වීල්චෙයාර් 9 වන රෝදය

11
0

වීල්චෙයාර්

9වන රෝදය

නිවස තුලට පිවිසෙනවත් සමගම සාරා සහ නිරංජලා බය බිරන්ත වි මුහුණට මුහුණ බලාගන්නේ වෙන කිසිවක් සිතා ගත නොහැකිව යි..ඒත් සමගම නිරංජලා ක්ලාන්ත වී බිම ඇද වැටුණේ සියලු දෙනාම තවත් කලබල වෙමින්..නිරංජලා හට සදෙව් ගේ හා දිපාශිකා ගේ මවු වරුන් සිය ලබා ගැනීමට උත්සාහ කර අතර ඉහින් කනින් දාඩිය දමමින් සිටි සාරා අසලට සදෙව් ගොස්

“සාරා අපේ යාලුවා අපිව දාලා ගියා සාරා..මට ඔයාවත් නැති වෙලා එයාවත් නැති උනා සාරා…”

බිදුණු ස්වරයකින් සදෙව් එසේ පැවසුවේ තවමත් බයවිරන්ත වි මල් මාලාවකින් සරසා තිබුණු දිපශිකාගේ ඡායාරූපය දෙසයි…

“ඒත්……ඒත්.. ඒක එහෙම වෙන්න බෑ….එහෙම වෙන්න බෑ සදෙව්…දිශි…ධිශි එයා තවමත් ඉන්නවා..ඔයාලා බොරු කියන්නේ…”

ඒත් සමගම සිහියට පැමිණි නිරංජලා ද පැවසුවේ එසෙයි..

“බොරු නම් නිරංජලා ගෙන් අහන්න…”

“ඔව් සදෙව් මමත් දැක්කා එයාව..”

එසේ පවසන විට සියළු දෙනාම බය වි මුහුණට මුහුණ බලා ගන්නට විය…

“හරි හරි සාරා සන්සුන් වෙන්නකෝ…අම්මා මේ දෙන්නට පිරිත් වතුර ටිකක් ගෙන්නකෝ…”

සදෙව් ගේ මෑණියන් විසින් ගෙන ආ පිරිත් පැන් වීදුරුව බී ඇය ඔහේ බලා සිටියහ…

“කීයටද නුවරින් ආවේ..”

“අද උදේ 9යි..”

“එතකොට මෙච්චර වෙලා ගියේ ඇයි ..”

“වෙරොන්ගේ අම්මලාගේ ගෙදර ගියා….”

කේන්තියක් සදෙව් හට ඇති වුවත් සදෙව් සුසුමක් පිට කරමින් සියල්ල මුල සිට පැවසීමට ගියහ…

“හරි..ඒ දේවල් වැඩක් නෑ… ඔයා මේක දැනගන්න ඕන සාරා..ඒ වෙන මොකක්වත් නෙවෙයි දිපෂිකාගේ මරණයට වග කියන්න ඕන නිශිත …”

“මොකක්…නෑ වෙන්න බෑ සදෙව්…ඔයා මොනවද මේ කියවන්නේ…එයා මැරුණ නම් මන් දැක්කේ මට හම්බ වුණේ කවුද..”

“හරි සන්සුන් වෙන්නකෝ සාරා මුල ඉදලා මන් ඔයාට කියන්නම්…ඔයා රට ගියාම නිෂතයි මමයි ධිෂි හිටියේ… නිෂිත කොයි වෙලෙත් දිෂිට මාන බලාගෙන හිටියේ…අවසනේට දිෂිව නිෂිත කිප්නැප් කරලා නුවර පැත්තක තිබුණ ඌට අයිති ගෙදරක දිශිව හිරකරගෙන ඉදලා ඒ විතරක් නෙවෙයි අපේ අහිංසකී ට නොසෙහෙන්න වද දීලා…පස්සේ නිශිත නිසාම දිෂි ප්‍රෙග්නට් වෙලා… ඒක දැනගෙන අර පහරයා දිශිට තවත් වද දීලා මරලා දාලා…කකුල් දෙකට යකඩ පොල්ලකින් ගහලා තිබුණ නිසා එයාගේ කකුල් දෙක ගොඩක් ඩඇමේජ් වෙලා තිබුනේ..මන් අපේ අහිංසකී ව හොයාගනිද්දි නිශිත එතනින් පැනල..අපේ අහිංසකී ජිවිතුන් අතර හිටියේ නෑ සාරා😭😭….”

“එතකොට නිශිත….එයා මට කිව්වේ ඔයායි එයයි පැනලා ගියා කියලානේ…”

“ඔව් මන් ඒක දන්නවා…අවසානේට නිශිත මන් වැරැද්ද කරා කියලා පොලිසියට කොටු කරද්දි මේ දේවල් සේරම එක්ක ඌවත් ඉවරයක් කරලා දාන්න මන් නිශිතව හෙව්වා…ඒ හොයන්න උනේ මට හැංගිලා.. ඒකට සාක්ෂි හොයලා ඉවර වෙද්දි නිශිතට උගේ අම්මා තාත්තාට මුන දෙන්න බැරුව ඌත් වස බීලා මැරුණා…බල්ල… ඌ නැතනම් මගේ ඒකි අදටත් අපි එක්ක ඉන්නවා…”

“මොනවා….ඒත් නිශිත…එහෙම කරන්නේ ඇයි සදෙව්… නිශිතට ධිශී එක්ක තිබුණ තරහ මොකද්ද ඔයාලා සේරම කියන්නේ බොරු සදෙව්…ඔයාලා මොනවා කිවුවත් දිශී මැරුනේ නෑ..එයා තවම ජිවත් වෙනවා සදෙව්…..”

“ඇයි සාරා තේරුම් නොගන්නේ..දීෂි දැන් නෑ..දිෂී අපිව දාලා ගියා..ඒ අහිංසක මුන කොච්චර දුක් වින්දාද කියලා මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කා සාරා.එයාව මැරුවෙ නිශිත කියන පාහරය ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි දීශි ඌට අකමැති උන නිසා සාරා….”

“නෑ ඔයාලා සේරම කියන්නේ බොරු සේරම කියන්නේ බොරු මට පුළුවන් දීෂී තවමත් ඉන්නවා කියලා ඔප්පු කරන්න…”

ඒත් සමගම සියල්ලෝම මුහුණට මුහුණ බලා ගත්හ…

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

Sara me para mokadda karanna yanne.. anika oyala hithn widiyata dishi thama innawada nethanm merilada.. merilanam kauda maranna eththe kiyanna balanna adahas oyalage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *