සතියක් විතරම ඔහේ ගෙවිලා ගියා…අද යන්න ඕනෙ ක්ලාස් එකට…පටන් ගන්නේ 9ට නිසා ලොකු අවුලක් නෑ අපි යන වෙලාවේ…නැත්තෙමත් නෑ හැබැයි
කලින් යන්න ඕනෙ කියලා 8 පහුවෙද්දිම මං ටවුන් එකේ…8.30 පහු වෙද්දිත් මෙතූ නෑ…නවයට දහයක් විතර තියලා තමා මෝඩ ගෑනි ආවේ…පරක්කු වුනා කියලාත් කිසි ගානක් නෑ…නලව නලව එනවා
දුර තියාම මට අත වනනවත් එක්ක
වරෙන් වරෙන් උඹ එනකන් තමා හිටියේ මෝඩ ගෑනි
“පයින් ද ආවේ උඹ”
“අඩෝ සොරි බන්”
“වරෙන් යන්න ඉක්මනට…නවයටත් කිට්ටුයි දැන්”
පාරත් මාරු වෙලා ක්ලාස් එක ඇතුලට යද්දි වෙලාවට තාම සර් ඇවිත් නෑ වගේ
අද නම් වෙලාව හොඳයි වගේ…ඉතින් ඊළඟට එක දිගට පැය දෙකක්ම ක්ලාස් එකේ…ඉන්ටවල් එකෙන් පස්සේ එක වෙද්දි ක්ලාස් එක ඉවරයි
“මේ විහා…අහපන්කෝ”
“අහන් ඉන්නේ කියපන්…අද ඉක්මනට ගෙදර යමන්”
“ඇයි මොකක් හරි වැඩක් තියේද උඹට”
“ඔව් ඔව් ලොකු වැඩක්”
“මොකක්ද”
“නිදාගන්න එක බන්…පට්ට නිදිමතේ ඉන්නේ මං”
“චික් ඒ උඹ…මේ ෂෙහාන් අද ටවුන් එකට එනවා කිව්වා…ටිකක් ඉඳලා යමන් ආ”
ඔය කිව්වේ කතාවක්…කලින් යන්න ඕනෙ කියලා කටගන්න හම්බුනේ නෑ…දැන් ඉතින් කලින් යන්න වෙන්නේ මගුලේ තමා…තුනටවත් ගෙදර යාගත්තොත් ලොකු දෙයක්
“මං මොකට උඹලා දෙන්නාව සෙට් කරාද මන්දා ඕයි…පුදුම වදයක්නේ දෙන්නේ”
“හරි හරි ඕයි විනාඩි දහයයි”
“මං කියන්නෑ උඹේ විනාඩි දහය…ඌ දැක්කහම උඹේ වොච් එකේ වෙලාව යන එක නවතිනවනේ…කන අස්සේ බෝම්බෙයක් පිපුරුනත් දන්නැ…සත්‍ය ප්‍රේම භෘංගරාජයෝ දෙන්නා”
බැන බැනම ක්ලාස් එකෙන් එළියට එද්දි මෝඩ ජෝඩුව ඇවිල්ලා මෙතන්ටම…වෙලාවට අනිත් මෝඩයත් ආවේ…නැත්තම් ලව් බර්ඩ්ස්ලා ගිහාම මං තනියෙන්…සහන් මෑන්ස් එක්ක වලියක් දගත්තාත් ඇති කාලේ ගෙවිලා යනවා
ඉතින් සුපුරුදු පරිදි මං සහන් එක්ක ඉස්සර වෙද්දි අරුන් දෙන්නා පිටිපස්සෙන් එනවා…එනවා කියනවට වඩා හොඳයි බඩගානවා කිව්වා නම්…ගොළුබෙල්ලත් යනවා ඔයිට වඩා ඉක්මනට
“මොකද උඹ ආවේ”
“අරූ එන්න කිව්වා මං ආවා”
“ඇත්ත කියනවා හලෝ කෙල්ලෙක් බලන්න නේ ආවේ”
“අපෝ මේ මට නම් කෙල්ලෝ එපා”
“අනේ යනවා හලෝ යන්න තමුසේ ආවේ අර කෙල්ලව බලන්නනේ…මං දැක්කා එයාව උදේ”
“අනේ කටවහන් හිටපන් බන් හැමවෙලේම ඕක කියවන්නේ”
“මයි කට මයි වචන උඹට අමාරුවක් නෑනේ”
“ආ මේ මං අහන්න හිටියේ උඹෙන්”
“මොකක්ද”
” මොකක්ද අර ඊයේ කියපු නම”
“මොන නමක්ද”
“ඇයි අර මං නින්ද කැඩුවා කියලා කිව්වේ මොකක්ද එකක්”
“මට මතක නෑ ඕයි”
“කොහෙන්ද බන් ඒ වචන හොයාගන්නේ”
“මගේ ටිකිරි මොලේ තමා ඉතිම් 😌”
“ටිකිරි මොලේ හොඳයි ඇලේ දාලා හෝදන්න 😂”
“මොකද හිනාවෙන්නේ”
“උඹ ඔය විදිහට වෙන එකෙක්ට බැන්නා නම් එහෙම ෆෝන් එකෙන් අත දාලා උඹේ කන අතගාන්නේ…මං හින්දම හොඳයි 😂”
යැයි යැයි චමා…
ගෙබි හිනාවේ කැතවත්…පුදුම මිනිස්සු තමා මුන් නම්
“හරි හිනා…ඕකේ කොයි කෑල්ලටද කියපන්කෝ මං හිනාවෙන්න ඕනි”
“😒 හා හා මේ බඩගිනි ඕයි”
“ඉතින් මට මොනාද කරන්න් කියන්නේ”
“ජූස් බාර් එක පැත්තේ රවුමක් දාලා එමුද නම්කි”
“රවුමක් දාලා ආවහම උඹේ බඩ පිරෙනවද බන් අයියේ”
“යමන්කෝ”
ආවොත් බස් සැටෑන්ඩ් එකේ හිටපන් කියලා මෙතූට මැසේජ් එකකුත් දාලා සහන් එක්ක ජූස් බාර් එකට ගියා…මේකේ ඉන්න එවුන් හිතනවා ඇති මායි මූයි කපල් එකක් කියලා…හරිම සෝචනීයයි පෙන්ස්
විනාඩි විස්සක් විතර එතන…එතනින් එළියට බැහැලා කෙලින්ම බස් ස්ටෑන්ඩ් එකට…අම්මේ ලෝක පුදුමයක්…මුන් දෙන්නා බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා
ඉතින් මෙතූ එක්ක්ම බස් එකට නැග්ගා…ගෙදර එද්දි තුනට කිට්ටුයි…මං යද්දි අම්මා ලෑස්ති වෙලා කොහෙද යන්න
“කොහෙද යන්නේ”
“මළගෙදරක් චූටි”
“කවුද”
මොකක්දෝ මන්දා දුර නෑකමක් කිව්වා…මං දන්නේ කවුදෝ මනුස්සයෙක් මැරිලා කියන්න විතරයි
“දොරවල් වහන් ඉන්න චූටි…වැස්සොත් එහෙම අර එළියේ රෙදි ටික ගන්න”
හා කියලා අම්මා ගියාට පස්සේ වොෂ් එකකුත් දාගෙනම ඇවිල්ලා කන්න පටන් ගත්තා
කාලා එහෙම ඉවර වෙලා දැම්මා පොඩි නින්දක්…ආයෙ නැගිටිද්දි කලුවරත් වගේ…ඒ අස්සේ වහිනවත් එක්ක…බඩගින්නකුත් දැනුන නිසා තේ එකක් හදාගන්න ගියා කුස්සියට
තේ එකත් හදාගෙන වැස්ස වෙලාවේ ජීවිතේ විඳින්න කියලා හිතාගෙන ගියා ජනේලේ ගාවට…එතකොට තමා මතක් වුනේ ‘චූටි වැස්සොත් එළියේ තියෙන රෙදි ටික ටික ගන්න’
රෙදි ටික බිම පාවෙනවා…යසයි චූටියෝ උඹ…මව්තුමියගේ මූණ මැවි මැවී පෙනෙද්දි ජීවිතේ විඳිල්ල පැත්තක දාලා ගිහින් පාවි පාවි තිබ්බ රෙදි ටික අරන් ආවා
මීට වඩා හොඳයි ජනේලේ ගාවට ගියපු වෙලාවේ හෙනයක් ගැහුවා නම්
අම්මා ආවේ ටිකක් රෑ වෙලා…ඉතින් චූටිගේ හපන්කම් දැකලා අම්මාට හරිම සතුටුයි…මෙලෝ සිහියක් නෑ කියලා හරිම ලස්සනට සතුට ප්‍රකාශ කළා…මටත් හරිම සතුටුයි
…………………………………………………………………………………..
“අම්මේ…අම්මේඒඒඒඒ”
“මොකද චූටි බෙරිහන්දෙන්නේ ඔච්චර”
“මේ කෝල් එකක්”
“ඉතින් ඕක ආන්සර් කරන්න බැරිද…මොකද ෆෝන් එකෙන් ඇවිත් උඹව ගිලිනවද”
අම්මාට ෆෝන් එක දීලා මං ආයෙම කාමරේට…හරිම කම්මැලි අප්පා…පොඩ්ඩක් වට්සැප් පැත්තේ ඔලුව දැම්මා
මැසේජ් එකක් මෙතූගෙන්
Me ahapnko
වෙලාව රාත්‍රී එකොළහා පසු වී විනාඩි හතලිහයි තත්පර තිස් එකයි…ම්ම් නයිස්…අදත් නිදාගෙන ඉවරයි කියලා හිතාගෙනම දැම්මා රිප්ලයි එකක්
Oo kiyapm
Arayta kiypnko mt msg ekk dnn kiyla
ම්ම් නයිස්…ලව් බර්ඩ්ස්ලා රණ්ඩු වෙලා වගේ
Adath randu unda uba uth ekk
Ithin eya thama 😒
Ha ha nahen adnne nthuwa idahn
පුදුම වදයක් තියන්නේ මුන් දෙන්නාගෙන්…ෂෙහානයාටත් මැසේජ් දැම්මා…මෑන් ඔන්ලයින් ඉඳල තියන්නෙ හතරයි ගානකට…මැසේජ් එක දාලා ඕෆ්ලයින් ගියා
ඩේටා ඔන් එකේම තියලා කුස්සියට පැත්තේ රවුමක් දැම්මේ කන්න මොනාහරි තියේද බලන්න
ම්ම් අයිස් ක්‍රීම් එකක් නම් තියනවා…කන්නමයි හිතෙන්නේ…වෙලාව නම් දොලහාටත් කිට්ටුයි…අවුලක් නෑ අම්මාත් නිදි එකේ එයා බනින්නෙත් නෑනෙ…කප් එකත් එක්ක හැන්දකුත් අරන්ම ෆැන්ට්‍රිය උඩින් වාඩිවුනා
ටිකයි කාගන්න පුළුවන් වුනේ…ෆෝන් එක රින්ග් වෙනවා මෙතන්ටම ඇහෙනවා…ඕකෙ සද්දෙට අම්මා නැගිටලා මෙතන්ට එද්දි අයිස් ක්‍රීම් එකක් කප් එක පිටින්ම කකා ඉන්න එයාගේ චූටිව දැක්කහම අම්මාගේ මුනේ විලාසේ ඇස් ඉස්සරහා මැවි මැවී පෙනෙද්දි කප් එක හැන්දත් එක්කම ෆිජ් එකට දාලා කාමරේට දිව්වා
කවුඅ යකෝ මේ යක්කු ගස් නගින වෙලාවේ කෝල් අරන් වද දෙන මෝඩයා කියලා හිත හිතාම ෆෝන් එක අතට ගත්තේ
Methuu ❤️
ර්…
මේ යස්සනී…ෂුවර් එකටම ගෑනියි මිනිහයි අද රණ්ඩු වෙලා…අද නම් ෂෙහාන් බොසාට නහුතෙටම තද වෙලා වගේ…නැත්තම් වෙනදාට මේකි තමා ඌව බ්ලොක් ලිස්ට් දාන්නේ…එතකොට මෙහෙම මහ රෑ කෝල් අරන් වද දෙන්නේ ඒ මනුස්සයා…අද මේ යස්සනී…පුදුම මිනිස්සු තමා මුන් නම්
කෝල් එක කට් වෙනකන් බලන් ඉඳලා මැසේජ් එකක් දැම්මා
Mokda bn me maha ra
Ado aru katha krnne na bn
Ubta epa nm mtth epa kiyala nikn hitapn
Ow ow mn aye katha krnne na bn
අඬනවා දොඩනවා ඉවරයක් නෑ…ඉතින් මහ පාන්දර වෙනකන් මේකිගේ හිත හදලා නිදාගත්තා
…………………………………………………………………………………..
උදේ පාන්දර නැගිටලා (පාන්දර කිව්වට වෙලාට එකොලහයි 😌) ඩේට ඔන් කරද්දිම මෙතූගෙන් මැසේජ් එකක්
Api denna aye yalu una bn
හරිම අගෙයි මිතුරේ…නිදිමරගාතේ ඇහැරන් මේකිට උපදෙස් දිදී මොකට හිටියද මන්දා…ඇපි දෙන්නා ඈයේ යෑලු වුනා බැන් 😒
හැඩ හැච තමා
රිප්ලයි කරන්න ඕන්නෑ ඕකුන්ට…සීන් කරලා නිකන් හිටියා…ඇයි යකෝ මල සමයං බෝල සබන්…පුදුම මිනිස්සු තමා මුන් නම්
“චූටි”
“ඇයි”
“එනවා ඔය කාමරෙන් එළියට…මුලු දවසම කාමරේ අස්සේ රිංගන් මොනවා කරනවද දන්නෑ…බ්ලා බ්ලා බ්ලා”
ඉතින් එසැණින් කාමරෙන් එළියට…අම්මා නම් එළියට වෙලා මල් පැළ වගයක් බදාගෙන
ගිහිල්ලා ඒ හරියට වෙලා ඇවිද ඇවිද හිටියා…බඩගිනිත් එක්ක…බත් එකකුත් බෙදාගෙනම ආවා නම් හරි
“කොහෙද යන්නේ”
“බත් එකක් බෙදන් එන්නම්”
බත් එකකුත් බෙදාගෙනම ආයේ එළියට ආවා
කාලා බීලා අම්මා එක්ක කයියක් දාගෙනම හිටියා
“චූටි අයියාට කෝල් එකක් ගන්නකෝ”
මගේ ෆෝන් එකේ ඉතින් හදිස්සියකට කෝල් එකක් ගන්නවත් සතයක්වත් නෑ…අම්මාගේ ෆෝන් එකම අරන් ආවා…දෙපාරක් තුන්පාරක් රින්ග් වෙද්දිම මෑන්ස් ආන්සර් කලා
“හෙලෝ අම්මා”
“ආ පුතේ මොකද කරන්නේ”
“ආ තමුසෙද”
“ඔහොමද අම්මාට කතා කරන්නේ ආ…උඹේ හැදියාව නම් අන්තිමයි පුතේ”
“මේ චූටි මගෙන් මුකුත් අහගන්නේ නැතුව ගත්තේ මොකටද කියනවා”
“මං ගත්ත එකක් නෑ…අම්මා තමා ගන්න කිව්වේ”
“අම්මාට ෆෝන් එක දෙනදා එහෙනම්”
පුහ්
පුදුම ලොකුකමක්නේ මුගේ තියන්නෙ…මලවිකාර
අම්මාට ෆෝන් එක දීලා නිකන් හිටියා
එහා පැත්තෙන් කියන ඒව නම් ඇහෙන්නේ නෑ අම්මා කියන ඒවා විතරයි ඇහෙන්නෙ
උඹටත් ඕන්නැති දෙයක් නෑ නේද චූටි වගේ වර්ශන් එකෙන් මගේ දිහා බලන් ඉඳලා,
“මං පස්සේ ගන්නම් පුතේ”
කියලා කෝල් එක කට් කලා…හරියට නිකන් මේකි මෙතන ඉන්න නිසා කතා කරන්න බෑ වගේ සීන් එකක් තිබ්බේ
“ඇයි පස්සේ ගන්නම් කිව්වේ මං මෙතන ඉන්න හින්දද”
“අයියාට වැඩක්ලු”
“අනේ යන්න අම්මේ බොරු නොකියා…ඔයාලා මහ හොඳ නෑ”
“නිකන් බොරුවට නාහෙන් අඬන්නේ නැතුව හිටපන් චූටි”
අම්මාටත් ගස්සගෙන ආවා ගේ ඇතුලට
ඇඳට වෙලා පෙරළි පෙරළි ඉද්දි මතක් වුනේ එදා අරුන් දෙන්නා එක්ක අන්තිමට එක්සෑම් එකට කලින් ක්ලාස් ගියපු දවසේ ගත්ත ෆොටෝස් ටික මගේ අතින් ඩිලීට් වුනා නේද කියලා…මෙතූ ගාවත් ඒව තිබ්බේ නෑ…ඉතින් මං දැම්මා සහනයා…මෑන් ඔන්ලයින්…විනාඩි දහයක් විතර බලන් හිටියා…සීන් කරන්නෑ…බලන වෙලාවක බලයිනෙ කියලා ඕෆ්ලයින් ගියා
දවල් දාපු මැසේජ් එකට රෑ වෙද්දිත් රිප්ලයි එකක් නෑ…හැබැයි බලන හැමවෙලාවෙම ඌ ඔන්ලයින්…ඉතින්,
You deleted this massage
මට ඔහොම එවුන්ව පේන්න…මැසේජ් එකක් දැම්මහම ඒක සීන් කරන්නැතුව ඔන්ලයින් එන්න එකෙන් උන් පෙන්නන්න හදන්නේ උන් හරි බිසී කියලද දන්නෑ…උගේ අප්පගේ බිසී වීමක්නේ යකෝ ඒක
ටිකකින් මැසේජ් එකක් සහන්ගෙන්,
Monada dlt kale 🙄
ඩිලීට් කලා උඹේ අහවල් එක…මල මගුල…ඩිලීට් කරහම වෙන්නැති මුන්ට පේන්නේ මේවා…රිප්ලයි කරන්න ඕන්නෑ…සීන් කරලා නිකන් හිටියා
එදා දවසත් සුපුරුදු කාලකන්නියා වගේ ගේ අස්සට වෙලාම ගෙවලා දැම්මා
…………………………………………………………………………………..
𝓝𝓪𝓭𝓾 💕