සිහිනයක් දෝ ආදරේ – 5 කොටස

14
0

ඒ ආවේ වෙන කවුරුත් නෙවෙයි

දැන් සති ගානකට කලින් බස් හෝල්ට් එකේ දී මං දැකපු boy

“කා දිහා ද බන් උඹ ඔය කටත් ඇරන් බලන් ඉන්නේ…කට වහගනිම් බ්‍රේක් නැති මැස්සෙක්වත් යයි”

එතකොට තමා මට මතක් වුනේ මං තාමත් ඉන්නේ එයා දිහා බලන් කියලා

ඔක්කොමත් හරි මේකිත් දැක්කනේ…දැන් ඉතින් වලක් කපන් වැලලියන් කේශියෝ

ර්‍ර් ර් ර්ර්‍ර්

“මේ කවුද බන් ඒ කොම්ලා”

“ආ…මේ…මං කොහොමද ඕයි දන්නේ”

“උඹනේ දැන් කටත් ඇරන් බලන් හිටියේ”

“හරි ඉතින් බැලුවේ කවුද කියලා…කලින් දැකලත් නැනෙ”

“මට නම් පේන්නෙ උඹ කලින් ඒ කොල්ලව දැකලා තියනවා වගේ”

“අනේ නිකන් හිටපන්”

“මේ කේ…”

චතූ තවත් මොනවදෝ කියන්න හදද්දි ම සර් ආවෙ මගේ වාසනාවට තමා…නැත්තන් ඉතින් මගේ නම්බුව ලෙප්ට් තමා 🥲

හේ හේ

ක්ලාස් එකේ ඉද්දිත් මං සැරින් සැරේට එයා දිහා බැලුවා

අපි ඉන්නේ පිටිපස්සේ ම පෝළිමේ නිසා මෙතන්ට ඉතින් පේනවා

ක්ලාස් ඉවර වෙලා ගෙදර ගියා ඉතිම්…අද නම් වෙනදා වගේ නෙවෙයි…අද නම් මට මාර ම happy

“ඈහ්…අද කලින් ද අම්මා”

“වෙනදාට ඉතින් චතූ දුවත් එක්ක රවුම් ගහලා එද්දි පරක්කු වෙනවානේ”

“අයියෝ අම්මා…හැමදාම එහෙම යන්නෙ නෑනෙ ඉතින් 😒”

“හරි හරි දැන් ගිහින් වොෂ් එකක් දාන් එන්න කන්න”

“හ්ම්”

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඊළඟ දවසෙ ස්කූල් යන්න හිතන් හිටියෙ මායි චතූයි

අපි දෙන්නා අද ස්කූල් ගියා ඉතිම්

“මේ චතුවෝ”

“ඕ”

“කැන්ටින් එක පැත්තෙ රවුමක් දාලා එන්න යමුද”

“දැන් ද”

“නැතුව ඉතින්”

“අඩේ දැන් මැඩම් එයි ඕයි”

“අනේ මෙහෙ වරෙන්කෝ…හරියට නිකන් මීට කලින් මෙහෙම ගිහිල්ලා නෑ වගේනෙ”

“මේ පීරියඩ් එකෙන් පස්සෙ intervel බන්…එතකොට යමන්”

“බෑනේ බබා එතකොට එතන පිරිස වැඩියිනේ…උඹට බැරි නම් හිටපම්කෝ මං යනවා”

“ඒයි කේශියෝ ඔහොම ඉන්නවා මං එනකම්”

බෑ කිව්වට මං දන්නවා මේකි එනවා කියලා නාත් එක්ක මැරෙන්න වුනත් යන්න 😌

කැන්ටින් එකේ ඉඳන් පන්තියට යද්දි මැඩම් ඇවිල්ලා උගන්නනවා.

එයාටත් චුට්ටි බොරුවක් කියලා කොහොමහරි පන්තියට පැනගත්තේ මේ වෙලාවට ප්‍රින්සිපල් සර් මේ හතරවටේ කැරකෙනවා කියලා දන්න නිසාමයි

ඔන්න ඉතින් ස්කූල් ඉවර වෙලා අපි දෙන්නා ආවා

මං ගෙදර ඇවිල්ලා පොඩි නින්දක් දාලා පාඩම් කරන්න ගත්තා

මොකද කිව්වොත් හෙට අපේ Econ ක්ලාස් එකේ Exam එකක් තියනවා

ආ ඔයාලා හිතුවේ මේ වෙද්දි මට අර බෝයි කොම්ලාව අමතක වෙලා ඇති කියලද 😌

මොන්ගල් ද ඩාලින්ලා එහෙම අමතක කරනවද මං මගේ crush එකව

නෑනෙ නෑනෙ 😌

එයා ගැන හිතන එක පොඩ්ඩක් පසුවට තියලා මං පාඩම් කරන්න පටන් ගත්තා

පාඩම් කරලා කලින් නිදාගත්තේ ඊළඟ දවසෙවත් උදේ ම නැගිටලා කලින් ක්ලාස් එකට යන්න ඕනි කියලා හිතාගෙන

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

𝓝𝓪𝓭𝓾 💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *