නෙතඟ ඉඟි 4 වන ඉඟිය

8
0

නෙතඟ ඉඟි

4වන ඉඟිය

“තීක්ෂන උබ මූඩ් එක අවුල් කරගන්නේ නැත්නම් දෙයක් පෙන්නන්ද “

“මොකද්ද…”

“පාරෙන් එහා පැත්තේ තියන කොෆි ශෝප් එක ඉස්සරහ බලපන්…”

“කෝ මොක…….”

“දැක්කද…”

“හූම්….”

“උබ අවුල් ගන්න එපා බං කොච්චර උනත් ඒ ලස්සන පවුලක් බං ඒ දිහා බලන් අපි දැන් සන්තෝස වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බං…”

“හූම්….”

“උබට උබ කැමති කෙල්ලව මන් කොහෙන් හරි ගෙනත් දෙනවා…ඒත් බං ඒකි උබට ගෙනත් දුන්නත් මට බෑ බං අර පුංචි කෙල්ලට අම්මෙක් නැති කරන්න..”

“හූම්……”

“හිත හදා ගනින් තීක්ෂන..”

“හූම්….”

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

“සේරම දේවල් ගත්තද සංජනා…”

“ඔව් අයියා…චූටි දෝණිටත් ලස්සන ඇදුම් තිබුණා…සයිස් එකත් ගානට නිසා ඒවත් ගත්තා…”

“ආ…ඒ කියන්නේ පුංචිලා දුලා සේරම මගේ දුප්පත් පර්ස් එකට හොඳ බිලක් දාලා වගේ…”

“බබාත ඒ ඇදුම් ලත්තනයි අප්පත්ති…ඒකයි ගත්තේ…”

“හරි හරි පැහිච්ච ආච්චි අම්මේ….”

“දැන් යමුද…නැතනම් මේ පුංචිලයි දුලයි නිසා මට ගෙදර ගිහින් ඉන්න වෙන්නේ නෑ…”

“අනේ අප්පත්ති බබාත අයිස්ක්‍රීම්….අනේ…..”

“හරි හරි යමුකො…හැබැයි ගෙදර ගිහින් ඕවා අම්මට එහෙම කියන්න බෑ හරිද…”

“හරි අප්පත්ති..බබා ප්‍රොමිස් වෙනවා…අම්මිට කියන්නේ නෑ….”

“හරි එහෙනම් මගේ වස්තුව පුංචි එක්ක ඉන්නකෝ මෙතන මන් අයිස් ක්‍රීම් අරන් එන්නම්කො දෙන්නටම…සංජනා කොහේවත් යන්න එපා මෙයාවත් තියන් මෙතනම ඉන්න හරිද..”

“හරි අයියේ…”

සංජනා සමග රූහිත් අයියත් වෙළඳ සංකීර්ණයකට ගියේ සංජනා යාමට නියමිත උත්සවය සදහා අවශ්‍ය දේ ලබා ගැනීමටයි..මද වෙලාවකට පසු අයිස්ක්‍රීම් 4ක් රැගෙන විත් දෝනිටත් සංජනා හටත් දී දෝනිව සංජනාගේ දෑතින් රැගෙන සංජනාගේ උරහිස වටා අතක් දමා ගනිමින් තිදෙනාම මෝටර් රථයට පියමැන්නා…ඒ අතරතුරදී නොසිතූ ලෙස අයෝද් දුටු ඒ දසුන තීක්ෂන ට පෙන්විය…කවදාවත් සිතට නොදැනුන තරම් වේදනාවක් ඔහුට ඇති වූයේ මින් පසු ඔහුට ගෙවන කාලය තනියම සිට මේ සියලු දේ ගැනම කල්පනා ලොවක සිර වීමට අවැසි විය..ඉතා ඉක්මනින් සිය නිවසට ගොස් මෝටර් රථය මිදුලේ නවතා අයෝද් ව එහිම සිටියදී ඔහු ඉදිරියට පැමිණි මවවත් රිසදි සමඟවත් කිසිදු කථාවකින් තොර ව ඉක්මන් ගමනින් පියමැන්නේ සිය කමාරය තුළටයි..ඒ දෙස බලා සිටි මවත් තික්ෂණගේ නැගනිය වුණු රිසදීත් අයෝද් ගෙන් විමසුවේ….

“මොකද්ද පුතා අර කවදාවත් නැතුව තීක්ෂන ට වෙලා තියෙන්නේ…”

“දන්නේ නැද්ද ආන්ටි තික්ෂණගේ හැටි ඕවා එච්චර ගණන් ගන්න එපා…”

“හූම්…යමු පුතා ඇතුලට…මාත් මේ ඔයාලා එනක්න බලන් හිටියේ අද රිසදිගේ යාළුවෙක්ගෙ බර්ත්ඩේ පාටි එකක්නේ පුතා… ඒකට යන්න ලෑස්ති වෙන්නත් ඕන…”

“ආ ඔව් මට රිසදි කිව්වා…අර මෙයා එක්ක ඉන්න අනිත් ගර්ල්ලුත් යනවනෙ නේද…”

“ඔව් පුතා දාහකින් හොයාගන්න බැරි කෙල්ල…මන් නම් හරි කැමති ඒ දරුවට….කොහෙද ඉතින් අපේ එකාට කෙල්ලෝ පේන්න බෑනේ…”

“🙂🙂🙂🙂🙂”

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

“සංජනා නම වගේම ඔයාත් ලස්සනයි…ඒත් ඇයි දෙයියනේ මන් එනකන් හිටියේ නැත්තේ…මට තේරෙන්නේ නෑ..මේ දවස් දෙකකට මන් පිස්සු වැටිලා….ඒ තරං මන් උබට ආදරේ කරන්න පටන් අරන්…එක අතකට මන් මහ මෝඩයෙක් වෙන්න ඇති සංජනා…ඒකනේ මන් මෙහෙම මගේ නොවෙන ඔයා ගැන හීන මව මවා දුක් විදින්නේ…මට තේරෙන්නේ නෑ සංජනා…කවදාවත් මේ තික්ෂනට ඕන දෙයක් මෙහෙම ඇතැරල නෑ…බලෙන් හරි මන් මගේ කරගත්තා මිසක්…ඒත් සංජනා උබ මට මගේ නොවෙන දෙයක් වෙලා…. උබව මට මගේ ලඟට ගන්න පුළුවන් ඒත් මන් කොහොමද සංජනා අර පොඩි කෙල්ලට ඒ පොඩි ඒකිගේ අම්මාව ඈත් කරන්නේ…ඔයා හරි ආදරෙන් ඉද්දී මන් කොහොමද ඔයලගේ පුංචි පවුල මැදට එන්නේ…ආයේ නම් උබ මගේ ඉස්සරහට එන්න එපා සංජනා…😢😓😓😓”

හිතේ කැකෑරෙන වේදනාවත් සමගම ඔහුත් නොදැනම නිදි දෙව්දුව වැළඳ ගත්තේ රාත්‍රී ආහාරයත් ප්‍රතික්ෂේප කරමිනි….

රාත්‍රී සාදයටත් සහභාගී වී රාත්‍රී 10 වන විටදී සංජනා සෙනු හට සමු දුන්නේ පසු දා උදෑසන නැවතත් ඇය සමග තැපැල් කාර්යාලයටත් ගොස් සෙනුගේ පෙම්වතත් මුන ගැසීමට ද කතා කරගෙනයි…

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *