ආදරේ අවුරැද්ද අද සිට 01 වන දිගහැරැම

46
1
පඩි පැකට් එක අතට
අරන් බෝඩිමේ ගාස්තු 
ගෙවලා නිශා එහෙමම
ඒක අත් බෑග් එකේ දා ගත්තා.

ඇයට කෑමට කියලා 
මහ වියදමක් යන්නෙත් නෑ.
උදේට කෙල්ල කන්නෙ 
පොඩි ඉදිආප්ප මුලක්නෙ.
ඒක රැපියල් හැත්තෑවයි.
පොල් සම්බෝල ඇබිත්තක්
 තිබුනට ඒක හදන 
ඉදිආප්ප නැන්දා ඒක
රසට හදනවා.

උදේ වැඩට එන ගමන් 
ඇය ඒක අරන් බෑග් 
එකට දමා ගන්නවා.

දවල්ට සමහර වෙලාවට 
කැවෙන්නෙත් නෑ.
කන්න ආසාවක් 
එන්නෙත් නෑ.

ඔෆිස් එක ලග 
එහෙම රසයි කියලා 
කියන්න බත් කඩයක් 
ඇත්තෙත් නෑ.
රැපියල් තුන්සීයක් 
ගෙවලා බත් එකක්
ගෙනත් 
කටවල් දෙකයි කන්නෙ.
ඉතින් නිශා 
සමහර දවස්වලට 
දවල්ට කෑම 
නොකාම ඉන්නවා. 

හවසට ඉතින් 
බෝඩිමට යනකොට 
සීනි බනිස් 🍔ගෙඩියකුයි 
කෙසෙල් ගෙඩියකුයි🍌
අරන් යනවා.

තේ එකක් එක්ක
ඒක බිව්වම දවසක
බඩ ගින්න යනවා.

රෑට බත් එකක් ලැබෙනවා.
ඇති දෙයක් නෑ.
ඒත් ඉතින් 
දෙකක් තිබුනත් රසයි.

ඊයෙ තිබුනෙ 
වට්ටක්කා සුදට හදලා 
කන්කුන් තෙල්දාලා 
බෝල්ලො මිරිස් මාලුවක්..

කෙල්ලට ඒ ඇති...
අනික ඉතින් 
රැපියල් දෙසීයට 
ඊට වඩා දෙයක් 
දෙන්නත් බෑ කියලා 
කෙල්ල දන්නවා...

ටිකක් රෑ වෙලා 
බඩගිනි වෙලා 
කනකොට 
වට්ටක්කා මාලුව 
විතරක් තිබ්බත් 
ඇති කියලා 
ඇයට හිතෙනවා.

​මෙහෙම ජීවත් වෙනකොට
පඩිය ටිකක් ඉතුරැයි.
කෙල්ලට දැන් 
තිස් දෙකක් ලැබෙනවා.

ඒත් මාර්තු මාසෙ පඩිය 
අප්‍රේල් දහය 
වෙනකොට 
ඉවර කරගෙන 
කට්ටිය බලාගෙන ඉන්නෙ 
බෝනස් එක ලැබෙනකල්...

හැම වසරකම 
අවුරැද්දට බෝනස් 
එකක් ලැබෙනවා.

ගිය අවුරැද්දට 
නිශාට 
රැපියල් විසිදෙදහාක් 
ලැබුණා...

මේ පාර 
විසි හතක් 
විතර 
ලැබෙන පාටක් තියෙන්නෙ...

නිශා මේවා දන්නෙ
ඇය ගිණුම් ඇංශයේ 
වැඩ කරන නිසා.......

නිශා දැන් 
වැඩට ඇවිත් 
අවුරැදු එකහමාරක් 
විතර වෙනවා...
ජීවිතේ 
කරකියාගන්නම දෙයක් 
නැතුව ඉන්න 
වෙලාවක තමයි 
නිශා මේ රස්සාවට ආවෙ.. 

මෙතන 
ඇයට නිස්කලංයි...
ඇයගෙ වයෙසෙම 
කෙල්ලො කොල්ලො 
ටිකක් එක්ක 
දවස ගත කරන නිසා 
පාලුවකුත් නෑ... 

බෝඩිමනම් ටිකක් දුරයි...
ඒත් ඉතින් 
ඔෆිස් එක ලගින්ම 
බස් එක තියෙන නිසා
හවසට ටිකක් දුර යන එකෙත්
පොඩි දෙයක් තියනවා....

ඇය පුංචි පෝන් එකේන් 
සින්දුවක් දා ගෙන 
ඇගේ 
හෑන්ඩ් ෆ්‍රී දෙක🎧🎧🎧🎧 
කනේ ගහගෙන 
හවසට යන්නෙ...

එහෙම යනකොට 
ගොඩක් දේවල් 
හිතන්න පුලුවන්....
හිතෙන්නත් ගන්නවා.....

නිශාට 
අම්මව මතක් වෙනවා....
අක්කව මතක් වෙනවා...

අම්මා හිටි හැටියෙ 
අක්කා ලගට ගියෙ 
නිශා ගැනවත් 
හිතන්නෙ නැතිවයි....

එහේ ටිකක් සැරයි...

