නෙතඟ ඉඟි – එකොළොස්වන ඉඟිය

13
0

නෙතඟ ඉඟි

එකොළොස් වන ඉඟිය

“අනේ ඇත්තමයි මේකේ ඉන්න එකාලගේ කිසිම පිළිවෙලක් නැති හැටි… ඒකට නම් මොකද කවුරු කවුරුත් කියවන්නේ නම් අපි අරමයි අපි මෙහෙමයි කියල..අර නතාලිද කැතාලිද කියන ගෑනි…කොයි වෙලෙත් බැලුවොත් මුණේ එම්බාම් කර ගත්තු ගමන් හැබැයි වැඩක් කිව්වොත් කිසිම දෙයක් බෑ… ඔක්කොටම එහා අර තීක්ෂන කියන නපුරු යකා..කොයි වෙලෙත් දන්නේ ගිරිය පුප්පන් කෑ ගහන්න තමයි.. කොයි වෙලාවක. හරි ඔය මිනිහා මැරෙන්නේ පපුවේ අමාරුවක් හැදිලා බුරු මිනිහා…මෙතන ඉන්න සේරම උන් යවන්න ඕන මහ වස්සා එක්ක කුඹුරකට.. වැඩක් හරියට කරන්න දන්නේ.. ඒකට මොකද හැම ඒකාටම අන දෙන්න දන්නවා වස්සෝ ටික..මොනවා උනත් අයෝද් සර් විතරයි මෙතන මොලේ ඇති මිනිහෙක්ට ඉන්නේ…පව් ඒ අසරණ මනුස්සයටත් පිස්සු හැදෙනවා මේ යක්කු එක්ක ඉදලා…”

තික්ෂනගේ කැබින් එකේ සිට එනවිට සංජනාගේ මේසය මතට ෆයිල් ගොඩක් සිසීකඩ දමා ගිහින් තිබුණේ කවුරුන්ද එය කරේ කියලත් නොදැන කදුළු හා දුක පසෙක් තබා යක්ෂාවේශ වෙද්දී…මන්දයත් ඇය පිළිවෙලකට පිරිසිදුවට සිටින යුවතියක් වීම නිසයි…ඒ නිසාම ඇය ඒ සියල්ල තමාටම බැන වදිමින් අස් කළේ ඒ අතර වාරයේ තීක්ෂන සමග අයෝද්ද පැමිණි ඒ සියලු බස් දොර ළග සිට ආසා සිටියේ මුවත් විවර කරගෙනයි..

ඇයගේ බස් වලට සුළු මොහොතක් අසාගෙන සිටිද්දී අයෝද් හට සිනහවක් පැමිණියේ…තීක්ෂනට නම් යකාවේශ වෙද්දිය…. අයෝද් සිනහව මුව තුලම සිර කරගනිමින් සංජනා හට කතා කළේ..

“ආ…නංගි….මේ වැඩ වගේ…නේද..”

අයෝද් එසේ ඇසු විට සංජනා හට එලව පොල් පෙනුනේ ඇය කියූ දේවල් මතක් වීය…ඒත් සමගම සිනහ වි අයෝද් තීක්ෂන දෙස බැලුවත් තීක්ෂන වෙනතක් බාලගෙන ඉවසීම ප්‍රගුණ කරමිනි..

“ආ…මේ…සර්…මේ ක්..කොයි වෙලේද ආවේ..”

“ආ….අපි දැන් පොඩ්ඩක් වෙනවා නංගි ඇවිත්…ඔයා බරටම වැඩ නිසා අපි මෙහෙන් හිටියේ නේද මිසටර් තීක්ෂන….”

“හුම්..දැන් තමුසේ කාටද මෙච්චර වෙලාවක් බැනන්නේ..”

“ආ… නෑ සර් අපේ මේ ගෙවල් එහා පැත්තේ කුඹුරට දක්කපු වස්සෙක් කුලප්පු වෙලාලුනේ…මෙන්න සයිස් වස්සගේ…”

අතින් පෙන්නමින් ඇය පැවසුවේ තීක්ෂනගේ තරහා තවත් ඉහවහා යමිනි.. අයෝද් හට නම් පාලනය කර නොගත හැකි ලෙසම හිනා ගියේ සංජනා එය කියු ආකාරයටමයි… ඒත් සමගම හිමින් තීක්ෂන ඇයගේ අසලට ලන් වූයේ ඇය හොර පූසියක් මෙන් බිම බලා ගනිද්දී ය..

අයෝද් දෙසත් බලමින් සංජනා වෙතට දබර ඇඟිල්ල දිගු කරමින්…

“මන් සතියක් නෑ මේ ඔෆිස් එකේ මේ නෝනයි අයෝදුයි දෙන්න එක්ක මෙහෙ වැඩ ටික බලාගන්නවා…හැබැයි තමුසේ මන් නැති අතරේ මොකක් හරි නසාරණි වැඩක් කරලා තිබුනොත් අර මහ වස්සා වෙනුවට තමුසෙවයි මන් දක්කන්නේ කුඹුරට…”

එසේ කියමින් පසුව හැරුණේ අයෝද් දෙසටයි..

“මන් යනවා… උබත් ඕන නම් වරෙන්..හැබැයි අඩන උන් නලවන්න නෙවෙයි මන් උබව මෙතනට ගත්තේ…”

“හරි හරි යමන් යමන්…”

එසේ පවසමින් දෙදෙනාම නික්මුනේ සංජනා එහි තනිකරමිනි…

“දෙයියන්…අම්මෝ ඔයින් ගියා ඇති…”

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

“යකෝ මේකි මාර ගෑනියෙක්නේ බං..”

“🤣🤣 කියලා වැඩක් නෑ..හැබැයි කෙල්ල මොනවා උනත් කිව්වේ ඇත්ත…”

“අනේ මේ අයෝද් මගෙන් උබ අහගන්න නැතුව හිටපන් බූරුවා…”

“😅😂😂😂😂😂😂”

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

දින දින ගෙවී සතියක් එළඹුණේ සංජනා හට සාමාන්‍ය පරිදි වැඩ කරගනිමිනි….එහෙත් සංජනා හට කිසිම දිනක නොදැනුන අයුරින් සිය සිතට තනිකමක් දැනුනේ තීක්ෂනගේ නපුරුකම් නැති නිසාමයි

“අනේ මන්දා මේ නපුරු යකා නැතුව මටත් දැන් පාළුයි වගේ…ඇයි මට එයා නැතුව මේ තරං රිදෙන්නෙ…මටත් පිස්සුනේ…”

එසේ සිතමින් ඇය කාලය ගත කලේ කොපමණ හිතට තරවටු කරත් ඇය නොදැනීම ඇයගේ හිත තීක්ෂන ගැනම සොයද්දිය…ඒත් සමගම

“අනේ ශික්….මේ මෝඩ යකා නිසා මට මේ වැඩක්වත් කරගන්න හිතෙන්නේ නෑනේ…මොකද කරන්නේ..ම්ම්ම්.”

එසේ සිතමින් සිටින විට එක්වරම සංජානාට අදහසක් පැමිණියහ…

“ම්ම්ම්..හරි මොකක් හරි ෆයිල් එක්ක ගැන අහල කෝල් කරලා ඇහුවනම් හරි කොහෙද ඉන්නේ කියලා…”

එයද සිත සිතා තික්ෂනගේ දුරකථයට ඇමතුමක් ලබා ගත්තේ….

“මේ මොකද මේ සංජනා කෝල් ගන්නේ හරි බලමුකෝ..”

“📱කියන්න සංජනා”

“🥰📱ආ…සර්…මේ…සර්..”

“📱කියන දෙයක් කියනවා සංජනා වැඩක ඉන්නේ මන්..”

“🥰📱ආ..නෑ සර් හරි මන් එහෙනම් තියලා පස්සේ ගන්නම්…”

“📱නෑ කියනවා ගත්ත හේතුව කියලා තියනවා…එහෙම නැතුව තියලා මන් නරක මිනිහා කරගන්න එපා..”

“🥰📱නෑ…මේ..ෆයිල් එකක් හොයාගන්න බැරුව ගත්තේ මට දැන් මතක් වුණා කොහෙද තිබුණේ කියලා..හරි සර් එහෙනම් මන් තියන්නම්..”

“📱හූම් හ්ම් එහෙනම් ගිහින් ගන්නකෝ..”

“🥰📱හරි සර්…ආ..මේ

..”

“📱මොකද ඕයි කෙකර ගන්නේ කියන්නේ නැතුව…කියන මඟුලක් කියනවා..”

“🥰📱සර් මේ සර් කෑවද දවල්ට…”

සංජනා ඇසු ප්‍රශ්නයත් සමගම තික්ෂණගේ මුවත් බාගෙට විවර වූයේ කනේ රදවාගෙන හිටි ෆෝන් එකේ තිරය මත නැවතත් ඇස් යොමා කනේ රදවා ගනිද්දිය…

“🥰📱 හෙළො සර් එහෙනවද..”

“📱ආ..මේ මොකද්ද සංජනා ඇහුවේ…මෙහාට පොඩ්ඩක් සිග්නල් ඒකයි කලින් කියපු දෙ ඇහුනේ නෑ..”

“🥰📱ආ..නෑ මේ මන් ඇහුවේ සර් කැවද කියලා දවල්ට…”

“📱ආ ඔව් සංජනා මන් කෑවා…මොකද දැන් එක පාර මන් ගෙන ඔහොම හොයන්න හිතුනේ…තමුසෙට මාව පේන්න බෑනේ…”

“🥰📱එහෙම දෙයක් නෑ සර්..”

“📱හරි හරි තියනවකෝ මන් ආවම බලාගන්නම් ඒවා…”

“🥰📱හරි සර්.. බුදුසරණයි “

“📱හූම් හ්ම් බුදු සරණයි..”

එසේ කියා සංජනා දුරකථන ඇමතුම විසන්ධි කලේ ෆෝන් එකත් පපුවට තුරුල් කරගතතේ සැනසුම් සුසුම් පිට කරමිනි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *