වීලචෙයාර් 8 වන රෝදය

8
0

වීල්චෙයාර්

අටවන රෝදය

“මොකද්ද සදෙව් උබට වෙලා තියෙන්නේ.. උබ ඔහොම ඇඩුව කියලාවත් බිවුවා කියලාවත් ආයේ සාරායි දිපශිකයි ලැබෙන්නේ නෑනේ බං.. තේරුම් ගනින් කියන දේ..”

“ඔය මගුල් මට වැඩක් නෑ..උබල මාත් එක්ක ක්ලබ් එකට යන්න එනවද නැද්ද..”

“අපි එන්නෙත් නෑ අද උබට යන්න දෙන්නෙත් නෑ..”

“අනේ මේ ෂේන් එන්න බැරි නම් ඕන දෙයක් කරගනින්..”

“පේනවනේ වාස් උබට මේ බල්ලාට කියලා දෙයක් තේරුම් කරන්න බෑ..”

“හුම් කමක් නෑ යන්න දියන්කෝ..බලමුකෝ අද මු යන්නේ කොහොමද කියලා”

වාස් එසේ කීවේ ෂේන් ගේ කනට ලන් වීය…ඒත් සමගම ෂේන් ඇසුවේ ඔහු දෙස බලමින්

“ඇයි උබ මොකද්ද කරේ “

“කාර් එකේ හුළං ඇරියා, බයික් එකේ තෙල් ටික ඇද්ද..ෆෝන් එකේ සිම් එක ගලවලා රවුටර් එක ගලවලා අපේ ගෙදර ගිහින් දැම්මා…”

“යකෝ.. උබ මාර එකෙක්නේ..”

“වාස්…….”

එසේ කෑ ගැසුවේ සදෙව් ය..

“අන්න වැඩේ පත්තු වෙලා යමන් බලන්න..”

“ඇයි යකෝ තොපිල මට මෙහෙම කරන්නේ..😭😭😭මගේ හිත හදාගන්න බැරි නිසා ඉන්න සිහියෙන් අයින් වෙන්න හැදුවත් ඇයි මට උබල එකවත් කරන්න දෙන්නේ නැත්තේ…”

“මේ රෑ වෙලා බීගෙන උබ තවත් මොනවද බලාපොරොත්තු වෙන්නේ ආ…අනික අර අහිංසකී ගේ තුන්මාසේ දානෙට තව දවස් දෙකයි…යකෝ ඒ කෙල්ලට දැනවත් සැනසීමක් දීපන්.. උබ ඔහොම බී ගත්තම කොහොමද ඒ කෙල්ල වෙන ආත්මේකට යන්නේ..”

“මන් මහ පව්කාරයි බං ඇයි දෙයියනේ මට මෙහෙම උනේ…”😭😭😭

“හරි යමංකෝ ඇතුලට…”

ඒත් සමගම මද වෙලාවකින් සදෙව්ගේ සහ දිපශිකා ගේ මව් පියන්ද නිවසට පැමිණියහ..

“ආ හරි පුදුමයි අද කොල්ලා සිහියෙන් කටින් ඉන්නවා පෙනෙද්දී..”

එසේ පැවසුවේ සදෙවුගේ පියාය…

“අදත් යන්න අංකල් හැදුවේ බොහොම අමාරුවෙන් නවත්තගත්තේ..”

“”දැන්වත් හිත හදාගන්න රත්තරං පුතේ…දැන් අපි සේරටම ඉන්නේ උබ විතරයි.. උබත් ඔහොම නැති නාස්ති උනාම අපි කොහොමද දරුවෝ හිත හොදින් මැරෙන්නේ..”

එසේ පැවසුවේ සදෙවුගේ මෑණියන්ය..

දිපාෂිකා ගේ මවත් ඒ මොහොතේ එයට එකග වූයේ ඒ පැවසූ දේ ඇත්තක් නිසාය..ඒත් සමගම ඔවුන්ගේ ගෙයි ඉදිරිපිට මෝටර් රථයක් නැවැත්විය…

“කවුද ආවා..මන් හිතන්නේ දසුන් වෙන්න ඇති සදෙව් මන් ගිහින් බලලා එන්නම්..

එසේ පවසා ෂේන් ගෙයි ඉදිරිපිටට ගියේ ආ අමුත්තා කවුද බැලීමට යි..

ෂේන් දසුන් හා වාස් සදෙව් ගේ පසුකාලීන මිතුරන් විය..නමුත් ඔහුගේ අතීතයේ සිදු වූ සියලු දේ තිදෙනාම දැනගෙන ඔහුගේ ළඟින්ම සිටියේ පසුකාලීනව හැඳින ගත්තද හොදම මිතුරන් වෙමිනි…ඒත් සමගම ඉදිරියට ගිය ෂේන් කලබලයෙන් නැවත නිවස තුළට එනු සියලු දෙනාම දුටූහ..

“ඇයි උබ කොළඹ කතරගම බස් එකට භූමිතෙල් ගහලා වගේ දුවන් එන්නේ යකෙකෙවත් දැක්කද…”

වාස් එසේ විමසුවේ ෂේන් ගේ හැසිරීම නිසායි..

“මේ සදෙව්…සාරා ඇවිත්…තව කෙල්ලෙක් එක්ක..”

“මොකක්…”

ඒත් සමගම සියලුම දෙනා පුදුමයට පත් වී නිවස ඉදිරියට ගියේ ඇත්තටම ෂේන් පැවසූ දේ සත්‍යක්ද බැලීමටය…

ඔහු පැවසූ දේ සත්‍යයක් කරමින්..සාරා සදෙව් දෙස බලා සිටියේ මද සිනාමුසු මුහුණකිනී.

“සාරා….ඔයා…”

ඒත් සමගම සදෙව් ඇය අසලට ගියහ..

“සදෙව්..කොහොමද ඔයාට..”

“මන්…..මන් හොදින්..ඔයාට කොහොමද..”

සදෙව් එයට කිසිම පිළිතුරක් නොදීම විමසුවේ..

“කෝ ඔයාගේ හස්බන්ඩ්..”

“ඒක පස්සේ කතා කරමු සදෙව් ඒක දිග කතාවක්..ඒත් මට ඔයාගෙන් දැම්මා දැනගන්න දෙයක් තියනවා..”

“ඒ මොකද්ද..”

“ඇයි දිපශිකා තනියම නුවර හොස්පිට්ල් එකක තනියම තියලා ඔයා මෙහේ ඉන්නේ..මන් නිසා නම් ඔයාලා ඈත් වෙලා ඉන්නේ ප්ලීස් සදෙව් එහෙම නපුරු වෙන්න එපා..”

“මො….මොකද්ද…දීප…ශිකා..”

“ඔව් සදෙව් ඔයාගේ දිපශිකා අනික ඇයි එයා රෝද පුටුවේ ඉන්නේ..”

“සාරා…… සාරා ඔයාට පිස්සු හැදීගෙන එනවද…”

ඒත් සමගම ඔවුන්ගේ කතාව අසුන සියලු දෙනාම ඔවුන් ලඟට පැමිණියහ..

“මට නෙවෙයි සදෙව් ඔයාලටයි පිස්සු..ඇයි දීපාෂිකා ගැන බලන්නේ නැත්තේ..”

“සදෙව් පුතේ දුවව ගේ ඇතුලට එක්කන් යමු මේ රෑ මෙතන ඉඳන් ඔය දේවල් කතා කරන්න හොඳ මදි කියලා මට හිතෙනවා…අනික මේ නෝනටත් දරුවෙක් ලැබෙන්නනේ ඉන්නේ… යන් සාරා දුවේ..”

එසේ කියමින් සාරා ඇතුළු සියලුම දෙනාම නිවාස තුළට පිවිසිය..

ඒත් සමගම …

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *