………….💗💗💗💗💗💗💗………..
සර්ගෙ ඇස් දෙක හීනි වෙලා යද්දි අපි දෙන්නම අඩියක් පිටිපස්සට තිබ්බා. අවදානමට පෙර සූදානම හොදයිනෙ කෝකටත් කියලා.
සර්කාරයා වචනයක් කියන්න කට අරිද්දිම
“මේ අයි කමින් සර්” කියාගෙනම අවසරයකින් තොරවම ඇතුළට ආවෙ නිකොලායි මෑන්ස්.
“එන්න එන්න නිකොලායි. මම බැලුවා ඒත් ඇයි පරක්කු කියලා”
අපිව මරාගෙන කන සයිස් එකට මූන දෙක කරන් හිටපු සර් දැන් කට පුරා හිනා වෙලා කතාකරනවා.
මම හිතන්නෙ කටුස්සන්ටවත් බැරි වෙන්න ඇති මෙච්චර ඉක්මනට පාට මාරු කරන්න.
“ඔව් සර්..මේ නැට්ටිච්චියෙක් මට පාර වැරැද්දුවනෙ”
පොඩ්ඩක් හිටපන්. මූ මේ මගෙ ඇස් දෙක ඉස්සරහා මහාමේරු පර්වතේ වගේ ඉදන් මටම නැට්ටිච්චි කිව්වනෙ.
නිකොලායිට පාඩමක් උගන්නමු කියන්න දේදු දිහා බලද්දි ඒකිත් “තොට කිව්වෙ යකෝ” වගේ මූණක් හදන් බිම බලාගෙන හිනා වෙනවා. මම කතා කරන්නෑ ආයෙ.
“හරි ඩියානා ඔය දෙන්නා යන්න ඉන්න තැනට”
යනවා තමයි අපි මෙතන පැලවෙන්න ආවෙ නෑ. පංතියට ආපු අපිව මගදි නවත්තගෙන දැන් මෙතන මගුලක් කියනවා.
ඉදගත්තට මොකද ඉදගත්ත වෙලේ ඉදලා චූ බරයි.
…………..💗💗💗💗…………
දැන් අපි මේ සැරසෙන්නෙ 4වෙනි පාරට ටොයිලට් යන්න අවසර ගන්න.
දේදුටත් අතින් ඇනලා දෙන්නම එකට නැගිට්ටට පස්සෙ මට ඉස්සරහා පේලියෙ කොනේම එකා හෙවත් නිකොලායි කාරයගෙ මූණෙ තියෙන්නෙ “දියවැඩියාව ද යකෝ” වගේ බැල්මක්.
එයාටත් චූටි රැවුමක් පා කරලා. අපි පංතියෙන් එළියට ආවා. මායි දේදුවයි හිතන් ඉන්නෙ වැඩිම වාර ගානක් ටොයිලට් යාම යටතේ ගිනස් වාර්තා පොතේ වාර්තාවක් අලුත් කරන්න.
ඒත් ඉතින් ඒ අලුත් වෙන වාර්තාව තිබ්බෙත් අපි දෙන්නම තමයි.
අපේ සර් නම් කිව්වෙ වසර අවසාන තෑගි දෙද්දි සර් සර්ගෙ සල්ලි වලින් තෑගි දෙකක් අරන් අපිට දෙනවලු වසරේ වැඩිම කාලයක් පංතියේ රැඳී සිටීමට.
ටොයිලට් එක පැත්තටත් මූණ දාලා සින්ක් එක උඩ ඉදගෙන සෙල්ෆි පාරකුත් දාලා එළියට ආවා.
“මොකෝ”
මම ඇහුවේ එන්නෙ ටොයිලට් එකෙන් එළියට එන්නෙ නැතුව බැඳලා බැන්දට පස්සෙ මගුල් කාර් එකට වෙලා පවුලෙ උන් දිහා බලන් ඉන්නව වගේ බැල්මක් ටොයිලට් එක ඇතුලට දාගෙන ඉන්න දේදුගෙන්.
“නෑ බන් අංතිමට ඒකත් හරි” කාට නොතේරුනත් මට තේරුනා දේදු අදහස් කලේ මොකද්ද කියලා.
ඇත්තටම කිව්වොත් අපිට ඉතුරු වෙලා තිබ්බෙ එක පේළියට දිග කන්නාඩිය ඉස්සරා හයි කරලා තියෙන සින්ක් එක උඩ ඉදන් මිරර් සෙල්ෆියක් ගහන්න විතරයි.
මොකද එක දවසක් අපි දේදුගෙ ආසාවකට පන දෙමින් කොමඩ් එක උඩ ඉදනුත් ෆොටෝ ශූට් එකක් කරලත් තියේ.
අපි මෙහෙම නිකමෝ දෙන්නෙක් වගේ කාලෙ කකා හිටියට කොලේජ් එකේ ළමයි අතර හරි ප්රසිද්ධයි. කැන්ටින් එක පැත්තට යන්න නෑ සෙල්ෆි ගහන්නයි සයින් ගන්නයි ළමයි පොරකනවා.
ඒකටත් හේතු උනේ ඔය කලින් කියපු ෆොටෝ ශූට් එක ම තමයි.
කොලේජ් එකේ පොදු දේපල කාබාසිනියා කරන්නනේ සංගමයේ කෙනෙක් අපි ඒ ගහපු එක ෆොටෝ එකක් LED තිරේක මුළු කොලේජ් එකම මැද්දෙ ප්රධර්ශනේට දාලා.
පොඩ්ඩක් හිතපන්කො දහසක් පැතුම දරාගෙන කොලේජ් බිමට පා තබද්දිම LED තිරේක කොමඩ් එකක් උඩ ඉදන් පිට් කියලා පෙන්නගෙන ඉන්න photo එකක හිටියම.
ඒත් මගෙ phone එකේ තිබුනු photo එක පොදු දේපල කාබාසිනියා කරන්නනේ සංගමේට ලැබුනෙ කොහොමද කියන එක තාමත් නොවිහිසිදුනු අභිරහසක්!
…………..💗💗💗💗💗………..
දේදුවය යවලා ගෙන්න ගත්ත හැඩයක් හොයාගන්න බැරි බනිසක් කන ගමන් අපි දෙන්නා පඩි පෙලේ ඉදන් හිටියා.
බනිසේ භාගයකට ඔන්න මෙන්න තියලා බනිස් කෑල්ලක් කටට ඔබාගෙන උඩ බලද්දි දැක්ක දේත් එක්ක කාපු බනිස් ටික නහයෙන් ආවා.
“දේදුවො”
“ම්ම්ම්ම්ම්”
“අර”
“අම්මට නිකොලායි කාරයා”
නිකොලායි මෑන්ස්ගෙ තියෙන්නෙ නිධානයක් හොයාගත්ත වගේ ජයග්රාහී හිනාවක්! ඒක විතරක් නම් මදියැ. මූ ෆොටෝ එකකුත් සටස් ගාලා ගහගත්තා.
“ඔයාලගෙ ටොයිලට් එක මෙතන ද”
“නැ..හැ මේ නිකොලායි මේ දියානට ගැස්රයිටීස් හැදිලා. ඒකයි මේ”
“ඇත්තට“
“ඔ..ව් ඔව් කැහැ…කැහැ..ඉන්න බෑ කොන්දත් එක්ක ම රිදෙනවා.” මාත් පපුවයි කොන්දයි අල්ලන් පොඩි ඇක්ටින් පාරක් දුන්නා.
“මම අදමයි දන්නෙ ගෑස්ටික් හැදුනහම පාන් නටු ගිල ගිල ලෙමන් ජූස් බොනවා කියලා“
සැක් මූනම්..කමක් නෑ ඉතින් මිනිස්සුන්ටනෙ වැරදි වෙන්නෙ.
මම දෙකක් කියන්න කට අරිද්දිම මූ අර අපි දෙන්න අමු මස් කන වැද්දො දෙන්නෙක් වගේ බනිස් කෑලි කටේ පුරවන් ඉන්න ෆොටෝ එක පෙන්නලා ගියා යන්න.
“කමක් නෑ අපිටත් වාරයක් එයිනෙ”
“කවුද යකෝ උබට කිව්වෙ ගෑස්ටික් වලට කොන්ද රිදෙනවා කියලා” දේදු ඇහුවෙ තව බනිස් කෑල්ලක් කටේ ඔබා ගන්න ගමන්.
“ඇයි අර ඇඩ් එකේ තියෙන්නෙ”
“මොන ඇඩ් එකේද බල්ලො එහෙම තියෙන්නෙ”
“ඇයි බන් අය ඌනෝ ද ඊනෝද ඇඩ් එකේ අර නිල් පාට පාටට කොන්දෙන් රැස් විහිදෙන්නෙ..” කියලා ඉවර වෙන්නත් කලින් මට ලැබුනෙ දේදුගෙන් හොද බනිස් උර පාරක්.
“යකෝ..ඒ නිල් පාටට කොන්දෙන් රැස් විදෙන්නෙ ගෑස්ටික් ඇඩ් එකට පස්සෙ යන අයඩෙක්ස් ඇස් එකේ බන්”
“එහෙමත් එකක් ද…කවුද බන් දන්නෙ”
………………..💗💗💗………………….
මතු සම්බන්ධයි!
සදාදර
Mrs.හෝම්ස්