා ඇරියෙ. බලනවකො ඌ එදා එදලා දකින්නවත් නෑනෙ. මේ අවුරුද්දෙ ඔයාට තමයි කොහෝ කොහෝ කියලා කෑහන්න වෙන්නෙ”

පොඩි මෑන් කියන්නෙ ඇස් වලිනුත් එක්ක හිනා වෙවී. මහලොකු සහෝදරය.

ඇත්තටම ම පොඩි මෑන් කිව්ව වගේ මට කෑ ගහන්න වෙයිද දන්නෑ.

මොකද මම කොහාට කැවුමෙන් ගැහුවා කියන්න අම්මා මුලු ගමටම පැතිරුව හින්දා පන්සලේ පොඩි හාමුදුරුවෝ ඉදලා දන්නවා මම කොහා ගමෙන් ගියේ මන් හින්දා කියන්න.

මම ඌට වැදෙන්න නෙවෙයි එදා කැවුමෙන් ගැහුවෙ. අපේ ගමේ කොහෙක් නෙවෙයි ඉන්නෙ කොහාගෙත් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වර්ෂන් එක.

ඒකත් ඒ යකා ගමටම අවුරුදු ආවා කියලා කෑ ගහන්න තෝරගන්නෙ හැමදාම මගෙ කාමරේ ජනේලෙ කෙලින් තියෙන ඇඹුල් පේර ගහ.

“අක්ක මේ අහනවකො”

“අහන්න කියනවකො…”

“ලංකාවෙ අර UK Union එකෙන් තිබ්බ චිත්‍ර තරඟෙ දිනලා තියෙන්නෙ අපේ පළාතෙ කෙනෙක් හලෝ”

“ගැම්මක් තමයි. කෙල්ලෙක් ද”

“නෑ කොල්ලෙක්”

“සැක් එහෙනම් වැඩක් නෑ”

පොඩි මෑන් රවාගෙන ටීවි එක දැම්මා. අද ඉතින් සෙනසුරාදා දවස ඉවරයි. දාද්දිම අඟල් 30 ටීවි එකේ ලොකුවට හිටපු හාදවය දැක්කහම කටට ගත්ත කිරි ටිකත් පිට උගුරෙ ගියා.

“ක්හැ ක්හැ…”

වෙන කවුරුත් නෙවෙයි අර නපුරු ඇස් ඒ හිටියෙ.

නපුරු ඇස්ව ටීවී ප්‍රෝගෑම් එකකට ගෙන්නලා. ඒත් ඒ ඇයි

“අපි පෙන්නමු නේද මේ ලස්සන චිත්‍රෙ බලන් ඉන්න ලක්වාසී හැමෝටම”

ඔව් අනිවාර්යයෙන් ම” නපුරු ඇස් කියන්නෙ කට පුරා හිනා වෙවී. එයාට හිනා වෙන්න පුලුවන් නේද. මම හිතුනෙ එයා හිනා වෙන්න දන්නෙ නැති කෙනෙක් කියලා.

“ක්හැ…ක්හැ…” ඊළඟට කටට ගත්ත කිරි උගුරත් පිට උගුරෙ ගියේ මෑන්ස් ඇන්දයි කියන චිත්‍රෙ දැක්කහම.

-අහඹු රුවැත්තී-

ඒ වෙන මොකක්වත් නෙවෙයි. මීට සතියකට කලින් මම අර අතෑරපු ගෙදර කියන ගෙදරට මල් කඩන්න අර නමක් නොදන්න ගහ ගොමුවෙ කැරකි කැරකි හිටපු විදිහ.

ඒ මම ම තමයි! මොකද ඉන්න ඉරියව්වට මූන පැහැදිලි නොවුනත් ඒ චිත්‍රෙ තියෙන විදිහට ම මාත් මල් වට්ටිය ගහේ රදවලා ආපු ආසාවකට රටාවක් නැතුව අපිලිවෙලකට ගොතාගෙන හිටපු කොණ්ඩේ මල් පොකුරක් ගහ ගත්තා. ඒක තාමත් ඇති වේලෙන්නෙ දාපු විදිහමට මගෙ ඩයරියෙ පිටු අස්සෙ..

“මේ විශේෂ චිත්‍රයක්. මොකද සාමාන්‍යයෙන් හැමෝම අදින්නෙ මල් අතින් අරන් ඉන්න නැත්තම් මල් කඩන යුවතියක්. ඒත් ඔබ?”

ඔව්. ඇත්තටම මේකෙ ඉන්නෙ පුංචි හෙරක්. එයාගෙ හිතේ මල් ගැන තියෙන්නෙ හරි ලස්සන අදහස්”

“ක්හැ ක්හැ….” ආයෙත් කිරි උගුර පිට උගුරෙ ගියා. දැන් නම් මේ මම ම තමයි. එතකොට එයා මම එදා කරපු සේරම බලන් ඉදල ද.

එතකොට එයාද අර නමක් නොදන්න මල් වර්ගෙ අහුලලා ගහ මුලට දැම්මෙ.

“මේකට නමක් තියෙනව ද”

“ඔව්. මේකෙ නම් අහඹු රුවැත්තී”

“ඇයි ඔබ මේ මල් වර්ගෙම මේ සිතුවමට තෝර ගත්තෙ. ඒකෙත් විශේෂයක් තියෙනව ද”

“ම්ම්ම් මම මේ මල් වර්ගෙ තෝරගත්තෙ වෙන කවුරුත් මේ මල් වර්ගෙ සිතුවමට නගලා නැති හින්දා”

“ක්හැ ක්හැ….” ආයෙමත් කිරි පිට උගුරෙ ගියා. මේ මනුස්සයා හදන්නෙ මාව හිර කරලා මරන්නද.

“ලොකු…කිරි එක මම පොවන්නද ඇවිත්” අම්මත් කුස්සියෙ ඉදන් කෑ ගහනවා. ඒ මදිවට පොඩි මෑන්ස් බය වෙලා මාරුවෙන් මාරුවට මගෙ කැස්ස දිහායි ටීවි එක දිහායි බලනවා.

මම හිතලා හිර කරගත්තෙ නෑ දෙයියනේ.

“අවුරුදු 21ක් වයස. කිරි එකක් බොන්න දන්නෙ නෑ” අම්මා බැන බැනම ඇවිත් බිමට පාපිස්සක් දැම්මා. කිරි එකෙන් භාගයක්ම මගෙ කට වටේයි, බිම පුරාමයි.

“ඔබට අවසාන වශයෙන් මේ ජයග්‍රහණය ගැන කියන්න තියෙන්නෙ මොකද්ද”

” ඇත්තටම මේක මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි. ඇත්තටම විශ්වාස කරගන්න අමාරු තරම් අහම්බයක්! මම දන්නවා මට අහම්බෙන් හමුවුනු ඒ කෙනාත් මේක මේ වෙලාවෙ බලනවා කියලා. ඉතින් මම මේ කියන්නෙ මගේ අහඹු රුවැත්තී ඔයාට….

පුලුවන් නම් මාව එකම එක පාරක් හම්බවෙන්න එන්න. මම ආසයි ඒ මල් ගස් මැද්දේ ආයෙමත් ඒ අහම්බෙන් ඇස් වලට මැදි උනු පුංචි සුරංගනාවිව බලන්න”

“සලාංංංංං”

“ලෝකූහ්හ්”

” අක්කා…හ්හ්”

මම මේ ලෝකෙට ආවෙ අම්මගෙයී පොඩි මෑන්ගෙයි රීමික්ස් වෙලා කම්බෙරේ පුපුරාගෙන යන සද්දෙන් ඇහුනු කෑ ගැහිල්ලකට.

ගැස්සිලා ගිහින් වට පිට බලද්දි මම දැක්කෙ ඇස් දෙක රතු කරගෙන නහයෙනුත් එක්ක දුම් පිබ පිබ ඉන්න අම්මව, ඒත් එක්කම එහා පැත්තෙ පුපුරන්න ඔන්න මෙන්න තියෙන හිනාවක් හිර කරන් ඉන්න පොඩි මෑන්ස්ව.

ඒත් එක්කම මෑන්ස් ඇස් වලින් පෙන්නෙවෙ මගෙ කකුල් දෙක පාමුල…යම්කිසි දෙයක් සිදුවී ඇති හැඩයි! හිමීට ඔලුව පාත් කලේ මොකද වෙලා තියෙන්නෙ බලන්න…

“මලා…. මගෙ මිකී මවුස් මග් එකහ්හ්හ්”

…………………………………..

To be continuing..

ඔයාලගෙ ලස්සන අදහස් අමතක නොකර කියාගෙන යන්න…

හෙට අවසාන කොටසින් හම්බෙමූ…🤟

සදාදර

Mrs.හෝම්ස්

Mrs හෝම්ස්
WRITTEN BY

Mrs හෝම්ස්

In a world full of roses dare to be a Daisy...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *