වෙන කවුරුත් නෙවෙයි
අර පණ්ඩිත හොල්මන්ගෙන් එකෙක්
නට් ලූස් හොල්මන තමා මට එහා පැත්තෙන් හිටන් ඉන්නේ
ඌ ෆෝන් එකට මූන ඔබන් ඉන්නේ…ඒ වුනාට මං උගේ මූන දිහා බලනවා ඌ දකින්න ඇති
“ආ නංගී කොහොමද ඉතින්”
මට කතා කරන්න ඕනෙකමක් නෑ මේ පණ්ඩිත හොල්මන් මිනිස්සුත් එක්ක
බස් එකක් ආපු ගමන් යනවා කියලා හිතාගෙන එතනින් පොඩ්ඩක් එහාට වුනා
“අඩෝ විහා තරහා ද ඕයි”
“නෑ”
“අඩෝ උඹ තරහයි නේ”
“කිව්වනේ එක පාරක් නෑ කියලා”
“එහෙනම් එක පාරක් මූන දිහා බලලා හිනාවෙනවකෝ”
“මගේ කට අවුස්සගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවද සහන්”
“මේ අරුන් දෙන්නා ජූස් බාර් එකට ගියා…අපි දෙන්නත් යන්ද”
“මට ගෙදර යන්න ඕනෙ”
“අරි හරි ඕයි අපිත් ගෙදර යනවා තමා…මෙතූ එක්ක යන්න පුළුවන්නේ උඹට”
“නෑ ඕන්නැ මට තනියම යන්න පුළුවන්”
“අඩේ ඔහොම ඉන්න එපා බන්”
“මට ඔය පිස්සු පණ්ඩිත හොල්මන් එක්ක කිසි කතාවක් නෑ”
“අඩෝ අඩෝ යමන්කෝ බඩගිනිත් එක්ක ඕයි”
“උඹ මගේ කටින් නෙවෙයිනේ කන්නේ…ගිහින් කාපන්කෝ ඕනෙ නම්”
“අපි දෙන්නානේ ඕයි වෙනදාට යන්නේ”
“මං යනවා”
බස් එකට නගින්න යන්න හදද්දිම මේ ගොනා මගේ අතින් අල්ලගත්තා
“අත අතාරිනවා මනුස්සයෝ මට ගෙදර යන්න ඕනී”
“අර බස් එකත් යනවා අත අතාරිනවා”
වැඩක් වුනේ නෑ…මේ අලි අතක් මෙල්ල කරන්න මට පුළුවන් වුනේ නෑ
බස් එක ගියාට පස්සේ තමා අත අතෑරියේ
දැන් නම් මට තවත් තරහයි මේ ගොන් මීමා එක්ක
“හරිද සතුටුයි ද දැන් උඹට”
“දැන් යන්”
“මං එන්නෙම නෑ යන්න තමුසෙත් එක්ක”
වැඩක් වුනේම නෑ ඉතින් මූ මාව ඇදගෙනම වගේ ගියා 😒
මහ පුදුම මිනිස්සු තමා මුන් නම්
ගිහිල්ලා නැවතුනේ මූත් එක්ක හැමදාම එන ජූස් බාර් එකේ…ඇතුළට යද්දි අනිත් හොල්මන් දෙකත් ඉන්නවා වාඩිවෙලා
උන් දෙන්නාටත් රවාගෙනම ගියා…සහන් මීමාස්ගේ අතත් ගසලා දාලා මං වාඩිවුනා ෂෙහාන් මීමාස්ට ඉස්සරහින්
“අම්මෝ යකෝ මේකි මහ යකින්නක් වගේ ඕයි”
“මොකද වුනේ”
“මොනවා වෙන්නද තව ටිකෙන් බස් එකේ නැගලා ගෙදර යනවා”
මං මුකුත් නොකියා ෆෝන් එකට මූන ඔබාගෙන හිටියා
“ඒ විහා මං එදා පොඩි අවුලක හිටියේ ඕයි”
මූ මේ කතා කරන්නෙ වෙනදා වගේනට් ලූස් ගතියෙන් නම් නෙවේ…ෆුල් සීරියස් පිට කතා කරන්නෙ කියලා මූණ දැක්කහමම කියන්න පුළුවන්
මං මුකුත් නොකියා ෆෝන් එකටම මූණ ඔබන් හිටියා
“මූගේ කෙල්ල මූත් එක්ක තරහා වෙලා”
ඒකට නම් මගේ කටත් එක්ක ඇරුනද කොහෙදෝ…මං බැලුවේ සහන් දිහා…මගේ දිහා බලන් ඉඳලා මං බලද්දිම අහක බලාගත්තා
මං දන්නෑනේ යකෝ මූට කෙල්ලෙක් හිටියා කියලා…ඒක අහද්දි මෙතූගේ මූනෙ නම් එයා පුදුම වුනා වගේ පේන්නේ නෑ…මෙතුත් කලින් ඉඳන් දැනන් ඉන්න ඇති එහෙනම්…එතකොට ඒක දන්නැති එකම එකා මම විතරද…මෙච්චර එකට ඉන්න මට ඇයි කිව්වේ නැත්තේ එහෙම එකක් ගැන…මුන් නම් පුදුම මිනිස්සු තමා
“සොරි බන් විහා උඹට ඒක ගැන කලින් කියන්න බැරි වුණා”
“උඹයි මූයි දෙන්නා හැමවෙලාවෙම එකට ඉන්නවලු කියලා ඒකි තරහා වෙලා තියන්නේ”
මොකක්ද යකෝ ඒ කතාවේ තේරුම…මං ද එතකොට ඒකට හේතුව…තවත් නම් මෙතන ඉන්න බෑ මට…මං නැගිට්ටා…මුකුත් ම නොකියා එළියට ආවා
එතනින් එළියට ඇවිත් කෙලින්ම බස් හෝල්ට් එකටම ආවා
අනිත් පැත්ත හැරෙද්දි සහන් ඇවිත් මගේ එහා පැත්තට වෙලා හති අරිනවා
මං අහක බලාගත්තා
“විහා”
“මේ බලනවකෝ”
“මොකද බන් මේ”
“මුකුත් නෑ…ඔහොම යාලුවෝ මට ඕන්නැ”
ර්ර් ර්ර්
මලමගුලේ කඳුළු එක්ක මුකුත් කරගන්න බෑ…ඔක්කොටම කලින් එළියට පැනලා ඉවරයි
“හරි ඕයි ඒක ඉවරයි”
“ඒකට හේතුව මමද සහන්…ෂෙහාන් නොකියා කිව්වේ මට ආයේ ඔයාත් එක්ක කතා කරන්නවත් එපා කියලාද”
“පිස්සුද ඕයි…ඒකිට යන්න ඕනෙ වුනා…ඒකට හේතුවක් හොයාගත්තා…එච්චරයි…යන එකා කොහොමත් යනවා…මට ඕන්නෑ ආයේ ඒකිව”
“අඩේ විහා ඔය කඳුළු පිහදගනිම්.. අඬන්නේ මොකද උඹ”
අඬනවා නෙවෙයි ඇඬෙනවා මට ඉන්නේ උඹලා වගේ යාලුවේ කියලා මතක් වෙද්දි මෝඩ උලමෝ කියලා කියන්න හිතෙනවා
“ඕන්නෑ කියන්නේ…ෂෙහාන් කිව්වේ තරහා වුනා කියලානේ”
“දැන් ඒක ඉවරයි බන්”
මොනවා කියන්න ද ඉතින් මං මේවට…මං ඉස්සරහා බලන් හිටියා
ඊළඟට ආපු බස් එකට නගිනකල්ම මෙතූ ආවේ නෑ…මට මොකද කීයට හරි එන්නෙ නැතෑ මහ ලොකු කුමාරයත් එක්කම
බස් එකට නැගලා අම්මාට කෝල් එකක් ගත්තා
“හෙලෝ අම්මේ මං දැන් නැග්ගේ 2.15ට විතර අයියාට එන්න කියනවද…මං පයින් එන්නද නැත්තම්”
“පයින් එන්න එපා අයියාව එවන්නම්”
“හ්ම්ම්”
බස් එකෙන් බහිද්දි අයියා ඇවිත් හිටියේ නැති නිසා එයා එනකම් ඉස්සරහාට ගියා
ටිකක් දුර ගියාට පස්සේ තමා ආවේ
බස් මෑන් අයියාස්ව එවලා තියන්නේ
“ආ බෝම්බේ මෙච්චර දුර පයින්ද ආවේ”
“අනේ නෑ කාර් එකේ ආවේ…ඔයා එනවා දැකලා කාර් එක අතුරුදහන් වුනා”
“එහෙනම් අපරාදේ නේද මං ආවේ 😂”
එයාම කියලා එයාම ඒවට හිනා වෙනවා
මට නම් තාමත් තරහයි අර පණ්ඩිත හොල්මන් එක්ක
ඒ අස්සේ මේ මෝඩස් මෝඩ කතා කිය කොයා හිනා වෙනවා
මුන් සේරටම පිස්සු
“ඒයි බෝම්බේ”
මේ යකා මගේ තරහා තවත් අවුස්සනවා
“මේ අහනවකෝ”
“මොකද”
“මං උඹට බෝම්බේ කියන්නේ නිකන් නෙවෙයිනේ…ඔය බලපන්කෝ දැනටමත් උඹ පිපිරිලානේ බෝම්බේ 😌😂”
ර් ර්ර්
මෝඩ යකා
මුන් නම් මිනිස්සු නෙවෙයි…පිස්සන් කොටුවෙන් පැනලා ඇවිත් ද කොහෙදෝ 😑
…………………………………………………………………………………..
ගෙදර ආපු ගමන් නාලා කාලා ඇඳට වැටුනා…වෙනදට නම් ඇඳට වැටෙන පමාවට නින්ද යනවා…ඒ වුනාට අද,
මට මතක් වෙන්නෙම අරුන් කරපු වැඩේ
කතා කරන්නෙම නෑ ආයේ මෝඩ යක්කු 😑
ඒ මොනවා වුනත් මට තාම හිතාගන්න බැරි ට්රැක් අවුට් සහනයාට කෙල්ලෙක් හිටියා කියන එක…බොරුද දන්නෑ මුන්ගේ…අනේ මන්දා අප්පා ඇත්ත වෙන්නැති එක්කෝ
ඒ මදිවට ඒක ගැන මෙලෝ මගුලක් දන්නැති මාව්ත් ගෑවිලා
උඹයි මූයි දෙන්නා හැමවෙලාවෙම එකට ඉන්නවලු කියලා ඒකි තරහා වෙලා තියන්නේ
යැයි යැයි තමා 😒😑
එන තරහටම මූණ කොට්ටෙටම තද කරගත්තා
කොහොමහරි නින්ද ගිහින් ආයේ ඇහැරුනේ හවස හයට විතර…ඒ ඇහැරුනේ නිකන් නම් නෙවේ…හෙන හෙලකින් පහළට වැටෙනවා හීනෙන් පෙනුන නිසා දාඩියත් දාගෙනමයි ඇහැරුනේ
අම්මෝ යකෝ මං බය වෙච්චි තරමක්…මෙහෙම හීන මොකා හොයාගත්තද මන්දා…පෙනුනොත් පේන්නේ ඔහොම විකාරයක් ම තමා ඉතින් මට 😒🥲
මොනවා කරන්නද ආයේ නින්ද යන්නෙත් නැති එකේ නැගිටලා අම්මාව හොයන් ගියා
ඕහෝ රස කෑමක සුවඳක් නම් එනවා හැබැයි
අඩ්ඩෙහ් පෑන් කේක් හදලා නේතේ…
මං දවස් කීයක් කිව්වද හදලා දෙන්න කියලා…හදලා දුන්නෙම නෑ
ෂුවර් ෂොට් ඊයේ රෑ බස් මෑන් අයියා ඕවා කන්න ආසයි කිව්ව නිසා හදන්න ඇති
කමක් නෑ දුකක් නෑ…Pit අම්මේ 🥲
කවුරු නිසා හරි මට මේවා කන්න පුළුවන් නිසා මං සතුටින් 😌
හදන හදන එක කටේ දාගන්නවා කියලා බැනුමකුත් අහගත්තාට පස්සේ තමා කුස්සියෙන් එළියට ආවේ
ඊළඟට මං ගියා අයියාස් මෑන්ස්වයි අනිත් මෑන්ස්වයි හොයාගෙන
දෙන්නා එළියේ ගිටාර් එකකුත් තියාගෙන…කාටද දන්නෑ සින්දු කියන්න පුළුවන්…අපේ අයියාට නම් ටකරමකට ගල් ගහනවා වගේ සින්දු කිව්ව හැකි…ගිටාර් එකත් බස් මෑන් අයියානේ එදා අරන් ආවේ…එයාට සින්දු කියන්නත් පුළුවන් ඇති එහෙනම්
මළගෙදරක ගිහින් ආපු මිනිස්සු දෙන්නෙක් නේද දෙයියනේ මේ…ගිටාර් එකත් අරන් ද දන්නැ එහෙ ගියේ…වෙන්න පුළුවන් හැබැයි ඔය වගේ වැඩ තමා මෙයාලා කරන්නේ…පුදුම මිනිස්සු නේද ඉතින් 🥲
“චූටි”
“ඇයි”
“කන්න මොනාහරි අරන් එනවකෝ”
“මට බෑ අප්පා ආයේ යන්න”
“යකෝ කඩේ යන්න නෙවෙයි කිව්වේ…කුස්සියට ගිහින් අරන් වරෙන්කෝ”
“ඔයාටත් කකුල් දෙකක් තියන්නේ ගිහින් අරගන්න”
“පුදුම නංගිලානේ උඹට ඉන්නේ බන්”
“ලා නෑ මං විතරයි ඉන්නේ…ඇයි මොකද”
“හම්මේ උඹ විතරක් හිටියහම හොඳටම ඇති නේ බන්…තව මොකටද”
මල විකාර…පුදුම අයියලා තමා 😒
පෑන් කේක් පිගානක් එක්ක තේත් අරන් අම්මා ආවා එළියට
“පුතත් ආසයි කිව්ව නිසා පෑන් කේක් හැදුවා”
බස් අයියා මෑන්ස්ගේ මූනෙ හිනාව බලන්න එපැයි…පෙරේතකම මූනෙන් බේරෙනවා 😒
අපේ අම්මාගේ මහ ලොකු පුචා…යැයි යැයි යැයි චමා…දුවගේ ආසාවට හදලා දුන්නා නම් මොකද දන්නැ වෙන්නේ
මෝඩ හිනාවක් දාන් බස් මෑන් අයියා,
“අයියෝ මං නිකන් කිව්වේ ආන්ටි”
“ඒකට මක් වෙනවද ඉතින්…කාලා මේ තේ බීලා ඉන්න”
නිකන් කිව්වා නම් ඉතින් නොකා හිටියා නම් ඉවරනේ…අපිට කන්න බැරිකමක් නෑනෙ…අම්මටත් ඔක්කොමලා හොඳයි මං ඇරෙන්න…තේරෙයි මං නැති දවසක මගේ අගේ මෙයාලට…හුම් 😌
අපිට තේ බොන්න දීලා අම්මා ගෙට ගියා
තුන්දෙනා තරගෙට පෑන් කේක් පිගානටම වග කිව්වා
අන්තිමට ඉතුරු වුන එකත් අපේ අයියාස්ට එපා කියපු නිසා බාගෙයක් බස් මෑන් අයියට දීලා ඉතුරු බාගෙ මං කෑවා
හම්මේ දැන් නම් මතේ වගේ…අපරාදේ මෙච්චර කෑවෙ කියලා හිතෙනවා දැන් නම්…කමක් නැ ඉතින් දැන් කාලා ඉවරයිනෙ
” ඒයි බෝම්බේ සින්දුවක් කියමුද”
මොන විකාරයක් ද මන්දා මේ මනුස්සයා මට බෝම්බේ බෝම්බේ ගාන්නේ හැමවෙලාවෙම…දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න 😒
“උඹම කියපන් මනුකයා”
අපේ අයියාස් කියද්දි තමා මට ඒ නම මතක් වුණේ…ඒ නමට වඩා මං කියන නම ලස්සනයි වගේ හැබැයි
බස් මෑන් අයියා ගිටාර් එකත් අරන් සින්දුවක් කියන්න පටන් ගත්තා
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
බලා හිඳින් හදින්
සදා නොයන් ළඟින්
බලා හිඳින් හදින්
සදා නොයන් ළඟින්
නෙතේ වෙලී හදේ ඇදෙන් ලඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ
පැතූ පැතුම් ඔබෙන්
සදා විඳිම් සුවෙන්
පැතූ පැතුම් ඔබෙන්
සදා විඳිම් සුවෙන්
අතේ වෙලී ළඟින් රැඳෙන් මගේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ…
…………………………………………………………………………………..
𝓝𝓪𝓭𝓾 💕