නෙතඟ ඉඟි
හත්වන ඉඟිය
“ආ සංජනා මොකද උනේ ගිය වැඩේ..හරි ගියාද…”
“අම්මෝ ඔව් අක්කා…හෙට ඉදලා වැඩ…එතන අයිතිකාර සර්ගේ සෙකට්‍රි විදියට ගත්තේ..”
“අප්පටසිරි…නියමයිනේ බං…”
“ඔව් අක්කා ඒක නම් ඇත්ත..කෝ දෝනියා…”
“නිදි නංගි ඔයත් නැති නිසා කෙල්ලට පාළුයිලු…”
“අනේ….පව් මගේ පැටියා…”
“හරි සංජනා ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්නකෝ මන් කියන්නම් කමලාට තේ එකක් හදන්න කියලා…”
“හරි අක්කා…”
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
“📱 හෙලෝ මැඩම්..ඉතින් කොහොමද..ජොබ් එක සෙට් ද…වැඩේ ගොඩද..”
“🥰📱ආ.. සෙනු මන් ඔයාට කෝල් එකක් ගන්න හැදුව විතරයි…අනේ ඔව් හලෝ…දෙයියනේ කියලා ඒ වැඩේ නම් හරි ගියා…”
“📱අම්මෝ ලොකු දෙයක් එහෙනම්…”
“🥰📱මේ ඒක නෙවෙයි මරු වැඩක් උනානේ බං..”
“📱ඒ මොකද්ද..”
“🥰📱මන් උබට කිව්වේ දෝණි එක්ක පාර්ක් ගිය වෙලාවේ කොල්ලෝ දෙන්නෙක් ගැන…අර මාව නෝන්ඩි කරේ..අයිස් ක්‍රීම් එකකට…”
“📱ආ ඔව් ඔව් ඉතින් ඉතින්..”
“🥰📱 අඩේ බං උන් දෙන්න බං හිටියේ ඉන්ටවිව් බෝඩ් එකේ…”
“📱අප්පටසිරි ඉතින් ඉතින්..”
“🥰📱මට එච්චර මීටර් උනේ නෑ බං…පස්සේ එතනින් අර මාව නෝන්ඩි කරපු කොල්ලා නෙවෙයි අනිත් එකා තමයි මගෙන් ඇහුවේ පාර්ක් එකේ හිටිය නේද කියලා…එතකොටයි මටත් මතක් උනේ…මොනවා උනත් හැන්ඩි කොල්ලො දෙන්නා…🤭🤭🤭”
“📱ආ…සංජනා…මොකෝ මොකෝ..බොස් කාරයට දැම්මම ලයින්ද ම්ම්ම්ම්…”
“🥰📱පිස්සුද බං…මන් කිවුවනේ බං මට කෙනෙක් ඕන නෑ බං එක පාරක් රැවටුනා හොඳටම ඇති බං…”
“📱අනේ මේ සංජනා විකාර නොකියා ඉන්නවද..කොහේවත් නැති පොලොස්කොට්ටෝරුවෙක් නිසා විඳවන්න එපා බං…”
“🥰📱හරි හරි බං දැන් ඒක වැඩක් නෑ බං.මේ ඒක නෙවෙයි….අර මාව නෝන්ඩි කරපු කොල්ලා බං එතන අයිතිකාරයා…”
“📱අප්පටසිරි එහෙනම් මරුවටම තියෙයි… ඌ තාම හිතන් ඉන්නේ උබ එක් දරු මවක් කියලද දන්නේ නෑ නේද.🤣🤣🤣🤣..”
“🥰📱නැතුව ඇති බං…ඕකුන්ට ඕවා මතක තියාගෙන මොකටද බං.හැබැයි දෝණි ගැන නම් ඇහුව අර මෝඩ යකාගේ යාලුවා…..”
“📱ම්ම්ම්ම්… ඒකත් එහෙමද හරි හරි අපි බලමුකෝ බං.එහෙනම් ගුඩ් ලක් මචං මන් තියනවා ..”
“🥰📱හරි. සෙනු බායි…”
“📱බායි “
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
පැය පැය ගත වි පසු දින එළිය වූයේ සංජනා ගේ නව රැකියාවට පිටත් වීමට මුල්ම දිනය එළඹෙමින්…තනි කහ වර්ණයකින් යුතු සරියකින් සැරසී දිග කොණ්ඩය තනි කරලට ගොතා ඇයට සරිලන පුංචි මේකප් එකක් දා ඇය දෝනිටත් අක්කාටත් සමු දී කාර්යාලයට පැමිණියේ හා හා පුරා කියා නව රැකියාවේ කටයුතු ඇරඹීමටයි…
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
සංජනාගෙ නව රැකියාවේ හොදම යෙහෙළිය ලෙස සිටියේ සිත්මි…ඇය පවසන අයුරින් නම් තීක්ෂන කෙල්ලොන්ව කොහොමවත් ගණන් ගන්නේ නැති නපුරු අයෙක්…ඒත් ඔහු එසේ කියා සිතා ගැනීමට නොහැකි ඇයට ඔහුගේ එවැන්නක් නොපෙනෙන නිසයි…සිත්මි පවසන ආකාරයට නම් ඔහුගෙන් ඈත් වී සිටීම තම සිත රිදවා ගැනීමට ඇති හැකියාව අඩු කර ගැනීමට හැකියි…මේ සමගම සතියක කාලයක් ගත වූයේ ඉතා වේගයෙනි…එහෙත් ඒ සතිය පුරාවටම තීක්ෂන මොන යම් හෝ හේතුවක් සකසා ඇයව ඔහුගේ අසලම තබා ගත්තේ සංජනා හට එය ඒ තරම් සිතීමට තරම් දෙයක් නැති ආකාරයටයි…එහෙත් දිනක් උදෑසන නොසිතූ අයුරින් ඇය හමුවට පැමිණියේ නතාලියයි..
“සංජනා..”
“ආ මිස් නතාලියා සිට්…”
“මට මේ වාඩි වේවි ඔයා එක්ක සතුටු සාමිචියේ යෙදෙන්න ආවේ නෑ සංජනා…”
“මොනවද මිස් නතාලි මේ කියවන්නේ.”
“කියවන්නේද කියන්නේ මේක..හොදට අහගන්නවා…තමුසේ ඕනවට වඩා තීක්ෂන සර්ගෙ පස්සේ එල්ලෙනවා වැඩි හරිද…”
“නතාලි මේ මන් මේ හොදින් කියන්නේ තමුන් කතා කරන්න ඉගෙන ගත්තොත් හොදයි..අනික මෙතන තමුනෙග් අම්මා තාත්තාගේ ගෙදර නෙවෙයිනේ…”
“මේ සංජනා තමුසේගේ බයිලා මට වැඩක් නෑ…හොඳ හිතින් තික්ෂනගෙන් ඈත් වෙලා ඉන්නවා…මොකද තීක්ෂන සර්ව කවදා හරි මැරි කරනවානම් මැරි කරන්නේ මන්…තමුසේ ඒක මේ චූටි මොලේට දාගන්නවා…”
“මේ නතාලි තමුසෙට තීක්ෂන බැරි නම් ඕන එකෙක් බැදගන්නව මට මොකද බලන්න..හැබැයි එකක් ඔය කෙහෙල් මලවල් වලට මාව ගාවගන්නේ නැතුව…”
“හරි තමුසේ එහෙමනේ අපි බලාගමු සංජනා…”
එසේ කියමින් නතාලියා ඇයගේ කැබිං එකෙන් පිටතට ගියහ…ඒත් සමගම පිවිසියේ සිත්මියි…
“මොකද සංජනා උනේ..”
“නෑ සිතූ අරකි ඇවිත් මට තර්ජනේ කරන්න..”
“ඇයි මොනවද කියන්නේ ඕකි…”
“නෑ සිතූ මට තීක්ෂන සර්ගෙන් ඈත් වෙලා ඉන්නලු මන් එයා ලඟට යනවා වැඩි ලු මල විකාර..”
“ඔයා ඕවා ගණන් ගන්න එපා සංජනා පේනවනේ ඕකිගේ හැටි…වියත් බාගයක්වත් නෑ ඇදුම..මුන පුරාම එම්බාම් කරලා වගේ මට නම් පේන්න බෑ ඔය පගර නැට්ටිව..මේ ඒක නෙවෙයි යමු කන්න දැන් 1ටත් ළඟයි…”
“හූම් යන් යන්..”
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
“අයෝද් මට හිතට මාර අවුල් බං…”
“හූම් මට තේරෙනවා බං උබ ඉන්න අවුල….මොකද කියන්නේ මූඩ් එක ෆික්ස් වෙන්නත් එක්ක යමුද කොෆී ශොප් එක පැත්තෙ…”
“හූම් උඹේ කා එකේ යමු…”
“හූම්… උබ එළියට වරෙන් මන් එන්නම්…”
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඒත් සමගම දෙදෙනාම පිටත් වූයේ කොෆී ශොප් එකටයි….දෙදෙනාටම අවශ්‍ය දේ ඇණවුම් කර සුළු කතා බහක නිරත වී සිටියත් එක් වරම අයෝද්…
“මේ අඩෝ…”
“මොකද බං උබ බය වෙලා වගේ…”
“මේ උබ එක පාර බලන්න එපා…හිමීට බලපන්..අපේ ටේබල් එකෙන් රයිට් සයිඩ් ටේබල් එක දිහා…එක පාර බලන්න එපා…”
ඒ සමගම තීක්ෂනත් කිසිදු අයුරකින් නොදෙන්න ලෙස අයෝද් පෙන්වූ ස්ථානය දෙස බැලීය…
“වට්…අයෝ… ද්…මේ අර සංජනා ගේ හස්බන් නේද…”
“ඔව් යකෝ..වෙන ගෑනියෙක් එක්ක…”
“නිදකින් කාලකන්නි මිනිහා…අච්චර ලස්සන කෙල්ලෙක් ඉද්දී තව කෙල්ලෙක් හිටපන් ඔහොම මන් ඔය බල්ලට දෙකක් කතා කරලා එන්න..”
“මේ ගොන් බූරුවෝ….හදිස්සි නොවී හිටපන්…ඊට කලින් මට මේක කියපන්…”
“තවත් මොනවද අයෝද් උබ අහන්නේ මෙච්චර දේවල් ඇස් දෙකට පේන්න තියෙද්දී…”
“මේ අහපන්…උබ සංජනාට ආදරේ බව ඇත්ත..ඒත් අර පොඩි කෙල්ල ඒකීට මොකද්ද කරන්නෙ
“ඒ පොඩි කෙල්ලට වෙනස්කම් කරන්න තරං මන් තිරිසනෙක් නෙවෙයි යකෝ..මන් ඒ කෙල්ලත් එක්කම සංජනාව මගේ ලඟට ගන්නවා…තවත් මේ බල්ලා ළග මගේ කෙල්ලව මන් තියන්නේ නෑ…”
“හරි එහෙනම් උබ මන් කියන විදියට වැඩ කරපං…”
“ඔය ලව්ලි ජෝඩුවගේ ලස්සන ෆොටෝ එකක් ගනින් පැහැදිලි…ඊට පස්සේ අපි හෙට දෙවැනි ස්ටෙප් එකට යමු…”
ඒත් සමගම තීක්ෂන අංජනාගේ හා ඇයගේ ස්වාමියා ගේ පින්තූර කිහිපයක් දුරකතනයේ තබා ගත්හ…
“අම්මෝ මුගේ හිනාව….යකෝ කාලෙකට පස්සේ මන් උබ ඔහොම ඉන්නවා දැක්කේ…😂😂😂”
“පලයන් යන්න…”
“දැන් එහෙනම් ඒකත් හරිනේ..දැන් නම් මචං මන් උබට ඕනම උදව්වක් කරනවා සංජනාව උඹේ ලඟට ගන්න…😇”
“මේ ගෙදර යමුද…දැන් මට හෙට වෙනකං ඉවසිල්ලක් නෑ..”
“අම්මෝ මු යකෝ..පොඩ්ඩක් ඉවසපන්..”
එසේ පවසා දෙදෙනාම සිය නිවෙස් කරා ගියේ කෙමෙන් කෙමෙන් අදුර වැටීගෙන එන විට දීය…..
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔන්න ලමයි අද කොටසක් දුන්නා.. තීක්ෂනට ඔන්න හොඳ කාලයක් ලබන්න හදන්නේ…කමෙන්ට් එකක් දාගෙන යන් කොහොම වෙයිද කියලා….