මං බස් හෝල්ට් එකට ගිහින් චතූ එනකම් හිටියා
“අඩ්ඩෙහ්…අද ඉර පෑව්වේ අනිත් පත්තෙන්ද දන්නෑ”
“ඇයි යකූ”
“නෑ ඉතින් අද උඹ මටත් කලින් මෙතන්ට ඇවිල්ලානේ”
“එහෙම තමා මට හිතුනා අද ටිකක් කලින් එන්න ඕනි කියලා”
“හැමදාම උඹට ඔහොම හිතුනා නම් කොච්චර දෙයක් ද”
“😌”
කොහොමහරි ඔන්න ඉතින් අපි දෙන්නා ක්ලාස් එකට ආවා
ආපු ගමන් මගේ ඇස් හෙව්වේ එයාව
“මේ කාවද උඹ කැරකි කැරකි හොයන්නෙ”
“ආ…මේ…කවුරුත් නෑ බන්”
“ආ හාකෝ නංගී ඈ 😏”
“ඇයි”
“නෑ නෑ ඔහොම යමන්කෝ…හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනේ 😌”
“විකාර 😒”
“බලමුකෝ ආ 😌”
“😒”
තව ටික වෙලාවකට පස්සේ ක්ලාස් එකේ දොරෙන් මතු වුනේ මං බලන් හිටපු ඒ රූපේ
එයා ඇවිත් වාඩිවුනේ මං හිටපු පෝළිමට කෙලින්ම පෝළිමේ
ටික වෙලාවක් එයා දිහා බලන් හිටපු මට දැනුනේ නිකන් එයා මගේ පැත්තට ඇවිදන් එනවා වගේ
“මේ Excuse me”
හයියෝ දෙවියනේ මේ යකා මගේ ඉස්සරහා 🥲
“ආ”
“ඔයා ඇස්වලින් මාව කාලා ඉවරයි නම් මට පොඩි උදව්වක් කරන්න පුළුවන් ද 😏”
හයියූ කේශියෝ හොඳ වැඩේ උඹටත්…විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ අප්පා ඉතින්
“කියන්න”
“මට ඔයාගේ ටියුට් එක පොඩ්ඩකට දෙන්න පුළුවන් ද”
“හරි ඉන්න”
මං මගේ ටියුට් එක එයාගේ අතට දුන්නා
“හරි තෑන්ක්ස්…මං තව ටිකකින් ඔයාට දෙන්නම්”
මං ඔලුව වැනුවේ හා කියන්න වගේ
එයා ගියාට පස්සේ තමා මට මගේ එහා පැත්තෙ ඉන්න එකා ගැන සිහියට ආවේ
අයියෝ සාම්ත දැන්නම් නම්බුව ලෙප්ට් වෙන එක ආයෙ අහන්නත් දෙයක් යැ 🥲
“මේ කේශී…”
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
𝓝𝓪𝓭𝓾 💕