වීල්චෙයාර්
හත් වෙනි කොටස
තිබූ තත්ත්වයත් සමගම වෙරෝන්ගේ අවසන් කටයුතු සියලු දෙනාගේම කැමැත්ත ඇතුව එදිනම සවස රෝහලේදීම සිදු කළේ සියලු දෙනාගේම දුක් ගැනවිලි මැදයි….සියල්ල අවසන් වී සාරා සිය කොලබ තිබූ නිවස කරා පිටත් වීමට ලක ලෑස්ති වූයේ ඇය හැදුන වැඩුණු රත්නපුර නිවසේ සිටීමට හිතක් නොදෙන නිසාමයි…ඒ,සදෙව් සාරා හා දිපශිකා සමග සතුටින් ගෙව් කාලය මතක් වීමත් නිසාම ඇයට එහි ගොස් මතක අවුස්සා හිත පාරා ගැනීමට හිත නොදුන නිසායි…ඒ නිසාම ඇය විදේශ ගත වි නැවත ලංකාවට පැමිණියද ඒ නිවසට නොගිහින් ම සිටියහ….රාත්‍රී 10ට පමණ සියලු භාණ්ඩ ගමන් මල්ල තුළ අසුරමින් සිටි ඇය ගැස්සී ගියේ ඇයගේ පිටුපසින් තිබූ සිය කාමරයේ දොර අසලින් ඇසුන ශබ්දය නිසායි….එක් වරම ගැස්සී ඇය ඒත්සමගම ඒ දෙස බැලූහ…
“අම්මෝ…මන් බය වුන තරං..මොනවද බං කරන්නේ…උබ නම් තාමත් වෙනස් වෙලා නෑ දිපෂිකා..මන් හොඳටම බය වුණා…උබ පොඩි කාලෙත් එහෙමයි…කොයි වෙලාවක හරි මාව මරපන් හර්ට්ඇටැක් එකක් හදවලා…බය කරනවා…හොල්මන…”
“සොරී….”
“මොකද උබ ඒක ඕනවට එපාවට කියන්නේ….නිකන් මන් වැරැද්ද කරා වගේනේ යකෝ…”
“එහෙම එකක් නෑ…”
“හූම්…”
“දුකයිද…..”
දිපෂිකා එසේ විමසුවේ සාරා එයාට පිළිතුරු දෙමිනි…
“දුකයි….ඒත්……”
“ඒත් මොකද්ද…”
“ඒක ඕන නෑ දිපෂිකා…”
“සදෙව් මමයි පැනලා ගිහින් කියලා දැනගත්ත දවසේ දුක දැනුන තරං නෑ නේද…”
“දී….. දි… ශී…”
“මන් දන්නවා සාරා හැමදේම…..කට බොරු කරාට දිව ට බොරු කරන්න බෑ…”
“හූම්….ඒ දේවල් ඕන නෑ…මන් හිත හදාගෙන ඉන්නේ..මේ මගේ නොලැබීම දිශි…”
“එහෙම නෑ….මමයි හැමදේම නොලැබුවේ….ඔයාට සේරම ලැබිල තියෙන්නේ”
“අපි ඔය කතාව නවත්තමු දිපෂිකා….”
“හූම්….”
“මන් ගෙදර යනවා ඔයත් යන්…ප්ලීස් දිපෂිකා…සදෙව්….. සදෙව්ටත් එන්න…..එන්න කියන්න දිපශිකා…”
“සදෙව් මෙහෙ නෑ….”
“මොකක්…එතකොට….ඔයා තනියමද මෙහෙ ඉන්නේ…”
ඒ අහපු ප්‍රශ්නය හට කිසිම පිළිතුරක් නොකියාම… දිපශිකා විමසුවේ…
“ඔයාට සදෙව් බලන්න ඕනද….”
“හූම් ආසයි…..”
“”හුම්… අද එහෙනම් කොළඹ යන්න එපා…රත්නපුරේ යන්න එයා අපේ ගෙදර ඉන්නවා…”
“මොනවා….ඓහෙනම් ඔයාත් යන් ප්ලීස්…ප්ලීස් දිපශිකා..මන් ඔයාලා අතරට එන්නේ නෑ පොරොන්දු වෙනවා…ප්ලීස් යමු ගෙදර…”
“ඔයා ඉස්සල්ලා යන්න…මන් පස්සේ එන්නම්..දැන් ගියා කියලා අම්මලා මාව බාරගන්න එකක් නෑ….”
“මොනවද දිශු ඔයා මේ කියවන්නේ…අනික ඒ ඔයාගේ අම්මයි තාත්තයි එයාලා ඔයාට කවදාවත් නපුරක් කරන අය නෙවෙයි දිපශිකා….”
“අපි ඇත්තට මුන දෙන්න ඕන සාරා…තිත්ත උනත් ඇත්තට….ඔයාලා ඉස්සල්ලා යන්න…”
“ඒත් ඇයි ඔයා එන්නේ නැත්තේ..හරි මන් ආන්ටිලව එක්කන් ආයේ එනවා ඔයාව එක්කන් යන්න…එතකොට ඔයාට එන්න වෙනවනේ….”
එයට කිසිම උත්තරයක් නොපවසා දිපශිකා පැවසුවහ…..
ඒත් සමගම ඇය නැවත යෑමට සැරසි නැවත නතර වී සාරා දෙස නොබලා ඇයට පිටුපා සාරා හට පැවසුවේ…
“මන් වෙනුවෙන් එක උදව්වක් කරන්න සාරා ඒ ඇති යනකොට නිරංජලා එක්කන් යන්න අණිවාරෙන්…එයාව පරිස්සම් කරගන්න…එයාගේ දරුවා පරිස්සන් කරගන්න…..සදෙව්ට කියන්න එයාට ගිෆ්ට් එකක් තියනවා කියලා මගේ කාමරේ
මන් එනවා ඉක්මනටම මන් ආයේ එනවා…”
එසේ පවසා ඇය තවත් කිසිවක් නොපවසා සාරා හට සමු දුන්නේ සාරාට නිරංජලා ඇමතුමක් ලබා දෙමිනි…
“අනේ සාරා මට දුකයි සාරා…😭😭😭ඔයා ගියාම මට ඔයත් නෑ…”
“නෑ නිරංජලා ඔයා මෙහේ ඉන්න ඕන නෑ…මන් රත්නපුරේ ගෙදර යන්නේ…ඔයා අනිවාරෙන් මාත් එක්ක යන්න එන්න ඕන..මොකද ඔයා ඉන්න තත්වේ එක්ක ඔයා මෙහෙ තනියම ඉන්න ඕන නෑ..”
“ඒත් සාරා…”
“මුකුත් කියන්න එපා නිරංජලා මුරණ්ඩු නොවී යමු…ගිහින් අපි භිමින් සැරේ මේ සේරම දේවල් වලට හොඳ විදියක් බලමු…”
“හූම් හරි සාරා මන් එන්නම්…ඔයාට ගොඩක් පින් සාරා මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවට…මේ දේවල් මන් කවදාවත් අමතක කරන්නේ නෑ සාරා…කවදාවත්ම…”
“හූම් තවත් ඇහැරන් ඉන්න එපා නිරංජලා..ඔයාට හොඳ නෑ..දැන් නිදාගන්න හෙට අපි උදේ 9ට වගේ මෙහෙන් යමු..”
“හූම් හරි සාරා මන් තියන්නම්…”
එසේ පවසා දුරකථනය විසන්ධි කළහ…
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