පිස්සු කතාවක් 🌚❤️ – එකොළොස්වන පිස්සුව

9
0

“චූටි….”

උදේ පාන්දර මව්තුමිය කන ළඟටම ඇවිල්ලා කරපු ආරාධනාවෙන් තමා ඇහැරුනේ

“ඇයි අනේ කෑගහන්නේ”

“නැගිටිනවා චූටි දැන්වත්…නවයටත් කිට්ටුයි වෙලාව…අර මිනිස්සු දැන් එනවත් ඇති”

“මොන මිනිස්සුද”

“ගිහින් මූන හෝදගෙන කුස්සියට එන්න”

ඉතින් තවත් මුකුත් නොකියා ඇඳෙන් බැහැලා දත කට මැදලා කුස්සියට ගියා

“කොයි වෙලාවෙද මේකේ තිබ්බ අයිස්ක්‍රීම් එක කෑවෙ”

“ඊයෙ”

“මං අහන්නේ කොයිවෙලාවෙද කියලා…ඒකෙම හැන්දෙන් කාලා හැන්දත් කප් එක ඇතුලෙම තියලා”

“ඊයේ රෑ අනේ”

“උඹව නම් හදන්න බෑ චූටි”

“ඇයි අනේ”

“දැන් අද මාමලා ආවහම ඒ මිනිස්සුන්ට මොනවද දෙන්නේ”

“මාමලා කවදද එන්නේ”

“අද එනවා කිව්වා…ඒක හින්දා ඊයේ හවස අයිස්ක්‍රීම් එක අරන් ආවේ”

“ඉතින් මං දන්නවැයි මාමලා එන කතාවක්”

“කන එකක් පිලිවෙලකට කන්නයි එක්කෝ…මලපෙරේතයා වගේ ඒකත් කාලා තියන්නේ”

“හරි හරි ඉතින් හැන්ද අයින් කරන්න බැරි වුනා”

ර්…

අර මෝඩ යස්සනී හින්දා තමා ඔක්කොම…රෑ මැද කෝල් ගත්තේ නැත්තම් මං ඕකේ හැන්ද දාලා යන්නෙ නෑනෙ…අපෙ අම්මටත් ඉතින් මට බැන්නෙ නැත්තම් කෑවෙ නෑ වගේ…කොහොමත් මටත් කම්මලේ බල්ලට වගේ බැනුම් අහන්නමයි ඕනෙත්…කියලා වැඩක් නෑ ඉතින්

දැන් ඉතින් මෙතනින් ගිහිල්ලා ෆෝන් එක ඔබන්න ගත්තොත් එහෙම මං ලෙප්ට්…රටේ නැති ඕපදූප කියවලා හරි හිත හදන්න ඕනි 😌

“අම්මේ”

“ඇයි”

“එදා මං ක්ලාස් ගියපු දවසේ අර කපිල මාමලාගේ අක්කා කොල්ලෙක් එක්ක ටවුන් එකේ හිටියා”

“ඉතින් ඒ ළමයා කැම්පස් ගිහින් තමන්ගේ වැඩ ටික හොඳට කරගත්තා…උඹලාට සැප වැඩියි see more…”

මදැයි මං ඕපයක් කියන්න ගියා…ඒකත් කැරකුනේ මගේ පැත්තට…දැන් මේ කතාව වෙන පැත්තකට හරවන්න ඕනෙ…නැත්තන් මගේ රෙදි ඉල්ලෙ

“මේ අම්මේ…මාමලා කීයටද එනවා කිව්වේ”

“රෑ කෑමටනෙ එනවා කිව්වේ…හවස් වෙද්දි එයි”

අතිසාර්ථක විදිහට කතාව වෙන පැත්තකට හරවගත්තා

දවල් වෙන්න ඇරලා අම්මාත් එක්ක කඩේ පැත්තෙ රවුමක් දාලා එහෙම ගෙදර ආවා…කාමරේට එද්දි තමා මතක් වුනේ අර මිනිස්සු එන්න කලින් මේ පිස්සන් කොටුව වගේ තියන කාමරේ අස්කරගන්න ඕනෙ කියලා…කවුරුහරි එනවා කිව්වහම කාමරේ අස් කරන වේගෙට ආලෝකේ වේගෙත් පරාදයි…උසේන් බෝල්ට්ගේ වේගෙත් පරාදයි…ගැම්මක් නේ ඉතිම් 😌😎

හේ හේ

එහෙ හැරිලා මෙහෙ හැරෙද්දි හවසුත් වෙලා

අද උදේ ඉඳන් ඔන්ලයින් යන්නත් බැරි වුණානෙ…ගියා පොඩ්ඩක් වට්සැප් පැත්තේ…මැසේජ් දාන්න තරම් අපිව වටින මිනිස්සු නෑ…ස්ටේටස් එකක් බලලා ඇඳට වැටුනා…නෑ නෑ නිදාගත්තේ නෑ…නිදාගත්තේනෑ නෙවෙයි නිදාගන්න හම්බුනේ නෑ…

මාමලා ආපු නිසා කාමරෙන් එළියට ගියා

එතන්ට වෙලා රටේ නැති ඒවා එයාලා කියවද්දි මං ආයෙම කාමරේට ආවා…එතන නෑ මගේ වයසට සෙට් වෙන එකෙක්…ඉන්නේ මාමාගේ චූටි පුතා තමා…ඌ හෙන පොඩියි…මොන්ට්සෝරි යන ඩයල් එකක්…ඔය වයසේ පොඩි එවුන් මහ බකපණ්ඩිත මිනිස්සු සෙට් එකෙක්නෙ…මූත් ඒ වගේමයි

පොඩි කාලෙ ඉඳන් අර හැමෝම ගාව තියන්නේ බෝනික්කෙක්…මගේ බෝනික්කාගේ අත පය හතර අත් දෙකෙන් අරන් ඔලුව වෙනමයි අනිත් කෑල්ල වෙනමයි අරන් මූ ගෙදර ගියේ…දැන් ඒකෙ කෑලිත් නෑ…පුදුම මිනිස්සු තමා මුන් නම්

ඇත්තටම දුකයි මගේ බෝනික්කාට කරපු දේ මතක් වෙද්දි

ටික වෙලාවක් යද්දි පොඩි මෑන් කාමරේ ඇතුලේ…ඉතින් දැන් ඌ අහන ලෝකෙ නැති අමුතු ප්‍රශ්නවලට උත්තර දිදී හිටපන්කෝ…අනේ ඇත්තට මට මූව පේන්න බෑ…අනිත් පොඩි ළමයි වගේ නෙවෙයි…පුදුම දැගලිල්ලක් තියන්නේ…මොනා කරන්නද පැයක් විතර කමරේ ඇතුලේ

චූටි අක්කේ මේ මොකක්ද…චූටි අක්කේ අර මොකක්ද…මේකෙන් මොකද කරන්නේ…ඇයි අරක අරහෙම තියලා තියන්නේ…කියවනව කියවනවා ඉවරයක් නෑ

ඒ අස්සේ නැද්දා ආපි කාමරේට

“දුවට වදේ නේද මෙයාගෙන්”

මොනාහරි කියන්නමයි හිතෙන්නේ…ඕන්නෑනේ ඉතින්…ඕවා කියන්න ගිහින් ගෙදර කන බත් එකත් නැති වෙයි මට

“අනේ නෑ නැන්දේ 🙂”

රෑටත් කාලම තමා එයාලා ආයෙ ගියේ…එයාලා ගිහාම අම්මාට අස් කරන්නත් පොඩි සප් එකක් දුන්නා

“අම්මේ මේ භාජනේ කොහෙන්ද තියන්නෙ”

“තියාගනින් උඹේ ඔලුව උඩින්”

“🥲”

අස්පස් කරලා ඉවර වෙලා කාමරේට ආවා…හරි මහන්සියි අර පොඩි එකා එක්ක ඔට්ටුවෙලා

ඇඳට වැටුනා විතරයි මතක…මැරුවා වගේ නින්ද ගියා

…………………………………………………………………………………..

මාසයක් දෙකක් ඔහේ කාලෙ ගෙවිලා ගියා

අදත් උදේම නැගිටලා ක්ලාස් යන්න ලෑස්ති වුනා…මුලදි සතියට එක දවසක් තිබ්බට දැන් දවස දෙකක් දාලා…සර්ට හිතුනොත් තව අමතර දවසකුත් දානවලු…එයාට නම් මොකද අපි එපැයි මේ නොතේරෙන භාෂාවක් අහන් ඉන්න

ලෑස්ති වෙන ගමන් ඉද්දි මෙතූගෙන් කෝල් එකක්

“හෙලෝ”

“කොහෙද ඉන්නේ උඹ”

ඔන්න ඔය වෙලාවේ තමා මගේ ටිකිරි මොලෙන් සිග්නල් එකක් ආවේ

“ආ මං මේ බස් එකේ ඉන්නේ…උඹ කොහෙද ඉන්නේ”

“ගෙදර බන්…මං එන්නම් ඉක්මනට”

“හා හා වරෙම්”

හැමදාම මං ඕකි එනකන් පැයක් විතර පාරේ කට්ට කනවනේ…අද හිටපන්…හැමදාම මං ඉන්න එකේ එක දවසක් හිටියම මක් වෙනවද ඉතින්…තවත් හෙමින් ලෑස්ති වුනා…වෙනදට කන්නෙත් නැතුවනෙ දුවන්නේ…අද ඉතින් කාලා එහෙම තමා ගෙදරින් එළියට බැස්සේ

එළියට බහිද්දිම ආයේ මෙතූගෙන් කෝල් එකක්,

“කොහෙද බල්ලෝ ඉන්නේ”

“හිටහන් මං මේ එනවා”

“කොහෙද ඉන්නේ”

“විනාඩි පහෙන් ඔතන”

“ඉක්මනට වරෙන්”

“හා හා”

විනාඩි පහෙන් යන්න නම් හෙලිකොප්ටර් එකක්වත් ඕනෙ වෙයි…ඔහේ හිටපුදෙන් ටිකක්

මං යද්දිත් ඉන්නවා ගෑනි පුපුර පුපුර…අබ ඇටයක් දැම්මොත් එහෙම පලාතම පිපිරිලා යන සයිස් එකේ තියන්නේ

“ගුඩ්මෝනිම් ඒයි”

ම්හු

නෝ කතා නෝ සිනා

මෙච්චර වෙලා මං එනකන් මෙතන හිටපු ගෑනි දැන් මාව දැක්කේ නෑ වගේ යනවා…මාත් ඉතින් ඒ පස්සෙන්ම ක්ලාස් එකට…ක්ලාස් එකට ගියත් නෝ කතා…ඉතින් මං ම කට ඇරියා

“මොකද උඹට එක දවසක් මං එනකන් ඉඳලා ඔච්චර ඩෝන් ගිහින්…මං හැමදාම උඹ එනකන් ඔතන හිටන් ඉන්නේ”

ඒත් කතා නෑ…ඉන්ටවල් එකේ කන්න යද්දි තමා කතා කලේ…ඒ වෙනකන් නෝ කතා නෝ සිනා…පුදුම මිනිස්සු තමා මුන් නම්

අද ඉතින් සත්‍ය ප්‍රේම භෘංගරාජයා නෑ…ඒක නිසා ක්ලාස් එක ඉවර වුන ගමන් බඩ් ස්ටෑන්ඩ් එකට ගියා…එතන්ට වෙලා ඉද්දි හුරු පුරුදු රුවක් ඇදෙනවා ඉස්සරහින්

ම්ම් මෝඩ සහන් මෑන්

අපිවත් පහු කරගෙනම මෑන් ඉස්සරහට යනවා…ගත්තා මෑන්ස්ට කෝල් එකක්…නවතින්නේ නෑ…ඉස්සරහට යන ගමන්ම කෝල් එක ආන්සර් කලා

“කියපන්”

“කොහෙද යන්නේ උඹ”

“ඇයි”

“නෑ මේ පස්ස ගිනිගත්ත මොකාද එකා වගේ කොහෙද යන්නේ කියලා බැලුවේ”

“නෑ මේ ටවුන් එකට ආවා”

“හා හා මේ බස් එකක් එනවා”

ඉතින් බස් එකක් ආපු නිසා මෙතූවත් ඇදගෙන බස් එකට නැග්ගා…මේකගෙත් මහ අමුතු වැඩ තියන්නේ දැන්…මොකද දන්නෑ ටවුන් ආවේ…මටත් ඕනෙ නැති දෙයක් නෑනේ…මට මොකද මොකට ආවම…මෝඩ සහන්

ගෙදර යද්දි අපේ අයියා මෑන්ස් ගෙදර ඇවිත්

කැම්පස් ගමනට සමු දීලාම මෑන්ස් ඇවිත් තියන්නේ…ඒක හොඳයි දැන් එයත් ගෙදර ඉන්නවනේ

නාලා කාලා ආවේ කාටුන් එකක් බලන්න හිතාගෙන…මං එද්දිත් අයියා මෑන්ස් ටිවි එක දාගෙන රිමෝට් එකත් බදගෙනම ඉන්නවා

අතේ තිබ්බ රිමෝට් එක අරන් කාටුන් යන චැනල් එකකට දාගත්තා

“චූටි අරකට දානවා…මට මැච් එක බලන්න ඕනි”

“මං වෙනදටත් මේ වෙලාවට කාටුන් බලන්නේ”

“කාටුන් බලන්න තමුසෙ පොඩි එකෙක් කියලද හිතන් ඉන්නේ”

“පොඩියි තමා”

“හිතේ ඇති…දෙනවා රිමෝට් එක මෙහෙට”

“අම්මාආආආආආආ”

“මොකද වෙලා තියන්නේ ඔච්චර කෑගන්නේ…අහල පහල මිනිස්සුන්ට ඉන්නත් නෑ”

“මෙයා මට කාටුන් බලන්න දෙන්නෑ”

“කාටුන් බලන්න උඹ පොඩි ළමයෙක්ද චූටි…විභාගේ තියෙද්දිත් ටීවි එකේ එල්ලීගෙන හිටියා…තව ටික දවසකින් රිසාල්ට්ස් ආවාහම බලාගන්න පුළුවන්නෙ නටපුවගේ තරම”

“හී හී”

අම්මා නම් ඔය ඕන්නැති පැත්තකට හැරෙන්නේ…මෙතනින් නැගිටලා යන හොඳයි වගේ හිතුන නිසා රිමෝට් එකත් පැත්තකට දාලා කාමරේට ආවා

පුදුම මිනිස්සු තමා අපේ ගෙදරත් ඉන්නේ…මහ හොඳම නෑ…කතා කරන්නෙම නෑ ආයෙ නම් 😒

කන්න කතා කරත් යන්නෙම නෑ කියලා හිතාගෙන ඇඳට වෙලාම හිටියා…කවුරුත් ඇවිත් කතා කළේවත් නෑ…චූටි කන්න වරෙන් කියලාවත්

මහ හොඳම නෑ

කන්නත් ඕනි…බඩගිනිත් එක්ක…ඒ වුනාට ඉතින් කතා කරන්නෙවත් නැතුව යන්නත් බෑ

කරන්න දෙයක් නැ…පස්සේ කනවා කියලා හිතාගෙන ම ඇඳට ගියා…ආයේ ඇහැරුනේ පාන්දර දෙකට විතර…දැන් නම් හොඳටම බඩගිනි…වෙලාව අදාල නෑ ඉතින් බඩගින්නක් දැනෙන වෙලාව තමා කන්න හොඳම වෙලාව

එකයි විසි පහයි වෙලාව…අම්මා නම් නිදිනෙ…අයියා නම් නිදි නැතුවැති සමහරවිට…ලයිට් දාන්නත් බෑනෙ…ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරගෙනම කුස්සියට ගියා

අඩේ කන්න මුකුත් නැද්ද දෙවියනේ 🥲

පණ්ඩිතකම පැත්තක දාලා අර වෙලාවේ කෑව නම් මෙහෙම වෙන්නෙ නෑනෙ…මට උයලත් නැද්ද කොහෙද රෑට කන්න…බිස්කට් එකක් බඩට දාගෙන තමා ඉන්න වෙන්නේ…එකක් කාලත් මදි හැබැයි…බිස්කට් ටින් එක පිටින්ම කාමරේට අරන් ගියා නම් හරි

නෑ වැඩේ හරි ගියේ නෑ…බිස්කට් ටින් එකත් අරන් අනිත් පැත්ත හැරෙනකොටම කුස්සියේ ලයිට් ඔන් වුනා

යසයි 🥲

අයියා මෑන්ස්

“තමුසෙ මෙතන්ට වෙලා මොකද කරන්නේ නේ වෙලාවේ”

“කෑගහන්න එපා හලෝ…අම්මා ආවොත් එහෙම කොස්සෙන් කන්න වෙන්නේ…මං මේ බිස්කට් එකක් කන්න ආවේ”

“එකක් කන්න ආවා නම් ටින් එකම බඩබැදන් මොකද”

“ඒකෙන් වැඩක් නෑනෙ…තමුසෙ මොකටද අයියා කුස්සියට ආවේ”

“තේ එකක් හදාගන්න ආවේ…තමුසෙටත් ඕනෙද”

“ඕනෙද අහන්නේ ඉතින් හදලා දෙන්න 😌”

දෙන්නත් එක්කම තේ හදලා එළියට බැස්සා…අයියාස් එක්ක පොඩි කතාවක් දාන් ඉඳලා නිදාගන්න යද්දි එළි වෙන්නත් කිට්ටුයිද මන්දා

…………………………………………………………………………………..

𝓝𝓪𝓭𝓾 💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *