නෙතඟ ඉඟි
නවවන ඉඟිය
“පියසේන..සංජනා මිස්ට එන්න කියන්න..”
“හරි සර්…”
“මිස්..”
“ආ කියන්න පියසේන අංකල්”
“මිස්ට තීක්ෂන සර් කතා කරා මිස්..”
“හා හරි අංකල් මන් යන්නම්..”
ඒත් සමගම සංජනා පිවිසුණේ තීක්ෂන සිටින කැබින් එකටයි…
“සර් මට එන්න කිව්වේ…”
“ආ සංජනා මේ ෆයිල් ටික චෙක් කරලා දෙන්න මට ඉක්මනට…”
“හරි සර්..”
“දැන් ඔය ටික උස්සන් කොහෙද ඔය යන්න හදන්නේ..”
“මන් ඉන්න තැනට සර්…”
“එහෙ යන්න ඕන නෑ..ඔතන ඉඳන් චෙක් කරනවා…”
“කමක් නෑ සර් මන් බලලා ගෙනත් දෙන්නම්..”
“තමුන්ට මන් එක පාරක් කිව්වා සංජනා..ආයේ ආයේ මට එකම දේ කියන්න ඉඩ තීයන්නෙපා…”
ඒත් සමගම තවත් කිසිවක් නොපවසා සංජනා ඔහු ඉදිරියේ ඇති පුටුවකින් වාඩි වී ෆයිල් එකින් එක පරීක්ෂා කිරීමට පටන් ගත්තා..මද වෙලාවක් වෙනතක් බලා සිටි තීක්ෂන සංජනා ට නොදැනෙන අයුරින් ඇගේ මුහුණ දෙස බලා සිටියේ ඉතා ආදරයෙනි..මුහුණ අසලින් දඟ කරන කෙහෙරැල්ල ට තවත් ඇය ලස්සනයි කියා ඔහුට සිතුනේ ඔහු ඔහුටම අවනත නොවී වාඩි වි සිටි පුටුවෙන් නැගිට සංජනා අසලට ගොස් මෙසෙට බර දී හේත්තු වී ඇයගේ මුන දෙස බලා සිටියහ…සංජනා හට ඒ කිසිත් නොදැනුනේ ඇය සිටියේ සිය නීම කළයුතු කාර්ය වල සිහියෙන් නිසයි…මද වෙලාවකට පසු ඔහුට අවනත නැති ඔහුගේ දැතක් සංජනාගේ නළලත දඟ කරන කෙහෙරැල්ලට ගොස් සිය අත ඇයගේ මුහුණ ස්පර්ශ කෙරුණේ ඇයද ගැස්සී ඉක්මනින් නැගිට පසෙකට විය…එයින් සිහියට පැමිණි තීක්ෂන..
“මොකද සංජනා දඟලන්නේ…දීපු වැඩේ ඉවරද…”
“ආ..නෑ සර්..මේ…”
“නැත්නම් නැගිට්ටෙ..”
“නෑ සර් මේ මුණේ…මුණේ කඩියෙක් ගියා වගේ දැනුනා ඒකයි…මෝඩ සත්තු..”
“ආ ඇත්තද…බලාගෙන කඩියා තමුසෙගේ මුනම කයි…”
“හූම්..”
“ආයේ කඩි එන්නේ නෑ වාඩි වෙලා වැඩේ කරගන්නවා..”
“හරි සර්.”
එසේ කියමින් තික්ෂනත් ඔහුට අයත් අසුනට ගොස් වාඩි වූයේ තවත් ෆයිල් එකකට ඇස් යොමාගෙනයි…මද වෙලාවකට පසු…
“සර්…”
“ඇයි..”
“මේ මට සඳුදාට නිවාඩුවක් ඕන සර්..”
“🤨 ඒ මොකටද..”
“ගෙදර යන්න..”
“ඇයි තමුසේ දැන් ඉන්නේ පාරේද..😏”
“නෑ සර් මන් ඉන්නේ අක්කලගෙ ගෙදර මගේ ගෙවල් නුවර..මේ නිවාඩුව නුවර යන්න..”
“ඒ මොකටද දැන් හදිස්සියේ දුවන්නේ..”
“නෑ සර් මේ..අම්මා..මේ..”
“කියනවා ඕයි කියන දෙයක් තේරෙන සිංහලෙන්…”
“නෑ සර් මේ මට අම්මලා ප්‍රපෝසල් එකක් ගෙනල්ල ඒ මනමාලයා මාව බලන්න එනවලු සඳුදාට…ඒකයි…”
“මේ…තමුසෙලාගේ ඔය පෞද්ගලික හේතු වලට මෙහෙ නිවාඩු නෑ…නිවාඩු දෙන්න බෑ අණිවාරෙන් තමුසේ එදාට වැඩට එන්න ඕන…”
ඒ තරං තදින් කතා කර විට ඇය ඇත්තටම ඊට බය විය..එහෙත් කේන්තිය හිත යට තබා ගනිමින්..
“මේක හරි කතාවක්නේ මෝඩ හිවලා…යකෝ මන් ඔය තරං මූට ගිරිය පුප්ප ගෙන කෑ ගහන්න දෙයක් කිවුවද…මෝඩ හැල ගෙම්බා..”
