“ඇයි මං කිව්වේ ඔයාට මං අද ස්කූල් යනවා කියලා”
“කවදද කොයි වෙලාවෙද මට එහෙම එකක් කිව්වේ”
“අද උදේ මං ඔයාට මැසේජ් එකක් දාලානෙ ගියේ”
“බොරු කියන්න එපා…මං ඔයාට දාපු මැසේජ් සීන් කරලාවත් නෑ ඔයා”
“මට මුකුත් මැසේජ් තිබ්බේ නෑ…හදිස්සියට ඔයාට මැසේජ් එක දාලා මං ගියා…ඔහොම ඉන්න බලන්න පොඩ්ඩක්”
“අයියෝ සාම්ත මැසේජ් එක සෙන්ඩ් වෙලා නෑනෙ 🥲”
“මොකක්ද”
“සොරි ප්‍රකාශ් මං හිතන්නේ මං උදේ ඩේටා ඔන් කරන්නේ නැතුව මැසේජ් එක සෙන්ඩ් කරලා තියන්නේ”
“මං විශ්වාස කරන්නම්කෝ…දැන් ද් ආවේ ගෙදර”
“ඔව්”
“එහෙනම් මහන්සිත් ඇතිනේ වොෂ් එකක් දාලා කෑම කාලා ඉන්න”
“ඕම්කේ”
“එහෙනම් මං තියනවා…බායි”
“හ්ම්…බායි”
කෝල් එකත් ඉවර කරලා වොෂ් එකක් දාගෙන් එළියට වෙලා පොඩ්ඩක් හිටියේ කම්මැලිකමටත් එක්කමයි
“දෝණී…පොඩ්ඩක් එන්නකෝ”
අම්මා කතා කරපු නිසා කම්මැලිකම පැත්තකින් තියලා ආයේ ගෙට දිව්වා
“ඇයි අම්මා”
“අද හවස නැන්දලා එනවලු”
“ඒ මොකටද”
“නික්න් එනවා ඇති”
“හ්ම්”
“පොඩ්ඩක් මේ ගේ අස් කරලා දානවද…ඔයා මුකුත් වැඩක් නෑනේ”
“හා අම්මා”
අම්මාට පේන්න ඉතින් කොස්සකුත් අරන් පොඩ්ඩ එහෙට මෙහෙට වෙවී ඉඳලා මං ආපහු ගියේ මගේ වාසභවනට
ඇඳට වෙලා එහෙට මෙහෙට පෙරළි පෙරළි හිටපු මට එහෙමම නින්ද ගියේ මටත් නොදැනීමයි
ආයෙ මම ඇහැරුනේ අපේ අම්මාගේ වොයිස් එකට තමා
“දෝණි…නැගිටලා වොෂ් එකක් දාගෙන පල්ලෙහාට එන්න…නැන්දලාත් ආවා”
“හ්ම්”
ඇත්තම කිව්වොත් මං නම් ආසම නෑ එයාලා ආවට…ඇයි කියලා පස්සේ ඔයාලටම තේරෙයි
මං ප්‍රාර්ථනා කර කර ගියේ නැන්දලාගේ අර වසවර්ති මාරයෝ දෙන්නා ඇවිත් ඉන්න නම් එපා කියලා…ඔව් ඔව් අනේ ඒ නිසා තමා මං ආසා නැත්තේ එයාලා එනවට…ඔයාලා වුනත් කැමති නෑනේ නේද තමන්ගේ දේකට මේ කොහෙවත් ඉන්න පොඩි එවුන් දෙන්නෙක් ඇවිත් අයිතිවාසිකම් කියනවට 🥲…වෙන මුකුත් ඕන්නෑ මුන් දෙන්නා මගේ අම්මාවත් අයිති කර ගන්නවා පෙන්ස් ආවහම 😒
වැඩක් නෑ මං පඩිපෙළ බැහැගෙන යද්දිම මක් දැක්කා ඒ මෝඩයෝ දෙන්නා ඇවිත් ඉන්නවා
අනේ ඇයි දෙවියනේ ඔයා මට පිටුපෑවේ 😪
දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ…මාත් ඉතින් විරිත්තගෙන ගිහින් අම්මා ගාවින් ම වාඩිවුණා
ටික වෙලාවක් ඉඳලා අම්මා නැගිටලා කුස්සියට ගියේ තේ හදන්න කියලා
අම්මාගේ පස්සෙන් මාත් යන්න ගියේ මෙතන හිටියොත් මට වෙන්නෙ මොකක්ද කියලා දන්න නිසාමයි
ඒත් ඉතින් වැඩේ හරි ගියේ නෑ…අපේ අම්මා ම වැඩේ කෑවා
“දෝණි ඔයා මෙතන ඉන්න මේ නැන්දලාත් එක්ක කතා කර කර”
අපේ අම්මාත් එක්ක බෑනේ සාම්ත අයියේ 🥲
කරන්න ම දෙයක් නැති තැන මං ආයෙ වාඩිවුනා ඉතිම්
මට දැන් දැනෙන හැඟීම ගැන කිව්වොත් මට දැනෙන්නෙ මුන් සෙට් එකම පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ මාව කන සයිස් එකෙන් බලන් ඉන්නවා වගේ හැඟීමක් 🥲
මාත් ඉතින් උඩ බල බල හිටියා…එතකොටම නැන්දා පටන් ගත්තෙ නැතෑ කතාව
“දුව මේ පාර නේද එක්සෑම්”
අන්න නැන්දා හරි ට්‍රැක් එකට වැටුනා…මං බැලුවා ඒත් තාම මෙයා මේක ගැන කියෙව්වේ නැත්තේ මොකද් කියලා
“ඔව් නැන්දේ”
“තව ටික දවසයිනේ නේද තියන්නෙත්…දැන් පාඩම් කරලා එහෙම ඉවරයි ද”
“කරනවා ඉතින්”
ඔව් දැන් මට පේනවා අපේ අම්මාත් මේ පැත්තට එනවා කියලා…මෙතන ඉන්න එක අවදානම් කියලත් මට දැන් ටික ටික තේරෙනවා
“දුව පාඩම් එහෙම කරනවද අක්කේ”
“පාඩම් නම් කරනවා නංගී”
ඔව් දැන් තව ටිකකින් මගේ ලව් එකට ඒ කියන්නේ මගේ ෆෝන් එක බැනුම් ඇසීමට ආසන්නයි
දැන් නම් මෙතනින් යන එක ඇඟට ගුණයි කියලා තේරුන නිසා මං කෙලින් ම ආවේ මගේ කාමරේට
ටික වෙලාවයි නිදහසේ ඉන්න හම්බුනේ
අර යක් පැටව් දෙන්නා ඇවිත් මගේ ඇඳ උඩ
දෙන්න හිතයි මුන් දෙන්නට… 😑
“අක්කේ…අක්කේ…”
එක පාරක් කතා කරලා ඇයි කිව්වෙ නැති එකට මුන් දෙන්නා ඒ පාර බෙරිහන් දෙනවා
“මගේ කන් දෙක තාම ඇහෙනවා ඔච්චර බෙරිහන් දෙන්න ඕනි වෙන එකක් නෑ”
“නෑ ඉතින් ඔයා බැලුවේවත් නෑනෙ මේ පැත්ත ඒකයි”
මං ආයෙත් කටවහන් හිටියේ මගේ කට ඇවිස්සුනොත් ඉවරයි කියලා දන්න නිසාමයි
“ආ මේ අක්කේ ඔයාට කොල්ලෙක් ඉන්නවද”
මූ යකෝ තාම මේ ලොකු එකා ඉන්නේ 7ද කොහෙද…ඒ වුනාට කතාව නම් 😑
“ඇයි අහන්නේ බන්ඳලා දෙන්නද”
“නෑ නෑ අක්කේ අපේ මේ අයියා කෙල්ලෙක්ට කැමතිනේ”
එහෙම කිව්වේ ඌගේ මල්ලි…ඌ ඉන්නේ 5 ද කොහෙද මං හිතන්නේ
“මොකක් කිව්වා”
“කෙල්ලෙක් අනේ කෙල්ලෙක්”
“යකෝ උඹලාටත් දැන් කෙල්ලෝ ඉන්නව ද”
“මං පෙන්නන්න ද එයාගේ ෆොටෝ එකක්”
මං එතකොට තමා දැක්කේ මුන් දෙන්නා අතේ ෆෝන් 2ක් තියනවා කියලා
“කාගෙද ඕක”
“මේක මගේ”
“එතකොට අනිත් එක”
“ඒක මල්ලිගේ”
යකෝ මුන්ට දැන් ඉඳන්ම ෆෝන් තියනවානෙ.. පුහ්හ්
ඊළඟට මට පෙන්නුවේ අරූ අර කැමති කියපු කෙල්ලගේ ෆොටෝ එකක්
ඒකිත් මූටම හොඳයි ඉතින්
නැන්දාගේ කතාව නම් එයාගේ ළමයි දෙන්නා අදහන්න තරම් වටිනවා වගේ
අදහන්න නෙවෙයි හමගහන්න තියන්නේ මුන් දෙන්නව නම්
රෑටත් කාලා ම තමා ඒ සෙට් එක ගියේ…ඊට පස්සේ තමා මගේ තිතට පොඩි සහනයක් දැනුනේ
මෙච්චර වෙලාවක් මැසේජ් එකක්වත් දාගන්න බැරි වුන නිසා මං පොඩ්ඩක් whatsapp පැත්තේ රවුමක් දාන්න ගියේ
යද්දි ඉතින් අර යක්ෂයාගෙන් මැසේජ් 5ක් විතර…දැන් ඉතින් ආයෙත් මට මුල ඉඳන් අගට මේ මනුස්සයාට සිද්ධිය කියන්න එපැයි 🥲
එයාට ඒක කියලා බොහොම අමාරුවෙන් ශේප් කර ගත්තා 🥲
ලව් කරන එකත් ලේසි වැඩක් නෙවෙයි නේ බලන් ගිහාම…ඔය වෙලාවට තමා හිතෙන්නේ තනිකම සැපයි කියලා (අත්දැකීම් තියනවතේ ඔයාලට 😌)
හේ හේ
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
𝓝𝓪𝓭𝓾 💕