වීල්චෙයාර්

9
0

වීල්චෙයාර්

හය වන කොටස

“😭😭😭😭😭😭😭😭😭”

“”ඔහොම අඬන්න එපා වෙලා නිරංජලා..

ඔයා ඉන්න තත්ත්වෙත් එක්ක ඔහොම අඬන්න හොඳ නෑ….😢😢😢”

ඔපරේෂන් තියේටර් එකට පිටතින් පිහිටා තිබූ පුටු පේලියෙන් අඩමින් වාඩි වී සිටී නිරංජලා හට ඒ අසල තිබූ තවත් අසුණකින් අසුන් ගනිමින්ම සාරා පැවසුවේ එසෙයි…

“මට තවත් මෙච්චර වංචාවක් කරපු කෙනෙක් එක්ක ජීවත් වෙන්න බෑ නිරංජලා…දුක උනත් මන් තීරණයක් ගත්තා..”

ඒත් සමගම නිරංජලා හඩමින් බැලුවේ සාරා දෙසයි

“ඔයා වෙරොන් මැරී කරන්න නිරංජලා..මොකද ඒ දරුවා වෙනුවෙන්….අපි අතර සිද්ද වුණ කිසිම දෙයකට ඒ නොදරුවා පළි නෑනේ නිරංජලා…”

“මට බෑ සාරා…මන් කොහොමද හිත හදාගෙන ආයේ ඒ මනුස්සයා එක්ක ජීවත් වෙන්නේ…”

“හරි අපි මේ දේවල් පස්සේ හිමීට විසදගමු..දැන් ඔයා අඬන්න නැතුව ඉන්න නිරංජලා…”

“කොච්චර වුණත් මන් එයාට ආදරේ කරා සාරා..අපේ ගෙදරින් විරුද්ධ වෙද්දී මන් ඒ කිසිම කතාවක් නාහා එයාට ආදරේ කරා සාරා… මට ගොඩක් ආදරේ කරපු මගේ පස්සෙන් මගේ ආදරේ ඉල්ලගෙන ආපු ශෙහාන්ටත් මන් බෑ කියල මන් බාර ගත්තේ වෙරොන්ව සාරා…එහෙම කරපු එයා ඇයි සාරා මට මෙහෙම කරේ..”

“ඔයාට විතරක් නෙවෙයි සාරා අපි දෙන්නටම උනේ එකම දේ…වෙනසකට උනේ ඔයාට මැරී කරන්න කලින් ඔයා ඔයාගේ මුළු අයිතියම එයාට දීලා එයාගේ ලෙයින් දරුවෙක් හදන එක….එහෙම බලද්දී එයාව ඉල්ලලා මේ මුකුත් නොදන්න දරුවාට තාත්තෙක් නැති කරන්න තරම් මන් කුරිරු නෑ නිරංජලා…අපි ඉවසමු…”

ඒත් සමගම එතනට පැමිණියේ වෛද්‍යවරයෙකි…

“මෙහෙම කිව්වා කියලා නිරංජලා කලබල වෙන්න එපා….”

“ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ…”

නිරංජලා කිසිවක් පැවසීමට පෙර සාරා විමසීය…

“අපිටත් හිතා ගන්න බෑ සාරා….එයාට කොච්චර ලේ දුන්නත් වැඩක් නෑ..එයාගේ ලේ අඩුවෙනවා බලන් ඉද්දී…අනික ඔපරේෂන් එකත් ෆේල්… සොරි අපිට එයාව ගොඩ ගන්න බැරි උනා…”

වෛද්‍යවරය එසේ පැවසූ විටම නිරංජලා සිහසුන් විය….

“”ඩොක්ටර් එයා ප්‍රෙග්නට්…”

“ඕහ් මයි ගෝඩ්….වුන දේ එක්ක එයා අප්සෙට් වෙන්න ඇති..ඉක්මනට මෙයාට සේලයින් එකක් දෙමු …”

ඒත් සමගම නිරංජලා හට සේලයින් ලබා දුණි…මද වේලාවකින් ඇයට සිහි පැමිණියේ..ඇය හයියෙන් අඩා වැළපෙමින් සාරාව වැළඳ ගනිමිනි…

“අනේ සාරා…..මන් මොකද්ද දෙයියනේ කරන්නේ…එයා…..එයා මාව දාලා ගියා සාරා…..😭😭😭😭මගේ දරුවා….මගේ දරුවාට මන් මොකද්ද කරන්නේ සාරා….මටත් මැරෙන්න ඕන…මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ සාරා…..අනේ……..”

නිරංජලා එසේ පවසමින් හඬා වැටුණේ සාරා ඇය සනසවීමට උත්සාහ කළහ….හොරාවෙන් හෝරාව ගෙවී ගොස් වෙරොන් ජීවිතයෙන් සමුගෙන හෝරා පහක් පමණ ගත වූ තැන ඔවුන් සොයා පැමිණියේ ඔහුගේ ශල්‍යකර්මය කළ වෛද්‍යවරයායි…

“සාරා… මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද…..”

“කියන්න ඩොක්ටර්….”

ඔහු ඇසින් ඉගී කරේ නිරංජලා සිටින නිසාම වෙන ස්ථානයකට ගොස් කතා කිරීමට අවැසි නිසාය…

“නිරංජලා පොඩ්ඩක් ඉන්න ඔහොම මන් පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්නම්…”

එසේ කියා සාරා වෛද්‍යවරයා සමග මදක් දුරට ගියහ…

“මේකයි සාරා…මටත් හිතා ගන්න බෑ මේ වෙන දේවල් නම්…ඇත්තටම ඔපරේෂන් එක වෙලාවේ එයාගේ තුවාල වලින් ලේ යන එක නැවැත්තුවත් බලන් ඉද්දී එයාගේ ඇගේ බ්ලඩ් කවුන්ට් එක අඩු වුණා…අනික……..මේ….”

“ඇයි ඩොක්ටර්….මොකද්ද ප්‍රශ්නේ….කියන්න..”

“මෙහෙම කිව්වා කියලා බය වෙන්න එපා…කලබල වෙන්නත් එපා…නිරංජලාට කියන්න ඕන නෑ.. එයා ඉන්න සිටුවේශන් එකත් එක්ක…”

“හරි ඩොක්ටර් කියන්නකෝ….”

“මේකයි සාරා….කවදාවත් නොවුන විදියට වෙරොන්ගේ බොඩි එක තියාගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙන්නේ….අපි එයාගේ බොඩි එකට ෆෝමලීන් ඉන්ජෙක්ට් කරත් එන්න එන්නම සවුත්තු වෙන්න පටන් අරන්….ඒ නිසාම එයාගේ ෆියුනරල් එක අද හවසම කරන්න වෙනවා…ඒ සේරම හරි ඒ උනාට මේ ගැන එයාලගේ ෆැමිලි එකෙන් කැමති වෙයිද කියන එකයි ප්‍රශ්නේ…”

“ම්ම්ම්ම්.. කමක් නෑ ඩොක්ටර්…මන් එයාගේ මමීටයි ඩැඩීටයි ඉන්ෆෝම් කරන්නම්…”

“ඕකේ සාරා… එහෙනම් මන් යන්නම්…”

“තැන්ක්ස් ඩොකටර් අපිට මේ කරපු උදවු වලට…”

“ඒක මොකද්ද සාරා…”

එසේ කියමින් සාරා ඔහුට සමු දුණි…

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *