ක්ලාස් එකේ අන්තිම ටික නම් ඔහේ ඉන්නවා…ඇඟ විතරයි මෙතන…හිත ලෝකෙ වටේ රවුම් ගහනවා…ලෝකෙ වටේ කෙසේවෙතත් මේ වෙලාවෙ ඇඳට වෙලා නිදාගන්න තිබ්බා නම් කියලා හිතෙනවා මට
ක්ලාස් ඉවර වෙලා මෙතූට කලින් එතනින් නැගිටලා එන්න හදද්දි මෙතූ මගේ අතින් අල්ලන් මාව නතර කරගත්ත නිසා හිටියා ඉතින්
වෙනදා වගේම ක්ලාස් එකෙන් එළියට බැහැපු ගමන් මෙතූ ෂෙහාන් එක්ක ආවට මං නම් සහන් එක්ක ආවේ නෑ…ඌව මග ඇරලා දාලා ආවට අඩියට දෙකට මෑන්ස් මගේ එහා පැත්තට ඇවිල්ලා
ඔහේ හිටපුදෙන්…මොකද මං කරේ තියන් යනවයැ මේකව
මට එහා පැත්තෙන් මාත් එක්කම එන බක පණ්ඩිතස්ව ගනන් ගන්නෙත් නැතුවම ඉස්සරහට ආවා
“ඒ විහා…මේ බලපන්කො”
“මොකද”
“අර ඉස්සරහින් එන එකීට පේන්න මගෙත් එක්ක කතා කර කර පලයන්කෝ”
ඈ…මේ මොන හරුපයක්ද මේ මිනිහා කියවන්නේ…ඉස්සරහින් එන්නේ කවුද කියලා බලද්දි දැක්කේ නංගි කෙනෙක්…අපිට වඩා අවුරුද්දක් විතර බාලයි මෙයා මං හිතන්නේ…මූ මොකටද ඒකිට පේන්න කතා කරන්න කියන්නේ…අනික එයා එන්නෙත් කොල්ලෙක් එක්ක…පිස්සුද කොහෙද මූට
“ඒ මොකටද”
“ඒක පස්සේ කියන්නම්…උඹ පොඩ්ඩක් හිනා වෙලා මාත් එක්ක කතා කරපන්කෝ”
හිනා වෙලා කතා කරන එක කෙසේවෙතත් මූත් එක්ක තියන තරහා තවත් වැඩි වෙනවා මේ කියන කතාවලට…ඇයි අප්පා
එක එකියන්ට පේන්න මං මොකට කතා කරනවද මේ මෝඩ මනුස්සයාත් එක්ක
“මට බෑ”
“අඩේ ඒකි ළං වෙනවා බන්…පොඩ්ඩක් හිනා වෙලා කතා කරපන්කෝ…ඔහොම රවාගෙන ඉන්න එපා යකෝ”
කතා කරන්නෙම නැති පාර මේකා මගේ අත අල්ලන් තනියම ඔහේ කියවනවා…ඒකි අපිව පහු කරන් ගියත් මූ මගේ අත අල්ලන් කියවනවා
“අත අතාරිනවා”
“පොඩ්ඩක් ඉන්නවා ඔහොම…ඒකි ආයෙ හැරිලා බලනවා”
ර්…
මේ මොන මලනාඩගමක්ද මේ
අපේ අයියා දැනගත්තොත් එහෙම මාව එල්ලයි
හැරි හැරි බලන්න මේකා හරි ලස්සනයි කියලා වෙන්නැති හිතන් ඉන්නේ…මෝඩ ගොන් උලමා
එකි ගිහින්ද කියලා හැරිලාත් බලලා තමා මගේ අත අතෑරියේ…අත නිකන් නෑ වගේ…යකෝ කෙල්ලගේ අතිනුත් මූ මෙහෙමද දන්නෑ අල්ලන් හිටියේ
“ආව්…මගේ අතත් රිදෙනවා මෝඩ ගෙම්බෝ”
“සොරි බන්…උඹ අත අතෑරියොත් එහෙම ඒකි ඉස්සරහම”
දෙන්න හිතයි මෝඩ ගොනාට
“ඒකිත් එක්ක තමයි බන් මං කලින් සෙට් වෙලා හිටියේ”
ඈ…මොකක්ද යකෝ ඒ කිව්වේ
මේ කොහෙවත් නැති මගුල්වලට මොකටද මාව ගාවගන්නේ…පුදුම මිනිස්සු තමා මුන් නම්
“ඉතින් ඒකට මොකටද මගේ අතින් අල්ලගත්තේ”
“ඒකිට පේන්න…ඒකිත් වෙන එකෙක් එක්ක ගියේ”
මල විගඩම්
ඒකි එහෙම ගියා කියලා තෝත් එහෙම යන්න ඕනිද පුත්තලම් බූරුවෝ කියලා අහන්න හිතයි…මට වැඩක් නෑනෙ කටවහන් හිටියා
ඒ වහන්තරාවට මොකට කැමති වුනාද මන්දා මේ මෝඩයා
“උඹ මෙතූ එනකන් ඉන්නවද”
“නෑ”
“අඩේ තාම මදිද උඹට තරහවෙලා හිටියා”
“උඹට ඒකෙන් වැඩක් නෑනෙ”
“ඒකි එනකන් ඉඳලා යනවකො”
“උඹට ඕනෙ නම් ඉඳලා යන එකනෙ ඇත්තේ”
ඒ වෙලාවෙම ආපු බස් එකට පටාර් ගාලා ගිහින් නැග ගත්තා…නැත්තම් එහෙම බස් එක යනක්න් මේකා මගේ අත අල්ලගත්තොත් එහෙම ඉවරයි
එච්චර සෙනඟ නෑ…පිටිපස්සේ දොර ගාව ඉඳන් තිබ්බ තුන්වෙනි ෂීට් එකෙන් වාඩි වුනා…තනි ෂීට් එකක්ම තිබ්බ නිසා ඉක්මනට එතන්ට ආවා
ටිකකින් එතන ඇවිත් වාඩි වුනේ අපේ අයියලාගේ වයසෙ විතර කොල්ලෙක්…මං නම් කවදාවත් දැකලා නෑ එයාව…ඒ කවුරු වුනත් මට වැඩක් නෑනෙ
ඒ වුනාට ටික දුරක් යද්දි මේ මනුස්සයා නිකන් අමුතුයි වගේ එකක් මට දැනුනා…ඒ මං හිතන විදිහ වෙන්නැති කියලා හිතුනා පස්සේ මට
ඊට පස්සේ ටිකක් යද්දි එහා පැත්තේ ඉන්න එකා මට කතා කරනවා වගේ ඇහෙනවා මට 🥲
මූට පිස්සුද නැත්තම් මට පිස්සුද කියලා හිතාගන්න බෑ සාම්ත 🥲
මට හරියට ඇහෙන්නෙත් නෑ ඒ කියන ඒවා…ඒ වුනාට එයා ඒ කතා කරන්නේ මට කියලා හිතාගන්න පුළුවන්…වෙන කවුරුත් නෑනෙ මෙතන
ග්ලාස් එකෙන් එළිය බලාගෙන ම හිටියා ඇරෙන්න මං නම් ඒ මනුස්සයාගේ මූන දිහාවත් බැලුවේ නෑ…මට ඇස් කොනින් පේනවා මේ යකා ඉන්නෙ මගේ දිහා බලාගෙන කියලා
මදැයි නිදහසේ යන්න හිතාගෙන තනි ෂීට් එකක් හොයන් ඇවිත් ඉඳගත්තා…මීට වැඩිය හොඳයි හිටගෙන ගියා නම් 🥲😒
අම්මාට කෝල් එකක් අරගත්තාහම,
“අද පයින් එන්න චූටි…නැත්තම් හන්දියෙන් වීල් එකක් අරන් එන්න”
පයින් එන්නම් කියලා කෝල් එකත් කට් කරලා දැම්මා…අයියා මෑන්ස් ගියානේ ඉතින් මං දැන් පයින් ගමන් තමා…අපිට ඕනි වෙලාවට බස් යනවා කියලයෑ ඒ පාරේ…බස්වලට ඕනි වෙලාවට අපි යන්න ඕනි සීන් එකක් තියන්නේ
මට මෙතනින් නැගිටලා යාගන්නත් බැරි වෙයිද කියලා සාදාරණ බයක් ඇති වුන නිසා මං බහින හෝල්ට් එකට හෝල්ට් දෙකක් විතර තියෙද්දිම මං ගිහින් පිටිපස්සෙ දොර ගාව හිටගත්තා
අපේ ගෙවල් ගාව අයියා කෙනෙක් එතන ඉන්නවා දැක්කේ එතකොට…මේකි දැන්ම හිටන් ඉන්නේ මොකටද වගේ බැල්මට් එකකින් මගේ දිහා බලන් ඉන්නේ…මෑන්ස්ටත් මෝඩ හිනාවක් දාලා ඉස්සහා බලද්දි තමා අර ෂීට් එකේ හිටපු මෑන්ස් පිටිපස්ස හැරිලා බලන් ඉන්නවා දැක්කේ…මොන ගොන් හිපාටුවෙක්ද මන්දා ඒ
කොහොමහරි ගෙදර යද්දි හොඳ පණ ගිහිල්ලා…හම්මේ අයියාගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමා
සුපුරුදු පරිදි නාලා කාලා බීලා සුපිරි නින්දක් දැම්මා…ආයෙ ඇහැරුනේ හවස හයට විතර
නිදි විකාරෙන්ම කුස්සියට ගියා අම්මව හොයාගෙන…අද මුකුත් කෑමක් හදන්නෑ…අයියා හරි එයාගේ යාලුවෙක් හරි එන්න ඕනි ඒකට නම් 😒
“අම්මේ තේ එකක් හදලා”
“තේ එකක් හදාගන්නත් බැරිද චූටි…අර වතුර උණු වෙලා ඇති හදාගන්න”
“අනේ හදලා දෙන්නකෝ”
“මං මේ වැඩක් පේන්නැද්ද”
ඉතින් කරන්න දෙයක් නෑ…මම නැගිටලා ගිහින් තේ එක හදාගත්තා
“අනේ මං දන්නෑ…දවසක උඹව බඳින එකා පව්”
“පව් නම් තමා අම්මේ…බට් කරන්න දෙයක් නෑ…ඒක එයාගේ දෛවය”
මේකිට දෙයක් කියන කට හොඳයි ගලක උලා ගන්නවා වගේ සීන් එකෙන් අම්මා මගේ දිහා බලලා රවලා එයාගේ වැඩේ
ඉතින් මං තේ එකත් හදාගෙන ගියා බිස්කට් එකක්වත් කාලා තේ බොන්න හිතාගෙන…බිස්කට් දාලා තියෙන ටින් එකේ බිස්කට් නෑ
“බිස්කට් ඉවරයි ද අනේ”
“හරියට මං කාලා ඉවර කරලා වගේ”
නිකන්ම උගුරට දෙකට තේ එක බීලා කාමරේට ගියා
…………………………………………………………………………………..
ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක්
“චූටි”
“ඇයි”
“මේ කෝල් එකක්”
කවුද යකෝ ඕකට කෝල් ගන්නේ මට කතාකරන්න
“හෙලෝ”
“මොකද උඹ ෆෝන් එක ඕෆ් කරන් ඉන්නේ”
ආ මේ හොලමනනේ මේ…මොකද දන්නෑ
අනික මං ෆෝන් එක ඕෆ් කරන්න තියා ඒක බෑග් එකෙන් එළියට ගත්තේවත් නෑ
“ඇයි”
“හෙට ඉස්කෝලෙ යන්ද අහන්න ගත්තේ”
“මට එන්න වෙන්නෑ”
“එහෙනම් අම්මාට එන්න කියපන් උඹලගේ…හෙට අනිවා එන්නලු”
ර්…
“ඇයි ඒ”
“ඒක මං දන්නෑ හෙට එන්නලු…උඹ වරෙන්…මාත් එනවා හෙට”
උත්තරයක් දෙන්න කලින්ම ෆෝන් එක කට් කරලත් ඉවරයි
ෆෝන් එක අරන් බලද්දි ගෲප් එකට මැසේජ් එකක් දාලා,
“හෙට දින ඔබගේ විභාග ප්රවේශ පත්ර ලබා ගැනීම සඳහා පාසලට පැමිනෙන්නෙ”
-අංශ ප්රධාන ගුරුතුමිය-
දැන් ඉතින් හෙට ඉස්කෝලෙ පලකෝ
ඉතින් හෙට ඉස්කෝලෙ යනවා කියලා අම්මාටත් කියාගෙනම කාමරේට ගියා
…………………………………………………………………………………..
ඊළඟ දවසේ උදේ පාන්දර නැගිටලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වුනා
නෑ නෑ උදේ පාන්දර කිව්වට එහෙමමත් නෑ…නැගිටිද්දිම හයයි වෙලාව…යාන්තම් 6.30 වෙද්දි ලෑස්ති වෙලා පාරට ගියා
අදත් වෙනසක් නෑ වෙනදා වගේමයි…ගේට් එක ළඟට වෙලා ඉඳන්ම ගාථා කිව්වා
අම්මටසිරි වෙන්නම ගාථා කියලා ඉවර වෙද්දිම වයිස් ප්රින්සිපල් මැඩම් ඇවිත් ප්රශ්න කරන්න පටන් ගත්තෙ නැතෑ…දැන් නම් හාට් එකත් එකසිය ගානට ගැහෙනවා වගේ…කාලෙකින් ඉස්කෝලෙ ආවොත් ඔහොම මගුලක්මයි වෙන්නේ මට…මටත් හොඳ වැඩේ කලින් එන්නේ නැතුවට
මැඩම්ටත් පොඩි බොරුවක් කියලා එතනින් පැනගත්තා
පන්තියට යද්දි අපේ පන්ති භාර මැඩම්තුමී පන්තියේ
එක්ස්කියුස් කරලා පන්තියට ගිහින් ඉස්සහින් වාඩිවුනා කියලද හිතුවෙ පෙන්ස්…නෑ ජීවිතේට නෑ
ආත්මෙකට ඉස්සරහක නම් වාඩි වෙන්නේ නෑ
මං යද්දිත් මෙතූ ඇවිල්ලා සුපුරුදු ප්ලේස් එකේ වාඩිවෙලා ඉන්නවා…මම ද කොහෙද අදත් අන්තිමටම ඇවිත් තියන්නේ
අද ආවට ඉගැන්නිල්ලක් නැති වෙයි කියලා හිතන් හිටියේ…ඇඩ්මිෂන් දෙනවා කියලානේ එන්න කිව්වේ…කොහෙද ඉතින් උදේ ඉඳන් උගන්නලා 1ත් පහුවෙලා තමා ඒක දුන්නේ
බෙල් එක ගහපු ගමන් ගාථා කියලා ඉවර වුන ගමන් ඉක්මනට යන්නම් කියලා හිතන් හිටියේ…වැඩේ හරි ගියේ නෑ
“මේ උඹ දැන් මාව දාලා දුවන්න එපා හරිද…මාත් එක්ක යමන්”
ඉතින් මෙතූ එක්කම ඉස්කෝලෙන් එළියට ආවා
මං දන්නවා අදත් අර මෝඩ වාහේ එක්කෝ මෙතන්ට එනවා ඇති…එහෙම නැත්තම් මේ මෝඩ වාහේ ඌ ඉන්න තැනට යනවා ඇති
“මේ විහා…මේ”
“මොකද උඹ තටබන්නේ”
“නෑ නෑ මුකුත් නෑ”
“කොහෙටද එනවා කිව්වේ උඹේ මහ ලොකු භෘංගරාජයා”
ඒ පාර මෝඩ හිනාවකුත් දාගෙන,
“මෙතන හෝල්ට් එක ළඟට එන්නම් කිව්වා”
ඉතින් මං ඒකිත් එක්කම හෝල්ට් එක ළඟට ගියා…යද්දිත් එක භෘංගරාජයෙක් නම් ඇවිල්ලා…අනිත් එකා හලලා ඇවිත්ද කොහෙද මේකා අද
මං නම් මූ එක්ක කතා කරන්නෑ
“ඔයා තනියමද ආවේ”
“ඔව්”
“කෝ සහන්”
“ඌ එයි ටිකකින්”
මට ඇහුනා මෙතූ අහද්දි ෂෙහාන් එහෙම කියනවා…මං උන් ළඟට ගියේ නෑ…පොඩ්ඩක් එහාට වෙලා හිටියා
විනාඩි දහකින් විතර තමා අනිත් භෘංගරාජයා ආවේ…ඇවිත් මගේ එහා පැත්තෙන් හිටගත්තා
කවදාවත් නැතුව අද මේකා කැප් එකක් දාගෙන…ඔලුව පැලුවද දන්නෑ මොකෙක් හරි…මුගේ වැඩවලට එහෙම නොවුනා නම් තමා පුදුම
අම්මටසිරි දැන්නේ යකෝ මූණ දැක්කේ මූගේ
අමාරුවෙන් හිනාව තද කරන් ආයේ ඒ දිහා බලන්නේ නෑ කියලා හිතන් අහක බලාගත්තා
මාස ගානකින්නේ අද ඉස්කෝලෙ ආවේ…රැවුල කපලා ඇවිත් තියන්නේ…හිත කියන්නෙම ආයේ ඒ ලස්සන මූන දිහා බලපන් කියලාමයි
නිකමට වගේ ආයේ මං බැලුවා උගේ මූන දිහා…මෑන්ස් වෙන ලෝකෙක
තවත් නම් හිනාව හිර කරන් ඉන්න බැරි වුනා මට 🥲
“😂🤣”
සහන් මගේ දිහා බලන් ඉන්නේ උඹට පිස්සුද බන් ගෑනියේ වගේ බැල්මට් එකකින්…උගේ මූන දකිද්දි තවත් හිනා යනවා යකෝ
“මොකද බන් හිනාවෙන්නේ”
“අම්මෝ බන් 🤣”
“මොකද ඕයි මෙතන මිනිස්සු ඉන්නවා තව 🥲”
“කවදද බන් උඹ රැවුල කැපුවේ 🤣”
ඔලුවත් කස කස අනිත් පැත්ත හැරුනා මෑන්ස්…මෑන්ස්ට ලැජ්ජා හිතුනා වගේ
අමාරුවෙන් හිනාව වාවගෙන හිටියා ටික වෙලාවක්…අරුන් දෙන්නා තාම මලේ නිසා ආපු බස් දෙක තුනක්ම මිස් වුනා…මෙතන ඉන්නේ දැන් අපි හතරදෙනා විතරයි
මට කරපු වැඩේට හරියන්නත් එක්ක පොඩි කුප්ප වැඩක් කරන්න හිතුනා…ෂුවර් ෂොට් එකටම මූ කොණ්ඩෙත් කපලා ඇති…ශේප් එකේ ළඟට ගිහින් හිටගත්තා
මෙහෙම ඉඳලා මේ කැප් එක ගලවන්න තියා හිතන්නවත් බෑ මට…මූගේ උරහිස ගාවටවත් නෑ මං
ටිකිරි මොලෙන් හිතලා වැඩක් කළා
“සහන්”
“ඇයි”
“ඔය කැප් එකේ මොනවද ගෑවිලා”
“මොනවද”
“ඔලුව පාත් කරනවකෝ මං අයින් කරන්නම්”
මං හිතුවෙ ඒකටත් මොනාහරි කියයි කියලා…මුකුත් නොකියා මෑන්ස් ඔලුව පාත් කරද්දි කැප් එක ගලවලා අතට ගත්තා
කොහොමද මගේ ටිකිරි මොලේ හොඳයි නේ…ටිකිරි මාරි නේ කන්නේ 😌
කිව්වත් වගේම මේකා අර ලස්සනට තිබ්බ කොණ්ඩෙත් කපලා…ඇත්ත කියන්න එපැයි ඉතින් මුගේ කොණ්ඩෙ ලස්සනට තිබ්බා…දැන් ඒ කොණ්ඩෙයි රැවුලයි නැතුව හරි අමුතුයි…(මට ඒකට කියන්න නමක් මතක් වෙන්නේ නෑ ළමයි 🥲)
මේකා කොණෙඩේ කොටටම කපලා…ඇත්තමයි හරිම අමුතුයි ඒ ලුක් එක…දැක්කත් ඇති හිනා යනවා මට නම් 😂
“අඩෝ අඩෝ ඕක දීපන් බන්”
” සිරාවට ඇයි බන් උඹ කොණ්ඩෙයි රැවුලයි දෙකම කැපුවේ 🥲😂”
“අඩේ දීපන් විහා කැප් එක”
“පොඩි එකෙක් වගේ ඕයි 😂”
“දීපන් ඕක”
“ආ ආ ගනිම් මහ ලොකු කැප් එක උබේ 😂”
“හිනාවෙන්න එපා ඕයි…ඉස්කෝලෙ ආපු නිසා කැපුවේ”
“හොඳයි හොඳයි…හරි ලස්සනයි…වෙරි බියුටිපුල් 😂”
“අනේ පලයන්න”
“😌😂”
…………………………………………………………………………………..
බස් හැටක් විතර ගියත් මුන්ගේ මල මගුලේ මල් කැඩිල්ල ඉවරයක් නෑ…පුදුම මිනිස්සු තමා මුන් නම්
යාන්තම් 2.30 පහු වෙලා තුනටත් කිට්ටු වෙද්දි බස් එකකට නැගගත්තා
ගෙදර යද්දි හතරටත් කිට්ටුයි
ගෙදර යද්දි එළියේ වාහනයක් නතර කරලා තිබුන නිසා ඒකත් හිත හිතා ගෙට යද්දි හිටපු කෙනා දැකලා මං කන්ෆියුස් උන්ගා බුන්ගා 🥲💔
…………………………………………………………………………………..
𝓝𝓪𝓭𝓾 💕