අපි දෙන්නා වාඩිවෙද්දි ම,
“ළමයි මං කීයට ද ක්ලාස් පටන් ගන්නවා කියලා තියන්නෙ ඔයාලට”
කියලා සර් ඇහුවෙ නැතෑ
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ ක්ලාස් එකේ හිටපු එවුන් සේරම පිටිපස්ස හැරිලා බලන් ඉන්නේ නිකන් අපි දෙන්නව කන්න වගේ
මුන් හිනා වෙනවා සාම්ත 🥲
“කේශානි චතුනි මං මෙච්චර දවසක් බලන් හිටියේ අද හරියයි හෙට හරියයි කියලා…හැමදාම එහෙමම තමයි…අද මෙව් අන්තිම දවස වෙන්න ඕනි දෙන්නා පරක්කු වෙලා ආපු…ආයේ එහෙම වුනොත් ආපහු ගෙදර යවනවා දෙන්නව ම…තේරුණානේ දෙන්නාටම”
“සොරි සර් බස් එකක් එන්න වෙලා ගියා ඒ…”
ඉතුරු ටික කියන්න දුන්නෙත් නෑ
“හරි හරි ඔය දෙන්නාට විතරයි බස් එක පරක්කු වෙලා තියන්නේ…එහෙ ඉඳන් එන අනිත් ළමයින්ට නම් බස් තිබිලා…”
“හරි ළමයි…දැන් පෙරල ගන්න ටියුට් එකේ 20 වෙනි පිටුව…
සර් හොඳයි කියලා පැයක්වත් ගියේ නෑ මං හිතන්නේ 🥲
“මං උඹට හැමදාම කියනවා කලින් ලෑස්ති වෙයන් කියලා…කොහෙද කවදාව්ත් අහන්නෙ නැනෙ…ආයෙ නම් මං උඹ එනකම් ඉන්නේ නෑ…උඹ එන වෙලාවක
වරෙම්…ලැජ්ජාවේ බෑ…”
“හරි හරි ඉතින් ආයෙ මං පරක්කු වෙන්නේ නැතුව එන්නම්කො සුදාම්මියෝ…මිනිස්සුන්ටනේ වරදින්නේ 😌”
“අනේ මේ දැන් කටවහන් හිටපන් 😑”
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පැය 4කට විතර පස්සේ ඔන්න ක්ලාස් එක ඉවර වුනා…
මායි චතුවයි ඉතිම් ටවුන් එකේ පොඩි රවුමක් එහෙම දාලා ගෙදර ගියා…
ගෙදර ගිහින් ප්රථම රාජකාරිය තමා ඉතින් කන එක 😁…ඔයාලත් කෑම ඔයාලගේ ප්රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න 😌
හේ හේ…
කාලා වොෂ් එකකුත් දාගෙන ඇඳට පැන්නේ පොඩි නින්දක් දාන්න කියලා හිතන්
අපේ අම්මා මුකුත් ජොබ් එකක් කරන්නේ නැති නිසා මේ වෙලාවට ඉතින් අම්මායි මායි විතරයි ගෙදර ඉන්නේ…තාත්ති කම්පැනි එකක මැනේජර් කෙනෙක් නිසා ඒ වැඩ ඉවර කරලා එද්දි ටිකක් හවස් වෙනවා
පොඩි නින්දක් කිව්වට මොකද ඉතින් හවස නිදාගත්තු මං ඇහැරුනේ රෑ 7.30ත් පහුවෙලා…ඒකත් අම්මා ළඟට ම ඇවිල්ලා කන්න එන්න කියපු නිසා 😁
නින්දත් ඉතින් මගේ ප්රථම රාජකාරියක් තමා 😌
නැගිටලා වොෂ් එකකුත් දාන් මං ගියේ කෑම කන්න
කාලා අම්මියි තාත්තියි එක්කත් පොඩි කයියක් දාන් ඉඳලා මං කාමරේට ආවේ පාඩම් කරන්නත් ඕනි නිසා…
ෆෝන් එකත් අරන් ඩේටා ඔන් කරලා පොඩ්ඩක් වට්සැප් එක පැත්තටත් ඔලුව දාලා චතුවා එක්ක පොඩි චැටක් දාලා මං පාඩම් කරන්න පටන් ගත්තා
ඔහොම ඉතින් එදා දවසත් ගෙවිලා ගියේ කිසිම විශේෂයක් නැතුවමයි
ඊළඟ දවසේ උදේ මං ඇහැරුනේ…
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
𝓝𝓪𝓭𝓾 💕
Lassanai❤