වැඩ ඇරිලා බයික් එකේ වැස්සේ තෙමි තෙමිම බෝඩිමට ආවේ වැස්ස පායන කල් හිටියොත් තවත් රෑ වෙන නිසා
බෝඩිමට ඇවිත් දොරත් ලොක් කරලා ඉක්මනට වොෂ් එකක් දාගන්න ගියේ දැන්ටමත් හොඳටම තෙමිලා ම හෙම්බත් වෙලා වගේ හිටපු නිසා
වොෂ් එකකුත් දාගෙන සීතලේ වෙව්ල වෙව්ල හිටපු නිසා වතුර එකක් උණු කරලා තේ එකකුත් හදාගෙන ඇවිත් සාලේ ජනේලේ ගාව තිබුන පුටු සෙටියට
ජනේලේ වීදුරුව දිගේ ගලන වතුර බින්දු දිහා බලන් ඉද්දි මටත් නිදැනීම මට මතක් වුනේ එයාව
මගේ ආදරේ…මං මුලින්ම ආදරේ කරපු කෙනා ඔයා නොවුනත් මට ආදරේ දැනුනේ ඔයාගෙන්…මං අදටත් දන්නෙ නෑ ඔයා මාව දාලා ගියේ ඇයි කියලා
පුංචි පුංචි දේවල්වලට පවා මාත් එක්ක බොරුවට රණ්ඩු වෙලා ආයේ ටිකකින් යාලු වෙනවා…කවදාවත් මාව දාලා යන්නේ නැ කියලා කියපු ඔයා එකපාරටම වෙනස් වුනේ ඇයි රත්තරනේ…
වෙන කවුරුත් කෙල්ලෙක්ගේ නමක්වත් මගේ කටින් පිටවෙන එකටත් අකමැති වුන ඔයා අන්තිමට ඔයාව අමතක කරන්න කියලා මට කියනවා
මං කොහොමද සුදූ ඔයාව අමතක කරලා හිත හදාගන්නේ…මං දන්නවා ඔයාටත් ඒක කරන්න බෑ…මොකක් හරි හේතුවක් ඇති ඔයා මෙහෙම කරන්න
ඔයාගේ කටහඬ අහන්නේ නැතුව ඉන්න බැරි ම තැන මං කෝල් එකක් ගත්තේ…ඔයා ඒ වෙලාවෙත් මට කිව්ව එකම දේ ඔයාව අමතක කරලා දාන්න කියපු එකමයි
ආයේ මං ගාවට එන්න කියද්දිත් ඔයා කිව්වේ ඒකමයි…මං තාමත් ඔයාට ආදරෙයි කිව්වහම ඔයා ඇහුවේ ඇයි ඒ ආදරේ කලින් දැනෙන්න දුන්නේ නැත්තේ කියලා
මං අච්චර දීපු ආදරේ උඹට දැනුනේ නැද්ද බන්…ඒකද මාව දාලා ගියේ කියලා මං අහද්දී ම උබ කෝල් එක කට් කළේ උබේ කඳුලු මං දකියි කියලද මැණික…උඹ නොදන්නවා වුනාට මං දන්නවා උඹ තාම මට ආදරෙයි කියලා
අපේ දෛවය මේක වෙන්නැති මැණික…කොහේ කාත් එක්ක හිටියත් සතුටින් ඉන්න…
එහෙම හිතාගෙන ගිටාර් එකත් අරන් බැල්කනි එකට ගිහින් වාඩි වුනේ මටත් නොදැනිම ගලන කඳුළුවලට ඔහේ ගලන් යන්න දීලා…
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
……………………………………………………………………………………………………………………….
𝓝𝓪𝓭𝓾 💕