ආදරේ අවුරැද්ද 💞💞💞💞 දෙවන දිගහැරැම

39
0

“”කමක් නෑ ….මටත් දවසක අවුරැදු එයිනෙ….එදාට ඉතින් කිරිබත් ටිකක් කනවා…මේ පරට ඉතින් නූඩ්ල්ස් පැකට් ටිකක්වත් හදාගෙන කනවා….””

ඇය හිත හදා ගත්තා..එහෙම හිත හදාගන්න තරම් ශක්තිමත් හිතක් තමන්ට තිබුනු එක ගැන ඇයට සතුටක් දැනුණා..

නිශා සේවය කලේ ඔන්ලයින් සේවාව හරහා පාරිභෝගිකයන්ට තෑගි 🎁🎁🎁ඕඩර් කරලා ගෙන්නවාගන්නා සමාගමක….කෙටියෙන් කිව්වොත් ඔන්ලයින් ගිෆ්ට් ඩිලිවරි කරන සමාගමක …මේ කම්පැණි එක හරහා මුලු ලංකාවටම තෑගි බෙදාහැරීම සිදු කරනවා…එම තෑගි පාරිභෝගිකයන් අනතර්ජාලය හරහා ඇණවුම් කරනවා….එම ඇණවුම් වෙබ් පිටුව හරහා ලබාගෙන බෙදාහැරීමයි සමාගම කලේ… කේක් 🎂🎂විසිතුරැ මල් 🪴🪴අලුත කැපූ ප්‍රෙෂ් මල්💐💐තෑගි භාණ්ඩ වගේම රෑපලාවනය නිෂ්පාදනත් සමාගම බෙදා හැරියා….

පස්වෙනිදා සමාගමේ ප්‍රධානියා පොඩි ස්ටාෆ් මීටින් එකක් කැදෙව්වා…

“””ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියනවා…අපි කලින් හිතාගෙන හිටියෙ සිංහල අවුරැදුකාලෙ ගිෆ්ට් ඩිලිවරි කරන එක දවස් දහයකට නතර කරන්න…ඒත් පිට රටවල ඉන්න අපේ ලංකාවෙ අය එයාලගෙ ෆේරන්ට්ස්ලට නෑයින්ට ගොඩක් ගිෆ්ට් මේ පාර ඕඩර් කරලා….අපිට ඒ ඔක්කොම ඕඩර්ස් සිංහල අවුරැද්දට කලින් බෙදලා ඉවරයක් කරන්න බෑ…ඒ දවස් වලත් දිගටම ඕඩර්ස් එනවා….මම ඩිලිවරි ළමයි එක්ක කතා කලා.. හතර දෙනෙක් අවුරැදු කාලෙ වැඩ කරන්න කැමති වුණා…..මට ඔයාලගෙ කෙනෙක්ගෙත් සේවය ඕනි…මේ ඕඩර්ස් ගන්න කෙනෙක් මෙතන ඉන්න ඕනිනෙ….ඒක බාර අරන් ඩිලිවරි සෙක්ෂන් එකට දෙන්න කෙනෙක් ඕනී….”””””

සමාගමේ ප්‍රධානියා කියද්දි හැමෝම මූණට මූණ බලාගත්තා…..මේ කාරණය නිසා බොසුත් අසරණ වෙලා ඉන්නෙ කියලා කාටත් තේරෙනවා….ඔහුත් තරැණ කෙනෙක්…මේ වයාපාරය මේ තත්වයට ගේන්න ඔහු ලොකු දුකක් වින්දා…..මුල් කාලයේ ඔහුම තමයි ඇණවුම් ලබාගෙන තියෙන්නෙ….පස්සෙ ඔහුම මෝටර් සයිකලයකින් බඩු ගෙනිහින් බෙදලා තියනවා….ගොඩක් දවසට බඩු බෙදලා ඉවර වෙනෙකොට රෑ එක දෙක වෙලා තියෙනවා….ආයෙත් පානදර පහට වැඩ පටන් අරන්….එහෙම දුක් විදලා ගොඩනගපු නිසාද කොහෙද අද මේ කම්පැණිය ගැන පාරිභෝගිකයන්ට තියෙන්නෙ ලොකු විශ්වාශයක්…..මොනම හේතුවක් නිසාවත් ඒ විශවාශය නැති කරගන්න ඔහු කැමති නෑ…….

“”””අපි සර් ඉතින් සිංහල අවුරැද්දට ගමේ යනවනේ….අම්මලා තාත්තලා බලාගෙන ඉන්නෙ ගෙදර එනකල්…””””

පමෝදි කිව්වෙ අඩන්න වගේ..ඇයට බයත් හිතුනා අවුරැදු කාලෙ ඇයව මේකට හිර කරාවි කියලා…මොකද මෙතන ඉන්න අයගෙන් අත්දැකීම් වැඩිම කෙනා එයා නිසා එයාට ඒ බය වැඩියෙන් දැනුණා….

“””මේ ස…ර්…මා…ව බලන්න කෙනෙක් 💏💏💏එනවත් එක්ක ඒ දවස් වල…අම්මලා මේ බ…ල…ලා…නිපුණිකා ඇත්තම කිව්වා…

“ඉතින් දරැවො අපි එයාට කියමුකො ඔයාව බලන්න මෙහෙට එන්න කියලා….නේද…පොඩි සංග්‍රහයක් කරලා….කේක් 🎂🎂එකක් දීලා යවමු….මං ඒක ඇරේන්ජ් කරන්නම්….ඕනෙනම් මල් බොකේ 💐💐💐එකකුත් දෙන්න බැරියැ වැඩේ සෙට් උනොත්….💞💞💞💞💞”””

සර් කිව්වෙ අසරණවයි…..

“””ඒත් සර් මේ සිරිත් තියෙනවනෙ….මේ සාරියකුත් ලෑස්ති කරගෙන ඉන්නෙ….”””

ඒ දෙමව්පියො කොච්චර උතුම්ද කියලා පැත්තක හිටපු නිශාට හිතුනා…..

“”””නදුනි ….ප්ලීස් දරැවො….🤔🤔🤔

සර් බැගෑපත් වුණා…ඔහු එහෙම බැගෑපත් වෙන්න ඕනී කෙනෙක් නෙමෙයි….

“””අනේ සො…රි සර්…. අම්මත් ලෙඩින් නිසා අවුරැදු මේසේ දාන්න මම ඉන්නම ඕනි..නෑයො ගොඩක් එනවා…අම්මට නැගිටින්නවත් බෑ….අසනීපෙන්නෙ සර්….මම අර සතියක් නිවඩු ගත්තෙත් අම්මගෙ ඔපරේෂන් එකටනෙ සර්…””””

නදුනි අඩන්න වගේ කිව්වා….

“””තමාශි මට උදව් කරයි …නේද තමාශි…””””

සර් කිව්වා…හිනාවකුත් දාගෙන….😆

“”””පොඩි අක්කා රට ඉදලා එනවා ✈️✈️✈️සර්….මේ දවස් ටිකේ විතරයි එයා ඉන්නෙ…ඉතින් මම ඉන්නම ඕනි…. ආයෙ ඉතින් මට ගමට යන්න බෑනෙ සර්….මාව මරයි….රස්සාවෙනුත් අස්කරගනීවි….එයාලා…එහෙමයි…..”””””

අවසානයට සර් නිශා දෙසට හැරැණා…..

“”””ඔයත් මොනවා හරි කියන්න නිශා….කමක් නෑ…..”””””

සර් කිව්වෙ වෙන කියන්න දෙයක් නැති නිසා …ඔහු බැගෑපත් වෙන්න පුලුවන් උපරිමයෙන් බැගෑපත් වෙලා ඉවරයි…..නිශා ටික වෙලාවක් බලාගෙන හිටියා…..

“”ස…ර්…”””

“”””කියන්න…..ඔයාවත් බලන්න කෙනෙක් එනවද….බුලත් හෙප්පුව අරන් යන්න තියෙනවද…….”””””

“”””නෑ සර්… “”””

“”””එහෙනම්”””””

“”””””කියන්නකො බලන්න”””””

නිශා ඒ මූණ දෙස බලාගෙන හිටියා……

“”””ම….ම…..ඉන්නම් සර්…””””””

ඇය එහෙම කිව්වා….

හැමෝගෙම මුහුණු පුදුමයෙන් පිරැණා…..

“””””ආ….යූ…. ෂුව…… නිශා….””””

“””””යර්ස්…..සර්…..අයි කැන් ස්ටේ….ඩෝන්ට් වොරි සර්…..මේ බී සෙවන් ටු සෙවන්ටීන්……””””””

සන්දීප මොහොතක් නිශා දෙස බලාගෙන උන්නා….මෙතන උන්නු අඩුම පඩියක් සහිත සේවිකාව ඇයයි…ඒත් අද ඇය කවුරැත් නොකරන උදව්වක් ඔහු වෙනුවෙන් කරන්න පොරොන්දු වුණා….

“””තැන්ක්‍යූ නිශා….තැන්ක්‍යු….සෝ මච්….මම ඔයාට ඩබල් බෝනස් දෙනවා….ෂුව….”””””

නිශා සිනාසුණා….

“””එහෙම එපා සර්….මට මේ ලැබෙන බෝනස් එක ඇති….මම ඉන්නම්….ටිකක් රෑ උනොත් මට පුලුවන්නම් ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙනන් සර්….අවුරැද්දට බස් නැතිවෙන නිසා……””””

“”””””තැන්ක්‍යූ….නිශා….මම දෙනවා….ඒ වගේම මම මේ උදව්ව….කවදාවත් අමතක කරන්නෙ නෑ…..””””

සන්දීප එපමණක් කියලා ස්ටාෆ් මීටින් එක නිමා කලා……””””””

අවුරැදු නිවාඩුවට නිවඩු නොගෙනම සේවය කරන්න ලෑස්තිවෙන නිශා ගේ ජීවිතේ ඉස්සරහ දවස් ටිකේ මොනවානම් වේවිද……….

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

ඉතින් යාලුවනේ….ඔන්න මම

ආදරේ අවුරැද්දෙ 💞💞💞💞💞

දෙවන කොටසත් ආදරේ පුරෝගෙන ඔයාලා ලගට අරන් ආවා…..

කතාව කියවලා…මතක ඇතුව ඔයාලගෙ ලස්සන අදහස් අමතක නොකර එකතු කරලා යන්න……..💗💗💗💗💗💗💗💗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *