සිහිනයක් දෝ ආදරේ – 7 කොටස

5
0

“මේ කේශි”

“ආ”

“උඹ කලින් දන්නව ද බන් ඒ බෝයි ව”

“පිස්සුද බන් මං කොහොම දැන ගන්නද”

“එහෙනම් ඉතින් මෙච්චර ළමයි ඉන්න ක්ලාස් එකේ ඌ ඇයි උඹෙන් ම ටියුට් එක ඉල්ලුවේ 😏”

“දන්නවැයි…ඒක ඌගෙන් අහගනිම් 😒”

“ආ හාකො හාකො 😌”

“😒”

“මේ එයාගේ නම මොකක්ද දන්නැ නේ”

“උඹට ඕනෙ නම් අහගනිම්කො 😒”

“මට නම් පේන්නෙ උඹට ඒක දැනගන්න පොඩි වුවමනාවක් තියනවා වගේ 😌”

“අනේ මේ”

ක්ලාස් ඉවර වෙලා අපි දෙන්නා ඉක්මනට බස් හෝල්ට් එකට ගියේ චතුවාට අද ඉක්මනට ගෙදර යන්න ඕනි කියපු නිසා

අපි දෙන්නා ටිකක් වෙලා එතන ඉද්දි අපේ ළඟට ආවේ අර බෝයි

“හායි”

“ආ හායි”

“මොකද මෙතන දෙන්නා බස් එකක් එන්ක්ම් ද”

අපි මේ කෝච්චියක් එනකම් බස් හෝල්ට් එකට වෙලා ඉන්නේ උලමෝ කියලා කියන්න හිතුණත් මං කටවහන් හිටියා ඉතින්

ඇයි වදේ මේ මනුස්සයත් මාර ප්‍රශ්නනේ අහන්නෙ

“ඔව් මේ තාම නැනෙ බස් එක”

“එයි එයි දැන්…ආ මේ ඔයාගෙ නම මොකක්ද”

“මගෙන් ද ඇහුවෙ”

“ඔව්”

“මම කේශානි…එතකොට මේ මගේ best friend චතුනි”

“ආ මම ප්‍රකාශ්”

එතකොටම අපිට බස් එකක් ආපු නිසා එයාටත් බායි කියලා අපි දෙන්නා ආවා

“මේ කේශියෝ එයා Tamil වගේ නේ”

“ඔව්නේ මටත් හිතුනා”

“හැබැයි ඉතින් 😌”

“මොකද උඹ 😒”

“නෑ නෑ 😌”

“😒”

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ටික දවසක් යද්දි ප්‍රකාශ් අපේ හොඳ යාලුවෙක් වුනා

අපි ඉන්නේ එක ම පැත්තේ නොවුනත් ගොඩක් වෙලාවට ක්ලාස් යද්දි බස් හෝල්ට් එකේදි අපිට එයාව මුණගැහෙනවා

“ඒයි මේ අද ක්ලාස් ඉවර වෙලා යද්දි මොනාහරි කාලා යමන්ලා ආ”

“ඒ චතූ කොහොමද බන් මේකි මෙච්චර කන්නේ”

“කවුද බන් දන්නේ”

“කන්නෝනි බොන්නෝනි ආතල් එකේ ඉන්නෝනි 😌”

“හැබැයි ඉතින් මෙච්චර කාලත් මේකි නිකන් හුළඟට ගහගෙන යයි වගේ ඉන්නේ”

“අනේ මේ එහෙම නෑ හරිත”

එයා ඇත්තටම අපිත් එක්ක ගොඩක් ෆිට් වුනා

ඒත් එක දවසක්…

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

𝓝𝓪𝓭𝓾 💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *