නෙතඟ ඉඟි
හයවන ඉඟිය
සතියක් නොදැනීම ගත වුණේ තීක්ෂන හා සංජනා තව තවත් දෙපැත්තකට වෙමින්…ඒ වගේම කිසිදු දෙයක් සිදු නොවෙමින්…සංජනා අයදුම් කළ රැකියා වලින් එකක් හෝ බලාපොරොත්තුවෙන් ඇයද පෙර මග බලා සිටියේ තික්ෂනත් ඇය ගැන දැන් ඕනවට වඩා නොසිතීම පිළිබඳව තම සිතටම අවවාද දෙමින්…
“අයෝද් අද මට ගාල්ලේ බ්‍රාන්ච් එකට යන්න ඕන..ඒ නිසා අර ඉන්ටවිව් ටික හෙට උදේට දාගනින් අද ඒ අයට කෝල් කරලා එන්න කියමු…”
“හුම් හූම් මන් සිත්මිට කියන්නම් එවට කෝල් කරන්න කියලා..”
“හරි එහෙනම් මන් ගියා…”
“තීක්ෂන පොඩ්ඩක් හිටපන්…”
“ම්ම්ම්ම්…”
“මට සතුටුයි උබ ආයේ ඔහොම ඔලුව උස්සල වැඩ කරන්න ගත්ත එකට…”
“ටිකක් දුරට හිත හදාගත්ත බං…මගේ ජිවිතේ පළවෙනි වතාවට මට ඕන දෙයක් වෙන කෙනෙක් ළග තියලා මන් හිත හදා ගත්තමයි බං..ඒත් ඒ අර පොඩි එකී ගැනයි සතුටින් ඉන්න පවුලයි ගැන හිතල මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි…”
“හූම් හරි හරි බං.. ඒක අපි තවත් මතක් නොකර ඉමු…”
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
📱 හෙලෝ කවුද මේ…
🥰📱මිස් අපි සිංහවංශ කම්පැණි දෙහිවල බ්‍රාන්ච් එකෙන් කතා කරන්නේ..මිස් සංජනා නේද..
📱 ආ…ඔව් ඔව්..කියන්න මිස්..
🥰📱මිස් හෙට උදේ 9ට අපේ ඔෆිස් එකේ ඉන්ටවිව් එකට සහභාගී වෙන්න පුළුවන්ද…
📱ආ..ඔව් පුළුවං මන් එන්නම්..
🥰📱ඕකේ මිස් එහෙනම් අනිවාරෙන් උදේ 9 වෙනකොට දෙහිවල බ්‍රාන්ච් එකට ඇවිත් ඉන්න….”
එසේ පවසා දුරකථනය ක්‍රියාවිරහිත කළහ.
“අක්කේ….කෝ දෝණි අම්මා…අක්කේ……”
“අම්මා කිචන් එකේ පූන්ති”
“මොකද බං මේ කෑ ගහන්නේ අහල පහල මිනිස්සුත් බලනවා ඇති මෙහෙම මොකද මෙච්චර සද්දෙ කියලා…”
“අහන්නකෝ අක්කේ..මට සිංහවංශ එකේ ඉන්ටවිව් ආවා…”
“අනේ දෙවි පිහිටයි එහෙනම්…කොච්චර හොඳද…අනික ඒ ෆැක්ට්‍රි එක ගොඩක් හොඳ ප්‍රසිද්ධ එකක් සුදු…ඒ වගේ තැනක ජොබ් එක ඇත්තටම හොදයි සෙට් උනොත්..”
“ඔව් අක්කා…හෙට උදේ 9 වෙද්දී එන්න කිව්වා ඉන්ටවිව් එකට…”
“හරි එහෙනම් මන් අයියට කියන්නම් ඔයා එක්ක යන්න කියලා…යන පළවෙනි දවසේ පිළිවෙලට යන්න..උදේම…මන් අයියටත් කියන්නම්..”
“හරි අක්කා..මන් යනවා සෙනුට කෝල් කරන්න.”
“හරි හරි එහෙනම්..😇”
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
“📱 හෙලෝ සෙනු…
“🥰📱ආ ගුඩ් මෝනිං මචං”
“📱වෙරි ගුඩ් මෝනිං මචං…මේ ගුඩ් නිව්ස් එකක් කියන්න තියනවා…”
“🥰📱අප්පටසිරි ඒ මොකද්ද….අර මෝඩ සෙනායාගේ ඔළුවවත් කොහේ හරි වැදිලා පැලිලාද…”
“📱පිස්සුද යෝදියේ උබට….”
“🥰📱එහෙනම් අයියා අණිවාරෙන් උබට අයිස් ක්‍රීම් ලීටර් 10ක් විතර ගෙනත් දෙන්න ඇති තනියම කන්න තනියම කන්න එපා යකෝ..පොඩ්ඩක් හිටපන් මන් විනාඩි 5න් එන්නම්….”
“📱අයියෝ නෑ නෑ බං..”
“🥰📱එහෙනම් මොකද්ද යකෝ..කියපන්කෝ හරියට..”
“📱අපි එදා ඇප්ලිකේෂන් එකක් දැම්මේ…අන්න එකෙන් ඉන්ටවිව් ආවා..”
“🥰📱 අඩේ සුපිරිනේ බං..මරු මරු එහෙනම් ඉතින් ඒ වැඩෙත් හරි මේ ඒක නෙවෙයි බං මොකද්ද ඒ කම්පැනි එකේ නම එදා මට අහන්නත් අමතක වුණානේ… …”
“📱ආ එකේ නමද…ඇයි මන් උබට කිව්වේ නැද්ද…”
“🥰📱නෑනේ..”
“📱ආ එකේ නම…..”
“🥰📱 හෙලෝ හෙලෝ….සංජනා…”
“ශික් මේ ලදරමත් ඔෆ් වෙන්නේ කතාවකම ඉන්නකොටනේ.”
“අපරාදේ ඒක අහගන්න උනේ නෑනේ..ෆෝන් එක ඔෆ් වෙන්න ඇති…”
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඒ රැය ගත වි පසු දා පහන් වුණේ සංජනාගේ දිවියට අලුත් බලාපොරොත්තුවක් උදා කරමින්…උදේම ලෑස්ති වි අංජනා ගේ සැමියා සමග සංජනා සම්මුඛ පරීක්ෂණයට පිට වී ගියහ…
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
“ඊළග එක්කෙනාට එන්න කියන්න සිත්මි…”
“හරි සර්..”
“සංජනා ඇතුලට එන්න..”
සිත්මි ඇයට කතා කල පසු ඇය සිය සහතික පත්ද අතැතිව සම්මුඛ පරීක්ෂණය තිබෙන ස්ථානය ඇතුලට පිවිසිය..ඒත් සමගම අයෝද් ඇයව දුටු විගසම බය බිරන්තව ගොස් තීක්ෂන අතට තට්ටුවක් දැම්මේ තීක්ෂන සිටියේ වෙනත් ලිපී ලේඛන ඇතුළත් ගොනුවක් දෙස බලමින්.. ඒ විදියටම සිටිමින් තීක්ෂන අයොද්ගෙන් විමසුවේ
“කියන්න..”
“කියන්න නෙවෙයි ඔලුව උස්සල්ලා බලපන් කවුද ඇවිත් ඉන්නේ කියලා…”
අයෝද් තීක්ෂනට පමණක් ඇසෙන සේ කිව්වේය..ඒත් සමගම තීක්ෂන තමාගේ ඉදිරිය බලන විට දුටු දසුණත් සමගම අයෝද් දෙසත් බලා නැවත සංජනා දෙස බැලිය…
“ආ…මේ….සි.. සිට්…”
අයෝද් තීක්ෂන කිසිවක් නොපවසා ඉන්න නිසාම ඔහු ඉස්සර විය…තීක්ෂන තවමත් දෙලවක අතරමං විය…සංජනා ගේ අත රැඳී ෆයිල් එකද අයෝද් හට දුන්නා..
“මේ……ඔයා මේ…මීට කලින් අපි කොහේදී හරි දැකලා තියනවා…මන් මේ….ඒකයි මතක් කරේ..”
“ම්ම්ම්ම්…මාව…”
“ඔව් ඔයාව එදා අර වෙට්ලන්ඩ් පාර්ක් එකේ හිටියේ ඔයා නේද අර පොඩි ගර්ල් කෙනෙක් එක්ක…”
“ආ ඔව් සර් මන් තමයි…”
ඒත් සමගම තීක්ෂන ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ අයෝද් ඉතා අපහසුවෙන් තීක්ෂන දෙසත් බලමින් වචන අහුලා ගනිමිනි..
“මේ…දුවට දැන් වයස කීයද…දුව ඔයා නැතුව ඉදීද ඔයා ජොබ් එකට ආවම..”
“දැන් නම් අවුරුදු 5යි සර්…සෙල්ලං කර කර ඉන්නවා එහෙම කරදරයක් නෑ…”
“හා….හා..හරි සංජනා..”
ඒත් සමගම අයෝද් ට පැවසීමට යන කරුන වලකාලමින් තීක්ෂන පැවසුවේ…
“ආ..මේ ඔයාගේ කොලිෆිකේශන්ස් නම් හොදයි…මේ අපිට සෙකට්‍රි කෙනෙක් ගන්න ඕන වෙලා තියනවා…මොකද මන් ගාල්ලේ බ්‍රාන්ච් එකට යනකොට මෙතන මිස්ටර් අයෝද්ට විතරක් බැලන්ස් කරන්න අමාරුයිනේ…ඒ නිසා ඔයාව අපි ඒ පෝස්ට් එකට තෝර ගන්නවා…හෙට ඉදලා එන්න…සිත්මි, අයෝද් පෙන්නයි ඔයාට ඉන්න ඕන තැනයි කරන්න ඕන දේවලුයි..එහෙනම් හරිනේ අයෝද්….”
ඒත් සමගම අයෝද් මුවත් බාගෙට විවර කරගෙන තීක්ෂන දෙස බලාගෙන සිටියේ කුමක් කෙසේ කරන්න යනවාද කියා සිතයි…ඒත් සමගම අයෝද් තීක්ෂන පැවසුව දේට ඔලුව දෙපසට සොලවා පිළිතුරු දුන්නේ තවත් කුමක් කියන්නද සිතා ගැනීමට නොහැකිවයි..
“එහෙනම් සංජනා…මේ…ඔයා..යන්න හෙට උදේ 9 වෙද්දී ඉන්න…”
“ඕකේ සර් තැන්ක් යු…”
එසේ කියා තීක්ෂන ඇයට සමු දුන්නේ මද වෙලාවකට පසු අයෝද් ගේ දෙස බලමිනි…
එ විට අයෝද් තීක්ෂන දෙස බලාපොරොත්තු විරහිත බැල්මකින් බලා සිටියේ කිසිවක් නොපවසයි..
“මොකද උබ ඔහොම බලන් ඉන්නේ..”
“දැන් මට මේ වෙන දේවල් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ තීක්ෂන…මොකද්ද උබ ඒ කරපු වැඩේ…ආ…….”
“මොන වැඩේද….”
“මොන වැඩේ ද අහන්නේ…කෙල්ලෝ පේන්න බෑ කියලා උබමයි සෙකට්‍රි කෙනෙක් නොගත්තේ..ඒත් දැන්…උබ සංජනාවම ඒ පෝස්ට් එකට ගත්තා..”
“ඉතින් මොකද්ද වෙන්නේ..සංජනා ට කොලිෆිකේශන් තියනවනේ…”
“අනේ මේ තීක්ෂන මගෙන් කුණුහර්ප අහගන්න නැතුව ඉදහන්…මන් හොඳටම දන්නවා මන් සංජනාගේ ෆයිල් එක අරන් බැලුවත් එකේ මොනවා තිබුණද කියලා උබ දැක්කේ නෑ කියලා…උබ දැන් ඒ නිසා ඒ ගැන මාත් එක්ක තර්ක කරන්න එන්නෙපා…අනික මේක මතක තියාගනින් තීක්ෂන… උබ නිසා ඒ ලස්සන පවුලේ ඇතුලේ ගින්නක් පත්තු උනොත් අන්න එදාට තමයි මන් උඹේ හතුර වෙන්නේ කියන එකත්…”
එසේ කියමින් අයෝද් එයින් පිටතට ගියේ තික්ෂනව ඒ තුළම තනිකර දමාය…
“ඇයි සංජනා උබ මාව මේ විදියට අසරණ කරන්නේ…මන් උබෙන් ඈත් වෙන්න හදන හැම වෙලේම උබවම මට පේන්නේ ඇයි…බොහොම අමාරුවෙන් මගේ හිත හදාගෙන ඉන්නකොට ඇයි මගේ හිත ඇතුලට ඇවිත් නවතින්න හදන්නේ… කමක් නෑ… උඹේ දිහා දුරින් හරි ඉඳන් මන් බලගෙන ඉන්නවා..මට ඒකත් දැන් සැනසීමක්..”
මේසය මත තබා සිටින සිය දෑත් යුගල මතට ඔහුගේ හිස තබා ගනිමින් තීක්ෂන කල්පනා ලොවක සිර වූයේ වන කිසිදු දෙයක් සිතා ගැනීමටත් අපහසු නිසාමයි…ඒ සිතුවිලි මැද දවස ගත වූයේ දුකක්දෝ සතුටක්දෝ කියා සිතා ගත නොහැකි සිතුවිලි තුළ සිරකරුවකු කරමිනි…
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔන්න ලමයි ඉතින් ඔයාලට ටිකක් දිග කොටසක් අද ගෙනාවා…ඔයලාගේ අදහස් එක්ක තමයි මටත් කතාව ලියන්න හිතෙන්නේ…ඒ නිසා අනිවාරෙන් කතාව තුළ ඉදිරියට සිදු වෙයි කියලා ඔයාලට හිතෙන දේවලුත් අනිවාරෙන් අදහස් එවන්න…ඔයාලගේ කමෙන්ට් වලට හැමෝටම ගොඩක් thanks…ඉතින් තවත් කොටසකින් හමු වෙමු…🥰🥰🥰🥰නෙතඟ ඉඟි වලින්…