සිහිනයක් දෝ ආදරේ – නවවන කොටස

12
0

සති ගෙවුනේ හීයක වේගෙන්

මේ ගෙවුන දවස් ටිකට මායි ප්‍රකාශුයි ගොඩක් හොඳ යාලුවෝ යාළුවෝ වුනා

අද චතූගේ බර්ත්ඩේ එක

ඒක නිසා මම ප්‍රකාශ් එක්ක කතා වුණේ අද එහේ ගිහින් එයාව පොඩ්ඩක් සප්‍රයිස් කරන්න කියලා

එයා ආවා වෙනදාට මායි චතුයි බස් එකට නගින හෝල්ට් එකට

එතන ඉඳන් අපි දෙන්නා ඔහේ කියව කියව පයින් ම චතූලගේ ගෙදරට ගෑටුවා

උදේ ඉඳන් ම චතුවාගේ කෝල්වලට Answer කරන්නෙත් නැතුව msgවලට reply කරන්නෙත් නැතුව අපි දෙන්නා හිටපු නිසා දැන් මේකි පුපුරන්න ඔන්න මෙන්න ඇති 😁

අපි සැලෙනවාද ඕවට 😌

අපි යද්දි චතුවා ඉන්නවා එයාගේ අර අහිංසක බලු පැටව් දෙන්නව හුරතල් කර කර

අපිව දැක්කට පස්සේ අතේ හිටපු එකාවත් බිම දාලා දුවන් ආවෙ නැතෑ මේකි

“අඩේ කේශියෝ…උඹලා දෙන්නා මොකද නිකන් කපල් එක වගේ මෙහේ ආවේ”

“අනේ මේ එන්නෙපා ඔහොම කතා කියාගෙන ආ…දෙන්නේ පයින්”

“පුහ්හ්”

“ආ මේ අමතක වුණානේ Happy birthday බොක්ක”

“Thank you ඒයි”

“Happy birthday චතූ”

“Thank you ප්‍රකාශ්…එන්න යමු ඇතුළට”

අපි ඇතුළට යද්දි චතූගේ අම්මාත් හිටියා

“ආ මේ කේශි දුවනේ ඇවිත් තියන්නේ”

“කොහොමද ආන්ටි”

“ඉන්නවා පුතේ ඉතින්”

චතූගේ අම්මා එහෙම කියලා චතූගේ දිහා බැලුවේ මේ ඉන්න කොල්ලා කවුද කියලා අහන්න වගේ

“ආ අම්මේ අම්මාට මතක ද මං අර අපිට අලුත් යාලුවෙක් හම්බුනා කිව්වා…මේ ඉන්නේ එයා…ප්‍රකාශ්”

එතකොටම ප්‍රකාශ් දත් ටිකත් පෙන්නලා හිනාවක් දුන්නා ආන්ටිට

“ආ…වාඩිවෙන්න පුතේ”

“තෑන්ක්ස් ආන්ටි”

එදා දවස ගෙවිලා ගියේ චතූලාගේ ගෙදර

හවස 3ට විතර මං ප්‍රකාශ් එක්ක එහෙන් එන්න පිටත් වුනා

ගෙදර එද්දී 4ට විතර ඇති

ගෙදර යද්දී තාත්ති ගෙදර ඇවිත්

“කොහෙද පුතේ ගියේ”

“අද චතූගේ බර්ත්ඩේ එක තාත්ති…එහෙ ගියා”

“ආ…වොෂ් එකක් දාන් එන්න එහෙනම් මහ්න්සිත් ඇතිනේ”

“හරි තාත්ති”

වොෂ් එකකුත් දාගෙන ඇවිල්ලා චතූටයි ප්‍රකාශ්ටයි මං ගෙදර ආවා කියලා msg එකකුත් දාලා මං ගියේ පොඩ්ඩක් status පැත්තට ඔලුව දාන්න

අද අපි තුන්දෙනා ගත්ත ෆොටෝ එකකුත් status දාලා මං offline යන්න හදද්දිම msg එකක් ආවේ ප්‍රකාශ්ගෙන්

📥 Oya mk dn

📤 Mukuth na ane…oya gedara giyada

📥 Ow dn awe

📤Hm

📥 Mt oyata kiynna deyk thiyanawa

📤 Kiyanna prakash

එයා කියපු දේත් එක්ක මං confused unga bunga වෙලා ගියා

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

𝓝𝓪𝓭𝓾 💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *