තාම ගාථා කියන්න පටන් අරන් නැති නිසා මං පන්තියට ගියා…පන්තියට යද්දි එකෙක්වත් නෑ පන්තියේ
මට ඇහෙනවා මැඩම් කෙනෙක් පන්තිවල ඉන්න ළමායි එලවනවා වගේ එකක්…බෑග් එක ඩෙස් එකක් උඩින් තියලා මාත් එළියට දිව්වා
අප්පා අද රැස්වීමක්
සැක් අපරාදේ ඉස්කෝලෙ ආවේ අද…දැන් ඉතින් මෙතන කරවෙන්නත් එපැයි
කැරකිලා කැරකිලා මෙතූව හොයාගත්තා…දැක්කත් ඇති හිත පිරෙනවා 😌
“මොකද උඹ මෙච්චර කලින් ආවේ”
“හරි හරි ඕයි දන්නැද්ද ඉතින් පොඩ්ඩක් “
උදේ රැස්වීම පටන් ගත්තා
කොමස් එකේ එකියක් මයික් එක අරන් කියෝනවා
“දහසක් මල් විකසිත වන මේ හිමිදිරි උදයේ පාසල් භූමිය සිපගන්නා ලා හිරු කිරණ…”
කොහේ තියන ලා හිරු කිරණක්ද මන්දා භූමිය නෙවෙයි යකෝ කෙලින්ම මූණම සිපගන්නවා පිච්චිලා යන්නම
පැයකට විතර පස්සේ තමා ඒක ඉවර වුනේ
මදෑ ඉඳලා ඉඳලා ඉස්කෝලෙ ආවා මාත්
උදේ රැස්වීම නිසා දෙවනි පීරියඩ් එකේ ඉඳන් තමා උගන්නන්න පටන් ගත්තේ
පලවෙනි එකයි දෙවනි එකයි දෙකම භූගෝලය
ඉස්කෝලෙ වටේ රවුමක් ගහලා පන්තියට යද්දි මැඩම් ඇවිත් උගන්නනවත් එක්ක
“ආ මොකද මේ කට්ටියටම ඉස්කෝලෙ මතක් වෙලා”
මායි මෙතුකියි තව තුන්දෙනෙක් විතර හිටියා
සෙට් එකම බිම බලාගෙන හිටියා ඉතින්
එයාගේ බැනුම් මැද්දේ බෙල් එක වදිනවා ඇහෙද්දි පීරියඩ් එක ඉවර වෙනකල් බලන් හිටපු අපිට මාර හැපී හැබැයි
අද දවසම ඉතින් ඉන්න වෙන්නේ ඔහොම බැනුම් මැද්දේ තමා කියලා මතක් වෙද්දි නම් අපරාදේ ආවේ කියලා හිතෙනවා
“මොනවද බන් දැන් තියන්නේ”
“සිංහලද කොහෙද”
සිංහල මැඩම් නම් අවුලක් ම නෑ…අපි සිංහල කරනවද කියන්නවත් එයා දන්නෑ…කොටින්ම කිව්වොත් අපි කියලා ජාතියක් ඉන්නවද කියන්නවත් එයා දන්නෑ…ඒ නිසා පීරියඩ් එකට යන්නේ නැතුව පස්සේ හම්බුනත් අවුලක් නෑ ඉතින්
පීරියඩ් කට් කිරීමේ ආදීනව ගැන ඕලෙවල් කාලේ ඉඳන් හොඳ අත්දැකීම් තියන නිසා ඒලෙවල් කාලේ එහෙම නොකර ඉන්න ගොඩක් දුරට අපි වගබලාගත්තා
එහෙමයි කියලා අපි පීරියඩ් කට් කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා නෑ
ඒ පීරියඩ් දෙකක් නින්දෙන් වගේ ගෙවලා දැම්මා…ඊළඟට ඉන්ටවල් නිසා අපි සතුටින් 😌
අද මුළු පන්තියටම ඉන්නේ හයදෙනෙක් විතරයි
වෙලාවට මේක ගර්ල්ස්කූල් එකක් වුනේ…මික්ස් එකක් වුනා නම් අර සහනුයි ෂෙහානුයි වගේ මිනිස්සු එක්ක තමා මෙහෙදිත් කන්න වෙන්නේ…උන් දෙන්නා නැති නිසා මං තවත් සතුටින් 😌
හය දෙනාගේම බත් හයක් කාලා ඊළඟ පීරියඩ් එකේ ඉන්නේ කොහොමද මන්දා
“අඩෝ ශෙනුකි ඊළඟට මොනාද බන්”
“English නේද”
“අම්මටසිරි මට නම් බෑ විහා”
“අඩෝ මේ මටත් බෑ ඕයි”
“මෙලෝ මලදානයක් තේරෙන්නෙත් නෑ කියන දෙයක් කනට ඇහෙන්නෙත් නෑ”
“ලයිබ්රියටවත් යමන්”
“ඔව් ඔව් නැත්තම් පිස්සු හැදෙයි”
ඔන්න ඔය වගේ පීරියඩ් බම් කට් කරන එක නවත්තලා නෑ පෙන්ස්
ඉන්ටවල් එක ඉවර වුන ගමන් අපි පන්තියෙන් මිසින්
“අන්තිම දෙකේ ඉකෝන් නේද”
“මං දන්නෑ ඕයි”
“අපෝ උඹ නම්…උඹවත් කියපන්කෝ ඉෂී ඔව් කියලා”
“ඔව් ඔව්”
English පීරියඩ් දෙකම ලයිබ්රි එකට වෙලා ඉඳලා අන්තිම දෙකේ ගියා ඉකෝන් මැඩම් හොයාගෙන
“මේ විහා”
“ඇයි”
“අද මෙතන හෝල්ට් එකෙන් බස් එකට නගින්නේ නැතුව ටවුන් එකට ගිහින් නගිමුද”
“ඇයි ටවුන් එකට යන්නේ”
“නෑ මේ ෂෙහානුත් අද ඉස්කෝලෙ එනවා කිව්වා”
දැන්නේ මට තේරෙන්නෙ වෙනදාට මං ඉස්කෝලෙ යමු කියද්දි බෑ කියන ගෑනි කියපු ගමන් කැමති වුනේ මොකද කියලා…පුදුම මිනිස්සු තමා මුන් නම්
අර ගංකබරයාත් මොකට අදම ආවද මන්දා
“හා නේද”
“හා හා 😒”
වෙලාවට මට ලව් කරන්න හිතක් පහල වෙන්නැත්තේ
මුන්ට ලව් කරන්න අපිටත් පුදුම වදයක්නේ
දෙන්නේ
ලව් නෙවෙයි මේවා ඉලව් 😑😒
ඉකෝන්වලට ගිහාම පීරියඩ් එකක් ඉවර වෙනකල්ම වගේ අපි කලේ බැනුම් අහපු එක…උගන්නන අතරෙත් බනිනවා…වැඩිපුර කලේ බැනපු එක තමා ඉතින්…විනාඩි 20ක් විතර උගන්නන ඇති…ආයේත් කාලෙකට ඉස්කෝලෙ එන්නේ නැති නිසා ඕනේ තරමක් බනින්න දීලා අපි අහන් හිටියා
1.30 ගාථා කියලා ඉවර වුන ගමන් මාවත් ඇදන් අර ළමයි ගොඩේ දුවනවා
ගිහින් ගිහින් නැවතුනේ බෝයිස් ස්කූල් එක ගාව
අම්මේ මට නම් මාර හති
“මේ කොයි උඹේ ප්‍රේමවන්තයා”
“එයි එයි”
“විනාඩි පහයි බලන්නේ මං යනවා”
“හා හා”
විනාඩි පහෙන් යනවා කිව්වට මං යන්නෑ කියන්න දන්න නිසා තමා හා හා ගාන්නේ…මෝඩ හොල්මන
විනාඩි 15කට විතර පස්සේ තමා ෂෙහාන් මෝඩයා අනිත් මෝඩයත් එක්ක ආවේ
ප්‍රේම කුරුල්ලා කිරිල්ලිත් එක්ක එහාට යද්දි මං මෝඩයා අනිත් මෝඩයාත් එක්ක එහාට
පැය බාගයක් විතර ගියත් තාම කුරුල්ලගෙයි කිරිල්ලිගෙයි කිචි බිචිය ඉවර නෑ
“මේ සහන් අරුන් දෙන්නා දැන්ම එන්නේ නැද්ද දන්නැ නේ”
“දැන්ම එන එකක් නෑ”
“උඹේ යාළුවාව එක්කන් පලයන්කෝ දැන්”
“ඇයි මගේ යාළුවා විතරයිද ඉන්නේ…උඹේ යාළුවවත් එක්කන් පල”
මුගේ තියන පණ්ඩිතකමක් යකෝ
“මොකද ඔච්චර ගෑස්”
“මුකුත් නෑ”
“හා හා සොරි සහන් මහත්තයෝ”
මේකට මොනවා වෙලාද දන්නෑ අද මෝඩ ගොන් සහන්
මං ගියා යන්න එතනින් එහාට
වෙනදාට මෝඩ ජෝක් දදා ඉන්න එකාට අද මූලග්ගින්න…පුදුම මිනිස්සු තමා මුන් නම්
තවත් නම් මට මෙතන ඉන්න බෑ…ළඟට ගිහින් කතා කළා
“මේ මෙතූ මං යනවා”
“ඔහොම විනාඩි පහක් හිටපන් මං එනවා”
“උඹේ විනාඩි පහ උඹම තියාගනින්…බායි”
ආයේ විනාඩියක්වත් එතන ඉන්නේ නැතුව කුරුල්ලාටයි කිරිල්ලිටයි රවලා සහන් ගොනාටත් යන්නම් කියන්නෙව ම්ත් නැතු මං ගිහින් බස් එකකට නැග්ගා
අද නම් මට විසුමක් වෙන්නෙ නෑ අම්මාගෙන්
හොඳටම පරක්කුයි අද නම්
ශේප් එකේ ගෙට ගොඩ වෙන්නම් කියලා හිතන් හිටියේ ඒ උත්සාහය අසාර්ථක වෙලා ගියේ මෑණියන් වහන්සේ දොර ගාවට වෙලා ඉන්නවා දකිද්දි 🥲
“මොකද චූටි මෙච්චරවෙලා ගියේ”
“ඉස්කෝලෙන් එද්දි වෙලා ගියා”
“ඉස්කෝලෙන් එද්දි වෙලා ගියාට මෙච්චරවෙලා මොකද”
ර්ර්ර්
අපේ අම්මාත් අහන්නේ මහ ට්‍රැක් පනින ප්‍රශ්න
මුකුත් නොකියම කාමරේට ගිහින් ඇඳුම් මාරු කරන් ඇවිත් කන්න පටන් ගත්තා
කාලා නාලා එහෙම එද්දි මගේ කාටුන් බලන වෙලාව නිසා ඒකත් බලලාම පාඩම් කරන්න පටන් ගත්තා
…………………………………………………………………………………..
මළගෙදර ගිහින් අද එනවා කියපු මනුස්සයාට හවස කෝල් එකක් ගත්තහම රෑ හත වෙන්න කලින් එනවා කිව්වා…රෑ දහය වෙද්දිත් ඉතින් මෑන්ස් නෑ…ඉතින් අපේ අම්මාට අදත් තව වෙලා
“චූටි…අයියාට ආයේ කෝල් එකක් අරන් බලන්න”
“ආන්සර් කරන්නේ නෑනෙ අම්මා…දැන් කෝල් කීයක් නම් ගත්තාද”
“ආයෙ අරන් බලන්න ළමයෝ…දැන් ටිකක් වෙලානේ අරන්”
“හ්ම් හ්ම්”
“රින්ග්ස් යනවා ආන්සර් කරන්නෙ නෑ”
“අනේ මන්දා මේ ළමයාත් කොහේ යනවද කියලා රෑ වෙලා…දැන් 10ත් පහු වෙලා නේද”
“10 කෑලිත් නෑ…11ත් පහුවෙලා දැන්”
“අර එදා ආපු ළමයාගේ නම්බර් එක තියනවාද චූටි”
“කාගෙද”
“එදා අයියාත් එක්ක ගියේ මළගෙදර”
ආ මේ මෝඩ තරිඳු ගැන කියන්නේ…මං හිතුවේ බස් මෑන් අයියා කියලා
“ඕනෙ වෙන එකක් නැති වෙයි අම්මා…ඔය ආවේ”
අයියාගේ බයික් එකේ සද්දේ ඇහුන පමාවට අම්මා ගිහින් දොර ඇරලත් ඉවරයි
“මොනවද පුතේ මෙච්චරවෙලා කළේ”
“පොඩ්ඩක් පරක්කු වුනා අම්මා”
“හොඳ පොඩ්ඩ නේද අම්මේ”
“ආයේ එහෙම ඔය වගේ රෑ ගමන් තියාගන්න එපා පුතා…යන ගමනක් දවල් වරුවේ එන්න තිබ්බනේ”
“හරි හරි අනේ වැස්සට අහු වුනා මගදී”
අඩ්ඩේහ්
අයියාත් එක්ක තව එක්කෙනෙක් ඇවිල්ලා
මං හිතුවේ අර මෝඩ තරිඳු කියලා
එයා නෙවෙයි දැන්නේ දැක්කේ මූණ
“ආ බස් මෑන් අයියේ”
“අඩෝ නංගි වඳින්නම් ඔය නම කියන්න එපා බන්”
“යන් යන් ඇතුළට…දෙන්නාම නාගෙන එන්න…තෙමිලා හොඳටම”
අම්මා මැදට පැනපු නිසා කටවහන් හිටියා
මගේ ඔලුවටත් එකක් ගහගෙනමයි අයියා ගේ ඇතුළට ගියේ…අනේ ඇත්තමයි මෙයාට මගේ ඔලුව දැක්කාම අත නලියනවා වගේද දන්නැ
“අනේ අම්මා”
“මොකද චූටි කෑගහන්නේ එලියට පැනගෙන…අහල පහල ගෙවල්වල මිනිස්සු නිදි”
“අම්මාටත් ඉතින් මහලොකු පුතා ආවහම මම කැලේ”
“මොනවද කුටු කුටු ගාන්නේ”
මුකුත් නොකියා මං කටවහන් හිටියා
ඒ දෙන්නාත් එහාට යද්දි මාත් ගියා කාමරේට
“චූටි”
“ඇයි”
“හෙටත් ඉස්කෝලෙ යනවද”
“නෑ නෑ”
“ඉස්කෝලේ ගියා නම් මොකද වෙන්නේ ගෙදරට වෙලා ඉන්න එකේ”
“වෙන දවසක යන්නම් අම්මා”
මටත් බැන බැනම තමා අම්මා කාමරෙන් එළියට ගියේ
කාලෙකින් ඉස්කෝලෙ ගිහින් අද මට එපාම වුනා
ආයෙ නම් කාලෙකට ඒ පැත්තේවත් යන්නේ නෑ
අද මං තනියම ආපු නිසා අර මෝඩයෝ තුන්දෙනා දාලා තිබුන මැසේජ්වලට රිප්ලයි කරෙත් නෑ සීන් කරලා නිකන් හිටියා
මහ පණ්ඩිත මිනිස්සු
මතක් වෙද්දිත් හොම්බට ඇනලා එන්න හිතෙනවා
ඊළඟ දවසෙත් ගෙදර නිසා ටිකක් වැඩිපුර නිදාගත්තා හැබැයි 😌😴
8.30ට විතර නැගිටලා තමා දවස පටන් ගත්තේ
අද අපේ අයියා මෑන්ස් කෙසේවෙතත් බස් මෑන් අයියා ඉන්න නිසා ආතල් එකේ ඉන්න පුළුවන්
අදම යයිද දන්නෑ හැබැයි 🥲
උදේ දහය වෙනකලුත් දෙන්නා එළියට ආවේ නැති නිසා මං ගියා කාමරේට පොඩ්ඩක් ඔලුව දාලා එන්න
අපේ අයියා මෑන්ස් නම් තාම නිදි
බස් මෑන් අයියා නම් ලැප් එකේ
ළඟට ගිහින් කතා කරාට ඇහුනේ නෑ
ඔලුවට පොඩි තට්ටුවක් දැම්මට පස්සේ තමා හැරිලා බැලුවේ
“ආ බෝම්බේ”
“කවුද දන්නෑ බෝම්බේ”
“තමුසේ තමා”
“අනේ මේ එන්නෙපා මට බෝම්බේ කියාගෙන”
“බෝම්බෙට බෝම්බේ කියන්නෙ නැතුව වෙන මොනවද කියන්නේ”
“😒”
“අයියාව ඇහැරවනවාකෝ ඕයි බෝම්බේ”
“ඕනෙ නම් ඇහැරවගන්න එකනේ ඇත්තේ”
“මේ ඔන්ලයින් ලෙක්චර්ස් බන් අපිට…මූවත් ඇහැරවනවකෝ හලෝ”
“මට බෑ ඕනෙ නම් ඇහැරවගන්න”
අයියාව ඇහැරවන එක නම් එච්චර ලේසි වැඩක් නෙවේ
ඒ දෙන්නාට දවසම ඔන්ලයින් ලෙක්චර්ස් කියපු නිසා අදත් මට ඔහේ තමා ඉන්න වෙන්නේ
කාමරෙන් කුස්සියට කුස්සියෙන් කාමරේට
කාමරේට වෙලා ඉන්න කම්මැලි නිසා එළියට වෙලා හිටියා ටිකක් වෙලා
“චූටි…චූටි…”
“මං මෙහේ”
“මේ කෝල් එකක්”
“කවුද”
“මෙතුකි දුව”
දුවන් ගිහින් අම්මාගේ අතේ තිබුන ෆෝන් එක අරගත්තා
අතට ගද්දිම කෝල් එක කට් වුන නිසා අම්මා ගේ ඇතුළට ගියා
ආයෙ මං මොකට කෝල් ගන්නවද මේ පණ්ඩිත මිනිස්සුන්ට
ෆෝන් එකත් අතේ තියාගෙනම එළියට වෙලා හිටියා
ඒ පාර ගොබ්බ සහන්
මොකට ආන්සර් කරනවද ඉතින්…ඒකත් කට් වෙනකන් බලන් ඉඳාඅ ෆෝන් එක ඕෆ් කරලාම දැම්මා
…………………………………………………………………………………..
ඊළඟ දවසේ උදේම නැගිටලා ලෑස්ති වෙලා ක්ලාස් ගියා
අද අර පණ්ඩිත මිනිස්සු දෙන්නා එන්නේ නැති නිසා හොඳයි
පණ්ඩිත හොල්මන විතරයි අද එන්නේ
පණ්ඩිත මිනිස්සු දෙන්නා කරන්නේ කොමස් නිසා ඉකෝන් ක්ලාස් එකේදී විතරයි අපි එකට ඉන්නේ…අද මේ Geography ක්ලාස්
මං යද්දිත් පණ්ඩිත හොල්මන ඇවිල්ලා අද කලින්ම
තනි ඩෙස් එකකම ගිහින් වාඩිවෙලා හිටියා…හිතන් ඇති මට තනියම ඉන්න බෑ කියලා
අද ක්ලාස් එක 1 වගේ වෙද්දි ඉවර වෙන නිසා හොඳයි
ඒ හොල්මනත් මාත් එක්ක කතා කරන්න් ආවේ නැති නිසා මට තවත් තරහයි…මං හිතුවේ ළඟට ඇවිත් කතා කරයි කියලා
පුදුම මිනිස්සු තමා මුන් නම්
තනියම ක්ලාස් ඒකේ ඉඳලා…ඉන්ටවල් එකේ තනියෙන්ම කාලා ක්ලාස් එක ඉවර වෙලා තනියෙන් ම බස් හෝල්ට් එකට ගියා
බස් හෝල්ට් එකට වෙලා ඉද්දි එකෙක් ඇවිත් එහා පැත්තෙන් හිටගත්තා
ඒ කවුද කියලා බලන්නවත් මට කිසි වුවමනාවක් තිබ්බේ නැති නිසා මං බස් එකක් එනකන් බලන් හිටියා
පණ්ඩිත හොල්මන නම් තාම මෙතන්ට ඇවිත් නෑ වගේ…සමහරවිට අනිත් පණ්ඩිත හොල්මන් මිනිස්සු දෙන්නා එනවා කිව්වද දන්නැ
ෂෙහාන් යන යන පස්සෙන් අර සහන් ගොනත් යනවා…අපායට ගියත් ඒත් ඌ පස්සෙන් ඇදන් යන්නේ…මලවිකාර පණ්ඩිත හොල්මන් තුනක්
බස් එකක් පේන මානෙකවත් නෑ
නිකමට වගේ එහා පැත්තේ හිටපු මෑන්ස්ගේ මූන දිහා බැලුවා
ඌ නම් මගේ දිහා බලන් හිටියේ නෑ හැබැයි ඉතින් ඒ හිටපු කෙනාව දැක්කහම මට හීල්ලුනා
………………………………………………………………………………….
𝓝𝓪𝓭𝓾 💕