නෙතඟ ඉඟි අටවන ඉඟිය

5
0

නෙතඟ ඉඟි

අට වන ඉඟිය

“සංජනා.. අදින් පස්සේ නම් ඉතින් මේ තීක්ෂනගෙන් ඔයාව ඈත් කරන්න බැරි වෙයි…මන් අද කොච්චර සතුටුද කියලා ඔයාට තේරෙනවා නම් මැණික…මේ හැම ප්‍රශ්නයක්ම මන් ඉක්මනට ඉවර කරනවා…ඔයාගේ චූටි සුරංගනාවිත් මට බරක් නෑ සංජනා මන් ඔයාලා දෙන්නවම මගේ ලඟට ගන්නවා…”

සිය හිතත් සමගම දොඩමලු වන ගමන් ඔහුට නින්ද ගියේ ඔහුත් නොදැනීමයි….

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

“කෝ අයෝද් මේ කෙල්ල…තාම නෑනේ බං..”

“හරි බං පොඩ්ඩක් ඉවසපන් අනික තව පැය භාගයක්ම තියනවානේ…”

“ඕන දවසටමනේ මේ කෙල්ල වේලාසන එන්නේ නැත්තේ ශික්…”

“මූට තියන තදියම යකෝ…”

“හරි හරි ඉතින්..”

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

“සංජනා මිස්.. ගුඩ් මෝනිං”

“ගුඩ් මෝනිං පියසේන අංකල්”

“මිස් තීක්ෂන සර් කිව්වා මිස් ආව ගමන් සර්ව හම්බ වෙන්න කැඹින් එකට එන්න කියලා…”

“හරි අංකල් මන් යන්නම්…”

“ඒ පාර මොන යකෙක් නටන්න හදනවද දන්නේ උදේ පාන්දර කමක් නෑ ගිහින්ම බලමුකෝ..”

එසේ සිතමින් සංජනා තීක්ෂන සිටින ස්ථානයට පියමැන්නා..

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

ඔහුගේ කැබින් එක අසලට ගොස් දොරට තට්ටු කිහිපයක් ගැසිය… එ විට තීක්ෂන…

“කමින්..”

ලද අවසරයත් සමගම සංජනා ඇතුලට පිවිසිය…තීක්ෂන ඔහුට අයත් ස්ථානයේත් ඊට ඉදිරියෙන් ඇති පුටුවකින් අයෝද් ද අසුන් ගෙන සිටියහ..

“ආ එන්න නංගි…”

ටික කලට අයෝද් සංජනා ව සිය නැගණිය මෙන් සලකා කටයුතු කර නිසාම ඇයට එසේ ආමන්ත්‍රණය කළා…

“ආ සංජනා ගුඩ් මෝනින්”

“ගුඩ් මෝනින් තීක්ෂන සර්..”

“ඉතින් සංජනා මොනවද මේ දවස් වල විස්තර..”

“මුකුත් නෑ සර්…ඇයි එහෙම ඇහුවෙ..”

“ආ නෑ නිකන් නේද ආයෝද්..”

“නංගි ඔයාගේ දුවට වයස කීයද කිව්වේ…”

“තවම අවුරුදු 5යි සර්..”

“ම්ම්ම්ම් හුරතල් නේද පොඩි කෙල්ල..”

“ඔව් ආයෝද් සර්..”

“සංජනා මේ ඔයාට මන් කතා කරේ දෙයක් කියන්න..ඒ වගේම පෙන්නන්න..”

“මොනවද සර් කියන්නේ මට මුකුත් තේරෙන්නේ නෑ…”

“හරි සංජනා ඔයා කලබල වෙන්න එපා…අනික මේ දේවල් අහල ඔය බය වෙන්න එපා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ…”

“අනේ සර් කියන දෙයක් පැහැදිලිව කියන්නකෝ..අනික මගේ අතින් සර්ලට වැරැද්දක් උනා නම් සමාවෙන්න සර්…”

“අයියෝ එහෙම දෙයක් නෑ සංජනා…ඔයා දැම්මාම කලබල වෙලානේ.”

“සර්ලා කියන විදියට බය හිතෙනවා..”

“හරි හැබැයි එකක්…මේක අහල ඉස්සල්ලා කලබල නොවී වැඩ කරන්න..මොකද නංගි මන් ඔයාව ආශ්‍රේ කරේ මගේම නංගි කෙනෙක් වගේ ඉතින් ඒ නිසා මන් කැමති නෑ එහෙම කෙනෙක්ට වැරැද්දක් වෙනවට..”

“හරි අයෝද් සර් දැන්වත් කියන්නකෝ..මොකද්ද වෙලා තියෙන්නේ කියලා ප්ලීස්…”

“සංජනා මේ ෆොටෝ එක බලලා ඉන්නකෝ එතකොට ඔයාට සේරම පැහැදිලි වෙයි…”

තීක්ෂන එසේ කියමින් සිය ජංගම දුරකථනය සංජනා වෙතට ලබා දුණි…එය ලබා දී තීක්ෂන වෙනතක් බලා ගත්තේ සංජනා ගේ හැඩුම් බලා හිදීමට අපහසු නිසාමයි…ඒත් සංජනා දුරකථනය ගෙන එහි තිබූ ඡායාරූප බලා

“වාව්…”

සංජනා ගේ මුවින් පිට වූ වදන නිසාම අයෝද් හා තීක්ෂන පුදුම වි මුහුණට මුහුණ බලා..නැවත සංජනා ගෙන් ඇසුවේ….

“නංගි….ඔයා මොකද්ද කිව්වේ…”

“නෑ සර්…කොච්චර ලස්සනද…අම්මෝ කාලේකට පස්සේ දෙන්නත් එක්ක ඔය ඇවිදලා තියෙන්නේ…දකිද්දිත් ආස හිතෙනවා…”

“සංජනා ඔයා මොනවද මේ කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ.. උබට තේරෙනවද අයෝද්…”

“අනේ මන්දා බං… තමන්ගේ මිනිහා පිට මිනිහෙක් එක්ක ඉද්දී දැකලා සතුටු වෙන ලෝකේ එකම ගෑනිද කොහෙද සංජනා ඔයා…”

“මොනවද අයෝද් සර් කියන්නේ කොහෙද මෙතන මන් ඉන්න මන් නොදන්න මගේ මිනිහා…”

ඒ කියනවත් සමගම බයබිරන්ත වි අයෝද් තික්ෂනත් දෙදෙනාම මුනට මුන බලා ගත්තේ සංජනා කියන දේවල් හිතා ගැනීමටත් නොහැකි නිසයි…

“ඇ….ඇයි සංජනා…මේ…මේ ඉන්නේ ඔයාගේ හස්බන් නෙවෙයිද…”

“පිස්සුද සර්.. හස්බන් කෙනෙක් ඉන්න මන් තාම මැරී කරලවත් නෑ සර්…”

“මොකක්…ඒ..එතකොට අර පොඩි ළමයා..”

“ආ ඒ මගේ අක්කගෙ දුව සර්…කෙල්ල අක්කා නැති වෙලාවට මට කියන්නේ අම්මා කියලා…අනික මේ ඉන්නේ මගේ අක්කයි අක්කගෙ මහත්තයයි…අර චූටි කෙල්ල අක්කගෙ සර් මගේ නෙවෙයි…”

“දෙ….දෙයියනේ…සංජනා..🤭😅😅”

“ඇයි තීක්ෂන සර්…”

“නෑ නෑ සංජනා..එහෙනම් ඔයා යන්…”

“හරි සර්…මේ මන් දෙයක් ඉල්ලන්න සර් මට දෙනවද…වැරදියට හිතන් එපා…”

“මොකද්ද සංජනා…”

“ඔය ෆොටෝ එක මට එවනවද සර්.. ඒක ගොඩක් ලස්සනයි ඒකයි…”

“හරි සංජනා මන් එවන්නම්……ආ තව දෙයක්..එතකොට ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද…මන් මේ නිකන් ඇහූවේ…”

“නෑ සර්….මන් යන්නම් එහෙනම්…”

“හරි සංජනා..”

ඒත් සමගම තීක්ෂන හා අයෝද් හට සමු දී සංජනා පිටත් වූයේ ඇයගේ ස්ථානය කරායි..

“අඩෝ තීක්ෂන..මොකද්ද බං ඒ උනේ…”

“අම්මෝ යකෝ මට තියන සතුට කියලා නිම කරන්න බෑ යකෝ…මෙච්චර දවසක් මන් හිතින් විදෙව්ව දැන් සේරම ඉවරයි…දැන් සංජනා මේ තීක්ෂන ගෙන් අයින් කරන්න කාටවත් බෑ…”

“අම්මෝ කොල්ලගේ හිනාව…මටත් මාර සතුටුයි තීක්ෂන…දැන් නම් මොන දෙ උනත් කෙල්ල උබලගට ගෙනත් දෙනවමයි…උබලා දෙන්නට මන් ඕන උදව්වකට ඉන්නවා…”

“ආ මේ ඕක දැම්ම අපේ නංගීට නොකිය ඉමු…”

“හූම් ඔව් ඒක හොදයි…”

“එහෙනම් මන් ගියා “

එසේ කියා අයෝද් තීක්ෂන හට සමු දුන්නේ තීක්ෂන තනිවම කල්පනා ලොවක සිර කරමිනි..

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

ඔන්න ලමයි තීක්ෂන ගේ වැරදි වැටහීම හරි…තවත් කොටසකින් අපි ඉක්මනට හමු වෙමු..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *