“අඩෝ බම්ලෝ…කොහෙද ඕයි ඉන්නේ…”
“ආ…ඉදාම් පොඩ්ඩක්…මං මේ එන ගමන්…”
“කොයි හරියෙද ඉන්නෙ උඹ”
“හිටපන්කෝ එනකම්”
“ඉක්මනට වරෙන් යකෝ…හැමදාම මං උඹ නිසා රස්තියාදු වෙනවා”
මං තව මුකුත් කියන්නත් කලින් ම මූ කෝල් එක කට් කරලා ඉවරයි…
පුහ්හ් මං සැලෙනවද පෙන්ස් ඕවට…
නෑනෙ නෑනේ 😌
පව් හැබැයි 🥲…එන ගමන් කිව්වට මොකද මං තාම ඉන්නේ ඇඳේ…
හේ හේ 😁
පොඩ්ඩක් හෝව්…පොඩ්ඩක් හෝව්…
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඉන්ඩලාකෝ මං කවුද කියලා කියන්නත් අමතක වුණානේ…සොරි වෙන්ඩ ඕනි ඉතිම් ඈ…දන්නැද්ද ඉතිම් පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා…
හේ හේ
හරි හරි ඩාම් ඩූම් නෙවෙයි ඉන්නකෝ…
මම කේශානි මෙත්සරා…එතකොට කෝල් එකක් අරන් මට උදේ පාන්දර ම කෑගැහුවේ මගේ අතිජාත පාප මිතුරිය චතුනි අප්සරා…අපි දෙන්නම මේ අවුරුද්දේ A/L කරන්න ඉන්නේ…අපි A/l කරන්නේ Commrce sream එකෙන් හොඳේ…අපේ අම්මාටයි තාත්තාටයි ඉන්නේ ඉතින් Only මං…ගැම්මක් තමයි ඉතිම් 😌😎
දැනට ඔය ඇතිනේ…ඉතිරිය පසුවට 😌
දැන් Let’s go කතාවට ආපහු
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තවත් මෙතන්ට වෙලා නිදන් හිටියොත් ඉතින් චතුවාගේ මුවෙන් පිටවෙන සුද්ද සිංහල වචන ඇසීමට නොහැකි නිසාවෙන් මං පටාර් ගාලා වොෂ් එකක් දාන් ලෑස්ති වුනේ ක්ලාස් යන්න [චතුවා කිව්වේ මගේ පාප මිතුරිය හොඳේ 😌😁]
මං යද්දිත් මෙන්න මේකි ඉන්නවා අබ ඇටයක් දැම්මත් පුපුරලා යන සයිස් එකෙන් මටත් රව රව 🥲
“ආ මචෝ…ගුඩ්මෝනින් 😁”
“මෝනින් තමා වරෙන් යන්න කටවහන්…අනේ ඇත්තමයි දවසක සර් අපි දෙන්නව ආපහු ගෙදර යවයි මේ විදිහට හැමදාම පරක්කු වෙලා යද්දි…පුදුමයි තාම එහෙම කරලා නෑ”
“සර් අපිට ආදරෙයිනේ 😌🌝”
“අනේ මං කියන්නේ නෑ ඉතින් උඹට…බස් කීයක් ගියාද බන් 😒”
“ඇයි උඹ ගණන් කර ගත්තේ නැද්ද 😂 “
මෙන්න මේකි මට රවනවා පෙන්ස්…No කතා No සිනා 😒
“අපෝ ඔච්චර තරහා ගන්නෙපා බන් 😂 “
“ආන් බස් එකක් එනවා…යමන්”
අම්නේ ඉතින් මේකේ ඉන්න කොන්දොස්තරට පිස්සුද මන්දා…ඌ කියන්නේ නම් සීට් තියනවා නගින්න කියලා…නැග්ගහම හිටන් යන්නවත් බෑ 🥲
නෑ හැබැයි එයා හරි නේද්…සීට් තියනවා කියලනේ කියන්නේ…නැතුව වාඩිවෙන්න සීට් තියනවා කියලා නෙමෙයිනේ 🥲
හේ හේ
කොහොමහරි දෙන්නාම බස් එකෙන් බැහැලා ඉක්මනට ක්ලාස් එකට දිව්වේ දැනටමත් හොඳටම පරක්කුයි කියලා දන්න නිසා
අපි දෙන්නා දුවන් එනවා දැකලා කාඩ් Mark කරන මෑන් කින්ඩි හිනාවකුත් දාන් අහපි,
“කීයටද නංගි ක්ලාස්” කියලා
මෑන්ට මොනවා හරි කියන්න හිතුණත් චතුවා මගේ අත අල්ලන් මගේ මූණ දිහා බැලුවේ අනේ පින්සිද්දවෙයි කටවහන් හිටපන් වගේ බැල්මකින්…දෙන්නම ඉතින් මුකුත් නොකියා මෑන්ට පොඩියට හිනාවකුත් දාලා කාඩ් එකත් mark කරලා ක්ලාස් එකට ගියා
ක්ලාස් එක ඇතුළට ගිහින් අපි දෙන්නාගේ සුපුරුදු ස්ථානයට වාර්තා කළා…ඒ කියන්නෙ ඉතිම් ක්ලාස් එකේ පිටීපස්සෙම පෝළිමට
මේ යන වෙලාවට ඉතිම් ඉස්සරහ ඉඩ තියෙයි ද නේද 😌
අපි දෙන්නා වාඩිවෙද්දි ම…
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
𝓝𝓪𝓭𝓾 💕