ඊළඟ දවසේ උදේ මං ඇහැරුනේ මගේ කන උඩම ඇහුන ටකරං වොයිස් එක නිසා 🥲
“මේ ඕයි…උඹ දැන්වත් නැගිටිනවද නැද්ද”
ඒ සුමිහිරි ටකරං වොයිස් එක කාගෙද කියලා අඳුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ 😌
ඒ වෙන කවුරුත් නෙවෙයි පෙන්ස් මා හිතාදර ප්‍රියාදර මාගේ මිතුරියයි මේ 🥲
“අඩේ නිවාඩු දවසෙත් උඹ මොකද මෙහෙ කරන්නෙ”
“මෙහෙ ඉන්නවා ඊයේ මට අද උදේ 8 වෙද්දි ලෑස්තිවෙලා ටවුන් එකට එනවා කියපු එක්කෙනෙක්…මං මේ බලන් ඉඳලා ඉඳලා බැරි ම තැන එයාව හොයාගෙන මෙහේ ආවේ”
“ඈහ්…කවුද බන් ඒ…මං ඇරෙන්න අපේ ගෙදර කවුරුත් නෑනෙ උඹට එන්න කියන්න…ඔන්න මට අයියෙක්වත් හිටියා නම් උඹව නෑනා කර ගන්න එක සලකා බලන්න තිබුණා”
“නිකම් ගොන් කතා කියන්නෙ නැතුව හිටපන් 😒”
“සිරාවට ම ඇයි උඹ මෙහෙ ආවේ”
“අනේ ඇත්තමයි මට උඹගේ හොම්බට අනින්න හිතෙනවා”
“හොම්බක් තියෙන්න මොකද මම හරකෙක් යැ”
“අනේ මේ කේශි උඹ අද මාත් එක්ක ටවුන් යන්න එනවා නම් ලෑස්තිවෙලා වරෙම්…නැත්තම් මං යනවා”
“හත්තික්කේ මට අමතක වුනානේ…පොඩ්ඩක් හිටපන් සුදාම්මියා…පටාර් ගාලා ලෑස්තිවෙලා එන්නම්”
මම එහෙමම වොෂ් එකක් දාන් ලෑස්ති වුනේ ටවුන් එකට යන්න චතූ එක්ක
අම්මාටත් කියලා දෙන්නාම ආවේ තවත් හිටියොත් තවත් පරක්කු වෙන නිසා
මුලින්ම අපි දෙන්නා මොනවා කරන්න ඇති කියලා ද ඔයාලා හිතන්නෙ 😌
වෙන මොනාද ඉතිම් කන එන තමා 😁
කාලා එහෙම ඉවර වෙලා ගියේ Shopping කරන්න…ආයේ දන්නවනේ ඉතිම් කෙල්ලෝ දෙන්නෙක් එකට Shopping කරන්න ගිහාම යන වෙලාවක තරම 😌
කොහොමහරි ඔන්න ඒකත් ඉවර කරන් බස් හෝල්ට් එකට ආවේ දෙන්නා ම හොඳටම හෙම්බත් වෙලා
“මේ චතුවෝ”
“ම්ම්”
“උඹට බඩගිනි නැද්ද”
“බඩගිනියි ඕයි”
“මේ එහෙනම් මොනවාහරි කාලා ම එමු කෝ 😁”
“අඩේ වෙලා යයිනේ”
“වෙලාව යන එක ඉතින් උඹටවත් මටවත් නවත්තන්න බෑනෙ…මෙන්න මෙහෙ වරෙන් යන්න”
චතූවත් ඇදගෙන මං ගියෙ පාරෙ එහා පැත්තේ තිබුණ රෙස්ටුරන්ට් එකට
කාලා එතනින් එළියට එද්දි ම…
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
𝓝𝓪𝓭𝓾 💕