තෙවන ඉඟිය
“කවුද සංජනා ඒ මන් එනකොට කතා කර කර හිටිය බෝයි..”
“ආ…නෑ අයියා මේ දෝණි එක්ක එයා කතා කරේ…දෝණි හුරතල් නිසා…”
“හුම් ඒකත් එහෙමද…දෝනිගේ හුරතලේ බලලද කතා කරේ නැතන්ම ඔයාගේ හුරතල් වැඩ දැකලද දන්නේ නෑ නේද..”
“අනේ පිස්සුද අයියේ එහෙම දෙයක් නෑ..”
“හුම්ම් හරි හරි ඉතින් ඔයා මොකද ඉතින් කලබල වෙන්නේ ඕකට ඔච්චර…”
ඒත් සමගම බයාදු ලෙස නෙතගින් අයියගේ දෙසත් බලා කිසිත් නොකියා සිටියේ තවත් යමක් පැවසීමට ගොස් දෙදෙනාගේ සියලු දඟ වැඩ නිසැකවම එළි වෙනවා නියත නිසයි…
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
“අම්මෝ මොකද මේ අද දෙන්නම ඇවිත්…”
“ඇයි දැන් මට එන්න හොඳ නැද්ද ආ…”
“මොකද්ද අයියා ඔයාට වෙලා තියෙන්නේ ඔහොම කෑ ගහන්න තරං දෙයක් මන් ඔයාට කිව්වේ නෑනේ…බලන්නකෝ අයෝද් අයිය….”
“ඔයත් පොඩ්ඩක් ඇත්තන් එල්ලෙන්නේ නැතුව පොඩ්ඩක් ඉන්නවා රිසදී…”
“හරි හරි…මේ ඒක නෙවෙයි හෙට හවස මට යාළුවෙක්ගෙ ගෙදර යන්න තියනවා..”
“ඒ මොකටද…”
“බර්ත්ඩේ පාටි එකක්…..මන් තනියම යන්නේ නෑ සෞරිත් එනවා මාත් එක්ක යන්න…මන් එයාලගේ ගෙදර ගිහින් එයා එක්ක යන්නේ…”
“කවුද අයෝද් ඒ කෙල්ල…”
“රිසදිගේ බෙස්ට් ෆ්රෙන්ඩ් බං මුන් දෙන්න එක්ක තමා එපා කරපු අලුගුත්තේරු වැඩ සේරම කරන්නේ…”
“උබ දැකලා තියනවාද එයාව…”
“තාම නෑ බං දවසක යන් යන් කිය කිය ඉන්නේ මෙයත්…කොහෙද බං මේ වැඩත් එක්ක උනේ නෑනේ.උබලගේ අම්මට ඒ කෙල්ල තරම් කෙල්ලෙක් නෑ හරිද කියන විදියට නම් හොඳ කෙල්ලෙක්……”
“එහෙමද… හ්ම් නංගි මේ ගියාට කමක් නෑ මහ රෑ වෙනකං ඉදලා මාව යකා කරගන්න එපා හරිද..යන දිහාවක ඉක්මනට එනවා නැත්නම් අර සෞරිද බෞරිද කියන මොකාද ඒකිට උන ගැනෙන්න තමුසෙට දෙන්නේ හරිද…”
“හරි හරි අනේ…හෙට කොහොමත් අපි දෙන්නත් නෑ ඒ නිසා මට කියන්න තියන්න එපා හරිද…අනික තනියම යන්න තහනම් අම්මා එක්ක යනවා…”
“මාත් ඒක නම් කිව්වා තීක්ෂන කොහොමත් මහ රෑ වෙලා මුන් දෙන්නවා විතරක් යවල හරියන්නේ නෑනේ…”
“හූම්…”
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
“ආ මගේ බොලේ ආවද…”
“අම්මි බබා අද දඟ කලේ නෑ පුන්ති එක්ක ගුඩ් ගර්ල වගේ හිටියා..”
“හ්ම් යමු යමු දෙන්නම ගිහින් වොෂ් එකක් දාගෙන එන්නකෝ මන් තේ හදන්නම්..සංජනා කෝ අයියා.”
“අයියා ආයෙත් ගියා අක්කේ…ඩ්රග්ස් වගයක් එක්ක මිනිස්සු 3න් දෙනෙක් අහුවෙල කියලා එකේ වැඩ වගයක් ඉවර කරන්නත් තියනවා කිව්වා…අනික අයියා අද නයිට් ඩියුටි කියන්න කිව්වා…”
“ආ අද උදේ මට කිව්වා…මට අමතක උනානෙ…”
“නංගි හෙට ඔයාගේ අර යාළුවෙක්ගෙ බර්ත්ඩේ පාටි එකක් තියනවා කිව්වා නේද…කොහොමද යන්නේ අයියා හිටියොත් එයා එක්ක යන්න පුළුවන්…”
“සෙනු එන්නම් කිව්වා අක්කා මෙහෙ එයා එක්ක යනවා…අනික තව යාළුවෝ ඉන්නවනේ ඒ නිසා අවුලක් නෑ..”
“හුම් එහෙනම් කමක් නෑ…”
සංජනාගේ අතිජාත මිත්රයා තමයි ඉතින් සෙනු කියන්නේ….සංජනාගේ මුල මැද අග සේරම දන්නේ සෙනු වගේම තමයි සෙනුගේ සියලු විස්තර දන්නෙත් සංජනා….සන්ජනාට සෙනුගේ ගෙදර කියන්නේ එයාගේ ගෙදර වගේ තමයි… සෙනුගේ අම්මා තාත්තාත් සංජනාට සලකන්නේ තමන්ගේ ළමයට වගේම තමයි….
“එහෙනම් හෙට අයියා එක්ක ගිහින් පාටි එකට යන්න ඕන කරන දේවලුත් අරන් එන්න මන් අයියා ආවම කියන්නම්…”
“මගේ හොඳ අක්කි…උම්ම්ම්ම්ම්මා…”
“හා හා යනවා යනවා මගේ මුණේ කෙල නොගා…ඔයාගේ ඔය කපටි වැඩ තමයි දොනිත් පුරුදු වෙලා තියෙන්නේ යසට…”
” හරි හරි අනේ…”
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
📱 හෙලෝ සෙනු…
🥰📱ආ සනු…උබ හෙට පාටි එකට එනවද උබ ට මන් කෝල් එකක් ගන්න හිටියේ දැන් හලෝ මන් ගෙදර ආවේ……
📱ඔව් බං මන් එනවා…. උබ ව හම්බ වෙනකං ඉවසිල්ලක් නෑ සෙනු මට කියන්න ගොඩක් දේවල් තියනවා…අනික මට ජොබ් එකක් හොයාගන්නත් ඕන සෙනු…
🥰📱උබට කොච්චර කිවුවත් අහන්නේ නෑනේ සංජනා… බලපන් මන් අයියට කියලා අපේම තැනක ජොබ් එක අරන් දෙන්න හැදුවමත් උබ ඒත් ඒකට කැමති නෑ…
📱හරි හරි කෙල්ල….මේ අහපංකෝ මට හරියන තැනක් සෙට් උනා…ඒත් ෂුවර් නෑ හරියයිද කියලා…ඒත් මන් බැලුවේ අනිද්දාට ගිහින් ඇප්ලිකේෂන් එකක් දාලා එන්න…
🥰📱ඇයි දැන් උබට හෙට යන්න බැරි ඕකට.. ඒකටත් තවත් කල් අරින්න හදන්නේ…
📱 අයියෝ නෑ සෙනු හෙට සන්ඩේ කියලා ඔයාට අමතක උනාද මැට්ටියේ…. ඒකයි අනිද්දාට වැඩේ දාගත්තේ..
🥰📱 හුම් එහෙනම් කමක් නෑ…හරි මාත් එන්නම්කො…එදාට මගේ බෝයි ෆ්රෙන්ඩ්වත් ඔයාට පෙන්නන්න පුළුවන්…
📱අම්මෝ මරු මාරු…මන් එදාට බලාගන්නම්කෝ අපේ සෙනු කෙල්ල ගැන…
🥰📱අම්මෝ උබ හදන්නේ මාව හිර අඩස්සිය තියන්නද අලියෝ…
📱අපෝ නෑ නෑ දන්නේ නැද්ද පොඩි පොඩි දේවල් ටිකක් කිව්වා කියලා පවු පිරෙන්නේ නෑනේ හරි හරි මේ අපේ අක්කා කතා කරනවා මන් තියනවා හරිද……
🥰📱ඕකේ මේ මන් හෙට හවස 6 වෙද්දී ඔයාලගේ ගෙදර ළග ලෑස්ති වෙලා හිටපන් හරිද…
📱හරි සෙනු බායි…
🥰📱 බායි…
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔන්න යාළුවෝ හැමෝටම ඉක්මනට තවත් කොටසක් ගෙනාවා… අනිවාරෙන් ඔයාලගේ අදහස් ඕන…🥰🥰🥰
Supiri
Thank you
හරිම ලස්සනයි ඔයාගේ නව කතා
කොටින්ම කිව්වොත් ඒව කියවද්දි හිතේ මැවෙනව ❤️🌻🌻🌻🌻🌻
Thank you 😊😊🥰