…………💗💗💗💗…………
තවත් දවසක දවල්වරුවක්!
පැයක දීර්ඝ වෙහෙසකර කෝච්චි ගමනකින් පස්සෙ මම සුපුරුදු පරිදි සැපත් උනේ හැම සිකුරාද දවල් ම වගේ යන මගෙ අපාය සහයක සහ වසරේ රහස් රකින්නිගෙ කෝපි අවන්හලට…
පොඩ්ඩක් හෝව්!! උන්ගෙ කිව්වට උන් කරන්නෙ කුස්සියෙ කෝප්ප සෝදන එක.
ඒක ඉතින් වෙනම කතාවක්.
මොනා උනත් මම ප්රසිද්ධ කරලා තියෙන්නෙ ඒක උන් දෙන්නගෙ ශොප් එකක් කියලා.
කොලේජ් එකේ උන් පොර කනවා තැන අහගෙන ගිහින් පිනට කෝපි එකක් බීලා එන්න…
මමනෙ දන්නෙ උන් පිනට කියලා කෝපි හය හත වතුර බොනව වගේ ගහලා ආවහම මගෙ පර්ස් එකෙන් කැපෙන්නෙ කියල. මොකෝ අරුන් දෙන්නා ගෙවන්න කියලෑ..
නම් දන්න සියලු දෙවියන්ට කිය කිය ගියේ ශොප් එකේ කස්ටිය නැති වෙන්න කියලා,මොකද නැත්තම් මට කයියක් ගහන්න බෑනෙ සුද්දො ඇවිල්ලා කැපචිනෝ ප්ලීස්..බ්ලැක් කොෆී ප්ලීස් ගෑවහම, හොද ආදි කාලෙ කතාවක් මැද්දෙ ඉද්දි ඔය වගේ සුද්දෙක් ඇවිත් මැද්දෙන් ඇඩ් එකක් දැම්මම ඉතින් කැපචිනෝ නෙවෙයි කොෆී මැෂින් එක කටේ ඔබන්න හිතෙනවා. ඒක ඉතින් සාධාරණයි මොනා උනත්!
මගෙ අනිත් ප්රශ්නෙ කෝපි එකක් රස දිව තියෙන මනුස්සයෙක් කොහොමද බොන්නෙ කියන එක. කෝපි එකක් බොනවා කියන්නෙ නිකං කරවිල ගෙඩියක් මිරිකලා බොනවා වගේ දෙයක් මටනම්…
කොහොමින් කොහොමහරි අද කවුරුත් ම නැහැ ශොප් එකේ…පට්ට දවස අද නම්!
සිකුරාදා දවස් වලට මම මාරම ලව් වගේම ඉරිද කියන්නෙ පේන්න ම බැරි දවසක් මොකද ඉරිදා දවසෙම හිතේ වැඩ කරන්නෙ මගෙ “හෙට සදුදනෙ..හෙට සදුදනෙ” කියන එක.
මම හිතන්නෙ සියලු මනුස්ස වර්ගයාටම එහෙමයි.
“අම්මෝ..හෙලෝ හෙලෝ” ජනේලයක් අයිනෙ මේසෙකට වෙලා පාරෙ ගියපු රතු පාට කාර් ගනන් කර කර හිටපු මම ගාවට මගේ යහලුවෝ දෙන්න ඒ විදිහට කටහඬ අවදි කරන් ආවා.
“හෙලෝ..කොහොමද බන් අද දවස”
“කියලා වැඩක් නෑ මරේ මරු. කෝප්ප 5කුයි පීරිසි 2කුයි බින්දා”
“නියමෙටම ඔය කරලා තියෙන්නෙ.”
“ඔව් බන්. ඒත් අපි හොදයි අර දැන් කවුන්ටර් එකේ ඉන්න එකී පේනව නේද”
“ඔව් ඉතින්”
” ඒකි උදේ පාන්දර කුකුලා අතේ අරන් ආපු කලුකෝට්කාරයගෙ ඇගේ කෝපි එකක් හැලුවා”
“අඩෝ නෝ”
” ඔව් බන්. මටත් ඉගෙන ගන්න ආසයි එහෙම කස්ටමස්ලා පන්න ගන්න හැටි”
“අයියෝ ඊසීනෙ බන්”
“ඇයි උබට පුලුවන්”
“ඔව් පුලුවන්” යූටියුබ් එකේ කෝච්චියෙ එද්දි බලපු ශෝර්ට් එකක් මතක් වෙලා මාත් එකෙන් ම උත්තර දුන්නා.
“අනේ පලයන් බන් යන්න”
“මොනාද ඔට්ටු”
“උබ එන එකෙක්ව පැන්නුවොත් මම ටවුන් එක මැද්දෙ අයි ලව් යූ කියලා 10 පාරක් කෑ ගහනවා”
ඉදපන් තිට කරන්න වැඩේ…
“හරි ඔට්ටුයි.”
මාත් ගැම්මට ඇවිත් කවුන්ටර් එකේ හිටපු කෙල්ලගෙන් ඒප්රන් එක අරන් ඇදගෙන කවුන්ටර් එකට ආවා.
පාප මිත්රයෝ දෙන්නට පින් අත් වෙන්න කුස්සියෙ කෝප්ප පිහින එකා ඉදලා එළියට ඇවිත් බලන් ඉන්නවා.
කකුලුත් එක්ක වෙවුලුවා ඇතුලට ආපු සද්දන්ත ශරීරෙ දැක්කහම! මූවද මම එලවන්න ඕනෙ දැන්
ඔට්ටුව දැම්ම එකීගෙ මූනෙ තියෙන්නෙ “කිව්ව නම් කරපන්” වගේ බැල්මක්. හරිනෙ මටත් හොදම වැඩේ…
“හේලෝ..වන් ටී ප්ලීස්”
මම සිහියට ආවෙ ඒ මූදෙ පතුල වගේ ගැඹුරු ඇම්බර් ඇස් මෑන්ස්ගෙ සද්දෙන්.
“කහට ඇතුවද නැතුව ද”
පොරගෙ මූනෙ තියෙන්නෙ “තොට මොංගල්ද ගෑනියෙ වගේ” බැල්මක්
“කහට එක්ක”
“තේ කොළ කුඩුද කොළ පිටින් ද”
“තේ කොළ කුඩු”
“අඩු කහට ද වැඩි කහට ද”
“අඩු කහට”
“කිරි පිටි ද දියර කිරි ද”
“දියර කිරි”
“යොදේ ඇතුව ද යොදේ නැතුව ද”
“නෑ “
“නෑ කිව්වෙ” මම පොඩ්ඩක් අඩි ගානක් පිටි පස්සට ගියා. මට පේනවා මෑන්ස්ගෙ නහර එක දෙක අතේ ඉලිප්පෙනවා. බේරගන්න දෙවියනේ මාව
” යොදේ නැතුව”
“සීනි ඇතුවද නැතුව ද”
“ඇතුව”
“අඩු සීනි ද වැඩි සීනි ද”
“අඩු සීනි”
“සුදු සීනිද දුඹුරු සීනි ද”
“සුදු සීනි”
“ම්ම් ඕකේ සයිස් එක මොකද්ද”
සයිස් එක මොකද්ද ඇහුවහම මෑන්ස්ගෙ මූනෙ ඇදුනෙ මාව මරන් කන සයිස් එකේ බැරෑරුම් පෙනුමක්.
“මීඩියම් සයිස්”
” ටේක් අවේ ද”
“What the F@%#”
“සොරි සර්.අපි ඒවා නම් මෙතන කරන්නෙ නැහැ”
පුටුවකටත් කකුලෙන් ගහන් නහරකාරයා ශොප් එකෙන් ගියා යන්න. මම හිතන්නෙ මෑන්ස් අත ඉස්සුනේ නැත්තෙ මම කෙල්ලෙක් හින්දා වෙන්න ඕනෙ..
ශොප් එකෙන් එළියට කකුල තියද්දිම මගෙ මූනෙ ජයග්රාහී හිනාවක්! ශොප් එකේ එවුන්ගෙ ඇස් කටේ…
ඔට්ටුව දාපු එකී බලන් ඉන්නෙ “තිරිසන් වැඩ කරන්න එපා ගෑණියෙ” වගේ බැල්මකින්.
…………..💗💗💗💗💗…………
“හරි දැන් කියපන් I love u කියලා”
ගැම්මට වැඩ ඉවර උනාට පස්සෙ අරකිවත් ඇදගෙන වටේ ඉන්න උන් තල්ලු කරන් ටවුමට ආවා. නියමයි වැඩ ඇරෙන වෙලාව හින්දා මිනිස්සු පාරවල් පුරා.
” I love u”
ඒක කියපු එකීටවත් ඇහුනද කියන එකවත් ප්රශ්නයක්. අර කඩේදි දුන්නු ටෝක්ස් කොහොමද.
“යකෝ මේ මටවත් ඇහුන්නෑ”
“අඩෝ මේ අපි වෙන ටවුන් එකකට යමු ද”
“ඇයි ඇයි උබ අර ඔබේ ප්රේමණීට උනහපුලුවා දකියි කියලා බයත…”
හරි අන්න දැනුයි හරියට ම ගෑණි ගේමට එන්ටර් උනේ. අරූ ගැන මතක් කලා විතරයි අර අහිංසක මූණ විරූපී වෙලා ගියා.
“I love uhh
I love u
I love u
I love u”
“ඇති ඇති බන් වරෙන්”
තව ටික වෙලාවක් එතන හිටියොත් බිලුත් නැතුවම කන්න වෙනවා කියලා ඉවෙන් වගේ දැනුනු හින්දම අරකිවත් ඇදන් මම කෝච්චියට නගින්න ආවා.
“ඒ මේ…”
ටිකට් අරන් එන්නම් කියලා ගියපු එකී කඟවේනා වගේ දුවන් එනවා පේනවා ඈතින්. ඒ පාර මොකද දන්නෑ උනේ කවුන්ටරේ හිටපු අයියා කැමැත්ත අහල වගේ.
දුවගෙන එන්න හේතුව අහගන්න බලාගෙන හිටපු මාවත් ඇදගෙනම ආයෙමත් රේස් දුවන්න පටන් ගත්තා. මේ මොකෝ මේ ප්ලැට්ෆෝම් 02 පහු කරන් යනවා.
“අඩෝ අපි අතනින් හැරෙන්න ඕනෙ” අපාය සහයක හුලං කපාගෙන මාවත් ඇදගෙන මිනිස්සුන්ගෙ දාඩිය ගදවල් අස්සෙන් ඉදිරියට ඇදෙද්දි මම කෑ ගහලා කිව්වා.
ම්හු ඒත් නෑ. මම වෙන එකෙක්ට කිව්වා වගේ මේකි දුවනවා. කොයි මොහොතක හරි දුවන එක නතර වෙයිනෙ කියලා මාත් දිව්වා.
නැවතුනා නැවතුනා ඒත් නැවතෙන්න කලින් මට කියන්න එපැයි අපි නැවතෙනවා කියලා.
හිතපු නැති මොහොතක අපාය සහයක එස්කැලේටර් එකක් ලඟ නැවතෙද්දි ඔය කිසිම දෙයක් දැනගෙන හිටපු නැති මම ඇවිත් නැවතුනේ එස්කැලේටර් එකේ කෙලවරේම හිටපු කොටු කොටු ෂර්ට් කාරයගෙ පිට මැද්දෙ 🙂.
ඒත් එක්ක ම අපාය සහයක මාව අල්ලගත්තත් මම මගෙ ඇස් කොණින් දැක්කා එස්කැලේටර් එක උඩ දෙතුන් දෙනෙක් ම පිළිවලින් මහා ශබ්දයක් නගාගෙන පතිත වෙනවා. අර කොටු කොටු ෂර්ටුත් ඒ අතර එක්කෙනෙක්.
ඒ අතරින් පතර හොද හොද කුණුහරපත් දෙතුන් දෙනෙක්ගෙ කටින් නොදැනුවත්ව ම පිට උනා.
වැටිච්ච උන් ටික මේ කුප්ප වැඩේ කලේ මොකාද බලන්න පිටිපස්ස බලන්න කලින් ම මම සහ අනිත් එකී දුවගෙන ගිහින් අනිත් එස්කැලේටර් එකේ එල්ලුනා.
…………💗💗💗💗💗…….
“මොකද්ද බන් මේ වෙන්නෙ”
“ඇයි මොකද්ද” අරකී phone එක ඇතුලේ ඉදන් ම උත්තර දුන්නා.
“මාත් අහන්නෙ ඒකම තමයි තිරිසනෝ”
“අහ් ඒක ද…අපේ කෝච්චිය කැන්සල්ලු. මේකෙ නගින්න කිව්වා කවුන්ටර් අයියා”
“ඊට පස්සෙ”
“ඊට පස්සෙ මොකද්ද?”
“යකෝ අපි කොතනින් ද බහින්නෙ”
“හම්මට යකෝ අමතක උනා කියහන්කො අහගන්න”
“WTF bn” කෝච්චියෙ ඉන්නෙ කියන එක මොහොතකට අමතක කරලා මම කෑ ගැහුවා.
“ඊළඟ එකෙන් බහිමු”
“😒😒”
ඔව් ඉතින් බහිනවා ඇරෙන්න වෙන මොනා කරන්නද.
වට පිට බල බල ඉද්දි මගෙ නෙත ගැටුනෙ කැපචිනෝ එකක් එක අතකට අරන් ඉන්න දැකලා හුරු රුවක්. කැෆේ එකට ආපු මෑන්ස් නේද මේ!!
මට කෙලින් ම ඉස්සර අසුනෙ වාඩි වෙලා. මෑන්ස් පස්ස තියන් ඉන්නෙ ගැබිණි කාන්තාවන්ට වෙන් කරපු අසුන මත.
මොනා උනත් ගැළපෙනම අසුන හිමි වෙලා කියලා මම අරකිටත් පෙන්නලා හිනා වෙන්න ගියාට මොකද ඒ හිනාව සැනින් වාෂ්ප වෙලා ගියේ මෑන්ස් ඇදගෙන ඉන්න එක දැක්කහම.
දෙයියනේ..කොටු කොටු ෂර්ට්…
විනාසයි දෙයියනෙ විනාසයි!!
එතකොට ම..ම ඊයෙ ගත්ත ලේ පාට ලැවැන්ඩර් සුවඳ ලිප්ස්ටික් ගෑවුනු මගෙ මල් පෙති වන් තොල් සලකුන ලකුණු කලේ මෑන්ස්ගෙ ෂර්ට් එකේද…..වරදක් කලත් සිතකින් නොවෙයි දෙයියෝ…කමා කරන සේක්වා!! එස්වාහ් පුහ්හ්!
එයා එතන
මම මෙතන
දොර මෙතන
මම මෙතන
එයා අතන
දොරත් ඇරුනා
එයත් නැගිට්ටා
අපිත් නැගිට්ටා
“අපි ඊළඟ එකෙන් බහිමු” මම කිව්වා.
දොරත් වැහුනා
අපිත් හැරුනා
එයත් හැරුනා. ❤️🩹🤕
………….💗💗💗💗💗…………
මතු සම්බන්ධයි!
සදාදර
Mrs.හෝම්ස්