තෙවන රෝදය
සාරා හට හදිසියේම තම පියාගේ ව්‍යාපාරික කටයුත්තක් සදහා අවුරුදු 3කට ලංකාවෙන් එපිට යාමට සිදු විය…නමුත් සදෙව් දීපශිකා හා ඔවුන්ගේම වයසේ වූ නිශිතද සමග තිබූ ප්‍රාණ සම මිත්‍ර සම්බන්ධය අවුරුද්දක් යන තෙක් වෙනස් නොවීය…එහෙත් එක් වරම සදෙව් හා දිපශිකාගේ කිසිම තොරතරුක් නොලැබී ගියේ නිශිත පැවසූ දෙයින් සාරාගේ ලය හත්කඩක පැලී යාමට තරම් වේදනා ගෙන දෙමිනි..ඒ සදෙව් හා දිපශිකා ආදර සම්බන්ධයක පැටලී ඔවුන් දෙදෙනා සියල්ලන්ටම හොරා පැන ගොස් ඇති බවයි…
“දැන් දුක් වෙලා වැඩක් නෑ සාරා ඔයා ඉක්මනට ලංකාවට එන්නකෝ…මොනවා කරන්නද බං අපි උන් දෙන්නා ගැන එහෙම හිතන් හිටියට උන් අපිට හොරෙන් යන්න ගියා…”
“ඒත් නිශිත…අනේ මට බෑ නිශිත…මන්….මන් සදෙව් ට ආදරේ කරා නිශිත…😭😭😭ඇයි මට මෙහෙම වුණේ…”
පෙර අතීතයේදී සිදු වූ ඒ දෙයද සිහිනෙන් පවා සාරා හට නැවත නැවතත් පෙනුනේ…කෙසේ සදෙව් සිය හිතින් අත්හැර වෙරෝන් හට ආදරය කරන්න සැදුවද අද වන තුරු හිතට එකඟව ඇයට එය කිරීමට අපහසු උවත් එතරම් ආදරය කරන වෙරෝන් හට එය දැන ගැනීමට ඉඩ නොතැබූ හ..
කාලයත් සමඟම නිශිතද එක්වරම සාරා සමග කතා නොකළ නමුත් ඔහුගේ මිතුරා වූ වෙරෝන්ගෙන් දැන ගැනීමට ලැබුණේ ඔහු වස පානය කළ මියගොස් ඇති බවයි…එතනින් ඇරඹුන කතා බහ සාරා වෙරොන්ගේ විවාහය දක්වා පැමිණෙමින්…ඇයගෙන් ඔහු ප්‍රේම සම්බන්ධයකට කැමැත්ත ඇසුවත් එතරම් සාරා කැමැත්ත ප්‍රකාශ නොකළ අතර පසුව ඔවුන්ගේ දෙමාපියන්ගේ කැමැත්ත පරිදි සාරා ඒ සදහා කැමති විය..
නිදා සිටි සාරා හට එක් වරම ඇසුනේ සිය සවන අසලින් ඇයගේ නම මුමුණමින් ඇයට කතා කරන මූසල කට හඩකි…
“සා……රා….සාරා…… ස්…සා…..රා….”
ඒත් සමගම ඇය බිය වි අවදි විය…කළුවර කාමරය තුළ කිසිවෙකු නොවීය..ඇය සිය කාමරයේ විදුලි පහන දල්වා වටපිට බලා ඇගමැලි අරමිනි සිය දුරකථනයෙන් වෙලාව බැලිය… එවිට රාත්‍රී 11.28 ලෙස සදහන් වි තිබුණි….ඒත් සමගම සිතට දැනුනා සිතුවිල්ලත් සමගම ඇය සිය කාමරයේ දොර විවෘත කර ගෙන කොරිඩෝවට පිවිසිය…ජපන් රෝස මල් දෙස බලා සිට එක් වරම කොරිඩෝවේ දෙපස බලන විට සාරා හට දැක ගැනීමට හැකි වූයේ දිපෂිකා නැවතත් කොරිඩෝවේ සිටින අයුරුයි…
“මේ වෙලාවේ මොකද මේ දිශී එළියේ ඉන්නේ..සමහර විට නයිට් ඩියුටි වෙන්න ඇති…කොහොම හරි අද නම් කතා කරන්න ඕන දිෂි එක්ක…”
එසේ සිතා ඇය ඒ දෙසට යාමට සිතුවත් ඇය ඒ දෙසට පය ඔසවන විටම දිපශිකා සිය රෝද පුටුව හරාවගෙන ගියහ..නමුත් ඒ සමගම සාරා ඉක්මන් පියවර තියමින් ඇයගේ පසු පසින් ගියද ඇය නොනවත්වාම ඉදිරියට ගියහ…ඒ නිසාම
“අනේ දිපෂිකා…පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ..මන් සාරා…ඔයාට අදුරගන්න බැරිද…”
එසේ පවසමින් සාරා ඇය පසු පස දිවි ගියහ..ඒ විට එක්වරම දිපශිකා සාරා දෙස බලා නැවතත් ඉදිරිය බලාගෙන අනිත් කොරිඩෝව දිගේ රෝද පුටුව පැමිණ ආ වේගයට වඩා වේගයෙන් රැගෙන ගියහ…
“අනේ දීෂි…මට මහනසි..අනේ ප්ලීස් දිෂී නවතින්නකෝ…”
නමුත් දීපශිකා හිනා වෙවීම සිය රෝද පුටුව වේගයෙන් රැගෙන ගියේ සාරා දෙසත් බලමිනී…සාරා ඇයගේ රෝද පුටුව අසලට ලං වෙනවාත් සමගම දිපශිකා සාරා නොසිතූ අයුරින් රෝද පුටුවෙන් නැගිට වේගයෙන් දිව ගියේ සාරා දෙස බලමින් හිනා වෙවීමය..
“අනේ මොකද්ද දීශි…ඔයාට නම් සෙල්ලං…මට මහන්සි දීශී…
දුවපු වෙහෙසත් නිසාම සාරා සිය දෑත් දණිස් මත තබා හති අරින්නට වූයේ දිපශිකාද නැවතී සිය කොරිඩෝ බිත්තියට හේත්තු වී සාරා දෙස බලමින් සිනහ වෙවීමය….
“දිපෂිකා…ඔයා මාත් එක්ක තරහද…”
“මන් මොකටද සාරා ඔයා එක්ක තරහා වෙන්නේ..”
“දීෂී…ඔයා දන්නවද…”
“ඔයා කියන්න හදන සේරම දේවල් මන් දන්නවා සාරා…කොහොම උනත් පරිස්සමින්…අපි නොදකින ගොඩක් දේවල් තියනවා…”
“දිපෂිකා ඇයි ඔයා මේ…මේ රෝද පුටුවක හිටියේ..”
“රෝද පුටුවේ ඉන්න ඇවිදින්න බැරි මිනිස්සු සාරා…”
“ඒක මන් දන්නවා ඒත් ඔයාට එහෙම දෙයක් නෑනේ..ඔය හොදට ඇවිදිනවනේ…”
ඒත් සමගම ඇය රෝද පුටුව මත වාඩි වී ඉදිරියට ඇදී ගියේ හිස් හැගීමකිනි…
ඒත් සමගම එතනට පැමිණියේ වෙරෝන් ය…
“මොනවද සාරා ඔයා කරන්නේ මෙතන මේ මහා රෑ…”
“ආ නෑ වේරූ…කම්මැලි නිසා පොඩ්ඩක් ඇවිද ඇවිද හිටියේ…”
“හරි ෂෝක් මේ මහ රෑ නිදාගන්නේ නැද්ද ආ ඇවිදින්නේ..”
“ඔයා ඇයි වෙරු මේ පැත්තේ ආවේ…”
“ම්ම්ම්..මන් මේ..මන් මේ ආවේ ඔයා කාමරේ නැති නිසා බලන්න මට ඔයා නැතුව කම්මැලි හිතුනා ඒකයි ආවේ බලන්න…හුම් යන් දැන් ….ලෙඩ වැඩි කරගන්නේ නැතුව..”
“වෙරෝන් මේ පැත්තේ මොනවද තියෙන්නේ…”
මේ ටිකේ තියෙන්නේ ඩොක්ටස්ලගේ රූම් තමයි..අනිත් ඉතින් තියෙන්නේ මේකෙ කෙළවරේම මෝචරිය තමයි…ඇයි සුදු..”
“ආ නෑ මේ පැත්තේ වැඩිය පේශන්ලා එනවා දැක්කේ නෑනේ ඒකයි ඇහුවෙ..”
“ඔව් සුදු මේ පැත්තේ ඒ කවුරුවත් නෑ දොස්තරලා තමයි ඉන්නේ..මේ හොස්පිටල් එකේ මගේ කසින් සිස්ටර් කෙනෙක් ඉන්නවා එයාට කියලා තමයි මන් ඔයාට අර රූම් එක අරගත්තේ මොකද මට ඔයාව නිතරම බලන්න එන්න ඕනනේ..අනික ඔයාත් ඩොක්ටර් කෙනෙක් නිසා සැලකිලි වැඩි..”
“ම්ම්ම්..”
එසේ කියා වෙරොන් හට නොදැන ලෙස පිටුපස බැලුවත් ඒ විට දිශි නොසිටියහ..ඒ නිසාම නැවතත් ඇයගේ කුටිය වෙත නික්ම ගියහ…
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔන්න යාලුවනේ තවත් අලුත් වෙනස්ම කතාවක් ගෙනාවා… අනීවරෙන් කතාව බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න…