වීල්චෙයාර් – අවසානයට පෙර

10
0

වීල්චෙයාර්

(අවසානයට පෙර කොටස)

පසු දින උදෑසන සදෙව් සාරා හා ෂේන් සමගින් වාස් නුවර සාරා සිටි රෝහල වෙත පියනැගුහ…

“මන් හිටියේ අර බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ සදෙව්.”

රෝහල තුළට යන විට පසෙක තිබූ ගොඩනැගිල්ලක් පෙන්වා සාරා එසේ කීහ…රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙකුට වෙරෝන්ගෙ මරණය පිළිබඳව දැනගැනීමට පැමිණි බවත් ඒ සදහා අයත් එම ගොඩනැගිල්ලේ cctv දර්ශන නැරඹිය යුතු බවත් කියා විස්තර පැවසූ විට පසුව ඔවුන්ට එයට කර ගත හැකි විය..

“මහත්තයලට ඕන කරන බිල්ඩින් එකේ ඒ ෆ්ලො එකේ එක cctv කැමර් එකක් කැඩිලා අද තමයි හැදුවේ..”

ආරක්ෂක පද්ධති ක්‍රියා කරු එසේ කීහ..

“ඒ මොන කැමරා එකද”

සදෙව් එසේ ඇසුවේ ඔහුගෙනි..

“සාරා මිස් හිටිය රූම් එක තියන කොරිඩෝවේ cctv එක..”

“ශික්….හරි කමක් නෑ නිරංජලා මිස් හිටිය රූම් එක තියන කොරිඩෝවේ cctv records බලන්න..”

“හරි සර්…ඉන්න..මේ තියෙන්නේ ඒක…”

මද වෙලාවකින් සිදු වූ දෙයින් ඔවුන් සියල්ලටම බය බිරන්ත වී දහඩිය මතුවන්නට විය…ඒ වෙන කිසිවක් නෙවෙයි.. වේරොන් මිය යාමට හේතුව ඔවුන්ද දැන ගත් නිසාමයි

නිරංජලා සාරා සහ වෙරෝන් අතර සිදු වූ ගැටුම,ඒ අවස්ථා හොදින් cctv හි සටහන්ව තිබේ…ඒත් සමගම සාරා ඇයගේ ඉදිරියට පැමිණෙන හිස් රෝද පුටුව දෙස බලා බය නොවෙමින් කතා බස් කරන අයුරුද එදෙස නිරංජලා ද හඬා වැළපෙමින් බලා සිටින අතර ඒත් සමගම වෙරෝන් ඊට බය වී දුව යාමත් සමඟම ලිස්සා පහළට වැටෙන අයුරුයි…

මේ සියලු සාධක හමුවේ සහ සාරාගේත් නිරංජලා ගේත් කතා බස් වලට අනුව ඔවුන් දෙදෙනාම දිපශිකා ගේ අවතාරය දුටුවත් එය වෙරොන් දැක නොමැත..හිස් රෝද පුටුව පමණක් ඔවුන් ඉදිරියට පැමිණීමත් සහ සාරා දිෂිගේ නම පවසමින් ඇය සමග වූ සංවාදය නිසාම ඔහු කළ වැරදි සිහි වි බය වි දුවන්න පටන් ගත්තද ලිස්සා වැටි ඔහුගේ දිවි තොර විය…

එම cctv දර්ශන දින ගණන් ආපසුවට ක්‍රියා කළ පසු ඔවුන් සියල්ලෝටම දැක ගත හැකි වූයේ කිසිවෙකු නොමැතිව සාරා තනියම කතා කරමින් සිටින දර්ශනයයි… සාරා සිටි රෝහල් කාමරයේ cctv අක්‍රීය වීම නිසා සදෙව් ඇතුළු පිරිසට දැනගැනීමට ලැබුණේ එපමණකි…

“දෙයියනේ මහත්තයෝ..මන් නම් තවත් ඔය ගොඩනැගිල්ලේ පැත්ත පළාතක යන්නේ නෑ…අනික ඒ වැටිලා මැරිච්ච මහත්තයාගේ බොඩි එකත් තියාගන්න බැරි උනාලු නේද..මේ ඉස්පිරිතාලේ දැන් ඒ ගැන කතා වෙනවා ගොඩක් වැඩි..”

“ඔයා බය වෙන්න එපා….අනික මේ දේවල් රහසක් විදියට තියාගන්න..”

ආරක්ෂිත කැමරා ක්‍රියා කරු හට එසේ සමු දී ඔවුන් නැවතත් පැමිණියේ දීෂිගේ නිවස බලා ය…

සියල්ලොටම කරුණු කාරනා පහදා දී ඇයගේ සහ නිශිතට අවසන් වශයෙන් යුතුකම් ඉටු කිරීමට දෙදෙනාගේ තෙමස් දානමය පිංකම සියල්ලෝම සැදැහැ සිතින් අවසන් කරේ ඔවුන්ගේ ආත්ම වලට සැනසීම පතයි…

ඒ වන විට සාරාගේ දෙමාපියන් මේ සියලු කරුණු කාරණා දැන ගනිමින් මෙරටට පැමිණ මියැදුනු අය සදහා තිබූ කටයුතු සදහා සහභාගි විය…ඉන් අනතුරුව

“ඔයාට දුකයිද සාරා”

“මොනවා ගැනද…”

“වෙරෝන් ගැන..”

“එයා කරපු දේවල් සදෙව් එයා අරන් ගියේ…ඒත් මන් දැනන් හිටියේ නෑ ඔයා මට මේ තරම් ආදරේ කරා කියලා..”

“මන් ගොඩක් ඔයාට ආදරේ කලා සාරා ඒ අද ඊයෙක් ඉඳන් නෙවෙයි සාරා අපි පොඩි කාලේ ඉඳන්…ඒත් ඔයාලා වගේ පොහොසත් මිනිස්සු නෙවෙයි සාරා අපි..අනික ඔයාලගේ අම්මලාගේ තිබුණ ඔයාගේ තිබුණ පොඩි හරි කරුණාව ත් නැති වෙලා ඔයාත් මගේ යාලුවෙක් විදියටවත් නැති වෙයි කියලා බයට මන් නොකිවුවේ සාරා..අදට උනත් මන් ඔයාට බල කරන්නේ නෑ සාරා..ඒත් ඇත්තටම මන් ආදරෙයි..”

“ම්ම්ම්…අපි ගැන එහෙමද කොල්ලො තාම හිතන් ඉන්නේ…ආ”

එසේ විමසුවේ සාරාගේ පියනන්ය..

“අංකල්…”

“දිපශිකා ගේ උන සේරම දේවල් නැත්නම් අපි හිතන් හිටියේ ඔයාලා දෙන්නා එකට ගමනක් යනවා බලන්න තමයි පුතේ..ඒ වුණ දේවල් එක්ක ඔයාත් හොයාගන්න නොවෙද්දි වෙරොන් ඇවිත් සාරා ගැන මගෙන් අහද්දි පවුල් පරිසරය වුණත් ගත්තම වරදක් පෙන්න නොතිබුණ නිසා මන් කැමති වුණා..ඒත් මට දැන් තේරෙනවා අපි පිටින් බලලා මනින මිම්ම බොහොම වැරදි කියලා පුතා…දුව කැමති තීරණයක් ගන්න අපේ අකමැත්තක් නෑ…සදෙව්ලගේ තාත්තත් අකමැත්තක් නෑනේ නේද…”

“අනේ අපි මොකටද ලොකු මහත්තයා අකමැති වෙන්නේ…පුතාලගෙ තීරණයක් තමයි..”

“දැන් ඉතින් ඔයා ලොකු මහත්තයා කියන එක නවත්තන්න පියසෝම අපි දැන් නෑදෑයොනේ…මේ සේරම වැඩ ඉවර වුන එකේ ඔයාලගේ wedding එකත් ඉක්මනට ගමු පුතා..තවත් කල් දාන්න ඕන නෑ..”

“Wedding එකක් ගන්න ඕන නෑ තාත්තා…අපි දෙන්නට එදා ඉඳන් හිටිය අය නැතුව මට එච්චර දෙයක් කරන්න හිතා දෙන්නේ නෑ තාත්තා..පොඩියට party එකක් අරන් ඉවර කරමු.. සාරාගේත් අකමැත්තක් නැත්නම්..

“මමත් කැමති එහෙම තාත්තේ …”

“හුම්ම් එහෙනම් එහෙම කරමු දරුවෝ…”

ගිවිස ගත් පරිදි ඔවුන්. දෙදෙනාගේ විවාහය ඉතා චාම් ලෙස සිදු විය… සාරාගෙත් සදෙව් ගේත් පළමු රෑය සරාගී ඉතා අලංකාරවත් ලෙස ගෙවිනි…

“සා……..ස්……සාරා…….. ස්……සා….රා…”

“දිශි….ඔයා…”

“ඔව් සාරා මම…ඔයා දැන් මට උන හැමදෙයක්ම දන්නවා සාරා….”

“මට දුකයි දිශී…අනේ මට සමාවෙන්න…”

“ඔයා සමාව ඉල්ලන්න ඕන නෑ සාරා…ඔයා ඒ සේරම දන්නේ නැතුවනේ උනේ…අද ඉදලා සතුටින් ඉන්න සාරා….මට දැන් යන්න වෙලාව ඇවිත්…අද මේ මොහොත වෙනකං මන් ඔයාලා හැමෝම එක්ක හිටියා….මන් කවදාවත් සදෙව් ට ආදරේ කරේ නෑ..එයත් එහෙමයි…මගේ පළවෙනි සහ අවසන් ආදරේ නිශිත…එයටත් එහෙමයි…”

“මට ඔය දේවල් දරාගන්න බෑ දීශු.ප්ලීස් යන්න එපා…අපිට ඔයාව ඕන දිෂූ..”

“නවත්තන්න එපා සාරා…දැන් මන් නිදහස් මට දැන් යන්න වෙලාව ඇවිත්…ඒත් අවසාන වතාවට මට ඔයාගෙන් දෙයක් ඉල්ලන්න ඕන සාරා..”

“කියන්න දිෂු මන් ඔයාට ඕන දෙයක් දෙන්නම්..කියන්න “

“නිරංජලා බලාගන්න සාරා එයා රට ගියාට ආයෙත් තව අවුරුදු 20කින් එයාව ලංකාවට ගෙන්න ගන්න සාරා…එයාගේ බඩේ ඉන්නේ මගේ නිශිත…සාරා…මේ ආත්මේ අපිට අපේ වෙන්න බැරි උනා සාරා ඒත් ලබන ආත්මේවත් එයාව මගේ කරලා දෙන්න සාරා…මන් අවසාන වතාවට එච්චරයි ඔයාලා දෙන්නාගෙන් ඉල්ලන්නේ…මන් ඔයාලගේ දුව වෙලා ඔයාලගේ ලඟටම එනවා සාරා….මන් යනවා සාරා පරිස්සමින් ඉන්න…”

“අනේ දිෂූ එපා….අනේ යන්න එපා….. දිපශිකා………………”

“සාරා….සාරා…නැගිටින්න බබා…ඇයි මේ…”

” අනේ සදෙව්……”

“ඇයි රත්තරන් මේ අඬන්නේ…හීනෙන්වත් බය වුණාද… ඇයි ඔයා දිශීගේ නම කිව්වේ…”

“එයා ගියා සදෙව්…එයා යන්නම ගියා අපිව දාලා…”

“අඬන්න එපා රත්තරං…මොනවා කරන්නද.. එයාටත් ආත්මයක් තියන්න ඕන නේ රත්තරං දැන් කියන්නකෝ මොනවද එයා කිව්වේ…..”

ඒත් සමගම සාරා වුණු සියලු දේම සදෙව් හට පැවසීය…

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *