නෙතඟ ඉඟි දහවන ඉඟිය

9
0

නෙතඟ ඉඟි

දහවන ඉඟිය

“දෙයියනේ මොකද්ද ඒ උනේ…ඇයි තීක්ෂන සර් කවදාවත් නැතුව මේ විදියට හැසිරෙන්නේ…අනික මෝකද්ද අර කිව්ව යන්න දෙන්න නැති කතාව…අනික ඇයි තීක්ෂන සර්ඒ වගේ දෙයක් මට කිව්වේ..අනික මාව බලන්න කවුරු ආවත් තීක්ෂන ට තියන ආමරුව මොකද්ද…හරි අපි බලමුකෝ…තීක්ෂන සර් දන්නෑ මේ සංජනාගේ හැටි…නපුරු යකා..”

හිතින් හිතම සංජනා නැවතත් සිය කාර්යන් වල නිරත විය…එදිනත් එසේ අවසන් වූයේ ඒ අයුරිනි…නමුත් මේ සියලු දෙ ගැනම සෙනුට පැවසීමට සංජනා අමතක නොකළහ…. තීක්ෂනගේ මූණටම නපුරු යකා කියා ගැනීමට නොහැකි නිසාම සංජනා මුල සිටම බොස්ගේ නම නපුරු යකා කියා දාගෙන සිටියේ සංජනාගේ සිතේ ඇති තරහව නිසාමයි…ඉතින් මේ සිදුවීමත් සෙනුට පැවසුවේ නපුරු යකාගෙ කෙරුවාව කියයි..

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

තවත් අලුත් දවසක සංජනා කාර්යාලයට ගොස් සියලු වැඩ වල ඉක්මනින් නිරත වූයේ පහු ගිය දවස් කිහිපය තුළම අධික ලෙස ඇති වැඩ කටයුතු ඉවර කරගැනීමට නොහැකි වූ නිසාවෙනි…ඒ අතර තුරදී එක්වරම එතනට පැමිණියේ ගිණුම් අංශයේ රැකියාවේ නියුතු නතාලියයි…

“සංජනා…”

“ඇයි මොකෝ.මගේ හොදට කන් ඇහෙනවා..ඒ නිසා හිමින් කතා කරනවා..මේක ඔෆිස් එකක් නාඩගම් මඩුවක් නෙවෙයි…”

“අනේ ඇත්තද..තමුසේ මට කියනකන් මන් දන්නෙ නෑනේ..”

“හා එහෙනම් දැන් දැන ගන්නවා…”

“තමුසෙගේ ඔය කියවිල්ල නවත්ත ගන්නවා…අනික මන් මේ කියන එක හොදට ඔළුවට දාගන්නවා…මාව නරක ගෑනි කරගන්නේ නැතුව…”

“හරි දැන් තමුසේ කියනවකෝ කියන්න ආපු දේ..”

“කියන්නේද කියන්නේ තික්ෂණගේ ඈත් වෙලා ඉන්නවා…ආයේ මගේ ඇස් දෙකට දැක්කොත් තමුසේ තීක්ෂන එක්ක ඉන්නවා මන් තමුසෙට හොඳ වැඩක් කරනවා…”

“ආ එහෙමද…මන් බය උනා හොදෙ…අනේ මේ යනවද යන්න පවු නොදී..”

“තමුසෙගේ ඔය කට පොඩ්ඩක් අඩු කරගන්නවා…අනික තීක්ෂන ට දෙන්න තියන එකක් මට දෙනවා මන් ගිහින් දෙන්නම්..”

“අනේ ලොකු දෙයක්.. ඒකනම් අනිවාරෙන් මන් ඔයාට කියන්නම්..”

එසේ කියූ විගස සංජනා හටත් ගස්සගෙන නතාලියා පිටව ගියහ..

“මෝඩ ගෑනු..”

එසේ සිතනවාත් සමගම පියසේන පැමිණ සංජනා හට පැවසුවේ…

“සංජනා මිස්.තීක්ෂන සර් කිවුව ගාල්ලේ බ්‍රාන්ච් එකේ ෆයිනල් එකවුන්ට් ෆයිල් එක අරන් එන්න කියලා..”

“අනේ අංකල් ඔයා යනගමන් ඒ ෆයිල් ඒකත් සර්ට දිගෙනම යනවද…”

“හරි මිස් දෙන්න..”

පියසේන හට එය ලබා දී..

“හිතුව මදි ෆයිල් එක පිටින් මාව ඕක අස්සට ගෙන්න ගන්න දැන් හරිනේ දැන් බලමුකෝ මොකද්ද කරන්නෙ කියලා..”

සංජනා එසේ සිත ජයග්‍රාහී මද හිනාවක් මුව රදවා ගත්හ..ඒත් සමගම තීක්ෂන ඇයගේ ස්ථාවර දුරකථනයට ඇමතුමක් ලබා ගත්හ..

“සංජනා ගාල්ලේ බ්‍රාන්ච් එකේ ඔප්පුව තියන ෆයිල් එක මන් තමුසෙට දුන්නනෙ.. ඒක අරන් එනවා ඉක්මනට…”

“හරි සර්..”

එසේ කියා දුරකථනය විසන්ධි කළහ..

“අප්පටසිරි නපුරු යකා යකාම වෙලා නේද…දැන් නම් ගියොත් මොකක් හරි හෙනයක් තමයි..ම්ම්ම් මොකද්ද කරන්නේ මොලෙට ටින්කිරි අදහසක් නම් ආවා කරලම බලමු..”

එසේ සිතා පියසේනට ඇමතුමක් ගෙන…

“හෙලෝ පියසෙන අංකල් තීක්ෂන සර්ට ෆයිල් එකක් දෙන්න තියනවා කියලා නතාලි මිස්ට මගේ කැබින් එකට එන්න කියන්න”

“හරි මිස්..”

මද වෙලාවකට පසු නතාලි පැමිණියහ..

“ආ..මෙන්න තියනවා ගිහින් දීගන්නව තමුසෙගේ මහ ලොකු මිනිහට..”

“මොකද්ද මේ..”

“ගාල්ලේ බ්‍රාන්ච් එකේ ඔප්පුව..”

“හූම්…”

එයත් රැගෙන නතාලි පිටවී ගියේ තික්ෂනගේ කැබින් එකටයි..මද වෙලාවකට පසු නැවතත් සංජනා ගේ ස්ථාවර දුරකථනයට ඇමතුමක් පැමිණියහ…

“මාව ඔතනට ගෙන්න ගන්නේ නැතුව එනවා මගේ කැබින් එකට..”

තවත් කිසිවක් කීමට පෙර ඇමතුම විසන්ධි වි ගියහ..සංජනා ඇය කර මෝඩ ක්‍රියාව පිළිබඳව හිතින් පසු තැවෙමින් තීක්ෂන හමු වීමට ගියහ..

“ස….සර්..”

“එනවා..”

“සංජනා තමුසේ මට කියනවා නතාලිද තමුසෙද සෙකට්‍රි…”

“ම……ම..මම සර්..”

“එතකොට මම ෆයිල් එක ගෙන්න කියලා කෝල් කරේ තමුසෙට ද නතාලිට ද….”

“ම…මට සර්”

“දැන් සංජනා කියන්නේ තමුසේද නැතනම් මේකිද..”

“මම සර්..”

“එහෙනම් මොකටද තමුසේ නතාලිගේ අතේ ෆයිල් එක එව්වෙ….”

එවිට සංජනාත් නතාලිත් දෙදෙනාම බිම බලා ගත්හ..

“කතා කරනවා ඉතින් තවත් හොර ගල් ඇහිදින්නේ…”

වචනයක්වත් නොකී සිටි ඔවුන් දෙදෙනාට…

“තවත් මේ වගේ දෙයක් උනොත් මන් තමුසෙලා දෙන්න එක්කම බලාගන්නම්..දැන් යනව ඉතින්..”

එ විට දෙදෙනාම කාර්යාල කාමරයෙන් පිටතට ඒමට සැරසෙන විට..

“තමුන් ඉන්නවා… නතාලියා විතරක් ගියාම ඇති…”

ඇය කැබින් එකෙන් පිටතට ගිය විගස ඔහු දොර ලොක් කර අඩි දෙකට පැමිණියේ සංජනා අසලටයි..ඒත් සමගම තික්ෂණගේ අතකට සංජනාගේ මුව සිර වි ගියේ සංජනාටත් වේදනා දෙමින්..

“තමුන්..තමුන් හිතන් ඉන්නේ කවුරු කියලද ආ…අනික උබට එන්න කියද්දී වෙන උන් ඒවල උබ මාව මග අරිනන්ද හදන්නේ ආ…”

“ආ..අනේ….රි…දේ..නවා මට..”

“මටත් රිදෙනවා ඔයිට වඩා..ආයේ තමුසේ මේ වගේ දෙයක් කරොත් මන් ඒකත් බලාගන්නම් එදාට මීට වඩා අමාරු වෙයි..”

“අනිත් එක ගාල්ලේ බ්‍රාන්ච් එකේ ෆයිල් එක නතාලි වගේ එකියෙක් ගේ අතේ එවන්න තරං තමුසෙගේ ඔලුවෙ තියෙන්නේ මැටිද සංජනා…”

“ගාල්ලේ බ්‍රාන්ච් එකේ ෆයිල් එකත් අරන් අයෝද් සර් එක්ක ඊයේ හවස ගෙදර ගිහින් තිබ්බාම එහෙම ෆයිල් එකක් මන් නතාලිගෙ අතේ එවන්නේ කොහොමද කියල සර්ට තේරෙන්නේ නැද්ද සර්…අනික අතේ අහුවෙන බොරු කිය කිය මාව මෙහෙම මෙතනට එන්න කිය කිය සර් නටන්න හදන නාඩගම මොකද්ද සර්…”

ඒ කියනවත් සමගම ඔහුගේ ඇස් ගැස්සුනේ සංජනා බලා සිටියදීමයි…

“ඔ….ඔයා…ඔයා යන්න දැන්..”

ඒත් සමගම කඩුලු පුරෝගත් දෑසින් ඇය නැවත යාමට සැරසුනා…දොරේ ලොක් එක ඇර දොර අරිනවත් සමගම අයෝද් පිවිසිය…ඒත් සමගම සංජනාගේ මුව දුටු විගස ඇය මුහුණ සඟවමින් නික්මී ගියහ..

“මොකද්ද උනේ..”

“මුකුත් උනේ නෑ..”

“උබ මට කොකා පෙන්නන්න හදන් එපා…”

“මොන කොකේක්ද බං..”

“අනේ මේ තීක්ෂන උබ එනවද මාව ගොනා කරන්න..හොඳ හිතින් අහන්නේ මොකද්ද උනේ..ඇයි සංජනාගේ මුන රතු වෙලා..අනික ඇස්වල කදුළු පුරෝගෙන හිටියේ..උබ අදත් ඒකිට බැන්නද..”

“හූම්”

“මොකද්ද තීක්ෂන උබට වෙලා තියෙන්නේ..ආ..දැන් ඔහොම ගියොත් අනිවාරෙන් කෙල්ලගෙන් කැමැත්ත ගන්න බැරි වෙනවා ඒක තේරෙන්නේ නැද්ද බං….”

“හරි මට තේරෙනවා ඒත් මට ඒ වෙලාවේ පොඩ්ඩක් කේන්ති ගියා.. ඒකිට ඕන මගෙන් හැංගිලා ඉන්න අනික මග අරින්න..මට බෑ බං ඒව ඉවසන්න..”

“දැන් උබ එහෙම කියන්න මොකද්ද උනේ..”

එවිට තීක්ෂන වුණු සියලු දේ අයෝද් හට පැවසීය…

“හූම්.. ඒකත් එහෙමද..ඒත් බං උබ ඔහොම කලබල වෙලා හරියන්නේ නෑනේ..උබ ඔයිට වඩා තව ඉවසන්න ඕන…මන් නම් හිතන විදියට කොහොම හරි උබ ඉක්මනට සංජනාට උඹේ හිතේ තියන දේ ගැන නොකියා හිටියොත් වෙන්නේ ලොකු විනාසයක් මචං…”

“හූම්..මට තේරෙනවා බං…ඒත් මට බෑ මගේ කෙල්ලගේ ජිවිතේ අමාරුවේ දාන්න…මොකද සංජනා මට කැමති වෙලා මගේ පස්සෙන් පන්නන උන් සංජනා ගේ පස්සෙන් පැන්නුවොත් මට බයයි බං මගේ කෙල්ලට කරදරයක් වෙයි කියලා…ඒ නිසා මේ සේරම දේවල් මට ඉක්මනට නිදහස් වෙන්න ඕන ඊට පස්සේ මන් සංජනාව මගේ ළගට ගන්නවා…”

“කරන දෙයක් ඉක්මනට තීක්ෂන…වැඩි කල් නැතුව මේ දේවල් ඉවර කරපං…”

“හූම්..හෙට ඉදලා සතියක් නෑ මන්..නුවර බ්‍රාන්ච් එකට යන්න ඕන….මන් එනකන් උබ සංජනා එක්ක වැඩ ටික කරගන්න පුළුවන්නේ..මොකද මේ දේවල් දැම්මා ඉදලා එයත් දැන ගන්න ඕන….”

“හරි හරි බං… ඒක අවුලක් නෑ….ඒත් බං..

“ඇයි උබ ඒත් කියන්නේ..”

“සංජනා උබට අකමැති උනොත්..”

“ඒක වෙන්නේ නෑ..රටේ ඉන්න උන් බාගයක් මගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නේ එහෙම එකේ උබ හිතනවද සංජනා අකමැති වෙයි කියලා…”

“නෑ බං එහෙම නෙවෙයි සංජනා අනිත් උන් වගේ නෙවෙයි බං ඒ කෙල්ල හරි වෙනස්…ඒකයි මන් කිව්වේ…”

“එහෙම දෙයක් උනොත්😏 ඒත් සංජනා මගේ.හොදින් හෝ නරකින් සංජනා මගේ..එච්චරයි”

“හූම් හ්ම් හරි හරි මාත් යනවා..පව් අර කෙල්ල අඩනවා ඇති…”

“හූම් යමන් මාත් එනවා…”

“උබ මොකටද එන්නේ ඒකිව අඩවල…””

“හරි හරි යමංකෝ”

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

ඔන්න යාළුවෝ හැමෝටම දිගම දිග කොටසක් ගෙනාවා… අනිවාරෙන් ලස්සනයි කියනවට වඩා වැඩි කමෙන්ට් එකක් ඕන…🥰🥰🥰🥰🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *