වීල්චෙයාර් 10 වන රෝදය

9
0

වීල්චෙයාර්

10වන රෝදය

“සාරා මේ අහන්න…මගේ අත් දෙකෙන්ම යි දිශිගේ body එක අරන් හොස්පිටල් එකට අරන් ගියේ…ඒ වෙලාවෙදිත් එයා නැති වෙලා හිටියේ…එයාගේ මළගෙදර සේරම වැඩ කරේ මගේ අත්දෙකෙන් සාරා…තවත් ඔය දේවල් කියලා මාස තුනකට කලින් මන් ඒ විඳපු දුක මට ආයෙත් දෙන්න එපා සාරා… අවසානෙට එයාට මේ ගෙදරට එන්න වුණේ සුදු සාරියක් ඇදගෙන පෙට්ටියක…”

“ඒත් සදෙව්….එතකොට කවුද මට ඒ දේ කිඋවේ…”

“මොන දේද සාරා…”

“දීශී කිව්වා එයාගේ කාමරේ අල්මාරියේ ඔයාට gift එකක් තියනවා කියලා ඒක බලන්න කිව්වා…”

“මොකක්…”

“ඔව් සදෙව්…”

ඒත් සමගම සදෙව් දුවගෙන ගියේ දීපශිකා ගේ කාමරය තුළටයි..ඒ පිටුපසින් සියලුම දෙනාම ගියේ මේ වන දේවල් වල අගක් මුලක් සිතා ගැනීමට නොහැකිවයි..සදෙව් ඇයගේ කාමරය දොර විවර කරේ මාස 2හමාරකට පසුය…ඇයගේ වියෝවෙන් සති දෙකකට පසු ඔහු මෙහි පැමිණියත් ඇයගේත් සරාගේත් මතක රැඳී මේ කාමරය තුළට ඔහු නැවතත් නොපැමිණියේ දුක දරා ගැනීමට නොහැකි වූ නිසාවෙනි..ඒත් සමගම පසෙක තිබූ අල්මාරිය විවෘත කර බලන විට සදෙව් ගේ ඇස ගැටුණේ එහි ෆයිල් කවරය දෙසටයි…

වහා එය රැගෙන මුල සිට බලන විටදී ඔහුට ඇති වූ කම්පනය ඔහුටම කියා ගත නොහැකි විය…ඇයගේ මරණයට සියලුම සාක්ෂි සහ ලිපියක් එහි විය…එය මෙසේ විය..

“සදෙව්..

.මට සමාවෙයන් මචං මට ගොඩක් සමාවෙයන්…මට තවත් මේ දුක දරාගන්න බෑ…උබල නොදන්නා ගොඩක් දේවල් වෙලා තියනවා…මන් අද ඒ සේරම හොයාගත්තා..අද මන් ඒ සේරම ඉවරයක් කරලා දානවා සදෙව්…උබ වගේ හොඳ යාළුවෙක් ආයේ මට ලැබෙන එකක් නෑ..මන් ජීවත් වෙලා හිටියොත් මන් උබේ ඕන දේකට ඉන්නවා…උබල නොදන්නා ඒ රහස මන් අද කියන්නම් සදෙව්..ඒ මම දිශුට වගේම එයත් මට ගොඩක් ආදරේ කරනවා සදෙව්…මන් දන්නවා එයයි ඔයයි හැමදාටම යාළුවෝ විතරක් කියලා මොකද උබ පනටත් වඩා ආදරේ කරන්නේ සාරාට නිසා…මන් මේ දේ සාරටයි ඔයාටයි නොකිවුවේ අපේ ආදරෙට විශේෂයෙන්ම උබල මට අකමැති වෙයි කියලා ඒත් මන් උබලට කියන්න හදපු දවසේම මට ආරංචි උනා දිශු අතුරුදහන් කියලා..ඒ අතරේ මට වෙරොන් කිව්වා උබයි එයයි පැනලා ගියා කියලා.මුලදී විශ්වාසකරත් මට සැකයක් ආවා..ඒ මට මැරීගෙන ආදරේ කරපු දිශි ඔයා එක්ක පැනල යයිද කියලා අනික සාරාට ආදරේ කරපු ඔයාත් එහෙම වෙනස් වෙයිද කියලා…මන් ඒ නිසා ඒ මගේ කෙල්ල ගැන හෙව්වා…මට හැමදේම දැනගන්න ලැබුණා සදෙව්….වෙන කවුරුවත් නෙවෙයි මගේ කෙල්ලව මැරුවෙ වෙරෝන් සදෙව්…වූ මගේ කෙල්ලව මරලා මාව එකට අහු කරා වෙරොන්…මොකද ඌ මගේ කෙල්ලව දහ දුක් දීලා මරපු තැන මගේ තැනක් සදෙව්…ඒත් මන් මේ අවුරුද්දේ වෙරෝන්ගේ birthday එකට ඒ ගේ වෙරොන්ට දුන්නා සදෙව්…මට සමාවෙයන් සදෙව් උබෙ යාලුවා මට පරිස්සන් කරගන්න බැරි උනා සදෙව්… වෙරොන්ගේ ඊළග ඉලක්කය වෙන කවුරුවත් නෙවෙයි සාරා…අපි හිතනවට වඩා වෙරොං වෙනස් චරිතයක් ඌට ඕන සල්ලියි උගේ ආශාවයි විතරයි සදෙව්.. උඹේ කෙල්ල පරිස්සම් කරගණින්…මේ ලියුම එක්ක දිශුගේ මරණෙට සේරම ඇත්ත සාක්ෂි තියනවා සදෙව්…මන් අද අරු ඉවරයක් කරනවා..මට ඒක කරන්න බැරි උනොත් මන් ආයේ එන එකක් නෑ සදෙව්.එහෙම උනොත් මේ සාක්ෂි අරන් වෙරෝන්ට දෙන්න ඕන දඩුවම දීපන් සදෙව්..මට සමාවෙන්න…

මීට නිශිත.”

” සාරා…..”

“දෙයියනේ…සදෙව් එතකොට….”

“ඔව් එතකොට උඹේ මිනිහයි සාරා මේ සේරටම වැරදි.. අද මන් ඕකව මරනවා පාහර බල්ල…”

“ඉන්න සදෙව්…”

“ඇයි…මෙච්චර දෙයක් වෙලත් උබ ඇයි තවත් මාව නවත්තන්න හදන්නේ..ආ…..කතා කරපං…අවසනෙට උඹේ මිනිහා නිසා අපි අච්චර එකට හිටිය නිශිතත් නැති උනා යකෝ…අපිට උන් දෙන්නම නැති උනා.තවත් ඇයි උබ මාව නවත්තන්න හදන්නේ සාරා…”

“වෙරොන් මැරුණා සදෙව්…”

ඒත් සමගම සියල්ලොටම එය අදහා ගත නොහැකි විය..

“මොකක්….”

“ඔව් සදෙව්…”

ඒත් සමගම ඇය මුල සිට සිදු වූ සියලු දේ ඔවුන්ට පැවසීය…පසුව

“මොනවා…මට නම් මේ කිසිම දෙයක් හිතාගන්න බෑ සාරා.”

“මේ මචං නරකද හොස්පිටල් එකට ගිහින් ඇත්තටම වෙච්ච දේවල් වල cctv records බලන්න…එතකොට ඇත්තටම අපිට දැනගන්න පුලුවන්නේ දිශූ ගැනත්…”

ඒ ෂේන් ය.

“අනේ සාරා මට එන්න බෑ සාරා මන් සදෙව්ගෙයි දිශුගේ අම්මලා එක්ක ගෙදර ඉන්නම්..මට බෑ සාරා තවත් ඒ හොස්පිටල් එකට යන්න මට බයයි..”

“කමක් නෑ නිරංජලා අපේ ගෙදරින් ඉන්න..අපි කට්ටිය ගිහින් එමු..”

සදෙව් එසේ පැවසීය…

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

ඉතින් යාලුවනේ ඔන්න තවත් කොටසක් ගෙනවා..kathawak liyanna beri una godak kalekin oyalge comment ekka thamayi apita liyana hithenne ithin kathawa ikmnt ona nm horaparen balala ynne nethuwa comment ehemath danna.. ethakota oylt kthw ikmnt denna puluwn

Ikmnt kthawe awasanaya denna balaporoththu wenw

Leave a Reply

Your email address will not be published. Required fields are marked *