වීල්චෙයාර්
අවසන් කොටස
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
“මට තේරෙන්නේ නෑ බබා මේ ප්‍රශ්නේදි මොකද්ද කරන්නේ කියලා…”
“ඔයා අම්මලා කියන කෙනාව මැරී කරන්න අයියේ…එතකොට මේ සේරම දේවල් ඉවරයිනේ…”
“අනේ මේ සිතුලි මගේ මාරයා අවුස්සන්නේ නැතුව ඉන්නවද…ප්‍රශ්න නැතුවට ඔයාට ඕන තවත් ප්‍රශ්නයක් මගේ ඔළුවට දාන්නද ආ..එකක් මතක තියාගන්නවා සීතුලි මේ ආර්යන් කිව්වොත් කිව්වා..මන් මැරී කරන්නේ ඔයාව විතරයි මට වෙන කවුරුවත් එපා…”
“අයියේ අම්මා එනවා මන් තව ටිකකින් ගන්නම්ම්…”
ඇය දුරකථනය විසන්ධි කරණවාත් සමග එතනට පැමිණියේ සිතුළීගේ මවයි…
“දුව පොඩ්ඩක් එන්න මටයි තාත්තාටයි ඔයා එක්ක කතා කරන්න ඕන ටිකක්…”
“හරි අම්මා…”
එසේ පවසා සාරා පිවිසියේ විසිත්ත කාමරයේ සිටි සදෙව් අසලටයි…
“කෝ දුව”
“එයි එයා…සදෙව් කරුණාකරලා ඔයා අද එයා එක්ක මේ ගැන කතා කරන්න..දැන් එයාට අවුරුදු 24ක් අපි මේ දේවල් හරි නම් කරන්න ඕන එයාට අවුරුදු 20දී..පුතාගේ වැඩත් එක්ක අපිට සීතුළි මඟ ඇරුනා සදෙව්..මට බයයි මේ ළමයා ගැන දැනුත් මන් යනකොට කාත් එක්කද මන්ද කෝල් එකක…”
“කලබල නොවී ඉන්නකෝ සාරා..”
“ඔයා වෙච්ච දේවල් නොදන්නවා වගේ ඔහොම කතා කරන්නේ කොහොමද සදෙව්…”
“හුම්ම්ම්..ඔයා කියන කතාව හරි..ඒත් ඒ ළමයා තරුණ ළමයෙක් සාරා දැන්..එයාට කාත් එක්ක හරි එහෙම සම්බන්ධයක් තිබුණත් ……”
“සදෙව් මේ…එයාට බෑ එහෙම කරන්න…එයාට අපේ වචන වලින් පිටින් යන්න බෑ සදෙව්..එකක් මතක තියාගන්න එයා බදින්න ඕන නිරංජලා ගේ පුතාව විතරයි..හොදින් උනත් නරකින් උනත්…”
“අම්මා…මොනවද මේ ඔයාලා කතා කරන්නේ…”
“ආ දුව..එන්න ඇවිත් වාඩි වෙන්නකෝ..”
“නෑ තාත්තා මට කියන්න…අනේ ප්ලීස් අම්මා..මට කවුරුවත් හොයන්න එපා…ප්ලීස් “
“මොකද්ද සිතුළී උබ කිව්වේ.. ඇයි තමුන් ට එහෙම කියන්න තියෙන හේතුව මොකද්ද..”
“අනේ මට බෑ අම්මා මන් කැමති කෙනෙක්ට ආදරේ කරන්න මට ඉඩ දෙන්න අම්මා ප්ලීස්…”
“සිතූලි මේ නාඩගන් නටන්න ලෑස්ති වෙන්න එපා…උබ බදින්නේ අපි කියන කෙනා මිසක් වෙන උන් නෙවෙයි…”
“මට බෑ අම්මා..මන් ආදරේ කරනවා කෙනෙක්ට..එයාව මට ලැබෙන්නේ නැත්තනම් මන් මැරිලා යනවා ඊට වඩා හොදයි…”
ඒත් සමගම සාරාගේ අත සිතුලීගේ කම්මුල් හරහා එල්ල විය…
“සාරා…..”
“ඇයි….ඔයාත් දැන් කියන්නේ මේ වෙන දේවල් බලන් ඔහේ ඉන්න කියලද ආ…එතකොට දිපශිකා…තමුසෙට ඒව අමතකද සදෙව්…”
“හරි ඒත් මේ විදියට නෙවෙයි සාරා මේ ප්‍රශ්නේ විසඳගන්න ඕන..”
“තාත්තලා දුලා ඕන දෙයක් කරගන්න මන් මගේ පුතා ලඟට යනවා ඉක්මනට…”
එසේ පවසා ඇය සිය කාමරය තුළට ගොස් දොර වසා ගත්හ…ඇයට දුකයි..සිය යෙහෙලියගේ මරණයත් සමග ඇය තම දියණිය වි පැමිණීම ගැන දුක තුරන් වී සතුටු වුවත් ඇය ආදරේ කරන තරුණයා නොමැති නම් මිය යන එක හොඳ බව පැසු විට සාරා හට පෙර අතීතය සිහි වීමට වැඩි වෙලා ගත නොවිණි…ඒ නිසාම ඇය සිතුළිට පහර ගැසිය…දීශිගේ නිශිතගේ වගේම වේරෝන් ගේ මරණ වලින් පසු සදෙව් සාරා හා නිරංජලා ගේ දිවිය ඉතා වෙනසකට පත් විය..ඒ සදෙව් හා සාරා විවාහ වී දැන් ඔවුන් හට අවුරුදු 24ක දියණියක් හා අවුරුදු 22ක පුතෙකු සිටි…අවුරුදු 4කට පෙර පුතු වැඩි දුර අධ්‍යාපනයට පිටරට යෙව්වීමත් සමගම දීපශිකා හට දුන් පොරොන්දුව ඔවුන්ට සීතුලී හට අවුරුදු 20දී ඉටු කිරීමට නොහැකි විය..
නමුදු වේරෝන් ගේ මිය යෑමත් සමගම පිටරට සිටි ඇයගේ දෙමාපියන් හට නිරංජලා හට සිදු අවාසනාවන්ත ඉරණම පිළිබඳ පැහැදිලි කිරීමෙන් ඇයව ඔවුන් වෙත ගෙන්ව ගත්හ…
ඇය සාරා සහ සදෙව් හට සමු දුන්නේ ඔහුගේ පුතුට අවුරුදු 21 වන විටදී නැවතත් ලංකාවට පැමිණෙන වග පොරොන්දු වෙමිනි..එරටට ගිය පසු නිරංජලා හට සැබෑවටම ආදරේ කළ ෂෙහාන් හා විවාහ වී දැන් ඇයට අවුරුදු 25ක පුතෙක් හා අවුරුදු 22ක දියණියක් විය…
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
“ආර්යන්…මන් තමුන්ට ආයේ කියන්නේ නෑ..අපි කියන ගර්ල් ව මැරී කරන්න ඕන තමුන්…”
“අනේ මමී… ඩැඩි ට තේරුම් කරලා දෙන්නකෝ…මට බෑ අදුරන්නේ නැති කෙනෙක්ව මැරී කරන්න…”
“පුතා ඔය තරමට ඒ ළමයට ඇයි ඔයා අකමැති ආ..”
නිරංජලා සිය පුතුගෙන් විමසිය…
“මම……මම කෙනෙක්ට ආදරේ කරනවා මමී..අපි දෙන්නගේ සම්බන්ඳෙට දැන් අවුරුදු 4ක් මමී…මට බෑ එයා නැතුව වෙන කෙනෙක් බදින්න…”
“හරීනේ…හරිනේ..මන් තමුසෙට කිව්වා නිරංජලා…දැන් අපි සදෙව්ලට මොකද්ද කියන්නේ නිරංජලා…තමුන් මන් කියන දේ එදා ඉඳන් ඇහුවේ නෑ..දැන් පේනවනේ පුතන්ඩියගේ තරම…තමුසේම බලාගන්නවා දැන්..අනික තමුන් මගේ යක්ෂයා අවුස්සගන්නේ නැතුව පුතා අපි කියන ගර්ල්ව මැරී කරන්න ලෑස්ති වෙනවා…”
එසේ පවසා ෂෙහාන් යන්න ගියහ…
“ඇයි පුතා මෙහෙම කරන්නේ අපිට..අපි ඔයාලට මොනවද අඩු කරේ දරුවෝ..”
“මමිලා අපිට මුකුත් අඩු කරේ නෑ තමයි ඒත් මන් කැමති ඒ ගෑනු ළමයට විතරයි මමී…මමිත් බලන්න අනිවාරෙන් මමී උනත් ඒ ගෑනු ළමයට කැමති වෙයි..එයා ගොඩක් හොදයි මමී…ප්ලීස් මාව තේරුම් ගන්න..”
එසේ පවසමින් ආර්යන් සිතුලි හා ඇයගේ පවුලේ සිටින පිරිසෙහි ජායාරූපයක් පෙන්විය…ඒත් සමගම ඇයගේ සුරතෙහි තිබූ ආර්යන්ගේ දුරකථනය බිම පතිත වුණි..
“දිපශිකා…..”
“අම්මා ඇයි මේ.අනික මේ ඉන්නේ ඔයා කියන දිපෂිකා කියලා කෙනෙක් නෙවෙයි මේ ඉන්නේ සීතුලි එයාලගේ ෆැමිලි එකයි….”
ගෙතුළට එමින් සිටි ෂෙහාන් හටද මෙය හොදින් ඇසුණි..ඒත් සමගම ඔහුද එතනට පැමිණ සෝපාව මත වාඩි වී ඔහේ බිම බලා ගෙන සිටින නිරංජලා අසලට ගොස් විමසුවේ
“නිරංජලා…මොකද මේ..මොකද්ද පුතා උනේ…”
“නෑ ඩැඩි මන් කැමති ගර්ල් ගේ ෆොටෝ එකක් මමීට පෙන්නුවා… ඒක දැක්ක ගමන් මමී කාගෙද නමක් කියලා ෆෝන් එක බිම ඇතැරියා…”
“මොකක් කෝ ඒ ෆොටෝ එක…”
ඒත් සමගම ආර්යන් පෙර සිය මවට පෙන්වූ ඡායාරූපය සිය පියාටත් පෙන්විය…
“දිපශිකා…නිරංජලා…”
“ඔව්…එයා තමයි..”
“ඇයි මමී…ඇයි මේ ඔයාලා දෙන්න ඔහොම කියන්න මමී…”
“ඔයා කොහොමද මේ ගර්ල් අදුරගත්තේ…”
“නංගි එයාපෝර්ට් දාන්න ගිය දවසේ නංගි යාලුවෙක් හම්බ වුණා…ඒ දෙන්නට තමයි ස්කොලාර්ශිප් එකක් හම්බ වෙලා තිබුනේ..එතකොට නංගිගේ යාලුවාගේ පැත්තෙන් එයාගේ අක්කා ඇවිත් හිටියා..ඒ අක්කා තමයි සිතුලි කියන්නේ…”
“හුම්ම්ම්…අද හවසට ගමනක් යන්න තියනවා ලෑස්ති වෙන්න පුතා..අපි ඔයාට බල කරන්නේ නෑ..ඒ ගමන ගිහින් ඉවර වුණාට පස්සේ ඔයාම කියන්න ඔයා ඒකට කැමතිද නැද්ද කියලා..එතකන් තවත් වචනයක්වත් කතා කරන්න එපා..මමීටත් ඔහොම ටිකක් ඉන්න දෙන්න..”
“හූම් ඕකේ ඩැඩි”
ඒත් සමඟම නිරංජලා හා ෂෙහාන් දුරකථන ඇමතුමක් ලබා ගත්තේ සදෙව් හා සාරා හටයි…
“හෙලෝ නිරංජලා…ඉතින් කොහොමද…”
“ගොඩක් හොදින් සාරා..කෝ සදෙව් ඉන්නවද”
“ඔව් නිරංජලා එයත් ඉන්නවා..”
“ම්ම්ම් අපි මේ කතා කරේ වැදගත් දෙයක් කියන්න සාරා..”
“ඇයි නිරංජලා මොකක් හරි ප්‍රශ්නයක්ද…”
“ම්ම්ම් ප්‍රශ්නයක්ම නෙවෙයි..”
“හරි කමක් නෑ කියන්නකෝ මොකද්ද..”
“මේකයි ආර්යන් පොඩි සම්බන්ධයක් ඇති කරගෙන මේ ගර්ල් කෙනෙක් එක්ක..”
“මොකක්..”
“කලබල වෙන්න එපා සාරා..අපි දේගොල්ලෝන්ට කරන්න බැරි උනත් සමහරක් දේවල් තියනවා දයිවය විසින්ම වෙන..මේකත් එහෙම දෙයක් සාරා…”
“නිරංජලා ඔයා මොනවද මේ කතා කරන්නේ..”
“දුවට බනින්න යන්න එපා සාරා…ඔයාලට අපිට මේ යෝජනාව කල් ගියාට එයාලට කියන්න..එයාලගේ දයිවය විසින්ම එයාලව මුනගස්වලා සාරා…ඔයාගේ දුවයි අපේ පුතයි දෙන්නම සම්බන්දේ පටන් අරන් තියෙන්නේ වෙන කවුරුත් එක්ක නෙවෙයි ඒ දෙන්නා එක්කමයි…අවසාණේට එයාලා එයාලගේ ආදරේ හොයාගෙන සාරා..ඔයාලගේ දුවගේ ෆොටෝ එකක් මට පුතා පෙන්නුවා..දැන් එයා තනිකරම දිපශිකාමයි සාරා…ඒ වගේමයි…ඔයටත් කැමති නම් ඔයාගේ දුවගෙන් අපේ පුතාගේ ෆොටෝ එකක් ඉල්ලන්න බලන්න..ඔයාට පළවෙනි වතාවට පොඩ්ඩක් ශොක් වෙයි…”
“නිරංජලා…..ඔයා මේ ඇත්තක්ද කියන්නේ…මට නම් විශ්වාස කරන්න බෑ…මන් පස්සේ ගන්නම් නිරංජලා මන් තියනවා මට අපේ දුව එක්ක කතා කරන්න ඕන..”
“ඔයා දුව එක්ක කතා කරන්න සාරා අපි අද හවසට එනවා..සාරා..එහෙනම් අපි තියන්නම් බුදු සරණයි..”
ඒත් සමගම සදෙව් හා සාරා සිතූලී සොයා ඇයගේ කාමරය වෙතට පිවිසිය..
“අම්මා…”
“ඔයා යාළු වෙලා ඉන්න බෝයි කවුද..”
“අම්මා… ඇයි මේ…”
“ඇයි කියලා පස්සේ කියන්නම් ළමයෝ දැන් පෙන්නන්න ඉස්සල්ලා එයාගේ ෆොටෝ එකක්..”
ඒත් සමගම ඇය ආර්යන්ගේ ජායාරූපයක් පෙන්විය…
“සදෙව්…මේ…මේ.. නිශිත…”
“මටත් හිතා ගන්න බෑ සාරා…”
“අම්මා ඇයි මේ..මේ ඉන්නේ ආර්යන් නැතුව නිශිත කියලා කෙනෙක් නෙවෙයි අම්මා..”
“හූම්..අද හවසට කට්ටියක් එනවා..ඔයා ඒ එන ළමයට අකමැති නම් අපි ඔයාට බල කරන්නේ නෑ දුව….එතකන් තවත් කිසිම දෙයක් අහන්න එපා..”
සදෙව් එසේ පවසා සාරා සමග පිටතට ගියහ…කෙමෙන් කෙමෙන් නිරංජලා ගේ නිවසින් සාරාගේ නිවසට පැමිණි මොහොත උදාවිය…ආර්යන් දුටු විටම සදෙව් හා සාරා හට ඇහැට කදුලක් ඉනුවේ නිරායාසයෙනි..
“එන්න නිරංජලා ඇතුලට…පුතා නම් වැඩි කැමැත්තකින් නෙවෙයි නේද ඇවිත් ඉන්නේ…”
“තව ටික වෙලාවයි සදෙව් එයා ඔහොම ඉන්නේ..ගණන් ගන්න එපා ඔවා…ඉන්න මන් සාරට කියන්නම් දුවට එන්න කියන්න කියලා..”
“සාරා.නිරංජලා ලා ආවා..ඔයා දුවත් එක්ක එන්න..”
“අනේ අම්මා..”
“කියන දේ අහනවා ළමයෝ ඔයා අකමැති නම් අපිත් මේකට කැමති නෑ බලෙන් බන්දලා දෙන්නේ නැහැනේ..අනික අද ඒ අය ඇවිත් තියෙන්නේ ඔයාව බලන්න..”
එසේ පැවසූ විට සිතුලි සාරා සමගම පහළට පැමිණියහ..
නිරංජලා, ෂෙහාන් හා ආර්යන් තිදෙනාම නැගිටුනේ පඩිපෙල බැස එන සිතුලිව දුටු විටයි…
“දිපශිකා…”
නිරංජලා ගේ වදන් එසේ පිටවිය..
“අම්මේ මේ.. සිතුලි…ඔයාලා මට ප්රෝපොස් කරේ මෙයද..”
“ඔව් පුතා..”
“ආර්යන්…ඔයා…”
ඒත් සමගම සියල්ලගේම දුක් දොම්නස් සියල්ල ඉවත් වී සතුටු උදාවිය…ඇති වූ ප්‍රශ්න බාධක නිසාම තවත් කල් නොදමා ඉක්මනින් සීතුලිගේ හා ආර්න්ගේ විවාහයට දින දා ගත්තේද සියල්ලෝගේම සතුටු සාමිචිය සමගයි..
ඒත් සමගම රෝද දෙකක විල්චේයාර් මෙසේ අවසන් විය…
නිමි..🩷