සිහිනයක් දෝ ආදරේ – 4 කොටස

12
0

කාලා එතනින් එළියට එද්දිම මගේ ඇස ගැටුනේ බස් හෝල්ට් එකේ හිටපු boy කෙනෙක්ට

මං එතනට වෙලා ම ටිකක් වෙලා එයා දිහා බලන් හිටියා

“කහ ඉරෙන් ම පාර මාරු වෙමු නේ බන්…නැත්තන් එදා වගේ බැනුම් අහගන්න වෙන්නේ”

චතූ මොන මොනවදෝ කියනවා ඇහුණත් මට ඒක ගානක් ගියේ නෑ

“මේ කේශි උඹට ඇහුණ ද මං කියපු එක”

චතූ මගේ උරහිසට තට්ටුවක් දාද්දි තමා මං මේ ලෝකේ සිහියට ආවේ

“මොකද බන්”

“මොකද කියලා තමා මාත් අහන්නේ…උඹ මොන ලෝකෙද ඉන්නේ”

“ආ මේ…යමන් ඉක්මනට නැත්තම් බස් එක මිස් වෙයි”

“දැන් ද උඹට ඒක මතක් වුණේ”

“මෙහෙ වරෙන් හැමවෙලාවෙම කෑගහන්නේ”

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

මං බස් හෝල්ට් එකට එද්දිත් එයා එතන හිටියා…යාලුවෙක් එක්ක මං හිතන්නෙ එයා හිටියේ

ටිකකින් අපේ බස් එක ආවා…එයත් ඒකට ම නගියි කියලා හිතුවත් එහෙම වුනේ නෑ

එයාගේ යාලුවාව බස් එකට දාලා එයා ගියේ පාරෙන් එහා පැත්තට

බස් එක එතනින් එනකන් ම මං එයා දිහා බලන් හිටියා

ගෙදර ගියත් අද මගේ හිතට නිකම් අමුත්තක් වගේ දැනුනා

ආයේ මට එයාව හම්බවෙන්නේ නැති වෙයි ද කියලා චූටි දුකකුත් තිබුනා

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

දින සති ගෙවිලා ගියත් මට ආයෙ එයාව හම්බ වුනේ නෑ

අදත් වෙනදා වගේ ම ක්ලාස් දවසක්

අද නම් හැබැයි මං කලින් ගියා 😌

“අම්නේ මෙන්න මේකි අද කලින් ඇවිත්…අද නම් වහීද දන්නෙත් නැ”

“අනේ පල කලින් ආවත් වැරදී නැතත් වැරදී”

“හා හා මේ යමන් යමන්”

අපි දෙන්නා කියව කියව ක්ලාස් එකට ගියා

කලින් ගියාට මොකද කොච්චර ඉස්සරහා ඉඩ තිබ්බත් අපි දෙන්නා හිටියේ අපි දෙන්නාගේ සුපුරුදු Place එකේ ම තමා 😁

ක්ලාස් එකට ගිහින් වාඩි වෙලා ටික වෙලාවක් ඉද්දි ක්ලාස් එක ඇතුළට ආවෙව් මං හී එකින්වත් හිතපු නැති කෙනෙක්

ඒ ආවේ…

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

𝓝𝓪𝓭𝓾 💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *