………….💗💗💗💗💗💗………….
“උඹ කොහෙද යකෝ ඉන්නෙ”
“හිටපන් යකෝ තෝ හිතුවද මම ඉන්නෙ කොලේජ් එකේ අල්ලපු වත්තෙ කියලා. තෝ වරෙන් කිව්වම හිටපන් කියලා දුවගෙන එන්න”
මමත් එකසිය ගානට මල පැනලා දේදුවට කියලා දැම්මා.
අපි කොලේජ් එකෙන් පළවෙනි වාරෙ ට්‍රිප් එක යනවා. සතියක එකක්! ඒකත් හද්ද පිටිසර කැලේක. ට්‍රිප් එකක් යනවා කියලා අපිට කිව්වට මම අම්මට ඒක කිව්වෙ ඊයෙ රෑ. අම්මලා මාව “යන විදිහකට පලයං” නොකියා මෙහෙම කලට වෙලාවට කාර් එකෙන් ම කොලේජ් එකට ගෙනත් දාන එකම ලොකු දෙයක්.
දේදුවා ගැන කිව්වොත් ඒකි ඊයෙ රෑ නිදියගෙන තියෙන්නෙත් කොලේජ් එක ඉස්සරා රෙද්දක් එලාගෙන ද කොහෙද. අපිට කොලේජ් එකේ ඉන්න කිව්වෙ උදේ 5.30 වෙද්දි.
ඒකි උදේ 4.30 වෙද්දි ම කොලේජ් එකට ගිහින්. ගියපු වෙලේ ඉදලා විනාඩියෙන් විනාඩියට කෝල් අරන් “දැන් කොහෙද” “දැන් කොහෙද” ගානවා.
“මොකද ළමයෝ අද දරුවට බැන්නෙ”
අම්මා අහන්නෙ ඔරවගෙන. තාත්තත් කාර් එකේ කන්නාඩියෙන් මම දිහා බලාගෙන.
“නෑ අම්මා ඉතින්”
“ඉතින් මොකද්ද. ඒ ළමයා ඇහුවෙ හෙලුවෙන් එනවද කියලා නෙමේනෙ. ඔය බනින විදිහට ඔහොමවත් යාලුවෙක් ඉතුරු උනොත් පුදුමයක්”
…………..💗💗💗💗💗……….
“ළමයි බස් එකට නගින්න කලින් මේක අහගන්න”
පිටි පස්සෙම සීට් එකේ අයිතිය ගන්න බස් එකට ගොඩ වෙන්න ගියාට මොකද බස් එකට කකුල තියනවත් එක්කම මාව උඩට ඉස්සුනා.
දේදුවට කොහොමත් ඔච්චර දෙයක් බැරි හින්දම මොකාද බලන්න පිටිපස්ස බලද්දිම වෙන කවුරුත් නෙවෙයි නිකොලායි මෑන්ස්.
කන්නෙ නැති මාළු කෑල්ලක් එහා පැත්තෙ එකාගෙ පිඟානට විසි කරනව වගේ මාව උස්සලා බිමට දැම්මා.
“ඩියානා ඔයා හැමවෙලේම ඉන්න ඕනෙ නිකොලායි එක්ක ඒ වගේ ම රේන්බො ඉන්න ඕනෙ රිකිත් එක්ක”
“මොකක්!!” අපි දෙන්නම කෑගැහුවා.
“ඔව් ඔය දෙන්නම මම භාරදෙන්නෙ රිකීටයි නිකොලායිටයි ඒ දෙන්නා කියන විදිහට ඉන්න ඕනෙ. මොකද ඔය දෙන්නා එකතු උනොත් ලෝක විනාසයක්!”
“අනේ අප්පා මට බෑ”
“නෑ නෑ බැරි නෑ” කියලා ළමයි ටිකව පිළිවලට බස් එකට නැග්ගුවා. මම නිකොලායි මෑන්ස් එක්ක එලියේ කෙලවරක ඉදන් ලමයි නගින හැටි බලන් ඉන්නවා.
නිකොලායි ඇවිල්ලා තියෙන්නෙ බස් එකට නගින ලමයි ගාන නගින්නද කොහෙද.
“කෝ ඔය බෑග් එක දෙන්න”
“බැහ්”
“ඇයි බැරි” නිකොලායි අහන්නෙ අත් දෙක පපුව හරහට බැඳ ගන්න ගමන්.
“මේකෙ මගෙ කෑම ටික තියෙන්නෙ”
“හරි එහෙනම් දෙන්න මට ඕක” කියලා උදුරගෙන බෑග් එක අරන් ගියා යන්න.
මාත් පස්සෙන් දුවගෙන ගිහිල්ලා බස් එකේ එල්ලුනා.එල්ලෙද්දි දැක්කෙ බස් එකේ බඩේ වගේ අර පියන ඇරලා බඩු දාන කෑල්ලට සර් සිකුරුට්ටෙක් එක්ක එකතු වෙලා වයලීන් පවුලෙ ලොකු අම්ම වෙන චෙලෝ එකක් බස් එකට පටනවා. කෑලෙ කූඩාරම් ගහලා ගිනි ගොඩවල් ගහද්දි දරට දාන්නද කොහෙද.
…………..💗💗💗………..
බස් එකේ පිටිපස්සෙම සීට් දෙක අල්ලගෙන දේදුවා අත වන වන බලං ඉන්නවා. මම නිකොලායි මෑන්ස්ව තල්ලු කරන් ගිහින් අයින අල්ල ගත්තා.
මට ඉස්සරහා සීට් එකේ අයිනෙ දේදුවා.
බස් එක යන්න පටන් ගත්තා. පටන් අරගෙන අනිත් ලමයි ෆෝන් ඇතුලේ වල් පල් දොඩෝ දොඩෝ ඉද්දි මම හිටියෙ වෙනම ම මෙහෙයුමක් ඇතුලේ ඒ පිටිපස්සෙ එකා ඇරගෙන ඉන්න ජනේලෙ ඉඩ ටිකත් පොඩ්ඩ පොඩ්ඩ මගේ පැත්තට ගන්න එක.
සීට් දෙක අස්සෙන් බැලුවෙ මෑන්ස් මොකද කරන්නෙ කියල.
මෑන්ස් ට නිදි නැන්දා ඇවිත් නිදි පෙත්තක් පෝලා ගිහින්. අනිත් එකත් ෆෝන් එකෙ ඇතුලේ.
ඇගට පතට නොදැනෙන්න මම බ්‍රේක් වලට ජනේලෙ අත වදිනවා වගේ ටික ටික ජනේලේ එහාට තල්ලු කලා.
හෙන ලොකු දෙයක් කලා වගේ මම ගැනක ආඩම්බරෙන් අනිත් පැත්ත හැරෙද්දි නිකොලායි මෑන්ස් ඉන්නවා මොකාද වගේ හිනාව තද කරන්.
මැරියං දියානා ඔය ඇරපු ජනේලෙන් ම පැනලා
වැඩිහිටි සංගමේ ආච්චිලා එක්ක වන්දනා ගමනක් යනවා වගේ දැනෙන්නෙ! ඩ්‍රයිවර් කාරයටත් බස් එකට නගින්න කලින් කෙල්ල බූට් එකක් තියලද කොහෙද ඌත් වැලපෙන සිංදුවක් දාගෙන වැලපි වැලපි යන්නෙ.
එහෙන් සර් පවුල් ප්‍රස්නයක් විසඳනවා.
දේදුවටත් කතා කරලා අපි එක පාරටම බස් එක දෙක වෙන්න කෑ හූ කිව්වා.
ෆෝන් වල හිටපු උන් ඔක්කොගෙම ෆෝන් විසාල සබ්දයක් නගාගෙන බිමට පතිත උනා.
“ටොම් ඔය ගිටාර් එක පාස් කරපන්” නිකොලායි පිටිපස්සෙ ඉන්න එකෙක්ට කිව්වා. කවුද යකෝ ගිටාර් ගෙනාවෙ අපරාදෙ ඕක එලියට ගන්න තිබ්බෙ බැස්සට පස්සෙ.
දේදුවා ටයිටැනික් සිරි ලංකන් වර්ශන් කියද්දි මම ගිටාර් එකේ සද්දෙ කටින් දැම්මා. මම හිතන්නෙ ඒකෙ ප්‍රථිපලයක් විදිහට නිකොලායි අහන් ඉන්න බැරිම තැන වෙන්නෝනෙ ගිටාර් එක එළියට ගත්තෙ.
“Girl, you know I want your love
Your love was handmade
for somebody like me
Come on now, follow my lead
I may be crazy, don’t mind me
Say, boy, let’s not talk too much “
වාව්…shape of you සිංදුව නිකොලායි මාරම ලස්සනට කිව්වා….කොල්ලො හැමෝම එයාට චියර් කර කර එයත් එක්ක කිව්වා.
“ගර්ල්ස්ස් දැන් අපේ වාරෙ”
කියලා දේදුවා කෑ ගහද්දිම මම නිකොලායිගෙන් ගිටාර් එක ගත්තා.
කොල්ලො හැමෝම තියෙනෙ “අනේ තොපි කියන සිංදු වගේ බැල්මක්”. හැමෝම හොල්මන් වෙලා යන සිංදුවක් මතක් කරද්දි එක කෙල්ලෙක් “whenever ශකීරා” කියලා කෑ ගැහුවා.
“Le-do-lo-le-lo-le, le-do-lo-le-lo-le
Can’t you see? I’m at your feet
Whenever, wherever
We’re meant to be together
I’ll be there, and you’ll be near
And that’s the deal, my dear”
තරහාකාරයො ඉරිසියාකාරයෝ පැත්තකින් තියලා කෙල්ලො ඔක්කොම එක හඬින් මායි දේදුවයි එක්ක සිංදුව කියන්න ගත්තා.
කොල්ලෙක් බෙලී ඩාන්ස් කරනවා කියලා පද්දන්න ගිහින් ෆුට්බෝර්ඩ් එක උඩ ඇදගෙන වැටුනා.
නිකොලායි කලේ වෙච්ච හැම සිදුවීමක් ම එකක් නෑර වීඩියෝ කරපු එක.
ඔහොම ඔහොම සිංදු ගානක් ම කිව්වට පස්සෙ සර් කිව්වා අපිට පොඩ්ඩක් නිදා ගන්න කියලා.
මොකද අපි ගෙනාපු බඩු සේරම අරන් කැලේ ඇතුලේ කූඩාරම් ගහන තැන වෙනකම් ම අපි පයින් යන්න ඕනෙලු.
මම නූඩ්ල්ස් එකක් බෑග් එකෙන් අරන් කර ගමන් මගේ කැමතිම වැඩේ වෙන යූටියුබ් එකේ කෑම වීඩියෝස් බලන්න පටන් ගත්තා.
ඩ්‍රයිවර් කාරයා යන්නෙ උට බූදලේට ලියලා දුන්නු පාරකද කොහෙට. කටට ගත්ත නූඩ්ල්ස් ටික නහයෙන් එනවා මේ යන විදිහට ගියොත්.
හෑමෝම නිදි හින්දා කාගෙන්වත් ඕනෙද ඕනෙද කියලා අහන්න මට උවමනාවක් උනේ නෑ. නිකොලායි මෑන්සුත් කොහෙන්දෝ අස්සක ඉදලා මොකද්දො මන්දා කෑමක් උස්සන් ඇවිත් වාඩි උනා.
“ඔයාට සැන්විච් කනව ද”
“වහලා තියන්න මම පස්සෙ කන්නම්”
“ආව්වා” ෆෝන් එක ඇතුලේ තිබ්බ චොක්ලට් කේක් එකක් ඇතුලේ හිටපු මම මෙලොවට ආවෙ නිකොලායි ඇනපු ටොක්කෙන් ..
“ඇයි අප්පා”
“සැන්විච් ඕනෙ ද කියලා මම ඇහුවෙ”
“අහ්හ් එපා එපා”
ආයෙමත් නූඩ්ල්ස් කටක් කටට ලං කරද්දිම නිකොලායිව මතක් උනේ.
“මෙහ් ඔයා නූඩ්ල්ස් කනව ද ඒත් හැබැයි ශ්‍රී ලංකන් විදිහට හදලා තීන්නෙ” මම ඇහුවේ කට ලඟට ම ලං කරගත්තු නූඩ්ල්ස් කට පෙන්න න ගමන්. මොකද මම දන්නවා මම කට ඇතුලට දාගන්න ගියපු කටට හා කියන්නෙ නෑ කියලා.
“හා කමක් නෑ. කටක් කවන්න”
“මොකක්!!”
“ඇයි“
“අහ් නෑ නෑ” කියලා කට කැව්වා. අයියෝ අපරාදෙ නූඩ්ල්ස් එකේ තිබ්බ ලොකුම බිත්තර කෑල්ල තිබ්බෙ ඒකෙ.
“මේ ඩියානා ඔයාට ඕක බලන්නෙ නැතුව කන ටික උගුරෙන් පහලට යන්නෙ ම නැද්ද”
“හැදුනොත් හොද කරන්න බැරිම පිස්සුවක් තමයි පුතා කන ගමන් වීඩියෝ බලනවා කියන එක” මගෙ මගේ දාර්ශනික අදහස ඒ විදිහට ඉදිරිපත් කලා.
“නිකොලායි ඔයාට කෙල්ලෙක් නැද්ද “
“නෑ“
“ඇයි ඒ”
ඒ කියන්නෙ නිකොලායි කියන්නෙ අර විදිහේ එක්කෙනෙක් ද …..
“එන්නකෝ හේතුව කියන්න” කියලා ලඟට කතා කලා. අඩෝ නෝ එතකොට නිකොලායි කියන්නෙ…..මාත් පපුවට අත තියන් හිමීට ලං උනා.
“මම කෙල්ලොන්ට කැමති වෙනකොට කෙල්ලො මට කැමති නෑ කෙල්ලො මට කැමති වෙනකොට මම උන්ට කැමති නෑ අපි දෙගොල්ලොම දෙගොල්ලොන්ට කැමති වෙනකොට අපි වටේ ඉන්න උන් අපිට කැමති නෑ” නිකොලායි මිමිනුවා.
චයිනීස් සබ්ටයිටල් දාගෙන අරාබි ඩ්‍රාමා සීන් එකක් බැලුව වගේ.හරි ම මාන්දමකයි!
“ඔයාට කොල්ලෙක් නැද්ද?”
“අපෝ ඉන්නවා”
“කොහෙද ඉන්නෙ ඌ”
“පුස්තකාලෙ”
“මම අහන්නෙ හරියටම ගෙවල් තියෙන තැන උගෙ“
“ම්ම්ම්..හරියට ම පුස්තකාලෙ පරිවර්තන කොටසෙ දෙවෙනි රාක්කෙ පස් වෙනි පොත”
“මොකක්!!”
“ඇයි”
“මෙච්චර වෙලා කිව්වෙ පොතක චරිතයක් ගැනද”
“ඔව් ඉතින් ඒත් එයා චරිතයක් ම නෙවෙයි. එයා ලග තියෙනවා හරි ලස්සන අදහස්”
“බ්ලා බ්ලා බ්ලා තමයි”
නිකොලායි මෑන්ස්ටත් රවලා මම කන එක ඉවර කලා.
…………💗💗💗💗💗………..
“අඩෝ නැගිපිය”
“ම්ම්ම්ම්”
“දියානා නැගිටපන් යකෝ”
“ඇයි බන් වදදෙන්නෙ පලයන්කො එහාට”
“නැගිටපන්හ්හ්හ්”
“අඩෝ අපි ආවද” මම ඇහුවේ ඈනුමකුත් අරින ගමන්.
“නෑ නෑ උදේට කන්න නැවැත්තුවා”
“අඩෝ මට නින්ද ගියා බන්”
“ඔව් ඔව් බස් එකම දැක්කා උබට හොදට නින්ද ගියා කියලා” මගෙ ඇස් ලොකු වෙන්න ඇති. මම කට ඇරගෙනවත් ද නිදාගෙන තියෙන්නෙ.
“මේ බලපන්”
දියානා සීට් දෙකම අත්පත් කරගෙන තිබූ ආකාරය 🌚
සැක් මේ මම ම ද. මම මුලු සීට් එකේ ම කබරගොයා වගේ දිගෑරිලා නිදියගත්ත නම් එතකොට නිකොලායි
“නිකොලායි කොහෙද නිදියගත්තෙ”
“මම උගෙන් ඇහුවා උබව එහාට කරන්න ද කියලා”
“ඉතින්”
” ඉතින් ඌ කියපි එපා එයාට පාඩුවෙ නිදාගන්න දෙන්න කියලා. ඊටපස්සෙ ඌ මොහොමඩ්ගෙ සීට් එකට ගියා”
“වරෙන් කන්න යන්න” කියලා දේදුවා මාවත් ඇදගෙන බස් එකෙන් බැස්සා.
පව් වැඩේ නිකොලායි මෑන්ස්ට උනේ හැබැයි.
දේදුවයි මායි අත එහෙම හෝදගෙන මේසෙක පුටුවක් අදිද්දිම සර් උගුර පෑදුවා.
“දියානා…රේන්බෝ”
ආෂ්ෂ්ෂ්ෂ් බෑනෙ අප්පා කරන්න.
“දියානා එන්න මෙතනට” එහා කෙලවරක හිටපු නිකොලායි මෑන්ස් පුටුවක් පෙන්නලා මට කතා කලා.
“අහ් මෙන්න කන්න”
අඩෝ නෝ ඒක කොහොමද වෙන්නෙ. මම සාමාන්‍යයෙන් පාන් වල වාටිය ගලවලා අයින් කරලා කන්නෙ.
මම පුටුවෙන් ඉදගත්තා විතරයි නිකොලායි මෑන්ස් එයාගෙ පිඟාන මගෙ ලඟින් තියලා පාන් පෙති තුනක විතර වාටි කඩලා මගෙ පිඟානෙන් තියලා ජෑම් පොඩ්ඩක් පිඟාන කෙලවරෙන් තිබ්බා.
“ඔයා කොහොමද ඒක දන්නෙ”
ඒ පාර හිනා වෙනවා.
“නිකොලායි කියන්නකො” ඇන්නා මම එතන තිබ්බ ගෑරුප්පුවෙන් අතට.
“ඔයා හීනෙන් එද්දි කියෙව්වෙ ඕක”
මොකක්!!
“අම්මා..අම්මා.. පාන් වල වාටි ටික අයින් කරන්නකො…ගගා කියව කියව ආවෙ. මට සිංහල තේරුනේ නැති හින්දා මම ඔයාගෙ යාලුවගෙන් ඇහුවා.”
“තෑන්ක්ස්”
“දැන් කන්න. සර් ඔයාලා දෙන්නව වෙන් කරන්නෙ ඔයාලා කරන දඟ වැඩ හින්දමනෙ. ගනන් ගන්න එපා ඔයාට ඕනෙ නම් මාත් එක්ක ඕනෙ දෙයක් කියවන්න.” කියලා ඔලුව අතගාලා එයා කන්න පටන් ගත්තා.
ඇයි අප්පා හැමෝම මට පොඩි එකෙක්ට වගේ සලකන්නෙ.
“ස්ස්..ස්ස්ස්”
මෙච්චර ලස්සන භාෂාවක් ගෙඩි පිටින් තීද්දි කවුද යකෝ පදයක් වෙන් කරලා අදුරගන්න බැරි නයි භාෂාවෙන් කතා කරන්නෙ. මොකාද බලද්දි ආයෙමත් නිකොලායි මෑන්ස්.
“මොකද ඒ පාර. මම හීනෙන් කිව්වද මම නයි භාෂාවත් දන්නව කියලා”
“මෙහ්”
පෙන්නපු ෆොටෝ එක දැක්කම මට හිතුනා පාන් වාටියෙන් එල්ලිලා මැරෙන්න. සැක් මම නේද යකෝ මේ රෝමියෝ ජුලියට් රූ ගත කිරීමකදි වගේ නිකොලායි කාරයගෙ උරිස්සට ඔලුව තියන් ඉන්නෙ.
රෝමියෝ ජුලියට් රූගත කිරීම් අතර තුර🔥
…………….💗💗💗………….
මතු සම්බන්ධයි!
සදාදර
Mrs.හෝම්ස්