යසයි අපේ මව්තුමියගේ යාලුතුමියක් එයාගේ මුලු පවුල පිටින් අපේ ගෙදර ඇවිත්
මුලු පවුලම නම් ආවත් කමක් නෑ එයාගේ අර පුත්‍ර රත්න දෙක නෑවිත්…එයා හිතන් ඉන්නේ එයාට ඉන්නේ රත්තරන් වටින පුත්තු දෙන්නෙක් කියලා (රත්තරන් තියා වැලි කැටයක් තරම්වත් වටින්නෙ බෑ ඕකුන් දෙන්නා)මලම විකාරයක් උන් දෙන්නා නම්…
අයියායි මල්ලියි දෙන්නාම එකයි…ඔය මහඑකාගේ පුදුම ලොකුකමක් තියන්නේ…ඔලුවෙන් ඉන්නේ ඔය මිනිහා
මට නම් පේන්නම බෑ ගොන් ගොන් හිපාටුවෙක් මහ…හිතන් ඉන්නේ ලෝකෙටම එකයි කියලා…පොර ලස්සනයි තමා ඒ වුනාට හෙන චීත්තයක්
පොඩි එකත් ඌටම සෙට්…නයිස් කපල් අයියා & මල්ලි Eww
කාලෙකට කලින් මටත් හිටියා ක්‍රෂ් එකක්…එක පාරක් මං අම්මාත් එක්ක ගියා මේ ආපු ආන්ටිලාගේ ගෙදර…එදා තමා මෑන්ස්ව පලවෙනි පාරට දැක්කේ…ඇත්තම කිව්වොත් මේ ලෝකේ ඉන්න ලස්සන කොල්ලා එයා වගේ සීන් එකේ මං හිටියේ (වෙන කවුරුත් නෙවෙයි මේ බක පණ්ඩිත මහ පුතණ්ඩියා තමා ඒ පාපතරයා)
මාස ගානක් ඌ තමා මගේ ක්‍රෂ් එක…එක දවසක් ක්ලාස් ඇරිලා එද්දි කොල්ලෙක් මගේ පස්සෙන් ආවලු ඒ මගේ කොල්ලාලු අරහෙමයි මෙහෙමයි රටේ නැති හෑලි මෑන්ස් අපේ අයියාගේ කනේ තියලා…අපේ අයියා මෑන්ස් හෙන සැරයි පෙන්ස්…කොහෙවත් ඉන්න එකෙක් නිසා මං එදා මදි නොකියන්න අහගත්තා
ක්ලාස් එකේ කොල්ලෙක්ට නෝට් එකක් ලියාගන්න පොතක් ඉල්ලගන්න ඒ කොල්ලා මාත් එක්ක කතා කලේ…අර ගෙම්බාගේ මොලේ හොඳ නෑනෙ…ඌ කිව්වේ බොරු කියලා අයියාට තේරුම් කරන්න මං නටපු නැටුම දන්නේ මං විතරයි…හුම්ම්
අයියාගේ කටට බ්රේක් නැතුව ගිහින් ඒක කිව්වේ මේ මහ පුතණ්ඩියා කියලා කිව්ව වෙලාවේ ඉඳන් එයාව මං මගේ ක්‍රෂ් එක වීමේ තනතුරෙන් නෙරපා හැරියා…ඔය වගේ චීත්තයක් ගැලපෙන්නේ නෑ මං වගේ අහිංසක සාන්ත දාන්ත තීන්ත කුප්පියක් වගේ කෙම්ලෙක්ට 😌
ක්‍රෂ් එක කරන් හිටියට මොකද මං කවදාවත් කතා කරලා එහෙම නෑ ඉතින්…කතා කරන්න ඕනෙයෑ නේද ඉතින්…දැන් නම් ඉතින් දකිද්දිත් මූණ දෙක වෙලා යන්න දෙන්න හිතයි…මෝඩ ගස් නරියා
ඉතින් දැන් මට නෑනෙ ක්‍රෂ්…මට තියන්නේ බ්‍රෂ්…ඒකෙන් මං මදිනවා දත්…ක්‍රෂ් වගේද නේද දනේ බ්‍රෂ්…හුම්ම්…දත් ටික හරි ලස්සනට තියනවානේ බ්‍රෂ් එක හින්දා…ගැම්මක් තමයි ඉතිම් 😌😎
මේ පොඩි එකා ඔක්කොටම හපන්…වයසේ හැටියට නෙවෙයි මුගේ වැඩ…හිතන් ඉන්නේ ජනාධිපති මුගේ තාත්තා කියලා…මේකාට කෙල්ලෙකුත් ඉන්නවා…නෑ එකක් නෙවේ දහයක් පහළවක්වත් ඇති…එක එක දවසට එක එකියොත් එක්ක අත් පටලන් ටවුන් එක මැද්දෙ යන්නේ…Eww පොඩි පගයා
…………………………………………………………………………………..
“ආ මේ එන්නේ දෝණි”
“මොකද චූටි මෙච්චර වෙලා ගියේ”
“අද ඇඩ්මිශන් දුන්න නිසා එද්දි වෙලා ගියා”
ඔක්කොටම මෝඩ හිනාවක් පාලා කාමරේට ගිහින් ඇඳුම් මාරු කරන් කුස්සියට ගියේ යකෙක් කන්න තරම් බඩගින්නේ හිටපු නිසා
අම්මා අහන ඒවට උත්තර දෙන්න කල් තියාම එන ගමන් බොරුවකුත් හදාගෙනම ආපු නිසා හොඳයි
නැත්තම් මේ මිනිස්සු ඉස්සරහා මට බැනුම් තමා
කුස්සියට යද්දි අම්මාත් කුස්සියේ තේ හදනවා
“බත් කනවද”
“ඔව් අනේ බඩගිනිත් එක්ක”
බත් එකත් අරන් කුස්සියට වෙලාම තමා අද කන්න වෙන්නේ ඉතින්…කමක් නෑ දුකක් නෑ 😒
“මෙච්චරවෙලා ඉස්කෝලෙ මොකද කරේ”
“ඇඩ්මිෂන් දීපු නිසා වෙලා ගියේ අනේ”
“ඇයි උදේ ඕක ගන්න තිබ්බානෙ”
“උදේ ඉඳන් ඉගැන්නුවා…ඉස්කෝලෙ අරින්න බෙල් එක්ත් ගහන්න ලං වෙද්දි තමා ඇඩ්මිෂන් වෙන්න පටන් ගත්තේ”
“අනේ මං දන්නෑ…උඹත් දැන් ඕනවට වැඩි චූටි”
අර ලව් බර්ඩ්ලා දෙන්නා නිසා තමා මේ ඔක්කොම…පුදුම මිනිස්සු තමා මුන් නම්
කාල ඉවර වෙලා මං කාමරේට රිංගගත්තා…අම්මා නම් කියෝනවා ඉවරයක් නෑ…අර යක්ඛ පුත්තු දෙන්නා නම් එළියේ වගේ
මං ෆෝන් එක අරන් වට්සැප් පැත්තේ රවුමක් දැම්මා
මට එන මැසේජ් එකක් නෑ ඔන්ලයින් ගියා කියලා…කිසිම හේතුවක් නැතුව සැරින් සැරේ ඔන්ලයින් එන මාව දකිද්දි වට්සැප් එකටත් හිතෙනවා ඇති මට මොංගල් කියලා…තිබ්බ ස්ටේටස් එකක් බලලා ෆෝන් එක පැත්තකින් තියලා ඇදට පැන්නා
ඔහේ පෙරළි පෙරළි ඉද්දි මතක් වුනේ මෝඩ සහන්කාරයාව…අපරාදේ මට ෆොටෝ එකක් ගන්න තිබ්බේ…ඒක මීටර් වුනේ නෑනෙ…ආයෙ ඉතින් ඔහොම චාන්ස් එකක් එන්නෙ නෑ ජීවිතේටවත්…සැක් මෝඩ මොලේට ඒක මතක් වුනේ නෑනේ ඒ වෙලාවේ
පැයක විතර නින්දකින් පස්සේ ඇහැරුනේ අම්මා කතා කරපු නිසා
“චූටි අර නැන්දලා යන්න හදන්නේ…ගිහින් කතා කරන්න”
හම්මේ යන එක නම් ලොකු දෙයක්
එයාලාට වැඳ නමස්කාර කරලා ඇනුම් ඇර ඇර කුස්සියට ගියේ කන්න මුකුත් හොයාගන්න…අනිත් මින්ස්සු කන්නේ ජීවත් වෙන්න වුනාට මොකද මං නම් ජීවත් වෙන්නෙම කන්න 😌
ගැම්මක් නේත ඉතිම්…කන්නෝනි බොන්නෝනි ආතල් එකේ ඉන්නෝනි
එක පාරටම මගේ ඉස්සරහා අපේ අයියාගේ වඳුරු මූන දකිද්දි ආතල් කුඩු වෙලාම ගියා
අදත් මේ මනුස්සයා ගෙදර ඇවිත්…බස් මෑන් අයියාවත් වෙන කවුරුත් යාලු මෑන්ස් කෙනෙක්වත් නෑ…තනියම ඇවිත් තියන්නේ…මට කිව්වේවත් නෑ…ෂුවර් එකටම අම්මාට කියන්න ඇති…අම්මා මට කියන්නෙ නෑ ඕවා
අයි ඩෝන්ට් නෝ වයි
“මොකේද හලෝ ආවේ”
“ප්ලේන් එකේ ආවේ”
“ආ එහෙමද…හන්දියෙන් බස්සලා ගිහින් වගේ ප්ලේන් එක”
“ඇඳුම් මාරු කරන් එන්න පුතා…මං තේ එකක් හදලා තියන්නම්”
ඔය පේනවනේ අපේ අම්මා එයා ආවහම සලකන විදිහ…මට කුඩම්මාගේ සැලකිලි තියන්නේ…හරිම කුරිරු ලෝකයක් මේක
අයියා කාමරේට යද්දි මං අම්මා එක්ක කුස්සියේ…අම්මා උයන්න ලෑස්ති වෙනවා…හරි අමුතුයි වගේ…අබ ටිකක් දැම්මොත් දැන් පුපුරයි වගේ සීන් එකක් තියන්නේ…තේ එකක් හදලා දෙන්න කියන්නත් බයයි…අර මිනිස්සු මොනව කියලා ගියාද දන්නෑ මෙහෙට පාත් වෙලා
“කීයටද පාඩම් කරන්න පටන් ගන්නේ”
“තව ටිකකින් යන්නම් අනේ”
“ඔව් ඔව් ටික ටික දැන් කොච්චර කල් හිටියද”
“ඇයි අප්පා”
“ඇයි කියලා තමා මාත් අහන්නේ…කොයිවෙලේ බැලුවත් කනවා බොනවා නිදියනවා…පාඩම් කරන්නේ කොයිවෙලේ ද”
“මං පාඩම් කරනවනේ ඉතින්”
“කරත් උඹට නැතත් උඹටම තමා…අයියාගෙන් තිබ්බේ නැති වදයක් මට ඔයාගෙන් තියනවා චූටි…කොල්ලෙක් වෙලත් අයියා කොහොමහරි පාඩම් වැඩ ටික කරගත්තා හරියට…ආයේ මාස ගනන් නෑනේ…තව දවස් කීයද තියන්නේ විභාගෙට”
අම්මාට ඉතින් වෙන මුකුත් ඕන්නැ මහ ලොකු පුතා ඉන්නවා නම්
දැන් මෙතනින් කැපිලා යන එක ඇඟට ගුණයි කියලා හිතුන නිසා ශේප් එකේ මං කාමරේට ගිහින් පොතක් අතට ගත්තා
පැයක් විතර පාඩම් කරලා ෆෝන් එක අතට ගත්තා
එකපාරටම අම්මාගේ සද්දේ ඇහුන නිසා මං ගැස්සිලා ගියා
“ඔය පේනවනේ…කියලා පැයක් යන්න වුනේ නෑ…පාඩම් කරනවා කියලා මේක අස්සේ රිංගන් මොනවා කරනවද දන්නැ…බැලුවොත් එක්කෝ නිදි එක්කෝ ෆෝන් එකේ එල්ලිලා…උඹට කියන කට හොඳයි ගලේ ගහගන්නවා
බැන බැනම අම්මා කාමරෙන් එළියට ගියේ…සාලෙට ගිහිල්ලාත් බනිනවා…අයියාත් එක්කත් මට බනිනවා
කාමරේට එච්චර ඇහෙන්නේ නෑ එයාලා එන්නේ සාලෙ නිසා…පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ඕනි නිසා කාමරෙන් එළියට ගියේ
“මෙයාගේ මේ ෆෝන් එක අයින් කරලා දාන්න පුතා…මෙලෝ වැඩක් කරන්නේ නෑ…ඉස්කෝලෙ යන ළමයින්ට ෆෝන් ඕනි නෑනෙ ඇඩ්මිෂන් එකත් අද අරන් ආවා…ඒත් කිසි ගානක් නෑ”
“අම්මා ඉන්නකෝ මං එයාට කියන්නම්…චූටී මෙහෙ එනවකෝ”
දැන් ඉතින් මේ යකාත් මට බනීද දන්නැ
අම්මා නම් ගිහිල්ලා
“ඇයි”
“කෝ ෆෝන් එක”
“කාමරේ”
“ඒක මෙහෙන් තියලා ගිහින් පාඩම් කරන්න”
ඔය කරලා තියන්නේ…යසයි
ෆෝන් එකත් ලෙෆ්ට්
හරිම අගෙයි…pit අයියේ 🙂🥲
ඉතින් විභාගෙට සති ගානක් තියෙද්දි ෆෝන් එක ලෙෆ්ට්
…………………………………………………………………………………..
ක්ලාස් යද්දි අරන් යන්න විතරක් ෆෝන් එක ඉල්ලගත්තා අම්මාට කියලා කියලා
මේ සතියෙන් ක්ලාසුත් ඉවර වෙනවා
ම්ම්ම් නයිස්…එක්සෑම් එක ඇස් මානෙ වගේ දැන් නම්
ලබන සතියෙන් ක්ලාසුත් ඉවරයි 🥲🙂
…………………………………………………………………………………..
සුපුරුදු පරිදි කාලා බීලා නාලා පාඩමුත් ටිකක් කරලා අනිත් පැත්ත හැරෙද්දි සතියක් ම ගෙවිලා ගිහින්
හෙට ඉකෝන් ක්ලාස් එකේ අන්තිම දවස…වැඩක් නෑ අන්තිම දවසෙත් පේපර් එකක් ලියන්න අපිට වෙලා තියන්නේ…සල්ලිත් දීලා ගෙදර ඉන්නයැ…අන්තිම දවස නිසා යන්නත් ඕනෙ…ඉතින් ඊළඟ දවසේ උදේම ක්ලාස් ගියා
Mcq එක කලින් දවසේ ඉවර කරපු නිසා අද ලියන එක විතරයි…ඒක ඉවර වෙද්දි 11 වෙලාව…ඒක ඉවරයි කියලා යන්න දෙන එකක්යැ
“පැය බාගෙක ඉන්ටවල් එකක් අරන් 11.30 වෙද්දි එන්න…ඉන්ටවල් එකෙන් පස්සේ පේපර් එක සාකච්ඡා කරනවා”
මෙතූ එක්ක තිබ්බ තරහා මරහා අමතක කරලා ආයේ ඒකි එක්ක යාලු වුනා…අනිත් බකපණ්ඩිතයෝ දෙන්නත් එක්කත් කතා නොකර බැරි වුනා මට…කරපු දේවල් අමතක වෙන්නෑ එහෙම ලේසියෙන් 😌
ඉතින් සර් ගියපු ගමන් අතත් හෝදන් එද්දි අර ගොටුකොළ හිපාටූස්ලා දෙන්නා කනවත් එක්ක…පුදුම මිනිස්සු තමා මුන් නම්
“යකෝ අද අන්තිම දවසෙවත් බත් එකක් අරන් ආවේ නැද්ද තොපි දෙන්නා”
“විකාර කියව කියව ඉඳලා කන්න නෑ කියලා අඬන්න ඔට්ටු නෑ නංගිලා”
අනේ ඇත්තට අනිත් එවුන් වගේ කොල්ලොත් එක්ක ගිහින් කන්න බැරි හැටියක් මුන් දෙන්නට…ආයේ මේකේ කන්න දෙයක් ඉතුරු වෙලා නෑ…සෝමාලියාවට පාන් දැම්මා වගේ මුන් දෙන්නා කන්න ගත්තහම…කාගේ දරුවොද මන්දා
“මෙතූ උඹේ කෑම එක ගනිම්”
“ගන්න දෙයක් නෑ බබා අපි අරන් තියන්නේ”
“මෙහෙ දෙනවා එහෙනම් ඕක…එකක් කෑවනේ ඒ ඇති”
“එහෙම කොහොමද ඒ ෂෙහානයා උඹේ නැන්දම්මාගේ බත් කටක් කන්න ඉල්ලගනිම් මේක”
එතකොට තෝ මගේ බත් එක කෑවේ අපේ අම්මා තොගේ නැන්දම්මා කියලා හිතන්ද ගොන් බූරුවෝ කියලා අහන්න හිතයි
“උඹලාට ගෙදරින් කන්න දෙන්නැද්ද බන් මං අහන්නේ”
“නෑ බන් සිරාවට”
කරන්න දෙයක් නැ පුළුවන් විදිහට බඩ පුරවගත්තා…මුන්ගේ බඩවල්වල හිඟන්නෝ සෙට් එකක්ම ඉන්නවද කොහෙද…ඇයි වදේ හැමදාම ගේන එක කන්න නෑනෙ අප්පා…අද විතරයි කියලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද ඉතින්
ඊළඟට එක දිගටම පේපර් එක සාකච්ඡා කරලා ක්ලාස් එක ඉවර කරද්දි 3ටත් කිට්ටුයි…අන්තිම දවස නිසා ක්ලාස් එකේ පොඩි පාටි එකක් දාන්න් හිතන් හිටියේ…සර් එපා කියලා කියපු නිසා ඒකත් කැන්සල්
අදත් ඉතින් වෙනදා වගේම මං සහන් එක්ක ඉස්සර වෙද්දි මෙතූ ෂෙහාන් එක්ක…ක්ලාස් එකෙන් එළියට බැස්සෙම අද නම් මුගේ අර නල්ලමලේ කෙල්ලව නම් හම්බෙන්න එපා කියලා හිතාගෙනමයි…නැත්තම් මුගේ මේ ගොබ්බ වැඩවලට මේ අහිංසක මට තමා වන්දි ගෙවන්න වෙන්නේ…හුම්ම්
“මේ විහා”
“අදත් තමුසෙගේ මූන දිහා බලන් හිනාවෙලා කතා කරන්න නම් කියන්නෙපා ඇත්තමයි දෙනවා දත් සෙට් එක බඩට යන්න”
“😂😂”
“මොකද හිනාවෙන්නේ බූරුවෝ”
“දත් සෙට් එක බඩට යවන්න පුටුවක්වත් ගෙනත් දෙන්නද මගේ ගානට එන්න 😂”
ර්…
මෝඩ ගොටුකොල හිපාටුවා
“මේ මං අහන්න ගියේ අරුන් දෙන්නත් එක්ක ජූස් බාර් එකටවත් යන්ද කියලා…උඹ රෙද්දවල් දොඩවනවනේ 😂🤣”
හැක හැක…හිනාවේ කැතවත් Tree dog
අරුන් දෙන්නවත් ඇදගෙන ජූස් බාර් එකට ඇතුළට ගියා
“මොනවද ගන්නේ”
“උඹලා දෙන්නා කපල් එක වගේ හැමදාම මේකට එනවා නේ විහා”
“නැතුව ඉතින් උඹලාගෙ පෙම් කෙලිය ඉවර වෙනකන් පොල් ගාන්නයැ”
“මෙතනත් රණ්ඩු කරන්න එපා කියන තැනකට වඳින්නම් විහා”
“අනේ පලයන්න ෂෙහාන්…මේකිට කියපන්කො මට කියන්නේ”
“මේ තොපි දෙන්නා ඕක නවත්තලා මොනවද ගන්නේ කියපියව්කෝ”
“සල්ලි තියේ නේ උඹලා ගාව”
“නෑ උඹේ සල්ලිවලින් අරන් දීපන්”
“හතරදෙනාම සල්ලි දාලා ගත්තා නම් ඉවරයිනේ”
“එහෙම ඉවර වෙන්නෑ නේද මෙතූ”
“ගන්න මගුලක් ගනිල්ලාකෝ ඉක්මනට”
චොක්ලට් මිල්ක්ශේක් දෙකයි ෆලූඩා දෙකයි…මායි මෙතුයි ෆලූඩා දෙක ගද්දි අරුන් දෙන්නා මිල්ක්ශේක් දෙක ගත්තා
Eww
මේක මෙලෝ රහක් නෑ…හැමදාම ආවට මොකද හැමදාම ගන්නේ චොක්ලට් මිල්ක්ශේක්…ඒක නිසා අද මේක ගන්න හිතුනා…මොකට හිතුනද මන්දා එහෙම එකක්…සල්ලි දීලා අරන් විසිකරන්න බැරිකමට බීලා ඉවර කළා
ෆොටෝස් දෙක තුනකුත් ගහගෙනම එතනින් එළියට බැස්සේ…එළියට ඇවිත් කෙලින්ම බස් හෝල්ට් එකට…ආයේ ඉතින් මුන් දෙන්නාව හම්බවෙන්නේ නෑනේ…ටිකක් වෙලා ඉඳලා බස් එකකට නගිද්දි හතරත් පහුවෙලා
…………………………………………………………………………………..
𝓝𝓪𝓭𝓾 💕