………….💗💗💗💗💗💗💗………..
“ක්හැ..ක්හැ…”
“මොකද ලොකූ මේ. වතුර එකක්වත් හරියට බීගන්න යන්න බෑ. කතාව නම් හොස්ටල් වල නැවතිලා යුනිවසිටි යන්න”
“අයියෝ අම්මා”
මේ ගෙදර දැන් තියෙන අලුත් ම තත්වය තමයි ඕක. වතුර නෙවෙයි මම හයියෙන් ඈනුමක් ඇරියත් ඉවර වෙන්නෙ ඔය කතාවෙන්.
මෙහෙම ගියොත් යන්න ඉන්න යුනිවසිටි එක ගෙදරට ගෙන්න ගන්න තමයි වෙන්නෙ.
ඒත් හැබැයි අම්මා හැම එකටම ඔය හොස්ටල් කතාව කියන්නත් හේතුව උනේ මම ම තමයි.
කට හින්දා මාළුවා නහිනවා කියන්නෙත් නිකං නෙවේනෙ. මම දවසක් ආතල් එකට වගේ හොස්ටල් ජීවිතේ ගැන හීන මාලිගාවක මුල් ගල තියද්දි කිව්වා…නෑ කිව්වා නෙවෙයි කියවුනා
“මාත් හොස්ටල් එකට ගිය කාලෙක ට්‍රෙන්ඩ් එකට ක්ලබ් එකකට ඔලුව දාලා එන්න ඕනෙ කියලා.”
ඒත් එක්කම මට ඇහුනා පිටිපස්සෙන් හැන්දක් බිම වැටෙන සද්දයක්. බැලින්නම් අම්මා එක අතක් පපුවට තියන් ඇස් දෙකත් විසාල කරන් බලන් ඉන්නවා.
අම්මා පුදුම සතුටින් හිටියේ මාව හොස්ටල් යවලා තනියම දෙයක් කරගන්න හැටි උගන්නන්න.
එක දවසක් අම්මට හීනෙනුත් පෙනිලා තිබ්බා දවසක උයන්න ගිහින් මම හොස්ටල් එකම ගිනිබත් කරන හැටි.
ඒත් එදා අර මගෙ කටින් පිටවුනු දේත් එක්ක “හොස්ටල්” කියන වචනෙ අපේ ගෙදර තහනම් වචනයක් උනා.
අම්මත් හොදවැයින් රවලා කුස්සියෙන් ගියාට පස්සෙ සුපුරුදු විදිහට සෝෆා එක උඩට කකුල් දෙකක් අරන් කල්පනාවට වැටුනේ මගෙ හදිස්සියේ පැමිණි කැස්සට හේතු උනු ඒ මහා බලවේගය.
ඒ වෙන මුකුත් නෙවෙයි අර කැෆේ එකට ආපු හාදයා නොහොත් කොටු කොටු ෂර්ට්.
ඒත් එක්කම මට මතක් උනේ පොර අපිත් එක්කම ඊළඟ ස්ටේෂන් එකෙන් බහිනවා වගේ රඟපාලා කියපු දේ.
මායි මගෙ අනිත් එකී නොහොත් දේදුනුයි නැගිට්ටෙ අපි නැග්ග කෝච්චියෙ දෙවෙනි ස්ටේෂන් එකෙන් බහින්න. ඒත් එක්කම වගේ අපිට ඉස්සරහා ම අපිව තඹ සතේකට මායිම් නොකර කකුලක් පිට කකුලක් දාගෙන කැපචිනෝ බිබී හිටපු සද්දන්ත සරීරෙත් නැගිට්ටා.
පොරගෙ ඇස් කෙලින් ම මගෙ තොල් වලට යොමු වෙද්දි මට කෙල තලියලුත් ගිලුනා මොකද පොරගෙ දිස්නෙ දෙන කොටු කොටු ෂර්ට් එකෙන් තොල් සලකුනක් තියලා කඩේදි වැඩ කරන හැමෝම ඉස්සරා පොරව නෝන්ඩි කලේ මම නේද කියලා මතක් වෙද්දි.
හිමීට බහින්න වගේ ඇවිත් මගෙ ඇගේ හැප්පිලා පාත් වෙලා හිමීට මුමුනපු වචන ටික තාමත් කන් දෙක ඇතුලේ දෝන්කාර දෙනව වගේ.
ඒක මිමිනීමක් නෙවෙයි තනිකරම තර්ජනයක්!
“බලන් ඉන්නව..මම තාම මේවට රිටර්න් එක දෙන්න පටන් ගත්තෙ නෑ”
අම්මෝ…මතක් වෙද්දිත් ඇග කිලිපොලා යනවා.
“නිකොලායි මැක්සිම්” ලස්සන නමක් මොනා නැතත් පොරට තියෙන්නෙ.
මට තර්ජන කරන්න ආපු එකෙන් උනු හොදම දේ තමයි පොර නැවෙද්දි පොරගෙ ID එක බිමට පතිත උනු හින්දා නම දැනගන්න ලැබුනු එක.
“මැක්ස් කියමු ..ආෂ්ෂ් නෑ ඒක හොද වැඩියි”
“ම්ම්ම් සිම්” බෑනෙ ඒක නිකං බල්ලෙක්ට වගේ
“නිකෝ” ඔව් ඔව් ඒක ලස්සනයි.
“නිකෝ…නීකෝ..නිකො නිකෝ..”
“ලොකූ…මොකද්ද ඒ පාර වෙලා තියෙන්නෙ”
“නෑ අම්මා මේ ..මේ නිකොලස් කොපර්නිකස් කියලා කිව්වෙ”
“ඒ මොකාද ඒ. පස්සෙන් එන එකෙක් ද”
“අයියෝ නෑ අම්මා…. දෙයියනේ මේ මහා ශේෂ්ඨ මනුස්සයා තමයි දුරේක්ශය හොයාගත්තෙ”
“ඇත්තද..එතකොට ගැලීලියෝ ගැලිලි හොයාගත්තෙ රේඩියෝ එක වෙන්න ඇති”
“හී…හී දන්නෙ නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා”
“ඇත්තමයි එළදෙනක් හදා ගත්ත නම් කිරි ටිකක් හරි දොවා ගන්න තිබ්බා”
අම්මගෙයි මගෙයි රාත්‍රී සංවාදෙ ඒ විදිහට නිමා වෙද්දි මමත් කාමරේට ඇවිත් කොලේජ් යන්න ඇදුමක් අතිශය ප්‍රථම වතාවට මැදලා තියලා දොයිය බබෝ කියන්න යහන් ගත උනා.
අතිශය ප්‍රථම වතාවට ඇදුමක් මැද්දෙ මොකද කිව්වොත් හෙට තමයි මේ හිරු නොබසින අධිරාජ්‍ය වන එංගලන්තයට වසන්ත සෘතුව ඇරඹෙන්නෙ.
ඒත් එළියට බහින්න බැරි සීතලක් තියෙන්නෙ එළියෙ.
ඒත් මම කොලේජ් එකේ ට්‍රෙන්ඩ් එක ෆ්ලෝ කරලා අඳිනව හෙට හීනිම හීනි පටි දෙකක් තියෙන ඇගෙන් සැලකිය යුතු ප්‍රමානයක් එළියට නිරාවරණය වෙන ඇදුමක්.
………💗💗💗💗💗…….
“දැන් එතකොට උඹ කියන්නෙ අර නිකොලායි කාරයව උඹ ඔෆිස් එක ඉස්සරා දැක්ක කියල ද”
“ඔව්”
“අම්මප කියහං”
“උබ පල්ලා මම ඌව දැක්කා”
සැක් විතරක්! මම හිතාගෙන හිටියේ මේ සමර් එක පටන් ගත්තහමවත් හොද යහපත් බොදු දරුවෙක් වෙනවා කියලා.
කොහෙද ඉතින් දැන් ඒක කරන්න වෙන්නෙ නෑනෙ. මම අද ඉදලා බොදු දරුවෙක් උනොත් එහෙම අර නිකොලායි කාරයා මාව කොලේජ් එකෙනුත් දොට්ට දානකම් ම මටයි මගෙ එකී දේදුනුටයි වෙන්නෙ මුල්ලකට වෙලා බලන් ඉන්න.
එව්වා කොහෙද මේ දියානා ජීවත් වෙනකම්. කමක් නෑ මම ලබන සමර් එකේ ඉදල ම බොදු දරුවෙක් වෙනවා.
“අපි යන්ද ඌව බලන්න. මට ඒ පිංවන්ත මූණ තව එක පාරක් ලගට බලා ගන්න ඕනෙ”
“යන්න දෙයක් නෑ මචං” දේදු කොහෙදෝ පැත්තක් බලන් මිමිනුවා.
“ඒ කිව්වෙ”
“අර එන්නෙ ඌ”
මෙන්න බොලේ ඊයෙ මාව පන පිටින් තෙල්දාන්න හදපු එකා අද කටපිරෙන්න හිනාවක් අරගෙන අපි ඉන්න තැනට සේන්දු වෙනවා.
“එක්ස්කියුස් මී ගර්ල්ස්..ඔයාල දන්නව ද 202 රූම් එක තියෙන තැන”
යකෝ 202 කියන්නෙ අපේ පංතියන. මූ මොකාටද මේ එන්න හදන්නෙ. මූද අපේ වෙන්න ලෙචා. අනේ දෙවියනේ පිහිටවන සේකවා!! දේදුගෙත් ඇස් උඩ ගිහින් තියෙන්නෙ.
“අහ්..මේ..202..අර පැත්තට කෙලින්ම ගිහිල් දකුණට හැරෙන්න”
“තෑන්ක්ස්” ඇහැකුත් ගහගෙන ගියා යන්න. මිනිහා මොකටද මේ එන්න යන්නෙ.
“මොකද්ද බන් ඒ කලේ” දේදු කෑගැහුවා.
“ඇයි මම මොකද්ද කලේ.” මම ශාන්ත දාන්ත විදිහට උත්තර දුන්නා.
“ඇයි අරූ 202 ඇහුවහම පොදු වැසිකිලිය පෙන්නුවෙ යකෝ”
“නෑ ඉතින් පොරට සැහැල්ලු කරගන්න යම්කිසි බරක් එහෙම තිබ්බොත් ඒකයි”
“උබ නම් හැද්දෙන්නෑ. වරෙන් යන්න”
අපි යද්දිත් පරක්කු වෙලා තිබ්බෙ පංතියට. ඒත් සර් කාරයා මලක් කඩලා එහෙම අපිටත් මල් පොකුරක් අරන් පංතියට එද්දි පොඩ්ඩක් පරක්කු වෙන හින්දම අපි තව ටිකත් කයියක් ගහන් පංතියට ගිහාම කවදාවත් නැතුව පොර අද කලින් ඇවිල්ලා.
ඇවිල්ලා විතරක් නම් කමකුත් නෑ වැඩ කරන්නෙ නැති එවුන්ට නෙලන්න කියලා මායි දේදුයි ගිය පාර ලංකාවට ආපු සැරේ ගෙනිහින් දුන්නු වේවැලත් එහෙම මෙහෙට පද්ද පද්ද ඉන්නෙ.
එනපොට අපිව පිටපොට යවයි කියලා තේරෙද්දි දේදුවා ඇහැක් ගහලා කිව්වා අපේ පරම්පරාගත බොරුව කියමු කියලා.
“ඩියානා…රේන්බෝ.. තමුසෙලා දෙන්න කොහෙද ගියේ මෙච්චර වෙලා”
“සර් බස් එක පරක්කු උනා. ඒ මදිවට එන පාරෙ කාර් එකක් ඇක්සිඩන්ට් වෙලා තිබ්බා”
දේදුනු හොදට ඇක්ෂන් දදා සුපිරියටම දුන්නා ඇක්ටින් පාර.
“ඒක මගෙ වැරද්දක් ද”
“අපි කිව්වෙ නෑනෙ ඒක සර්ගෙ වැරැද්දක් කියලා” මගෙ කටින් එකපාරම පිටවුනා.
…………………💗💗💗…………………………..
සදාදර
Mrs.හෝම්ස්