ක්ලාස් එක ඉවර වුන ගමන් ඔක්කොටම කලින් එළියට පැනගත්තේ 5.15 බස් එක අල්ලගන්න ඕනි නිසා…තව විනාඩි 5ක් වගේ තියන්නේ බස් එක යන්න…ක්ලාස් එක ගාව ඉඳන් වැඩි දුරක් නැති නිසා දුවගෙනම ඇවිත් අන්තිම මොහොතේ හරි බස් එකට නැගගත්තා
අම්මෝ යකෝ දුවන් ආපු එකේ හති ඇරගන්නවත් ඉඩ බෑ මේකේ…කට කපලා සෙනඟ…හොඳට වාඩිවෙලා චිල් එකේ ගෙදර යන්න පුළුවන් බස් තියෙද්දිත් මේකටම නැග්ගේ චිල් එකේ ඒවගේ ගෙදර යන විදිහට දෙතුන් පාරක් ටවුන් එකට් ඇවිත් යන්න පුළුවන් මේකේ ගියොතින්…ඒ තරම් ඉක්මනට යනවා ඒ බස්…පැයේ ගමනට පැය දෙකක්වත් යනවා…අපේ බස් සේවාව…pit 🙂👍
කොහොමහරි ටික දුරක් යද්දි බස් එකේ මැද හරියට යාගත්තා කොන්දොස්තර අයියාට පින් සිද්ද වෙන්න…මෑන්ස් එක පාරයි බස් එකේ පිටිපස්සේ ඉඳන් ඉස්සරහාට ගියේ…පිටිපස්සෙ දොර හරියේ හිටපු මම දැන් කොහොමහරි මැද හරියටම ඇවිත්…ගැම්මක් තමයි කොන්දොස්තර අයියේ 😎😂
ටික දුරක් යද්දි නම් ටිකක් සෙනඟ අඩු වුනා…දැන් තමා මීටර් වුනේ මං බහින තැනින් බහින්න කවුරුහරි ඉන්නවද කියලා බලන්න
හේ හේ 🥲
දන්න පීපල්ස් නම් නෑ වගේ…නොදන්න පීපල්ස්වත් හිටියොත් තමා…නැත්තම් ඉතින් මගේ වෙලාව
බහින තැන ළං වෙද්දිත් කවුරුත් නෑ වගේ මාත් එක්ක බහින්න…බෙල් එක වැදුනේ නැත්තම් සොරිම තමා විහඟියෝ…ඕවා මේවා හිත හිතා ඉද්දිම මට එහා පැත්තේ හිටපු කෙනා බෙල් එක ගැහුවා…වෙලාව එච්චර නරකම නෑ වගේ
බස් එකෙන් බැහැලා මං හෝල්ට් එක ළඟට ගිහින් අයියාට කෝල් එකක් ගත්තේ මාව එක්කන් යන්න එන්න කියන්න…මෙහෙමනේ ඉතින් මෙතනින් බැහැලා තව 2kmක් වගේ මං යන්නෝනි
අපිට ඕනි වෙලාවට යන්න බස් නෑ ඒ පාරේ…බස්වාට ඕනි වෙලාවට අපි එන්න ඕනි සීන් එකක් තියන්නේ…හවස නිසා තනියම යන්නත් බැරි නිසා අයියාට කෝල් එකක් ගත්තේ
ආන්සර් කරන්නැ යකෝ…මේ වෙලාවට මේ හරියේ පාලුයිත් වගේ…බයයි යකඩෝ 🥲😐
මාත් එක්ක බස් එකෙන් බැහැපු මෑනුත් තාම මෙතන…එයත් කාටදෝ මන්දා කෝල් කළාට ආන්සර් කළේ නෑ මන්ං හිතන්නේ…ඕවා හිත හිතා ඉන්න අස්සේ මෑන්ස් මට කතා කළා
“මේ නංගි කවුරුහරි එනකන්ද ඉන්නේ”
“ඔව්”
“මේ වෙලාවට නම් නෑ”
“ආ”
බස් මෑන් අයියාත් එක්ක කතා කරද්දි තේරුනේ එයා මේ පැත්තේ කෙනෙක් නම් නෙවෙයි කියලා…යාලුවෙක්ගේ ගෙදර යනවලු…මං අහපු දේවල් නෙවෙයි එයාම තමා කිව්වේ…හා හුම් ගගා අහන් හිටියා විතරයි මම
මොනවා වුනත් එයාගේ යාලුවාත් අපේ අයියාටම සමානයි වගේ…කෝ ආන්සර් කරන්නේ නැති කෙනෙක්…මුන් නම් මහ පුදුම මිනිස්සු
මොනවා වුනත් මෑන්ස්ටත් දැන් මල පැනලා වගේ ඉන්නේ…මටත් එහෙමම තමා…ඇයි යකෝ බස් එකේ එන්න ගියාට වඩා වෙලාවක් මෙතන ඉන්න වෙයි වගේ…කළුවරත් වැටීගෙන එනවා…ගෙදර මිනිස්සුන්ටත් මාව අමතක වෙලාද කොහෙද…අනේ සාම්ත අයියේ
තවත් විනාඩි 10කට විතර පස්සෙ අපේ මව් තුමියගෙන් කෝල් එකක්
“කෝ අම්මේ අයියා…එයාට එන්න කියන්න…කෝල් ගත්තට කවුරුත් ආන්සර් කරන්නෙත් නෑ”
“හරි මං එවන්නම් අයියාව…ඔතනම ඉන්න චුටි”
දැන් නම් ඇඬන්න වගේ මට…කාට හරි බනින්න ගියත් කඳුළු ඉස්සර වෙන එකනේ මට පේන්න බැරි…අම්මාට බැන්නේ නෑ මං 😒
අර මෑන් මගේ දිහා කන්න වගේ බලන් ඉන්නේ
“ආ ඔයාගේ අයියාද එනවා කිව්වෙ”
“ඔව්”
විනාඩි 10 ගමන එන්න අපේ අයියාට හෙන වෙලාවක් ගිහින්
බයික් එක නතර කරපු ගමන් ළඟට ගිහාම දික් කරපු හෙල්මට් එකත් ඇදලා අරන් දාගත්තා
“යන් “
අයියාගේ ෆෝන් රාජයා වයිබ්රේට් වෙනවා…මගේ කෝල්ස් තමා ඇහෙන්නේ නැත්තේ මේ ගොනාටත්
මං ඉන්නේ අයියාට පිටිපස්සෙන් නිසා කෝල් එකේ එහා පැත්තෙන් කතා කරන කෙනාගේ කටහඬ ඇහෙනවා මට…කතා කරන ඒවත් ඇහෙනවා
දෙයියනේ දෙයියනේ…
මේ අර මාත් එක බස් එකෙන් බැහැපු බස් මෑන් අයියත් එක්ක නේද කතා කරන්නේ…මුන් දෙන්නාටම පිස්සු…පිස්සු යක්කු දෙන්නෙක්
හෙන වෙලාවක් ගියාට පස්සේ තමා මුන් දෙන්නා ඉන්න තැන හොයාගෙන තියන්නේ…බස් මෑන් අයියා මේ පැත්තට එනවා මට බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙන් පේනවා…අපේ පිස්සු අයියාත් එයා එනකල් හැරිලා බලන් ඉන්නවා
“අඩෝ අඩෝ සොරි මනුකයා”
“තොට කෝල් එකක් ආන්සර් කරන්න බැරි ද ගොන් උලමෝ”
“අඩෝ සොරි බන් මට ඇහුනේ නෑ”
“මේ කෙල්ලෙක් එක්කන් යන්න තියනවා කියලාවත් ගානක් නැද්ද උඹට”
“නින්ද ගියා ඕයි…අම්මා ඇහැරලා එව්වේ 😒”
“මට හිතුනා ඒත් නේ නංගිත් අයියා එනකල් කියලා ඉද්දි උඹ වගේ තව ගොන්නු ඉන්නවද කියලාත්”
අන්න ඒ කතාවට නම් මාත් එකඟයි බස් මෑන් අයියේ
හිතුවා විතරයි කියන්න ගියේ නෑ…ඕවා කියන්න යන්න ඕනෙ නෑනෙ
“මං නංගිව දාලා එන්නම්…උඹ ඔතනම හිටපන්”
“හා හා”
………………………………………………………….
සතියක් විතරම බස් මෑන් අයියා අපේ ගෙදර හිටියා…අයියාගේ කැම්පස් යාලුවෙක්…කලිනුත් එහෙම යාලුවෝ ඇවිත් තිබ්බට මෙයා නම් ආවේ පලවෙනි පාරට…කලින් දැකලා නෑ මං…මෙයත් අපේ අයියාටම හොඳයි..දෙන්නාටම පිස්සු
ඒ දවස් ටිකට මෑන්ස් මාත් එක්ක ෆිට් වෙච්ච එකේ මගේ හිතේ තිබ්බ එකම එකම ප්‍රශනේ මං මෑන්ස්ගෙන් ඇහුවා
මොකක් කියලාද හිතන්නේ ළමයි…
ඔයාට කෙල්ලෙක් ඉන්නවද කියලා ඇහුවා කියලා නම් හිතන්න එපා…
මට ඒ ගැන නම් වැඩක්ම නෑ පෙන්ස්
මං ඇහුවේ අපේ අයියාස් මෑන්ස් ගැන 🌚😌
අයියාස් මෑන්ස්ට කෙල්ලෙක් ඉන්නවලු…ෆොටෝ එකකුත් පෙන්නුවා…ලොකු අවුලක් නෑ ඒ අක්කාගේ නම්…ඒ අසරණ අක්කා මොකට අපේ අයියාස්ට කැමති වුනාද මන්දා
ඊළඟ ප්‍රශ්නේ බස් මෑන් අයියාගෙන් මට
“මේ නංගි තමුසෙට කොල්ලෙක් ඉන්නවද”
“හිනා යන කතා කියන්න එපා හලෝ 😂”
“මං අයියාට කියන්නැ බන්”
“එයාට කියන්න් තරම් දෙයක් නෑ බස් මෑන් අයියේ”
“මොකක්”
“සොරි සොරි අනේ…මට ඔයාගේ නම මතක නෑ”
“කොයි කෑල්ලටද දන්නැ ඔච්චර හිනා යන්නේ 😒”
“හරි හරි මං මනුක…කියපන්කෝ”
“මං නෑනේ ඔය ලව් සීන් එකේ…ඝාන්ටාරයක් වගේ කටක් තියාගෙන මුමුනන්න බෑ…ආදර වචන ඇහුනත් හිනා යනවා…කාගෙවත් මූනක් දිහා බලන් ඉන්නත් බැ හිනා යනවා…හැම දේටම ගුලි කාලා වගේ හිනා යනවා…අම්මා බැන්නත් මට හිනා යනවා හලෝ…බැන්නොත් කටවහන් අහන් ඉඳලා පුරුද්දක් ඇත්තෙම නැ…තරහා වුනොත් අනේ පනේ හුනේ ගාගෙන පස්සෙන් ගිහින් යාලු කරගන්න තේරෙන්නෙ නෑ…කොටින්ම කිව්වොත් මිනුක අයියේ…”
“මං මනුක බන්”
“ආ සොරි සොරි…කොටින්ම කිව්වොත් මනුක අයියේ මං ලව් කරන්න දන්නෙම නෑ”
“අම්මෝ නංගී උඹට කොල්ලෙක් නැති එකමයි හොඳ…හිටියා නම් ඌ පව්”
“ඒකත් එක හේතුවක් තමා”
“මොකක්ද”
“මං යාලුවෙන කොල්ලා පව් හින්දා 😌…තාම කාටුන් බලන මට ලව් සෙට් නෑ අයියේ “
“😂”
“මොකද බන් කෑගහන්නේ උඹලා දෙන්නා”
“උඹට වගේම ට්‍රැක් බන් උඹේ නංගිටත් 😂”
“ඇයි උඹත් දකිද්දිම හිතුවද මේකි මේ හරි අහිංසකයි කියලා 😂”
“අඩො සිරාවට බන්…කනට ඇහෙන්න කතා කළේවත් නෑ 😂”
“කනට නෙවෙයි ගමට ඇහෙන්න මේකිගේ කට 😂”
එකෙක් කියනවා අනිකා හිනා වෙනවා…හරි හිනා…මෝඩ යක්කු දෙන්නා…පුදුම මිනිස්සු මුන් නම් 😒😑
“මේ අයියේ හිනා වෙලා ඉවරයි නම් කන්න මොනාහරි ගෙනත් දෙනවකෝ”
“මට බෑ ඕයි”
“එහෙනම් මං අම්මාට අරක කියනවා”
“මොකක්ද”
“තමුසෙට කෙල්ලෙක් ඉන්නවා කියලා”
“මට ඇති කෙල්ලෙක් නෑ ඕයි”
“එහෙනම් ඉතින් කිව්වට කමක් නැනෙ”
අපේ අයියා බස් මෑන් අයියා දිහා බලද්දි මෑන්ස් විරිත්තගෙන මෝඩ හිනාවක් දැම්මා අපේ අයියාට
“ගෙනත් දෙන්න බැරිද”
“බෑ”
“අම්මා මේ අයි…”
“ර්ර් ර්ර්
මාවම කාපන් උඹලා දෙන්නා”
“ඔයාව නම් එපා කන්න මොනාහරි තමා ඕනෙ”
“උඹ මොකටද මේකිට ඕවා කියන්න ගියේ…දැන් ඉතින් මං ඉවරයි නේ…හැම මගුලටම ඔක කියයි…යසයි කිරි පුතේ උඹ”
“හරි හරි බන් නංගිටනේ කිව්වේ”
“ඒක තමයි යකෝ අවුල…අම්මාට කිව්වා නම් මීට වඩා හොඳයි”
“ඕනේ නම් මං උඹලාගේ අම්මාටත් කියන්නම් 😌”
“මං කියන්නැ ඉතින් උඹට 😑”
මල කෝලන් තියන්නේ මේ දෙන්නගේ
…………………………………………………………..
සඳුදා උදේ මං ක්ලාස් යද්දි තමා මනුක අයියයි අපේ අයියයි දෙන්නම ගියේ
ආයෙ පාරක් නිවාඩුවට අපේ ගෙදර එනවා කියලා පොරොන්දු කරගෙනම තමා අපේ අම්මා බස් මෑන් අයියාව යැව්වේ
………………………………………………………….
𝓝𝓪𝓭𝓾 💕