නුඹ ද කුමරුන් මගේ💗🌾 – 4 කොටස

9
0

………💗💗💗💗💗💗………

“අපිටත් ඉන්නවා..උඩින් හොද මූන පෙන්නගෙන රටින් රජ ගේම් දෙන නෑයි සෙට් එකක්”

ඔව් ඒක නම් සහතික ඇත්ත.

හයියෙන් ඇති වෙනකම් හිනා වෙලා phone එකෙන් ඔලුව උස්සද්දි මතක් උනේ අද නංගිගෙ උපන්දිනේ සමරන්න එංගලන්තෙ බින්න බැහැලා අපිට කියලා ඉන්න එකම නෑයාත් එයාගෙ ළමයි දෙන්නත් එක්ක අපේ ගෙදර නේද අද කියලා.

මගෙ නවත්තගන්න බැරි පුරුද්දක් තමයි fb එකේ හිනා යන පෝස්ට් එකක් දැක්කොත් අම්මටත් ඇහෙන්නම ඒක කියලා හිනා වෙන එක. දැන් උනෙත් ඒකම තමයි.

නෑ පවුලෙ උන්ගෙ මූනු ටික නිකං හෙන ගහලා වගේ. ඒත් ඉතින් ඇත්තනෙ මම කිව්වෙ.

“එන්න කට්ටියම. අපි කේක් කපමු” අම්මා වේදනාව හංගගෙන හිනා වෙලා කතාව වෙන අතකට හැරෙව්වා.

සෝෆා එකෙන් නැගිටලා සිසිල් හුලං පොදක් පෙනහලු දෙකට දෙන්න කියලා ජනේලෙ ඇරියම දැක්කෙ හරි හරියට දමාගෙන රෙදි වගයක් වනන එහා ගෙදර සැලුනිව.

ඔය අපේ වැට කෙලවරේ තියෙන රෙදි වැලේ රෙදි වනන්න ඕකුන්ට මතක් වෙන්නෙ අපේ ගෙදරට කවුරුහරි ආවහම තමයි නැත්තම් රෙදි වැල දිහා හැරිලවත් බලන්නෑ.

රෙදි විතරක් නෙවෙයි අපේ ගෙදරට මොකෙක් හරි ආවහම අසවාසී කොට්ඨාසෙ එයාලගෙ සියලුම වැඩ කරන්නෙ අපේ වැට අයිනට වෙල.

“ලොකූහ්හ්හ්හ්”

එහා ගෙදර සැලුනිවත් සැලිලා යන්නම අම්මගෙ කටේ සද්දෙට පුලුවන් උනා.

මමත් ඉකමනටම ජනේලෙ වහලා කේක් කපන තැනට ගියා.

“කෝ මේ ස්නෝ ස්ප්‍රේ එක” අම්මා නංගිට ඇහෙන්නෙ නැති වෙන්න මගෙ කනට කරලා ඇහුවා.

“බාත් රූම් එකේ කබඩ් එකේ ඇත්තෙ” මම උත්තර දෙද්දි අම්මා මාව ගිනිබත් වෙලා යන්නම රැව්වා.

“ඇයි ෂැම්පු වෙනුවට ඒකද ගෑවෙ”

ඒත් අම්මට අපේ ගෙදර තියෙන නීතිය අමතක උනා. ඒක නීතියක් ම නෙවෙයි පුරුද්දක්! අපේ ගෙදර ගොඩක් බඩු වර්ග තියෙන්නෙ සාමාන්‍යය ගෙයක් ඇතුලේ තියෙන්නෙ ඕනෙ තැනට වඩා හරිම අසාමාන්‍ය තැන් වල. ඒකට ඉතින් වගකියන්න ඕනෙත් මම ම තමයි.

මොකද මම ගේ අස් කරන්නෙ වෙනස්ම තියරියකට

උදාහරණක් ගත්තොත් අපේ ගෙදර වයි-ෆයි පාස්වර්ඩ් එක ගහලා තියෙන කාර්ඩ් එක තියෙන්නෙ ෆ්‍රිජ් එකේ.

“අහ් මෙන්න පුතේ” කියලා මම අත දික් කරන් ඉද්දි අර නෑයගෙ ලොකු පුත්‍රයට ස්ප්‍රේ එක දුන්නා. මටමයි වෙනස්කම….

Happy Birthday to you

Happy Birthday to you

Happy Birthday dear my නුයානා…යානා

Happy Birthday to you!!!

කවුද යකෝ my යානා කිව්වෙ මගෙ නංගිට…යානා නෙවෙයි ගුවන් යානා. මොකාද කිව්වෙ බලන්න වට පිට බලද්දි මගෙ නෙත ගැටුනේ අර ස්ප්‍රේ එක අරන් සුදන්ත ඇඩ් එකකට වගේ ඉන්න නෑයගෙ ලොකු පුතාව.

මූද එතකොට මගෙ වෙන්න මස්සිනා වෙන්න දගලන්නෙ.

දෙන්නම් තොට….

Happy Birthday කියාගෙන නෑයගෙ ලොකු පුතා ස්ප්‍රේ එක නංගිගෙ ඔලුවට ගැහුවට මොකද ඒකෙන් ආවෙ එන්න ඕනෙ සුවඳක් නෙවෙයි.

“දෙවියනේ මෝටීන්න්න්න්න්” අම්මගෙ කටින් ඒ විදිහට පිට වෙද්දි නංගි කේක් එක පැත්තකින් තියලා බාත් රූම් එකට දිව්වා.

“මොනාද අයියෙ කරන්නෙ” කියලා අරූටත් සද්දයක් දාලා මම මෝටීන් එක උදුරාගෙන කාමරේට ආවා.

නංගිව බලන්න යන්න ඕනෙ උනත් අර හුන්ඩු බාත් රූම් එකේ පිරිලා ඉන්න ජනකායත් එක්ක දැන් මම එතනට ගියොත් තැලිලා මැරෙන්න වෙන්නෙ.

ගිය සතියෙත් මම මල් වලට දාන්න දිය කරපු පොහොර එක බිව්ව නංගිට මෝටීන් අවුලක් නැතිවෙයි.

මම මෝටීන් එක අතේ තියන් කල්පනා කරේ මේක කොහොමද උනේ කියලා. ඒත් එක්කම වැඩිය මොලේ වෙහෙසන්න කලින් ම මගෙ ඇස් දෙක ගියේ මගෙම ඇද පාමුල තේජමානම වැජබෙන ස්නෝ ස්ප්‍රේ එකට.

“යකෝ මම එතකොට ඊයෙ රෑ අර තඩි කැරපොත්තට ගැහුවෙ ස්නෝ ස්ප්‍රේ එකද ” නිදිමරගාතෙ ආතල් දෙනවට මටත් හොද පාඩම් මෙව්වා.

………….💗💗💗💗💗💗………….

“උබ අරක ලිව්ව ද” සර් රෙජිස්ටරේ ලකුණු කරන අතරේ දේදුවා මගෙ කනට කරලා ඇහුවා.

කොච්චර ඒක හිමින් ඇහුවද කිව්වොත් ඉස්සරහා පේලියේ කෙළවරේ ම ඉන්න නිකොලායි කාරයත් මගෙ මූණ දිහා බැලුවා.

“මොකද්ද බන් ලිව්වද ලිව්වද ගාන්නෙ”

“මටත් අර මහත එකී කිව්වෙ…එදා අපි පඩිපෙලේ බනිස් ගිල ගිල ඉද්දි සර් ගෙදර වැඩක් දීලලු”

“හම්මට යකෝ….ඒ මොකද්ද”

” අපිට කැමති කෙනෙක් ගැන දැනගන්න ඕනෙ ප්‍රශ්න පහක් ලියන්න කියාගෙන එන්න කියලා”

“ඉතින් උබ ලිව්වද..කවුරු ගැනද ලිව්වෙ..අනිත් එක ඕක කරන එකේ අරමුන මොකද්ද”

“මම ලිව්වෙ රිකී ගැන. මේකෙ අරමුනලු අපිට පංතියේ ඉන්න හැමෝ ගැනම දැන අදුරගන්න ලැබෙන එක”

යකෝ මාර කතාවක්නෙ ඒක. කොලේජ් එකේ මේ පංතියේ මාස තුනක් ම ඉගෙනත් ගත්‍තට පස්සෙ තමයි සර්ට ළමයින්ව දැන අදුන ගන්න මතක් වෙන්නෙ.

ම්ම්ම්ම්ම් මම කා ගැනද දැන අදුන ගන්නෙ….දේදු ගැන නම් අමුතුවෙන් දැන ගන්න ඕනෙ නෑ. ඒකිගෙ අම්මටත් වඩා හොදට මම ඒකි ගැන දන්නවනෙ. හරි ඔය ඉන්නෙ…නිකොලායි කාරයා ගැන දැන අදුන ගමු. සතුරා ගැන උනත් බැක්ග්‍රවුන්ඩ් එක දැන ගන්න එක හොදයි.

කටුවට කටුවට මොලේට ආපු ප්‍රශ්න ටිකක් කොළේක කටු ගෑවා.

“ලමයි..මම දුන්නු පැවරුම් කොල ටික දෙන්න”

හම්මෙ කෙල්ලොන්ට පංතියේ ඉන්න උන්ව දැන අදුන ගන්න තියෙන උමනාව බලන්න එපැයි.

“හරි…ම්ම්ම්ම් මුලින් ම මේක මරියාගෙන් නිකොලායිට..ඔය දෙන්න ම නැගිටින්නකෝ”

පුහ්හ්හ් එයාටත් නිකොලායි මෑන්ස් ගැනද දැනගන්න ඕනෙ.

“ඔයාගෙ වයස කීය ද?

ඔයාගෙ ඩ්‍රීම් යුනිවසිටි එක මොකද්ද?

ඔයා ඇයි ඉගෙන ගන්න මේ කොලේජ් එකම තෝරගත්තේ?

ඔයා කරන්න ආසම දේ මොකද්ද?

ඔයා ජොබ් එකක් එකක් කරනව ද?”

අප්පටසිරි එහෙම ප්‍රශ්නද ලියන්න ඕනෙ. කවුද දෙයියනේ දන්නෙ. දෙදුවගෙ මූණ බලද්දි ඒ මූනත් නිකං හෙන ගහලා වගේ. කලු වෙලා ගිහින්.

දැන් මගෙ කොලේ තියෙන ප්‍රශ්න ටික කියෙව්වම මේ මුලු පංතියකට ඇහෙන්න.

“හරි නිකොලායි ඔයාට පුලුවන් දැන් උත්තර දෙන්න”

“හරි සර්…ම්ම්ම්

මගෙ වයස 23

මගෙ ඩ්‍රීම් යුනිවසිටි එක ලීඩ්ස් යුනිවසිටි

මම මේ කොලේජ් එකට ආසයි මොකද මේකෙ ඉන්න ගුරුවරුන් හොදට උගන්නවා.

මම කැමති ම කෙනාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න.

ඔව් මම පාර්ට් ටයිම් කඩේක වැඩ කරනවා”

ඔහොම ඔහොම දැන් ගියා. එක එක අය උත්තර දෙනවා.

“හරි මේක ඩියානගෙන් නිකොලායිට”

පුටුවට නිකං ඇලිලා වගේ. නිකොලායි කාරය නම් පුදුම සතුටකින් නැගිට්ටෙ. කොලේ දැක්ක විතරයි සර්ගෙ මූන බලන්න ලස්සනයි දැන්

“ඔයා රෑට දත් මදිනව ද?

උදේට මූනෙ ගාන ක්‍රීම් එක මොකද්ද?

ඔයාගෙ අල්මාරියෙ තියෙන්නෙ කලු පාට ඇදුම් විතර ද?

ඔයා ආස ඔයාගෙ නමේ මොන කෑල්ලට ද?

හෙට ලෝකෙ විනාසෙ නම් ඔයා දැන් කරන්නෙ මොකද්ද?”

පංතියෙ ළමයින්ගෙ මූණු බලන්න ලස්සනයි. සමහරු ඩෙස් වලට ගගහා හිනා වෙන්නෙ. ඔක්කෝටම හපන් නිකොලායි කාරයා හැක හැක ගගා මම දිහාම බලන් ඉන්නෙ අතින් “මරු ප්‍රශ්න ටික” කියලා පෙන්නන ගමන්.

“ඩියානාහ්හ් යනවා එළියට”

…………………💗💗💗………………..

මතු සම්බන්ධයි!

සදාදර

Mrs.හෝම්ස්

Mrs හෝම්ස්
WRITTEN BY

Mrs හෝම්ස්

In a world full of roses dare to be a Daisy...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *