මොනවා වුනත් බස් මෑන් අයියට ලස්සනට සින්දු කියන්න පුළුවන් හැබැයි
කාව මතක් කරන් කිව්වද දන්නෑ…හැබැයි මාරම ලස්සන වොයිස් එකක් ඒක
රෑට කන්න අම්මා කතා කරනකන්ම මාත් ඉතින් ඒ දෙන්නා එක්ක එළියට වෙලා තමා හිටියේ
කාලා එහෙම ඉවර වෙලා කාමරේට ගියේ පාඩම් කරන්න…එක්සෑම් එකට තව මාස තුනක්වත් නෑ
ඔන්ලයින් රවුමකුත් දාලාම පාඩම් කරනවා කියලා හිතන් ෆෝන් එක අතට ගත්තා
අම්මටසිරි ඩේටා ඔන් කරද්දිම නොටිෆිකේශන් එනවා හෝ හෝ ගාලා…සාමාන්‍යයෙන් මේකට එහෙම මැසේජ් එන්නේ නෑ…අසාමාන්‍ය විදිහට ආවොත් තමා
මෙතූගෙන් මැසේජ් එකක් ඇවිල්ලා…හෝ හෝ ගාලා ඇවිත් තියන්නේ මේ ගොන් සහන් මේකට කෝල් අරන්
සීන් කරලා නිකන් හිටියා…මට් ඕන්නැ ඔහොම මිනිස්සු එක්ක කතා කරන්න…ෆෝන් එකත් ඕෆ් කරලාම දාලා පාඩම් කරන්න පටන් ගත්තා
අම්මා නම් සැරෙන් සැරේ ඇවිත් කාමරේට ඔලුව දාලා යනවා මට පේනවා…මං නම් දැක්කේ නෑ වගේ පොතටම ගිලිලා වගේ ඉන්නේ
12 පහ වෙද්දි නම් නිදිමත බේරෙනවා…නිදිමත වැඩි නිසා නිදිමත නැතිවෙන්නත් එක්ක කියලා ඕෆ් කරලා දාපු ෆෝන් එක ඔන් කරගත්තා
ඔන්ලයින් ගියාට මැසේජ් එකක්වත් නෑ…තිබ්බ ස්ටේටස් එකක් බලලා ඕෆ්ලයින් ගියා
තව ටිකක් පාඩම් කරලා නිදාගත්තා
ඊළඟ දවසෙත් ගෙදර නිසා නැගිටිද්දි 9ටත් කිට්ටුයි
සුපුරුදු පරිදි අම්මාව හොයන් කුස්සියට ගියා
“හරි ෂෝක් කෙල්ලෙක් උදේට නැගොටින වෙලාව”
“අම්මේ තේ එකක් හදලා”
“මේක තේ බොන වෙලාවක් ද…දවල්ට කන්නම නැගිටින්න තිබ්බේ”
මං මේ අපේ අම්මාගෙන් බැනුම් අහන තරමට මට ගෙදර බැනුම් ඇසීමේ කලාවේ පුමුඛයාට හිමි විශිෂ්ට ගෞරව උපාධිය මට හම්බෙන්න ඕනෙ
ඇයි අප්පා උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මං දවසට කීපාරක් බැනුම් අහනවද…අයියා ගෙදර නැති දවසට එයාගේ ඒවත් එක්කම අහගන්නේ මමනේ
ගැම්මක් තමා ඉතින් 🥲
අදත් දවසම ගෙදරට වෙලා සුපුරුදු පරිදි ගෙවලා දැම්මා…අයියලත් ටිකක් බිසී අද…ඉතින් මං ඔහේ දවස ගෙවලා දැම්මා
රෑ වෙලා තමා මතක් වුණේ හෙට ක්ලාස් එකේ පේපර් එකක් කරන්න තියනවා කියලා…මෙතූ එක්ක කතා කරන්නෙත් නැති නිසා මේක කරන් ගියේ නැත්තම් තනියම බැනුම් අහගන්න වෙන්නේ මට මුලු ක්ලාස් එකම ඉස්සරහා…ඉතින් මගේ ආත්ම ගරුත්වෙ ගැන හිතලා පේපර් එක කරන්න පටන් ගත්තා
ඒක කරලා ඉවර වෙලා නිදාගන්න ගියේ අම්මාට උදේම මාව ඇහැරවන්න කියලත් කියාගෙනම
…………………………………………………………………………………..
අම්මාගේ බැනුම් මැද්දේ යාන්තම් 6.30 වෙද්දි ඇහැරුනා…අම්මා නම් මාව ඇහැරවන්නේ පාන්දර පහේ විතර ඉඳන් 🥲
දඩිබිඩි ගාලා කොහොමහරි හතට දහයක් වෙද්දි ලෑස්තිවෙලා ඉවර වුනට මාව හන්දියට ගිහින් දාන්න එකෙක් නෑ…අර බකබුස්සෝ දෙන්නා තාම නිදි
“අම්මේ අයියාව ඇහැරවන්නකෝ අනේ”
“පොඩ්ඩක් ඉන්න ළමයෝ කෑගහන්නේ නැතුව”
“අනේ අම්මා 7.15 වෙද්දි ගිහින් හිටියේ නැත්තම් මාව ආයෙ හරවලා එවයි”
“මං පාන්දර ඉඳන් කතා කරාට නැගිට්ටේ නැති එකට මොනවා කරන්න ද”
ඔය පේනවනේ අයියා නැගිටින්නේ නැති එක පේන්නේ නෑ මං නැගිටපු නැති එක තමා පේන්නේ
අම්මා දෙතුන් සැරයක් කතා කරාට පස්සේ තමා නැගිටලා ආවේ…තාම නිදිමරගාතේද කොහෙද ඉන්නේ මේ මනුස්සයා
හන්දියට යද්දිම ආපු බස් එකට කොහොමහරි නැගගත්තා
ටවුන් එකෙන් බහිද්දි 7.30ත් පහුවෙලා…වෙනදාට නම් මෙතූ ඉන්නවා අද ඒකිත් නෑ…තනියම ක්ලාස් එක මැද්දෙ බැනුම් අහන හැටි මැවිලා පේනවා…මේවා මතක් වෙද්දි තනි ඇහැට ඇඬෙනවා යකුනේ 🥲
ටිකක් දුර ගිහින් පාර මාරුවෙන්න එහා පැත්ත බලලා මෙහා පැත්ත බලද්දි මං වගේම පරක්කු වෙලා එන ඩයල් එකක් මට පේනවා…වෙන කවුරුත් නෙවෙයි මෙතූ තමා
දැක්කේ නැති ගානට පාර මාරුවෙලා එහා පැත්තට පැනගත්තා…හෙමින් හෙමින් මෙතූ අට කිට්ටු වෙනකල් ඔහේ ගියා
එයාගේ අඩි සද්දේ ඇහෙනවා ඇහෙනවා වගේ වෙද්දි පස්සෙ නොබලා කාඩ් එකත් මාක් කරන් ඇතුලට ගියා…වෙනදා වගේම බැනුම් අහන්න අනිත් ඩයල් එකත් ඉන්න නිසා පොඩ්ඩක් හොඳයි
මුලු ක්ලාස් එකම ඉස්සරහා ඇදගෙන නෑවා වගේ හොඳටම බැනුම් නාලා ගිහින් වාඩිවුනා
එක ළඟ වාඩිවුනේ නෑ…දෙන්නා දෙපොලක
සිංහල ක්ලාස් එක නිසා ටික වෙලාවක් යද්දි පට්ටම කම්මැලි…කතා කරන්නවත් එකෙක් නැති නිසා අදත් තනියෙන් ම ක්ලාස් එකේ ඉඳලා ගෙදර ගියා…මෙතූ මාත් එක්ක කතා කරන්න ආවත් එයාව මගඇරලා ඉක්මනට හෝල්ට් එකට ඇවිත් බස් එකට නැගගත්තා
බස් එකට නැගිද්දි බෑග් එකේ තිබුන ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා වගේ දැනුනට පස්සේ බලනවා කියලා හිතාගෙන නැග්ගා…නැගලා වාඩිවුනාටත් පස්සේ තමා ෆෝන් එක එළියට ගත්තේ…දන්නැති නම්බර් එකක් නිසා ආයේ ගන්න ගියේ නෑ…ඕනෙ නම් ගන්නැතෑ
තවත් විනාඩි 5කින් විතර ආයේ කෝල් එකක් ඒ නම්බර් එකෙන්ම ආපු නිසා කෝල් එක ආන්සර් කළා
“හෙලෝ”
“ආ නම්කි”
ර් ර්‍ර්
මෝඩ ගොන් සහන්
“ඇයි”
“උඹ බෝම්බේ පිටේ බැදන්ද බන් ඉන්නේ”
ඒ පාර මේ ගොන් අලියත් බෝම්බෙයක් ගැන කියවනවා…මට පේන්න බෑ මේ වචනෙත් දැන්
“ඇයි ගත්තේ”
“නෑ මේ මෙතූ කුනු කුනු ගානවා උඹ තරහා වෙලා කියලා…උඹලා දෙන්නා ඉන්න එපා ඕයි”
“ඒක කියන්න ද ගත්තේ”
“ඔය බස් එකෙන් බැහැලා මේකිත් එක්ක යනවකෝ…තාම ස්ටෑන්ඩ් එකේනේ ඉන්නේ උඹ”
“මං යන්නේ මට ඕනෙ එකේ”
“එහෙමද මැඩම්…එහෙනම් පරිස්සමෙන් යනවකෝ”
“යනවා තමා ඒක උඹ කියන්න ඕනෙ නෑ…ගිහින් කියාගන්නවා තමුසෙගේ අර කෙල්ලට ඕවා”
තවත් මුකුත් කියන්න කලින් කට් කරලාම දැම්මා කෝල් එක…අම්මාට කෝල් එකක් දීලා අයියාව තව ටිකකින් හන්දියට එවන්න කියලා කිව්වා
බස් එකෙන් බහිද්දි අයියා හිටියා…තනියම නෙවෙයි…බස් මෑන් අයියාත් ඇවිල්ලා…මෑන්ස් එයාගේ වටිනා කියන බෑග් රාජයත් උස්සන් ඇවිත් ගිටාර් එකත් අරන් ඇවිත්…ගෙදර යනවද දන්නෑ
“ආ බෝම්බේ”
මේ වචනෙත් එපා කරවනවා මේ මිනිස්සු මට
“කොහෙද යන්නේ”
“ගෙදර බන්”
“ආ යනවද ඒක හොඳයි කනක් ඇහිලා ඉන්න පුළුවන් දැන්”
“මටත් ගෙදර ගිහින් කනක් ඇහිලා ඉන්න පුළුවන් කච කච ගාන අය නෑනේ එහේ”
“😒”
පුදුම මිනිස්සු තමා මුන් නම්
එයාවත් බස් එකට දාලම තමා ගෙදර ආවේ
අපරාදේ හිටියා නම් තව රස කෑමක් හදාගන්න තිබ්බා අම්මාට කියලා 🥲
…………………………………………………………………………………..
ඊළඟ දවසේ ක්ලාස් එහෙමත් නැති නිසා ටිකක් නිදාගන්නම් කියලා හිතන් හිටියේ
වැඩක් වුනේ 7 විතර වෙද්දි ඇහැරුනේ කවුදෝ ඇවිත් අපේ අම්මා එක්ක කියවන සද්දෙට
අපේ ගෙවල් ගාව නැන්දා කෙනෙක්…උදේ පාන්දර මොකද දන්නෑ මෙයා මෙහෙ පාත් වුනේ…නිදාගන්නත් නෑ මට…එක පාරට එයාගේ කටේ සවුන්ඩ් එක වැඩි වෙනවා සැරින් සැරේට🥲
අපේ අම්මාත් එක්ක මෙයා අවුරුදු ගානක් නෝ කතා නෝ සීනා සීන් එකේ හිටියේ…අපරාදේ එහෙම හිටියා නම් හොඳයි එක අතකට…මට අද තව ටිකක් නිදාගන්නවත් තිබ්බා එහෙනම්
මොනවා කරන්නද ඉතින් ආයේ නිදාගන්න වෙන්නෑ…එයා සාලේ ඉන්න නිසා ඇඳට වෙලාම එයා කියන ඒවත් අහගෙනම හිටියා
එක වෙලාවකට එයාගේ පුත්‍ර රත්නය ගැන කියවනවා…ආයේ දුව ගැන කියවනවා…ඒ අන්කල් ගැනත් කියවනවා…එයා ගැනත් කියවනවා…ඔය කතා අස්සේ මට ඇහුන හොඳම එක තමා ඒ අන්කල් බයික් එකේ යද්දි ඇක්සිඩන්ඩ් වුනාලු…ඊට පස්සේ සිහිකල්පනාවක් නැතුව හිටියලු කියලා එයා අපේ අම්මාට කිව්ව විදිහ…එයා ඒක කියලා හිනා වෙනවා…අනේ මන්දා පුදුම මිනිස්සු තමා 🥲
ඒක එහෙම හිනාවෙන්න දෙයක් නෙමෙයි නේද
එයාගේ මනුස්සයාට පිස්සු හැදිලා හිටියා කියලාම කිය කියා එයාම හිනා වෙනවා 🥲
පැයක් විතර කියව කියව ඉඳලා තමා එයා යන්න එළියට බැස්සේ…එළියට බැස්සට මොකද ඒත් තව පැය බාගෙකට විතර පස්සේ තමා ගියේ
…………………………………………………………………………………..
අයියා මෑන්ස්ට උණ හැදිලා ඉතින් එයා දවසම කාමරේට වෙලා හොඳට නිදි…අම්මාගේ කටේ බලේටම වගේ ගිහින් බෙහෙත් අරන් ආවේ
“චූටී…”
“අන්න අයියා කතා කරනවා”
“ඇයීඊඊඊ…”
“මෙතන ඉඳන් කෑගහන්න එපා ළමයෝ…ළඟට ගිහින් බලන්න ඇයි කියලා”
මුකුත් නොකියා මං ගියේ අයියාගේ කාමරේට
“මොකද වදේ”
“ඔය ලයිට් එක ඕෆ් කරලා යනවකෝ”
ර්…..
එන තරහක් මට
“ඕනෙ නම් ඕෆ් කරගන්නවා”
“අපෝ චූටි”
“තමුසේ නම් මහ වදයක් අයියේ”
ලයිට් එකත් ඕෆ් කරලා අයියාට බැන බැනමයි මං ආයේ කුස්සියට ගියා
කුස්සියට වෙලා අම්මාත් එක්ක කියව කියව ඉන්න ගමන් බිස්කට් පැකට් එකටත් වැඩේ දුන්නා 😌
“චූටි”
“ම්ම්”
“අයියා නිදිද බලන්නකෝ…නිදි නැත්තම් කන්න එන්න කියන්න”
මට බෑ කියලා කියන්න හිතුනත් කටවහන් හිටියේ අම්මා මට ඕකට බනිනවා කියලා දන්න නිසාමයි…ඉතින් මං ගියා අයියාට කතා කරන්න
උණ හැදිලා බෙහෙතුත් අරන් ආපු නිසා අම්මාගෙන් අද වැඩි සැලකිලි එයාට…වෙනදාට කියලා වෙනසක් නෑ…ඒත් ඔහොම තමා 😒
ලයිට් එකත් ඕෆ් කරලා නිසා නිදි ඇති කියලා හිතන් සද්ද නොකර ඔලුව දාලා බැලුවා…මූ යකෝ…ෆෝන් එක දිහා බලාගෙන හිනාවෙනවා…දැන් නම් ළඟට බලන්නත් හිතයි…මොනවා බලනවද කවුද දන්නේ
“ඒ අයියේ”
ටිකක් ළඟට ගිහිල්ලා මං කතා කරහම මෑන්ස් ගැස්සිලා ගියා හැබැයි 😂
“මොනවද ඕයි කරන්නේ හොල්මන වගේ”
“තමුසේ මෙතන උණ උණ කියාගෙන මගෙන් වැඩ අරන්…මෙයා මල් කඩනවා”
“මොන මල්ද බන් මට”
“මොන මල්ද කියන්න නම් මං දන්නැ…අම්මා කන්න එන්න කිව්වා”
“යන් යන්”
කාලා බීලා එහෙම ඉවර වෙලා කාමරේට රිංගගත්තේ පාඩම් කරන්න හිතාගෙන
එහෙම හිතාගෙන ආවට මොකද විනාඩි 15ක් විතර යද්දි පොත උඩම නිදි
අම්මා සැරින් සැරේ කාමරේට එබෙනවානේ මොකද කරන්නේ බලන්න…ඉතින් ළඟට ඇවිත් කතා කරකනුත් මම සැප නින්දේ මේසේ උඩම
“චූටි ඇඳට ගිහින් නිදාගන්න…නැගිටලා ඇඳට යන්න”
අම්මා කියන දේ අහන අම්මාගේ සුවච කීකරු චූටි එසැණින් ඇඳට පැන්නා
…………………………………………………………………………………..
සති දෙක තුනක් යනකන්ම මං අර පණ්ඩිත හොල්මන් තුනත් එක්ක නම් කතා කළේම නෑ…මොකට කතා කරනවද ඔහොම මිනිස්සුත් එක්ක
ඒ සති දෙක තුනේම මං ක්ලාස් ගියෙත් තනියම…ගිහිල්ලා හිටියෙත් තනියමමයි
අද සඳුදා…අද දවසම ක්ලාස්…වෙනදා වගේම තනියම ගිහින් තනියම කාලේ ගෙව්වා ඉන්ටවල් එක වෙනකන්ම
අර දවස් ටිකේ නම් මං කෑවෙත් තනියෙන්මයි…මෙතූ මාත් එක්ක කතා කරන්න ආවට මං ගනන් ගන්නේ නැතුව ඉද්දි එයා ආයේ මට කතා කරන්න ආවේ නෑ…ෂෙහාන් නම් කොහොමත් එහෙම වැඩි කතාවක් නැති එකෙක්නේ…සහන් වුනත් එහෙම කතා කරන්න ආවේ නෑ මාත් එක්ක
අදත් ඉන්ටවල් එක දුන්නට පස්සේ අතත් සෝදන් ඇවිත් වාඩි වුනේ කන්න කියලා හිතාගෙන…වාඩිවෙලා බෑග් එකෙන් කෑම එක එළියට ගන්න හදද්දි ඒක බෑග් එකේ නෑ…මට හොඳටම මතකයි මං මෙතනින් යන්න කලිනුත් ඒක බෑග් එකේ තිබ්බා කියන්න…ඔව් මට හිතාගන්න පුළුවන් මොකක්ද වෙලා තියන්නේ කියලා
ඔව් මට පේනවා එහා පැත්තේ කොල්ලොන්ගේ ඩෙස් පේළියකට වෙලා පණ්ඩිත හොල්මන් තුනක් හොඳට රස කර කර මගේ බත් එකට වැඩේ දෙනවා 🥲😒
මුන් නම් පුදුම මිනිස්සු තමයි
අනේ මගේ බත් එක 🥲
ගිහින් හොඳවැයින් දෙකක් කියලා එන්නමයි හිතෙන්නේ…මොනවා කරන්න ද කතා කරන්නේ නැති එවුන් එක්ක කතා කරන්නත් බෑනේ…ගෙදර යනකන් බඩගින්නේ ඉන්න හිත හදාගත්තා
උදේ අම්මා බලෙන් හරි බත් කටවල් දෙක තුනක් කවපු නිසා හොඳයි…ඒත් ඉතින් දැන් මට බඩගිනි…කරන්නම දෙයක් නැති නිසා ඩෙස් එකෙන් ඔලුව තියාගත්තා
ටික වෙලාවකින් කවුරුහරි ළඟට ඇවිත් හිටගෙන ඉන්නවා වගේ දැනුන නිසා ඔලුව උස්සලා බලද්දි මෙතූ ඇවිත් කන්න වගේ මගේ දිහා බලන් හිටියේ
“මෙහෙ වරෙන් කන්න යන්න”
උඹලා තුන්දෙනාගේ ඔලු කන්න හිතෙන්නේ දැන් මට 😑
මුකුත් නොකියා අහක බලාගත්තා
“මේ දැන් ඕවා අමතක කරලා වරෙන් කන්න සර් එන්න කලින්…උඹ බඩගින්නේ ඉන්නද හදන්නේ”
මොනවා කරන්නද තව පැය ගානක් මුකුත් නොකා ඉන්න මට බෑ…නැගිටලා ගියා…දැන් ඕවා අමතක කරලා වරෙන් කිව්වට මං මගේ ජීවිතේටවත් ඕවා අමතක කරන්නේ නෑ
මෙතූ ෂෙහාන්ගේ ඉස්සරහින් වාඩි වෙද්දි මං ගිහින් වෙනදා වගේම සහන්ගේ ඉස්සරහා වාඩි වුනා
“මේ අද වහීද දන්නෑ නේ බන්”
“කටවහන් කාපන් බන්”
“කටවහගෙන කොහොමද බන් කන්නේ”
“එහෙනම් උඹ කට ඇරගෙන හිටපන්”
“අර කලින් බත් එක පට්ට රසයි නේ බන්”
ඔව් ඉතින් රස වෙන්න එපැයි…අද අයියා යන නිසා අම්මා රසට උයන්න ඇති…කොහෙද ඒකේ රසක් බලන්නවත් වුනේ නෑ මට මුන් හින්දා…උදේ කාපු කටවල් දෙක තුන කෑවා නෙවෙයි ගිල්ලානේ…කොහේ රසක් දැනෙන්නද ඉතින්
මොනවා කිව්වත් මං කතා කරන්නෙම නෑ මුන් එක්ක…මේ කියන ඒවට මට කට පියන් ඉන්නත් බෑ…දෙන්න හිතෙනවා දත් සෙට් එක බඩට යන්න…
කාලා ඉවර වෙලා අතත් සෝදන් ඇවිත් කලින් හොටපු තැනට ගිහින් වාඩි වෙද්දි මගේ බෑග් එක නෑ පාර එතන…මට එහා පැත්තේ ඩෙස්ක් එකට වෙලා මෝඩ හිනාවක් දාගෙන මගේ දිහාට හැරිලා බලන් ඉන්නේ සහන්
“අඩෝ විහා අරකිත් එක්කවත් කතා කරපන්කෝ බන්”
එතකොටම සර් ආපු නිසා ඒ කතාව එතනින් ක්ලෝස්…මෙතනට වෙලා පොතුත් නැතුන් බකන් නිලන් ඉන්නයැ මම…මෙතූ ගාවට ගිහින් වාඩි වුණා
…………………………………………………………………………………..
𝓝𝓪𝓭𝓾 💕