එකත් ඉවර වුන නිසා රිසාල්ට්ස් එනකම් ගෙදරට වෙලා ඉන්නේ නැතුව කෝස් එකකට යන්න කියලා බල කරපු නිසාම මෙතුඉවත් ඇදගෙනම ඒකටත් ගියේ…අම්මාගෙයි අයියාගෙයි කටේ බලේට තමා ඉතින්
සහනුයි ෂෙහානුයි නම් නෑ…එක අතකට ඒක හොඳයි හැබැයි…නැත්තම් ඉතින් අර ක්ලාස් ඉවර වෙලා යද්දි වගේ ලව් බර්ඩ්ස්ලා පෙම් කෙලින්න ගත්තාම මට වෙන්නේ අර ගොනාගේ පාලු මකන්න තමා…එක එකියොන්ට පේන්න මූණ දිහා බලන් හිනා වෙලා කතා කරන්නයි…රටේ නැති මගුල් මට තියන්නේ
කෝස් එකට යන්න තියන්නේ බදාදාට විතරයි නිසා අනිත් දවස් ටික ගෙදර තමා…අදත් ඉතින් ගෙදරට වෙලා කාලේ කනවා…ඉස්සර නම් ගෙදරට වෙලා ඉද්දි පාඩම් හරි කරනවානේ…දැන් ඒකත් නෑ…මාර කම්මැලි…එක්සෑම් ඉවරයි කියලා ගැම්මෙන් හිටියට මොකද රිසාල්ට්ස් එද්දි ආයේ කරන්න වුනොත් එහෙම හොම්බෙන් තමා ඉන්න වෙන්නෙ 🥲
එක්සෑම් ඉවර වුන නිසා ෆෝන් එක ආයෙම මගේ අතේ…කොහොමත් ඉතින් අයියා ගත්තා කිව්වට එයා ඕක අතේ තියන් හිටියේ නෑ…ඒත් මංම තමා අතේ තියන් හිටියේ 😌
මගේ සුපුරුදු දින චර්යාව ඉතින් උදේ දහයට විතර නැගිටලා නැගිටපු වෙලේ ඉඳන් කාමරේ අස්සට වෙලා ෆෝන් එක ඔබන එක…ඒකේ බැට්රි බැස්සහම තමා කාමරෙන් එළියට බහින්නේ…එක්සෑම් ඉවර වෙන්න කලින් හිටපු විදිහට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියන්නේ…උදේ කෑමක් කියලා දෙයක් නෑ…උදේටයි දවල්ටයි දෙකටම තියන්නේ එක වේලයි
අදත් ඉතින් 10ට විතර නැගිටලා දත කට මැදලා මව්තුමිය හොයන්…ගේ හැමතැනම කෑගගහා අම්මාව හෙව්වට අම්මා නෑ…මව්තුමි මිසින්…දොරවලුත් හායි ගාලා ඇරලා දාලා කොහේ ගිහින් ද මෙයා
ගම දෙවනත් වෙන්න කෑගැහුවත් අම්මා මිසින්…කාමරේට ගිහින් ගත්තා අම්මාට කෝල් එකක්…වැඩක් නෑ ෆෝන් එක මගේ කන උඩ රින්ග් වෙනවා වගේ නිකන්…ඒක මගේ මේසේ උඩ…මෙයා මොන ලෝකේ ගිහින්…එළියට වෙලා ඉද්දි විනාඩ් විස්සකට විතර පස්සේ මලකුත් උස්සන් එනවා…මව්තුමි ඊස් බැක්
“කොහෙද අම්මේ ගියේ”
“උඩහා කඩේට චූටි”
“මට කියලා යන්න එපැයි අනේ…මං ගේ වටේම බැලුවා”
“මං කී පාරක් කතා කරාද චූටි…මොකෙක් හරි ඇවිත් උස්සන් ගියත් දන්නෑ”
ඉතින් ඒ කතාව එතනින් නවත්තන එන හොඳයි කියලා හිතුනා
“කන්න මොකුත් ගෙනාවේ නැද්ද”
කාපන් මගේ ඔලුව චූටි වගේ සීන් එකෙන් මං දිහා බලන් ඉඳලා ගෙට ගියා
…………………………………………………………………………………..
කාලා එහෙම ඇඳට වෙලා ඉද්දි නිකමට වගේ මතක් වුනේ අම්මා එක්ක පොඩි ෂොපින් පාරක් දාන්න ළඟදි යන්න බැරි වුණා නේද කියලා…ඒ ක්සනිකෙන් අම්මාවන් හොයන් ගියා
“අම්මේ”
“ඇයි”
“හෙට ටවුන් එකට ගිහින් එමුද”
“ඒ මොකද”
“නෑ මේ ළඟදින් ඇදුමක් එහෙම ගන්නත් බැරි වුනානේ”
“අයියා ආවහම එයාත් එක්ක යන්න චූටි”
“අනේ අප්පා එයා තව මාස දෙකකටවත් එන්නෑ කිව්වා…එක්සෑම් එහෙම ඔක්කොම ඉවර වෙනකන් ආයේ එන්නෑ කිව්වා
ඉතින් අඬලා දොඩලා මව්තුමීව වැඩේට කැමති කරගත්තා
…………………………………………………………………………………..
හෙට 10 වෙනකන් නිදාගත්තොත් එහෙම ෂොපින් කිරිල්ල කෙසේවෙතත් ෂොපින් එකක් ඔලුවේ දාන් තමා ඉන්න වෙන්නේ මට…කලින් නැගිටින්න ඕනෙ නිසා කලින් නිදාගන්නවා කියලා හිතාගෙන ඇඳට ආවා…ෆෝන් එකත් අරන්ම ආපු නිසා ඉතින් නින්ද ලෙෆ්ට්…නවය හමාර පහුවෙද්දි ඇඳට ආවට මොකද රෑ දොලහා පහුවෙද්දිත් මං අවදියෙන්…ඉතින් අදත් නිදාගද්දි පරක්කු වුනා…හතට විතර එලාම් එක තියලා නිදාගත්තා
ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔය එලාම් තිබ්බට මට ඕක ඇහෙන්නෙත් නෑ…අම්මාගේ එලාම් එකේ කිංකිනි නාදෙට තමා මං අදත් ඇහැරුනේ
ලෑස්ති වෙලා අම්මා එක්ක ආවා ටවුන් එකට…
යද්දිම දැකපු බ්ලස් එකකට හිත ඇදීඊඊඊලා ගියා
ඒක අරන් ෆිටෝන් කරන්න ගිහාම එතන පෝළිම…මේ මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නේ බොරුවට…අද සෙනසුරාදා දවසක්නේ ඉතින් සෙනග වැඩියි
“ගන්න එකක් බලලාම එක පාරම ෆිටෝන් කරා නම් හරිනේ චූටි”
අම්මාගේ ටිකිරි මොලේ කිව්ව කතාව ඇත්ත…ඉතින් ආයෙම අම්මා එක්ක ඇදුම් තෝරනවා
මට පේන්නම බැරි මේ ඇදුමක් තෝරන්න ගිහාම පස්සෙන් එන එවුන්ම…ඇයි යකෝ හරියට හොරෙන් අරන් යයි වගේනේ…ගන්න ගන්න එක මිස්ට ලස්සනට තියෙයි තියෙයි ගානවා…අයි නෝ ඕවා මාකටින් කියලා
“අම්මේ…මේ”
“මං ගවුමක් ගන්නද”
“අල්මාරියේ දාලා තියන්නද”
ර්…
වස ලැජ්ජාව මං අම්මාගේ කනට කරලා ඇහුවට මොකද අපේ අම්මා ඒක මුළු කඩේටම ඇහෙන්නම කිව්වා
මං ගවුම් ගත්තාට අඳින්නේ නැති එක ඇත්ත…ඒත් ඉතින් එහෙමයි කියලා ඕක ඔච්චර හයියෙන් කියන්න ඕනෙද මං අහන්නේ…ඉතින් ගවුමක් ගන්න අදහස අතෑරලා දාලා ඇඳුම් පහක් හයක්ම අරන් ගියා ෆිටෝන් කරන්න…නෑ නෑ මේ ඔක්කොම අරන් දෙන්නේ නෑ…වැඩිම වුනොත් දෙකක් හරි තුනක් අරන් දෙයි…එච්චර තමා…තව ඉල්ලන්න ගියොත් නිකන්ම ගෙදර යන්න තමා වෙන්නේ
ෆිටෝන් කරන කරන එක අම්මාටත් පෙන්නන්න එපැයි…නැත්තම් එහෙම ගෙදර ගිහින් ඇන්දහම ආයේ ගිහින් දීපන් කිව්වොත් එහෙම
කොහොමහරි සෙට් වුන ලස්සනයි කියලා හිතුන දෙක තුනක් ගත්තා…ඊළඟට බලෙන්ම වගේ අම්මාටත් මොනාහරි ගන්න කැමති කරවගත්තා…නැත්තම් එහෙම ඕවා පස්සට කරදර…එයාටත් අරගත්තාම දෙන්නාටමනේ…ඒක නිසා ලොකු අවුලක් නෑ
දැන් නම් හොඳ පණ ගිහිල්ලා…අම්මා ඇදුමක් තෝරගන්නකන් මාත් එතන්ට වෙලා හිටගෙන හිටියා
“චූටි”
“අයියාට මොකක් හරි ෂර්ට් එකක් බලන්න…මං එනකන්”
“හා”
ඊළඟට මං ගියා අපේ අයියා මෑන්ස්ට ෂර්ට් එකක් තෝරන්න…මාර සෙනගක් ඉන්නේ අද…ඒ අස්සේ එක්කෙනෙක්ගේ ඇඟේ හැප්පුනා…ම සොරි කියලා අනිත් පැත්ත හැරෙද්දි වටේ පිටේ හිටපු මිනිස්සු නිකන් අමුතු ජීවියෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලන් ඉන්නවා…මං ආයෙම හැරිලා බැලුවේ අර හැප්පුන මනුස්සයා දිහා…එතකොට තමා දැක්කේ ඒ ඩමියක් කියලා 🥲💔
දෙයියනේ දෙයියනේ මේ මොන වස ලැජ්ජාවක්ද…සැක් වස නෝන්ඩිය…වලක් කපන් වැලලෙන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා…අතට අහුවෙච්ච එකක් අරන් ආයෙම අම්මා ගාවට දිව්වා
ෂොපින් කරලා ඉවර වෙලා ගෙදර යද්දි හොඳ පණ ගිහින්…යන්න කලින් කොච්චර ආසාවක් තිබ්බත් ගිහින් එද්දි නම් එපා වෙනවා…හන්දිපත් රුදාව වගේ…එක තැනකින් ගන්න දෙයක් ගන්න එකක්යැ ඉතින්…කඩවල් කීයකට නම් ගියාද…අන්තිමට බලද්දි ගත්ත දේකුත් නෑ
ගෙදර ගිහින් නාලා කාලා බීලා ඇඳට වැටුනා…තිබ්බ මහන්සියටම ඇඳට වැටුන සැණින් නින්ද ගියා
…………………………………………………………………………………..
ෆෝන් රාජයා කන උඩ කෑගහද්දි තමා ඇහැරුනේ…කවුද කෝල් කරන්නේ බලද්දි,
Sahan
මේකා මොකද දන්නෑ මේ වෙලාවේ කියලා හිතන ගමන් නිදිමරගාතේ කෝල් එක ආන්සර් කලා
“හෙලෝ විහා”
“මොකද උඹ මේ වෙලාවේ”
“වැඩකද හිටියේ උඹ”
“ඔව් ලොකු වැඩක හිටියේ…ඇයි ගත්තේ”
“කම්මැලිකමට වගේ”
උඹේ කම්මැලිකම් මකන්න මං බොගේ කෙල්ලද මෝඩ ඌරෝ
“එහෙනම් තියපන් ෆෝන් එක…මගේ නින්දත් කැඩුවා…මෝඩ ගොන් ගොටුකොල හිපාටුවා”
“අඩේ මොකෙක්ද බන් ඒ…උඹේ මහලොකු වැඩේ නිදාගන්න එකද 🥲”
“ඔව් ඒකත් එක්තරා විදිහක ලොකු වැඩක් තමා”
“😂”
ඒ පාර එහා පැත්තෙන් ඇහෙනවා මට මේ ගෙම්බාස්ගේ බක බක හැකර හිනාව
“මොකද උඹ”
“හා හා නිදාගනිම් මයේ අම්මා හොඳට”
“කම්මැලි නම් උඹේ අර නල්ලමලේ කෙල්ලට කතා කරපන්කෝ…කොහෙවත් ඉන්න මට වද දෙන්නේ”
“අඩෝ ඒ කාලේ යම් සිදුවීමක් වුනා තමා ඒක ඔච්චර කියවන්න ඕනෙ නෑනෙ 🥲”
“මට ඕනෙ නම් මං කියනවා…වැඩක් නැත්තම් ගිහින් නිදාගනින්කෝ”
“හා හා බායි”
“බායි”
කෝල් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කරලාම දැම්මා…පුදුම වදයක්නේ මුන්ගෙන් තියන්නේ…නිදාගන්නවත් දෙන්නෑ…පුදුම මිනිස්සු තමා මුන් නම්
ආයේ නින්ද යන්නෙත් නෑ දැන්…වෙන මොනා කරන්නද ඉතින්…කුස්සියට ගිහින් කන්න මොනාහරි තියනවද බැලුවා…වැඩි දෙයක් නෑ වගේ…කුස්සියෙන් ආයේ කාමරේට
ඒ අස්සේ කවුද බෙල් කරනවා…බෙල් එක නැගගෙනම බෙල් කරනවද කොහෙද…අම්මා නිදි ඇති කියලා හිතලා මමම ගිහින් දොර ඇරලා බලන්න කලින් ජනේලෙන් බැලුවා කවුද කියලා…එහා ගෙදර ඇන්ටිතුමිය…මෙයා මොකද දන්නෑ…දොර ඇරලා බැලුවා
“අම්මා නැද්ද පුතේ”
“ඉන්නවා ඇන්ටි එන්න ඇතුලට”
ගෙදරට ආපු මනුස්සයෙක්ට ගෙට කතා කන්නේ නැති එක් හරි නෑනෙ ඉතින්…එයා එක්ක කතා කරන්න ගිහාම රටේ නැති පල්හෑලි කියවන්නේ…මට ඕවාට උත්තර දෙන්න බැනෙ…මං ගිහින් අම්මාව ඇහැරෙව්වා
මටත් බැන බැන ආපු ඇන්ටිතුමීටත් බැන බැනම අම්මා නැගිටලා ඉස්සරහට ගියා…මං ආයේ කාමරේට රිංගගත්තා
දෙන්නාගේ කතාව පැයක් විතර යනකන් ඉවර වුනේ නෑ…ඒ අස්සේ අම්මා කියපි,
“තේ එකක් බොමුද අක්කේ”
“අනේ එපා නංගි මං මේ බීපු ගමන් ආවේ”
බොමුද අහපුවාම හා නංගි ගෙනත් දීපන් මං බොන්නම් කියයිද…නෑනෙ නෑනෙ…ඉතින් අම්මා තේ හදන්න කුස්සියට යද්දි ඇන්ටිතුමිත් අම්මා පස්සෙන් කුස්සියේ…ෂුවර් එකටම මොකක් හරි ඕපයක් හොයාගෙන එන්න ඇත්තේ
දිස් ඊස් මයි කාටුන් බලන ටයිම්
මං ගිහින් ටීවි එක දාගත්තා…දාගත්තාට මොකද මේකේ යන මෙලෝ මලදානයක් ඇහෙන්නේ නෑ…ඊට වඩා හර බෙලෙක්ක කටේ සද්දේ…රිමෝට් එක අරන් උපරිමේටම සවුන්ඩ් වැඩි කලා
“චූටි ඔය ටීවි එකේ සද්දි අඩු කරගන්න”
ඕක ඔය කච කච ගාන ගෑනිට කියන්න බෑද දන්නෑ…ටකරමකට ගල් ගහනවා වගේ…අම්මා මොනා කිව්වත් එහෙම සැලෙනවද නෑනේ…ළඟට ඇවිත් දෙකක් දුන්නාම තමා සැලිලා යන්නේ…තේ එකත් එක්ක බිස්කට් ටින එකත් අම්මාම ගෙනත් දුනත්…ආදරෙයි අම්මේ 😌🫶🏻
කලුවර වැටෙන්න ඔන්න මෙන්න තියලා තමා ඇන්ටිතුමී එළියට බැස්සේ…තව පුළුවන් නම් තවත් ඉන්නවා…එයා ගියාට පස්සේ අම්මා ඇවිත් බනිනවා
“රටේ නැති ඕපදූප හොයාගෙන එනවා see more…”
“හරියට නිකන් මෙයාට එයා මං කියනවා අහන් හිටපන් නංගියේ…නැත්තම් මං උඹට හොඳ වැඩක් කරනවා කියලා බලෙන්ම් අම්මාගේ කනට දැම්මා වගේ කතාව…හොඳට අහන් ඉඳලා ඒවට හරියන්නම උත්තරත් දීලා ගියාට පස්සේ බනිනවා…මං මුකුත් කියන්න ගියේ නෑ ඕවට…දත් නැතුව බත් කන්න වෙන්නේ මට ඊළඟට
…………………………………………………………………………………..
𝓝𝓪𝓭𝓾 💕