තනිකමක අවසානය

12
0

තනිකමක අවසානය ( කෙටි කතාවකි )

October 6, 2023

” හු..ස්ම ගන්..න බෑහ්….. අතා..රි..න්නහ්… “

ඒත් නැහ්.. එයා මාව අතෑරියෙ නෑ.. මාව පණපිටින්ම මැරි මැරි යනවා වගේ..

ඒ ඇස් ලේ පිපාසයෙන් පොරකන වැම්පයර් කෙනෙක් වගේ… ඒ රෞද්‍ර මුහුණ දෙස එකහෙලා බලන්න තරම් හයියක් මෙලොව කිසිම කෙනෙකුට ඇතැයි සිතන්නවත් බැහැ…

ඒ වගේම ඒ දරදඬු අත් එක්ක මට හැප්පෙනව තියා හිතන්නවත් බෑ..

මගෙ අන්තිම හුස්ම පොද වැටෙන්න යනවත් එක්කම එතනට ආවෙ මගෙ එකම ගැලවුම්කාරයා..

ඔව් එයා ආවා.. අදත් මාව බේරගන්න එයා ආවා..

” අතෑරපන් මගෙ කෙල්ලව.. උබට ඕනෙ මේ අහිංසකීව මරාගන්නද තිරිසනො.. “

ඒ වචන එක්ක ඒ අත් මගෙ බෙල්ලෙන් නිදහස් වුණා.. මට හිතාගන්න බැහැ ඒ වචනවලින් කොහොමද ඒ මෘගයව මෙල්ල වුණේ කියල…

ඇස් දෙක පියාගත්තෙ දැනුන අපහසුව නවත්තගන්න…

මං මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරන කෙනා..එයා මගේ ළඟ ඉන්නවා.. මට දැනෙනවා.. එයා ළඟ ඉද්දි මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා..

එහෙම්ම නින්ද ගියෙ සිදුවුණ දේවල් හීනයක් වගෙ නිසා..

********************

උදේ නැගිටල බලද්දි බෙල්ලෙ කිසිම සලකුණක් තිබුණෙ නෑ.. මට අදටත් ඒක හිතාගන්න බෑ.. කෝමද ඒ පැල්ලම් නැති වුණෙ කියල..

ඇද ළඟ හිනාවීගෙන එයා ඉන්නවා..

” Good Morning baby “

” Good Morning sweetheart “

” අදවත් මට කියන්න.. ඔ.. ඔයා.. ක්..කොහොමද ඊයෙ රෑ ඒ… “

” ශ්ශ්ශ්ශ්ශ්….. “

වචනයක්වත් කියන්න නොදි එයාගෙ දබරඟිල්ල මගෙ ලිප්ස් දිගෙ ගෙනියපු එයා එතනින් යන්න ගියා…

ඔයා විතරක් වුණ මගේ ලෝකෙ විනාශ කරන්න ආව ඒ යක්ශයා කවුද.. ඇයි එයා මාව මරන්න හදන්නෙ.. ඒ කිසිම දෙයකට උත්තර මං දන්නෙ නැහැ..

මිරර් ටේබල් එක ඉස්සරහට ගිහිම් මගේම ප්‍රතිබිම්බය දිහා බලන් කල්පනා කළේ මගේ ජීවිතෙ ගැන…

මගේ ජීවිතේ හරියට කුණාටුවක් වගේ…

මොන බාධකය ආවත් තාමත් මං පණපිටින්… !

එකපාරටම මිරර් එකෙන් එළියට ආවෙ ඒ දරදඬු අත් දෙක… හිතන්නවත් වෙලාවක් නොතියා ඒ අත් අදත් අල්ලගත්තෙ මගෙ බෙල්ලෙන්…

” ඔයා කොහෙද.. මාව බේරගන්නෙ නැද්ද… “

මගෙ හිත ඔයාව හොය හොය පිස්සුවෙන් වගෙ කෑගහනවා…

ඒත් එක්කම මගෙ සිහිය මගෙන් ඈතට යනවා වගෙ දැනුනා.. සිහිය එද්දි මං හිටියෙ ඇඳෙ…

” ඒක හීනයක්ද… “

හීන ලෝකෙයි පියවිලෝකෙයි අතරෙ මාව හිරවෙලා කියලයි දැන් මට හිතෙන්නෙ..

සුපුරුදු පරිදි ලයිබ්‍රි එකට ගිහිම් පොතක් අරන් ටේබල් එකෙන් වාඩිවුණා.. එයත් මගේ ඉස්සරහම වාඩිවෙලා ඉන්නව.. ඒ රූපෙ හරියට භාවනාවක් වගෙ.. මං හිතින් ප්‍රාර්ථනා කළේ එකම දෙයයි…

” අද නම් ඒ රාක්ශයා ඇවිත් මාව විනාස කරන්න හදන්නෙපා… “

ඒත් නෑ …

මට වැරදුණා…

” එ.. එයා..හ්…ආද..ත්.. ඇවි…ල්ලාහ්..”

බය වැඩිකමට මාව වෙව්වලනවා.. ඇයි මේ තිරිසනා අපේ පස්සෙන් පන්නන්නෙ..ඇයි කාටවත් කරදරයක් නොවුණු මාවම මරන්න හදන්නෙ…

” මං ඉන්නවනෙ… “

සුපුරුදු හිනාවෙන්ම එයා උත්තර දුන්නා.. කොහොමද මෙච්චර සැහැල්ලුවෙන් ඉන්නෙ…

මාව මරන්න එන බව දැන දැනත් මං පොත ඇතුළටම අවධානෙ දෙන්න ට්‍රයි කළා… පිස්සුවක් වගේ නේද…

ඔව්…

මගෙ මුළු ජීවිතේම පිස්සුවක්…

පොතෙන් එළියට අවධානෙ දීපු මං දැක්කෙ කිනිස්සක් දික්කරන් මේ පැත්තට දුවගෙන එන මෘගයව…

” අද උබෙ අවසානෙ… ”

මට ඒ වචන ඇහුනෙ මහා විලාපයක් වගේ…

මගෙයි කිනිස්සයි අතරට එකපාරට පැන්නෙ මගෙ ගැලවුම්කාරයා… මගේ ආදරේ…

එයාගෙ පපුව මැද්දටම ඒ කිනිස්ස කිඳා බැස්සා…

මට දැනුනේ හරියට මාව මේ ලෝකෙ තනිවුණා වගේ හැඟීමක්…

ඒ හැඟීම කිසිම කෙනෙකුට දැනෙන්න හොඳ නෑ…

කවදාවත් නැති විදියට මාවත් වියරු වැටුනා… හිතන්නවත් වෙලාවක් නොතියා ඒ කිනිස්ස ඇදල ගත්තු මම…

අර මෘගයගෙ පපුවටම බැස්සුවා….

ලේ විලක් මැද්දෙ ඒ දෙන්නම වැටිල ඉන්නවා… මගේ සිහියත් මගෙන් ගොඩාක් ඈතට යනව වගෙ දැනෙනවා…

****************

සැර බෙහෙත් සුවඳත් එක්ක මාව පියවි සිහියට එනව වගෙ දැනෙනව.. ඒත් ඇස් දෙක ඇරගන්න තරම් ශක්තියක් මට නැහැ… ටිකෙන් ටික ඇස් දෙක ඇරියා…

” සාරා.. ආ යූ ඕකේ.. ? “

” යහ් ඩොක්ටර් අයැම් ඕකෙ..”

” තවම එයාලව පේනවද.. ? “

මම ඔලුව දෙපැත්තට හෙල්ලුවෙ නෑ කියල කියන්න…

හ්ම්ම්… දැන් මාස තුනක් තිස්සෙ මං හිටියෙ මෙන්ටල් හොස්පිට්ල් එකෙ…

මාව මරන්න ආපු ඒ මෘගයා විතරක් නෙවෙයි හැමදාම මගෙ ගැලවුම්කාරයා වුණ මගේ ආදරෙත් මගෙ හිතෙ ඇතිවුණ මායවක්ලු…

Schizophrenia… එහෙමත් නැත්තම් භින්නෝන්මාදය.. හ්ම්ම් මානසික ආබාධයක්.. එක එක රූප , කටහඬවල් මායවල් ඇතිවෙනවලු…

බෙහෙත් වලින් සුව කරන්න පුලුවන්ද හැම ලෙඩක්ම…

බැහැ…

අම්මා තාත්තා දෙන්නම එයාලගෙ බිස්නස් එක්ක බිසී වෙද්දි… යාලුවො කියන අය ඈත් වෙද්දි… පොත්වලට ටීවී සීරිස්වලට හුරුවුණ මට අන්තිමට ඉතුරු වුණෙ ඒ මෘගයයි මගෙ ආදරෙයි විතරයි…

මායාවක් වුණත් ඒ මායාව ඇතුළෙ මං ජීවත් වුණා…

මං දන්නෙ නැහැ මට සනීප වෙයිද කියල… ඒත් මං කැමති නෑ මේ මායාවෙන් එළියට යන්න…

තිත්ත රියලිටියෙ ඉන්න මෘගයන්ට සහ ආදරවන්තයින්ට වඩා මගෙ ෆැන්ටසියෙ ඉන්න මෘගයා සහ ආදරවන්තයට මං ආදරෙයි….

රූම් එකෙ දොර ළඟින් මෘගයත් මගෙ ආදරෙත් දෙන්නම මැකිලා යනව දකිනවත් එක්කම ආයෙම මගෙ ඇස් පියවුණා…

____

හෙහෙ.. කතාව තේරුනාද දන්නෑ කස්ටියට…

කමෙන්ට් එකක් හලන් යං …

~Shashi💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *