බස් මෑන් අයියයි අපේ අයියයි බස් එකට නැග්ගේ මාත් එක්කමයි
ටවුන් එකේ මොකක්ද වැඩක් තියනවා කියලා පිස්සු අයියලා ඩබලත් මාත් එක්කම බැස්සා
බස් එකෙන් බැහැලා කෝල් එකක් ගත්තේ මගේ පාප මිතුරියට
“හෙලෝ”
“කොහෙද ඉන්නේ බන්”
“විනාඩි පහෙන් ඔතන”
“කොතනද මං ඉන්නේ කියපන්කො”
“හෝල්ට් එකේනේ”
“ඉක්මනට වරෙන්”
“කොහෙද ඉන්නේ යාලුවා”
“විනාඩි 5න් එන්නම්ලු කිව්වේ”
“එයිද විනාඩි 5න්”
“පිස්සුද හලෝ තව නිදි ඇති සමහරවිට”
“ඉතින් තමුසේ ක්ලාස් එකට යනවා චූටි”
“හරි ඉතින් මං මෙතූ ආවහම යන්නම්”
“තනියම ඉන්න පුළුවන් ද”
“අනේ මාව උස්සන් යන්නැ හලෝ කවුරුත්”
“එයා එනකන් ඉන්නද”
“ඕන්නැ අයියා ඔයාලා යන්න”
“එහෙනම් අපි යනවා චූටි”
“යාලුවා එන්නැත්තම් ක්ලාස් එකට යන්න කියපන් උඹ අයියා නේද”
“හැමදාම ඉන්න නිසානේ ඉන්නේ…අද විතරක් මොකටද වෙනසක්”
“අන්නේකනේ…අපේ අයියාට තේරුන එක ඔයාට තේරුනේ නෑනෙ බස් මෑන් අයියේ”
“හා හා අපි යනෝ නංගා”
“ආයෙ එනවා නම් කන්න එහෙම මොනාහරි අරන් එන්න හොඳේ…එදා වගේ අත් දෙක වන වන එන්න එපා”
“මං එන්නෑ ආයේ උඹලාගේ ගෙදර”
“ඉතින් අපිට පාඩු වෙන්නෑනේ”
“යමන් බන් මෙතනත් කියවන්න ගත්තේ”
“බායි බෝම්බේ”
මටද මේ මනුස්සයා මේ බෝම්බේ කිව්වේ…කවුද යකෝ බෝම්බේ…ඉන්නේ පාරේ නෙවෙයි උනානම් කෑගහලා අහනවා…කිව්ව පමාවට මේ ජෝඩුව පාර මාරුවෙලත් ඉවරයි…මුන් නම් පුදුම මිනිස්සු තමයි
පැය බාගෙකටත් වඩා මං මෙතන…තාම නෑනෙ මේ ගෑනිච්චි…මට ගෙදර ගිහින් තුන් හතර පාරක් එන්න තරම් වෙලා
තවත් විනාඩි 15කට විතර පස්සේ ආපු හුචු හුචු බස් එකකින් තමා ආවේ…මෙච්චර වෙලා ගිහිල්ලත් කිසිම ගානක් නැති හැටියක්…හතර වටේට කැරකි කැරකි ඔහේ එනවා
“ගුඩ්මෝනිම් විහා බබා”
“මෝනිම්”
“අපෝ බන් ගුඩ්මෝනිම් කිව්වහම වෙරි ගුඩ්මෝනිම් කියන්න පුරුදු වෙයන්කෝ…වෙරිත් නෑ ගුඩුත් නෑ මෝනිම් විතරයි 😒”
“වෙලාගිහින් ඇවිත් මෙතන…තව මගුල් කියවන්නත් එනවා 😒”
“අනේ ඉතින් ඒකද මේ සුදුමැනිකට තරහ ගිහින් තියන්නේ”
“යමන් ඉක්මනට දැන්වත්…8.20යි වෙලාව”
…………………………………………………………………………………..
ක්ලාස් එක පටන් අරන් පැයකටත් කිට්ටුයි…ක්ලාස් එකට යද්දි සර් උගන්නනවා…ශේප් එකේ ඇතුළට ගිහින් පිටිපස්සෙම පෝළිමකින් වාඩිවුනා…සර් නෝට් එක කියව කියව හිටපු නිසා දැක්කේ නෑ කියලා හිත හදාගත්තා
විනාඩියයි ගියේ…එච්චරවත් නැද්ද මන්දා
වාඩිවෙලා පොතවත් එළියට ගන්න බැරි වුණා
නෑ නෑ ඒ හැදිච්ච හිත කැඩිලාම ගියා පෙන්ස් 🥲
නෝට් එක කියවන එකත් නවත්තලා සර්,
“ළමයි ආයේ ක්ලාස් එක පටන් ගෙන විනාඩි 15 බලන්නේ…ඊට පස්සේ ක්ලාස් එකට එන ළමයි ඇතුළට ගන්නේ නෑ…දැන් ආපු දෙන්නා ඇවිත් මේ ඉස්සරහා පෝළිමෙන් වාඩිවෙන්න”
යසයි යසයි
විලිලැජ්ජාව බාල්දියෙන් එකයි…මුලු ක්ලාස් එකේම ළමයි පිටිපස්ස හැරිලා බැලුවේ නැතෑ
අනිත් දවස්වලටත් පරක්කු වෙලා තමා අපි දෙන්නා එන්නේ…එතකොටත් සර් ළඟට ඇවිල්ලා මොනවාහරි කියලා යනවා…ඒ වුනාට අද 🥲
මෙතුකි දිහා බලද්දි මහ ගොන් හිනාවක් දාගෙන මගේ දිහා බලන් ඉන්නවා…අතේ තියන බෝතලෙන්ම දමලා ගහන්න හිතයි මූනටම…මෝඩ ගෑනි 😑
“ඉක්මන් කරන්න ළමයි”
සර් ආයෙත් අණ දෙන්න ගත්තට පස්සේ තමා නැගිටලා ගියේ
ඉස්සරහාට යද්දි කොල්ලොන්ගේ පැත්තේ විතරයි ඉඩ තිබ්බේ…ඒ පැත්තේ ඩෙස් එකකින් ගිහින් වාඩිවුනා
ඉස්සරහා ඩෙස් 5ක් විතර ඉතුරු කරලා තමයි මුන් හැමදාම වාඩිවෙන්නේ…පිස්සු යක්කු
සර් උගන්නන්න පටන් ගත්තා…කරකලා අතෑරියා වගේ…මොන පාඩමද කරන්නේ කියන්න දන්නෙත් නැති නිසා පිටිපස්සෙ ඉන්න කොල්ලාගෙන් අහන්නම් කියලා ඇරුනේ මට එහා පැත්තේ ඉන්නෙත් මං වගේම තවත් එක වැස්සියක් කියලා දන්න නිසා
“ජාතික ගිණුම්කරණය රිවිශන් ටියුට් එක”
සර්ගේ කටහඬ එහා පැත්තෙන් ඇහෙද්දි මං ගැස්සිලා සර් දිහා බැලුවේ…සර්ටත් මෝඩ හිනාවක් දාලා ටියුට් එකට මූණ ඔබා ගත්තා
සර් උගන්නනවා අපි අහන් ඉන්නවා
ගනන් හදනවා
නෝට් ලියනවා
එකදිගට 10 වෙනකල්ම නෝට් එකක් ලිව්වා…අතත් රිදෙනවා
10න් පස්සේ සර්ගේ කියවිල්ල…වෙලාවකට මලම විකාරයක් වගේ මට නම්…සමහරු නම් කියන කියන එකට බොරුවටත් එක්ක හිනා වෙනවා…හරියට නිකන් හාමුදුරුවෝ බණ කියද්දි කාට හරි බැන්නත් සාදු සාදු කියනවා වගේ
මට එහා පැත්තේ ඉන්න එකී නම් නිදි කිරනවා…මෙච්චර නිදියලත් මදිනේ ඇත්තට
පැය බාගයක් විතර කියවලා 10.30ට ඉන්ටවල් එක දුන්නේ
“ඉන්ටවල් එකෙන් පස්සේ ගනන් ටික හදමු…11.15ට එන්න ළමයි”
මේ ක්ලාස් එකේ ඉන්න කොල්ලොන්ගෙන් අපිත් එක්ක ෆිට් සහනුයි ෂෙහානුයි විතරයි…ඒකට හේතුව නම් ඉතින් මෙතූගේ බෝයියා ෂෙහාන් වුන එක…ෂෙහාන්ගේ බොක්කේ ෆිට් එක සහන් නිසා ඌත් අපිත් එක්ක් ෆිට්…ඌ නම් ටිකක් ට්රැක් අවුට් ඩයල් එකක්
අත හෝදන් එන්න යන්න නැගිටින්න හදද්දිම එකෙක් ඇවිත් ඔලුවට ගැහුවා…හැරිලා බලද්දි සහන්
“මොකද යකො වෙලා තියන්නේ…උඹට අත පය තියන් ඉන්නම බෑද 😒”
“ආව් අම්මේ මගේ කන…කන කීන් ගෑවා ඕයි උඹේ ටකරං සද්දෙට”
“හොඳ වැඩේ උඹටත්”
“උඹත් ඉතින් කෙල්ල ඉස්සරහට ආවහම මාව කපනවා නේහ්…ඒකට නම් මෙතන රිදුනා සුද්දාහ්”
ඒ පාර සහන් පපුවට අත තියන් කියවනවා
“වෙන කොහෙවත් රිදුනේ නැද්ද බන් ඉතින්”
“උඹත් දැන් එහෙමයි නේද විහා”
මට මුකුත් කියාගන්න හම්බුනේ නෑ…මෙතුකියා මාවත් ඇදන් ටැප් එක ළඟට දිව්වා
අත හෝදන් එන ටිකට බෑග් එකේ තිබ්බ කෑම එක කනවා මුන් දෙන්නා…හරියට නිකන් හත් අවුරුද්දකින් කාලා නෑ වගේ
“අපෝ හෙමින් කාපන් සහන්”
“උඹලා හෙමින් කකා හිටපන් විහා අපි කනවා”
අපි දෙන්නට කන්න දෙයක් නෑ එකේ…මගේ කෑම එක උන් දෙන්නා කාලා ඉවරයි…පුදුම මිනිස්සු තමා මුන් නම්
“මෙතූ උඹේ කෑම එක ගනිම්”
“අඩෝ මං ගෙනාවේ නෑ බන්”
“දැන්ද යකෝ කියන්නේ”
“අමතක වුනා ඕයි”
“අඩෝ බඩගින්නේ ඉන්න බෑ ඕයි…මේ ෂෙහාන් උඹ මොනාහරි ගෙනත් දීපන් අද”
“ඒ මොකටද මං ගෙනත් දෙන්නේ”
“උඹේ සුදුනෝනා අද කෑම ගෙනත් නෑනෙ”
“ඉතින්”
“ඉතින් කිතුල්…මගේ කෑම එකත් උඹලා දෙන්නා කෑවනේ…අපිටත් බඩගිනියි ඕයි”
“හරි මේ සල්ලි තියනවා නේ උඹලා ගාව”
“මොකටද”
“සල්ලි දාලා රයිස් එකක් ගමු”
“උඹලාට ඕනෙ නෑනෙ…මගේ අර තඩි බත් එකම කෑවනේ”
“ඔව් ඔව් අපිට නෙවෙයි උඹලාට…සල්ලි දීපන් ගෙනත් දෙන්නම්”
“අපිම අරන් එමු නේද බන්”
“අපි කන්නෙ නැ බන් ඕකෙන්”
මං දන්නැතෑ මුන් දෙන්නගේ හැටි…තව මොනවා දුන්නත් බඩ පිපුරුවත් මුන් දෙන්නා කනවා
කොහොමහරි කාලා එහෙම ඇවිත් ක්ලාස් එකෙන් වාඩිවෙද්දිම සර් ආවා
ඉන්ටවල් එකෙන් පස්සෙ ගනන් හදන්න ගත්ත නිසා ලොකු අවුලක් නෑ…නෝට් එක ලිව්වා නම් නිදි කිරනවා
ඒත් වෙනසක් නෑ පැයක් විතර යද්දි ඔලුව කෙලින් තියන් ඉන්න බෑ නිදිමතයි
ගනන් හදනවා කිව්වට මට නම් මෙලෝම දෙයක් තේරුනේ නෑ
“ක්රියාකාරකම 03 බලන්න ළමයි”
හීනත් පෙනි පෙනි නිදිමතේ ඉද්දි සර්කාරයා ළඟටම ඇවිත් කෑගහද්දි අතේ තිබුන පෑනත් බිමට වැටුනා…ඒ පාර නම් නිදිමතත් අන්තරස්දහන් වෙලා ගියා
වෙලාව යන්නෙත් නැද්ද මන්දා අද
“අද පේපර් ක්ලාස් එක නෑ ළමයි…ලබන සතියේ නම් තියනවා…පාස් පේපර් ටික කරන් එන්න හැමෝම”
සර් ඒක කියද්දි ළමයි පොත් බෑග්වලට දාගෙනත් ඉවරයි
“ඊළඟ ගානට යන්න”
ඔක්කොගෙම මූණු දෙක වෙලා ගියා
අනේ සර් දැන් ඇති ගගා ඔක්කොමලා කෑගහනවා
තවත් විනාඩි 20ක් විතර ඇදලා තමා ක්ලාස් එක නැවැත්තුවේ
ක්ලාස් එකෙන් එළියට එද්දි සහනුයි ෂෙහානුයි අපි එනකන් බලන් ඉන්නවා එළියට වෙලා
මෙතූ ෂෙහාන් එක්ක එද්දි මං සහන් එක්ක ඉස්සර වුනා
“අඩෝ බඩගිනියි බන්”
“මටත් මොනාහරි අරන් දීපන්කෝ සහන්”
“උඹලා ඔක්කොටම අරන් දෙන්න සල්ලි නෑ ඕයි මං ගාව”
“කවුද ඔක්කොම”
“ඇයි අරුන් දෙන්නා”
“උන් දෙන්න ලව් බර්ඩ්ස්ලානේ…අපි දෙන්නා ගිහින් කාලා එමු”
“හා හා”
අපි දෙන්නා ගියා ජූස් බාර් එකට…එතන ටිකක් වෙලා ඉද්දි මෙතුගෙන් කෝල්
“කොහෙද බන් ඉන්නේ උඹලා දෙන්නා”
“උඹ කොහෙද ඉන්නේ”
“ක්ලාස් එක ගාව බස් ස්ටෑන්ඩ් එකේ”
“තවත් ඔතන මොනවද කරන්නේ…ඉස්සරහාට වරෙන්”
“උඹ කොහෙද ඉන්නේ”
“මං එන්නම් උඹ වරෙන්කෝ”
සහනාවත් ඇදන් ආවා අපි බස් එකට නගින තැනට…ඒ වෙද්දිත් එතනට ඇවිත් නෑ
“කොයි බන් මුන් දෙන්නා”
“කීයටහරි එයිනේ”
අපිට විනාඩි 10න් එන්න පුළුවන් දුර එන්න මේ දෙන්න පැය 10ක්වත් යයි වගේ
2.30ට ක්ලාස් එක ඉවර වුනාට 3ටත් අපි ටවුන් එකේ
අපේ අයියා මෑන්ස් එහෙම දැක්කොත් මාව ඇදන් යයි
යාන්තම් 3.15 බස් එකට නැගගත්තා
“මේ උඹලගේ අයියා ගියාද බන්”
“ඔව්”
“අර ආපු යාලුවත් ගියාද”
“ඔව් ඔව්”
“අපරාදේ මට බලාගන්න බැරි වුනානේ”
“උඹට ඉන්න එකා මදිද බන් ඉතින්”
“හරි හරි නිකන් කිව්වෙ”
“හාකෝ”
අද අයියාත් නැති නිසා බස් එකෙන් බැහැලා අම්මාට කෝල් කළාම වීල් එකක එන්න කිව්ව නිසා මාත් එහෙම ගියා
ගෙදර ගිහින් නාලා කාලා කාමරේට ගියේ පොඩි නින්දක් දාන්න හිතන්
“චූටි…”
………………………………………………………………………………….
𝓝𝓪𝓭𝓾 💕