තීක්ෂන ට නොඇසෙන පරිද්දෙන් ඇය මිමිනුවේ තීක්ෂනත් ඇයට හොරා ඇයගේ මුහුණේ වෙනස් වීම් බලා සිටියදීය..
“නෑ සංජනා උබව වෙන කිසිම කෙනෙක්ට දෙන්නේ නෑ උබ අයිති මට මේ තීක්ෂනට විතරයි මන් ඉක්මනට ගිහින් අක්කලා එක්ක කතා කරනවා අපි දෙන්න ගැන.. ඊට පස්සේ මේ සේරම ප්‍රශ්න හරි…”
එසේ සිතමින් ඔහු නැගිට සංජනා ට නොදැනෙන අයුරින් කැබින් එකේ දොර ලොක් කර යතුර අතට ගත්හ…මද වෙලාවකට පසු…
“සර් මේ ටික ඉවරයි..”
“හුම්ම්”
“මන් යන්නද සර්..”
“හූම්..”
“ගොන් බස්සා හූම් කිය කිය ඉදහන්…”
සංජනා එසේ සිත්මින් යෑමට සැරසුනා..
නමුත් දොර අසලට ගිය පසු දොර ඇරියත් ඇතුලෙන් ලොක් කර ඇති නිසා නැවතත් ඇය හැරුණේ තීක්ෂන හට එය පැවසීමටයි…
“තික්…..”
“ඇයි සංජනා…යන්නේ නැද්ද…”
තීක්ෂන හට කතා කිරීමට සංජනා පිටුපස හැරෙනවත් සමගම තීක්ෂන හිටියේ ඇයගේ අසලටම විය…
“ස….සර්…මේ දෝ….දොර…”
“ඔව් ඉතින් දොර..මොකද්ද ඉතිං…”
“නෑ සර් මේ දොර මේ ලොක්…ලොක් කරලනේ…..
“හූම් එහෙමද…ආ යතුර හැබැයි සංජනා විනාඩි 3ක් ඇතුලත ඔයාට එළියට යන්න බැරි උනොත් ඔයාට වෙන්නේ මේ තීක්ෂන ළග හැමදාම හිරකාරියෙක් වෙන්න..”
ඒත් සමගම තීක්ෂන ඇය අසලටම වි ඇයට ලබා දුන්නේ යතුරු ගොඩක් ඇතුළත් යතුරු කැරැල්ලකි…සංජනාට ඒසී කළ කැඹින් එක තුළත් දාඩිය දමන්නට වුණේ බයටමය…ඇය යතුරු සියල්ල දමා දොර විවෘත කරන්න හැදුවද එය නිෂ්ඵල ක්‍රියාවක් විය…
“ඇයි සංජනා දොර ඇරෙන්න නැද්ද.ම්ම්ම්”
“අ….අනේ සර් ම…මට යන්න දෙන්න ප්ලීස්..”
මම ඔයාට විනාඩි 3ක් නෙවෙයි විනාඩි 5ක්ම දුන්නා සංජනා…ඔයාට ඒත් යන්න බැරි උනා…දැන් ඔයාට කවදාවත් මගෙන් ඈතට යන්න දෙන්නේ නෑ සංජනා…කවමදාවත්….”
ඒ සියලු දෙ අසා සංජනා කළේ තව තවත් මුල්ලකට ගුලි වී අඩමින් සිටීය පමණි..
“අනේ මට යන්න දෙන්න සර්…”
“බෑ..ආයේ කොහේවත් යන්න දෙන්නේ නෑ…තමුසෙව බලන්න එනවා කියන ඒකාට කියනවා ජීවිතේට ආදරයක් තියනවානම් ඒ හතරමායිමේ පස්පාගන්න එන්න එපා කියලා..”
එසේ කියමින් සංජනා ගේ නළලතට කෙටි සිපුමක් තැබුවේ සංජනා හට මේ වන කිසිම දෙයක් සිතා ගත නොහැකි ලෙසයි…ඒත් සමගම තීක්ෂන ගොස් දොර විවෘත කරේ ඇයට යාමට ඉඩ සලසමිනී..ඇය පිටතට යාමත් සමඟම අයෝද් පැමිණියේ තීක්ෂන හමු වීමටයි…
“මේ අර මොකද නංගිගේ මුන රතු වෙලා අනික අඩලා…තෝ අදත් ඒකිට මොකක් හරි කිවුවද…ඔහොම ගිහින් කෙල්ල තොට බෑ කියපුවම තෝ නම් එන්නෙපා මට කියාගෙන හොදේ..”
ඒත් සමගම දෙදෙනාගේ කතා බහ ගලාගෙන ගියේ සංජනා හටත් ඇය තනියම ඇයට උන සියලු දේ තනියම හිද කල්පනා ලොවක සිරකරමිනි…
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
😘😘😘😘ඔන්න යාළුවො හැමෝටම පොඩ්ඩක් රොමැන්ටික් කොටසක් දුන්නා..කියාගෙන යන් බලන්න අදහස්..🥰🥰🥰