📤 I love u prakash
මේ මැසේජ් එක් ඩිලීට් කරපම් කේශියෝ කියලා මගේ මොලේ මට කිව්වත් හිත කිව්වෙම ඕක ඔහොම තියපම් කියලා
මං ඉතින් හිත කියපු දේ පිළි අරන් ඒක එහෙමම තිබ්බා
දාපු ගමන් ම මැසේජ් එකත් delivered වුන නිසා මට ටිකක් බයයිත් වගේ
නිකම් පපුවත් එක්ක ඩික් ඩික් ගානවා වගේ
එතකොට මැසේජ් එක සීන් වුනා පෙන්ස්
දැන් නම් තවත් බයයි වගේ
Typing වැටෙද්දී ඊටත් වඩා
📥 Keshi…oya aththatama neda kiyanne
📤 Ai sure ndda
📥 Na na ehema na…ohoma inna poddk
පොඩ්ඩක් ඉන්න කියලා මෙන්න මනුස්පයාගෙන් කෝල් එකක් මට
දැන් නම් කතා කරන්නත් බෑ වගේ
ඕනි දෙයක් වෙන්න කියලා මං කෝල් එක answer කලා
“හෙලෝ”
“හෙලෝ මැණික”
ඒ වචන ටිකට නම් හිතත් ගැස්සුනා ද මන්දා
“ඔහොම කතා කරන්න එපා අනේ”
“ඒ මොකද”
“මට නිකන් ලැජ්ජයි වගේ”
“අනේ උඹේ ලැජ්ජාව…මේ ඇත්තටම නේද කිව්වෙ”
“මොකක්ද”
“මට ආදරෙයි කිව්වේ”
“ඇයි ඔයා හිතුව ද මං මේ ආතල් එකට ඕවා කියනවා කියලා”
“නෑ නෑ…මං දන්නවනේ මගේ කෙල්ල එහෙම නෑ කියලා”
එයාත් එක්ක ටික වෙලාවක් කතා කරලා ඉවර වෙලා එහෙමම මං කෝල් එකක් ගත්තේ චතුවට
එයාටත් සීන් කෝන් එක ගැන කියලා මං සින්දුවකුත් කියාගෙනම ගියේ කුස්සියට
කුස්සියට ගිහින් ටිකක් වෙලා අම්මාත් එක්ක කයියකුත් දාන් ඉඳලා මං කාමරේට ගියේ පාඩම් කරන්නත් ඕනි නිසා
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අදත් උදේ පාන්දර නැගිටලා ස්කූල් යන්න ලෑස්ති වුණේ චතුවාගේ කටේ බලේටමයි
උදේ පාන්දර කිව්වට මොකද ඉතින් මං නැගිටිද්දි වෙලාව 7යි
එහෙමම පටාර් ගාලා බාතෲම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ලෑස්තිවෙලා ඉවර වෙද්දි 7.30ටත් ළඟයි කාමරෙන් එළියට යන්න හදද්දිම තමා මට මගේ කොව්වාව මතක් වුණේ 🥲
ආයෙ ගිහින් මං අද ස්කූල් යනවා කියලා එයාට මැසේජ් එකත් දාලා මං අම්මාටත් කතාකරගෙනමයි පඩිපෙළ බැස්සේ
“අම්මා…අම්මා කොහෙද අනේ ඉන්නේ”
“මොකද දෝණි කෑගහන්නේ”
“කෝ තාත්ති ගියාද”
“ඔයා මේ ස්කූල් යන්නද දෝණි”
“ඔව් අම්මා ටිකක් පරක්කු වුණා ඉතිම්…හී”
“ඔහොම ටිකක් ඉන්න…තාත්ති එක්කම යන්න පුළුවන්නෙ දැන්”
කොහොමහරි ඔන්න තාත්ති එක්කම මං ආවා
ඒ එද්දි වෙලාව නම් 8ටත් කිට්ටුයි
කොහොමහරි මං අපේ පන්තියට පැන ගත්තා
මං දැක්කා මං යද්දිත් චතුවා නිකන් මිනිහා මැරුන ගෑනි වගේ ඔහේ ඉන්නවා
“ගුඩ්මෝනිම් බොක්ක”
මං එකපාරටම ළඟට ගිහින් කෑගහද්දි චතුවා ගැස්සිලා මගේ දිහා බලපු විදිහ නම් මට එච්චර ඇල්ලුවේ නෑ
“මොනවද බන් කරන්නේ…කීයටද උඹ නැගිට්ටේ අද”
“හරි හරි ඕයි පරක්කු වුණා ටිකක්”
“අනේ උඹේ ටික”
“හී”
“කොහොමින් කොහොමහරි ඉතින් අපේ කේශියාටත් මල්සරා විද්දනේ නේ”
“පල පල”
“මං මේ සීරියස් අහන්නේ ආ උඹෙන්”
“මොකක්ද”
“උඹට ප්රකාශ්ව ෂුවර් ද”
“ඇයි”
“නෑ නෑ ඕයි…මං නිකන් අහන්නේ”
“හ්ම්ම්”
ඊළඟට ඉතිම් එදා දවසිනුත් බාගයක් ස්කූල් එකේම ගෙවිලා ගියා
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගෙදර ගිහින් ෆෝන් එක අරන් බලද්දි missed call 25 යි මැසේජ් කීයක් ද මන්දා හෙන ගොඩයි…වෙන කාගෙන්ද ඉතින් අර ගොන් අලියාගෙන් තමා
“මූට මොකක් වෙලාද මේ”
එහෙම හිතලා යුනිෆෝම් එක පිටින් ම ඇඳෙන් වාඩිවෙලා මං කෝල් එකක් ගත්තේ මගේ ප්රකාශ් කොව්වාට
“හෙලෝ ප්රකාශ්”
“කොහෙද හිටියේ”
“ඇයි”
“ප්රශ්නයක් ඇහුවහම ඒකට තවත් ප්රශ්නෙකින් උත්තර දෙන්න එපා කේශානි”
දැන් නම් මට තේරෙනවා මේ මනුස්සයා ඉන්නේ මාත් එක්ක හොඳටම කේන්තියෙන් කියලා
නැත්තම් කවදාවත් මට කේශානි කියලා එහෙමම කියන්නෙ නෑ
“මොකද ඔයාට වෙලා තියන්නේ”
“මට නෙවෙයි ඔයාට මොකද වෙලා තියන්නේ කියලා බලන්න කේශානි”
ර්ර්ර්ර්ර් ර්ර්
මොන යකෙක් වැහිලද මන්දා මේ යකාට
“මං මොකක්ද කලේ කියලා කියනවද ඔයාට ඔහොම තරහා යන්න තරම්”
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
𝓝𝓪𝓭𝓾 💕