ගෙදර ගිහිනුත් මට මතක් උනේ අර නපුරු ඇස් දෙක. ඒ තරම් ළඟට ඇස් දෙකක් බැලුවම ද කොහෙද. ඒත් නෝට් එක ලියද්දි උනත් හිතුනෙ ඒ ඇස් වල මොකද්දෝ අමුතු ලස්සනක් තිබුනා නේද කියලා….
නපුරු ඇස් අමතක කරලා මම පහන තියන්න මල් කඩන්න ගියාමත් පාරට නැවිලා තියෙන වතු සුද්ද ගහේ මල් කුනාටුවකට ගහගෙන ගිහින් වගේ.
එක මලක් නෑ ගහටම. වට පිට බලද්දි එහා ගෙදර එලියට වෙන්න දාලා තියෙන කහ ලයිට් එකත් එක්ක මම දැන ගත්තා මල් ටික ගහගෙන යන්න හේතු උනු කුණාටුව කවුද කියලා.
වෙන කවුරුත් නෙවෙයි ඒ අපේ අසල්වැසි ජනතාව. එයාලා අද පන්සල් ගිහින්,මොකද පන්සල් යන දවසට තමයි ඔය කලින් මම දැක්ක කහ ලයිට් එක දාන්නෙ.
එයාලගෙ පරම්පරාගත චාරිත්‍රයක් තමයි බැති සිතින් මලක් පූජා කරනවා වෙනුවට ගමේ කිසිම කෙනෙක්ට මලක් පූජා කරන්න බැරි වෙන්න පන්සලේ මල් ආසනේම අල්ලපු ගෙදර මලුත් එක්කම කඩන් ගිහින් පුරවන එක.
අද වෙලා තියෙන්නෙත් ඒක. පව් මගෙ අසරන වතුසුද්ද ගහ! කොළත් එක්කම ඇඹරිලා ගිහින්.
ගාඩ්න් එක හදන්න ඒකෙ තිබුනු ඔක්කොම මල් පැල අයින් කලා. ඒක හින්දා අපිට තිබුනු එකම මල් ගහ තමයි මේ වතුසුද්ද ගහ.
“අම්මා…අම්මාහ්හ්”
“ඇයි ළමයො බෙරිහන් දෙන්නෙ” අම්මා කියන්නෙ කේන්තිය පාලනය කරගන්න ගමන් කියන්න දුර ඉදන් උනත් මට අදුරගන්න පුලුවන් උනා.
“වතු සුද්ද ගහේ මල් නෑ. මම පොඩ්ඩක් අනිත් ගෙවල් වලින් බලලා එන්නම්”
“රෑ වෙන්න කලින් එන්න.”
“හරී…”
“පරිස්සමෙන් පුතේ. ෆෝන් එක අරන් යන්න”
අම්මගෙත් අවසරේ ඇතුව පාර පුරා නට නට මම මල් වට්ටිය උඩ දැම්මා. ඇත්තටම මේ හරියෙත් මල් තියෙන්නෙ බෑ.
මොකද අර අපේ වතුසුද්ද මල් ගහට ආව කුණාටුවට මේ මලුත් අනිවාර්යයෙන් ම අහු වෙන්න ඕනෙ. මොකද මේ පන්සලට යන පාර.
මට හිතුනා මේ මුලු ගමේ හැමෝම අතර “අතෑරල දාපු ගෙදර” කියන විරුදාවලිය ලත් ගෙදරට ගිහින් බලන්න අද.
ඒකට එහෙම කියන්නෙ දැන් අවුරුදු තුනක විතර වෙලේ ඉදලම ඒ ගෙදර කවුරුත් ම පදිංචියට ආවෙ නැති හින්දා.
ඒත් පදිංචියක් නැති උනාට ඒ ගෙදර අපේ ගෙදරට වඩා හොද තත්වයේ තියෙනවා කියන්න මීට සතියකට විතර උඩදි පේර කන්න ඒ ගෙදරට හොරෙන් කටු කම්බියෙන් පැනලා ගියපු දවසෙ දැක්කා.
ඒ වගේම දැක්ක දෙයක් තමයි ඒ ගෙදර මල් ගස් ටිකත් ඉතාම හොද තත්වයේ තියෙනවා කියන්න. ඉතින් අද මම යන්නෙත් ඒ මල් කඩන්නම තමයි.
හිමින් සැරේ මල් වට්ටියත් එක අතකින් අරන් අනිත් අතෙන් කටු කම්බිය පාත් කරලා හොර බැල්මක් වත්තට දාලා කටුකම්බියෙන් එහා පැත්තට පැන්නා.
මේක හොර වැඩක්ද! නෑ නෑ මේක හොර වැඩක් උනත් මගෙ තියෙන්නෙ උතුම් සිතුවිල්ලක්නෙ.
ලොකු ලොකු මල් ගස් ගොඩක් පිරිලා. ඒත් ඒවා හිටවලා තියෙන විදිහට පාරට පේනවා අඩුයි. මොන මල්ද කඩන්නෙ..?? නිකට ට අත තියන් කල්පනා කර කර වටපිට බලද්දි මම දැක්කෙ අද අද දවල් පාර්ක් එකේදි දැක්ක නමක් නොදන්න මල් වර්ගෙ.
මේ තියෙන්නෙ මල්!
ගාල වගේ තියෙන ගස් ගොමුව මැද්දටම ගිහින් මල් වට්ටිය පිරෙන්න මල් කඩා ගත්තා. මට හිතේ පිරෙන්න කඩා ගන්න හිතුනත් පොඩි මල් වට්ටිය දැනටමත් පිරිලා ඉවරයි.
වට පිට බලද්දියි දැක්කෙ ගහ පුරාම බිම වැටිලා තියෙන මල් ටික සේරම පිලිවෙලකට ගහ මුලට දාලා. හරියට මම අද උදේ පාර්ක් එකේදි කලා වගේම
ඒත් කවුද?
මේ ගෙදරට මුලු ගමටම රහසෙන් කවුරුහරි පදිංචියට ඇවිල්ලවත් ද.
දෙවියනේ මම ඉවරයි! ඉක්මනට ඉක්මනට අඩිය තියල කටු කම්බිය ගාවට ගිහින් ඉක්මනට ඒකෙනුත් එළියට පැනලා දුවගෙන දුවගෙන ගෙදර ආවා. මේ සේරම දේවල් වලට වග කියන්න ඕනෙ අපේ අසල්වැසියෝ කියන ජීවී කොට්ඨාසෙ තමයි!
……………………………
“පුතේ…රත්තරං නැගිටින්නකො”
වෙනදට “මාව උඩට ගෙන්න ගන්නෙ නැතුව නැගිටිනවා ලොකු” වගේ කුස්සිය ඉදන්ම උදේට බෙරිහන් දෙන අම්මා අද මගෙ කිරි එකත් අරංම ඇඳ පාමුල.
“ගුඩ් මෝනින් අම්මා” මම කිව්වෙ ඇගේ හිරි ඇර ඇර. ලොකූ ඈනුමකුත් අරින ගමන්.
“පුතේ අර එහා ගෙදර මල්ලිලා අදත් අන්න උදේම එයාලගෙ ලොකු අක්කව හොයාගෙන ආවා….. පුතේ ඔයා ප්‍රශ්නෙක ද”
“නෑ අම්මා එහෙම මුකුත් නෑ”
“ඇයි එහෙනම් ඔයා මේ ටිකේ එළියටවත් බැස්සෙ නැත්තෙ. ” අම්මා ආදරෙන් අහන්නෙ මගෙ ඔලුවත් අත ගගා.
මමත් හිනාවෙලා ඒ උකුලෙන් ඔලුව තියා ගත්තා. අම්මා හරි මොනා කිව්වත්! මම දැන් සතියක් එළියට බහින්නෙවත් නැතුව ඉන්න, ඒ අර අතෑරලා දාපු ගෙදර මල් කඩන්න ගිය දවසෙ ඉදන්.
මේ මගෙ කැම්පස් නිවාඩුව. මම වෙනදට නම් නිවාඩු කාලෙ එනකම් මග බලං ඉන්නෙ.
අඩුවෙන් ම කාලයක් ඉන්නෙත් ගෙදර ඇතුලෙ. ගොඩක් වෙලාවට ඉන්නෙ අර එහා ගෙදර ඉන්න අපේ වතුසුද්ද ගහට කුණාටුව ගෙනාපු පොඩි හාදයො දෙන්නත් එක්ක ගහක් උඩ.
ඒත් මේ නිවාඩුව….දන්නෙම නැතුව සතියක් ගෙවිලා
ගිහින්. මම තාම එක දවසක් එළියට ගියේ නෑ. වෙන දේකට නෙවෙයි මට බයයි.
අර ගෙදර ඇත්‍තටම එදා කවුරු හරි හිටිය නම් ඇරත් ඒ කෙනා අනිවාර්යයෙන් ම මගෙ මූන දකින්න ඇති.
“මූන සෝදගෙන කිරි එක බීලා එන්න පළහට. මම යනවා උයන්න”
……………..🥀🥀🥀🥀🥀🥀…………………
To be continuing..
සදාදර
Mrs.හෝම්ස්