නිශා ඒ දෙයින් 
අසරණ උනා....
දවසක් දෙකක් ඉදලා 
අම්මා එයි කියලා 
නිශා හිතුවත් 
ඇය ආවෙ නෑ......

""මෙහේ මම ඉන්නම්...
ඔයත් දැන් 
කොහොමත් රස්සාවකට 
යනවා කිව්වනේ....
එතකොට කොහොමත් මම තනියමනෙ"""" 
අම්මගෙ කතාව 
නිශාට හිතාගන්න බැරි උනා....

අන්තිමට 
ගමේ 
නිස්කලංක ජීවිතයට 
සමුදීලා ඇයට 
කොලබ එන්න උනා....
                         
කොලබ ඇවිත් 
ටික දවසකින් 
අම්මා මහ පුදුම දෙයක් කලා ...

""මම ගමේ ඉඩම මුදලාලිට විකුණනවා...
එයා ඉල්ලනවා...
දීලා දානවා...
පාලුවට යවන්නත් බෑනේ...."""

නිශා ගොඩාක් දේවල් 
තේරැම් ගත්තා...
අම්මා ඉඩම දීලා 
ලක්ෂ හතලිස් හතරක් ගත්තා...

ඒත් එක 
රැපියල් හතලිස් හතරක් 
තරම්වත් 
කෙල්ලගෙ පොතට 
දැම්මෙ නෑ...

"""මම ගමකට කියලා 
එන්නෙ 
කොහෙටද අම්මෙ...
කාගෙ ගෙදරටද 
මම එන්නෙ....

"" නිශා ඇහුවා...
අම්මා කතා කලේ නෑ..

""ආවත් නාවත් 
හෙට අනිද්දා 
ඔයත් බදීවිනෙ...
ඊට පස්සේ ඉතින් 
ඔයාව අල්ලන්න බෑනේ...
"""අම්මා කිව්වෙ එහෙම...

හැමෝටම 
තමන් ගැන විතරක් 
හිතන්න පුලුවන් ...
ඒත් අම්මා කියන කෙනා 
එහෙම කරයි කියලා 
ඇය හිතුවෙ නෑ....     

බෝනස් එක 
ලැබුනට පස්සෙ 
ඔෆිස් එකේ 
හැමෝටම නිවාඩු...
මේ පාර නිවාඩුව 
ටිකක් දිගයි....

අවුරැදු නිවාඩුවට 
කොහෙ යන්නද කියලා 
නිශා හිතුවා....

හැමෝම 
අවුරැදු නිවාඩුවට 
ගම රටවල්වලට 
යනවා....

ඒත් තමාගේ දෙයිවය 
තමන්ව කෲර විදිහට 
අසරණ කරලා කියලා 
නිශා අප්‍රේල් දෙක තුන 
වෙනකොටම 
තේරැම් ගත්තා....... 

අම්මා කතා කලේ නෑ...
අක්කා කතා කලේ නෑ...

අඩුම ගානෙ 
එයාලා කතා කරලා 
      ""පොඩ්ඩි 
අවුරැද්දට මෙහෙ එන්න"" 
කියලාවත් කියාවි කියලා 
නිශා හිතුවා...

ඒත් 
කවුරුත් 
කතා කලේ නෑ.....
ඒ හින්දා නිශා 
තුන්වෙනිදා 
අම්මට කතා කලා....📞📞📞📞

දැන් එයාටත් 
හෑන්ඩ් ෆෝන් එකක් 
තියනවා.....

"""මේ පාර අක්කලා 
ඉන්දියාවේ යනවා..
මාවත් 
එක්කගෙනයි යන්නෙ....
අපි හත් වෙනිදා 
යන්න ඉන්නෙ.....

නිශාට පුදුම හිතුනා...

""".එ..ත..කො..ට..
අවුරැද්දට ඔයාලා නෑ....

""" ""ඔව්ව්""" 

"""හොදයි 
පරිස්සමින් 
ගිහින් එනන්කො..."""

නිශා එපමණක්ම කිව්වා...

අම්මට අක්කට 
තෑගි අරන් යන්න 
හිතපු කෙල්ලගෙ 
බලාපොරොත්තු ටිකත් 
සුන් වුණා...

තමාට 
මේ අවුරැද්ද 
ගත කරන්න වෙන්නෙ 
බෝඩිං කෑල්ලට 
හිරවෙලා කියලා 
දැන් කෙල්ල 
හොදටම දන්නවා...
😔😔😔😔😔😔
​.....................
හැමදේම අවසානයේ 
ඉතුරැවේයැයි සිතු 
මවත් ඇයව 
අතහල කල 
  නිශාගේ 
ජීවිත ඉරණම 
කෙසේ වේවිද....😔😔

💗💗💗💗💗💗💗💗💗💗💗
ඔන්න යාලුවනේ
ලස්සන අලුත්
කතාවක් එක්ක
මම ආවා 
ඔයාලගෙ හදවතට..
මගෙ කතාව කියවලා 
ලස්සන අදහස් ටිකක්
එකතු කරලා යන්නත් 
අමතක කරන්න එපා......
💗💗💗💗
💗💗💗💗💗💗💗💗

​

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

One thought on “ආදරේ අවුරැද්ද අද සිට 01 වන දිගහැරැම

  1. · 2024-September-04 at 6:30 pm

    very nice 🙂👍 good luck 💯