2 කොටස
—————————————-
ක්ලාස් ඉවර වෙලා එද්දිත් එයා එතනම හිටියා .. එයා දිහා එකපාරක් බලපු මං එහෙම්ම ගිහින් කාර් එකට නැග්ගා .. කාලය ගෙවිලා ගියා..හැමදාම මං යන එන තැන්වල ඒ hazel ඇස් තිබුණා .. අපි එක්සෑම් ලිව්වා .. නාද්යායි මායි ගෙදර එනගමන් හිටියෙ…
” බුදාම්මෝ දැනෙන නිදහස … 😁 ”
” ඒක නම් ඇත්ත බම් 😉”
” මේ එක්සෑමුත් ඉවර එකේ හෙට අපි park එක පැත්තෙ එහෙම ගිහිම් පොඩි වටයක් දාලා එමුද .. ? 😎 “
” හරි මං උබට කෝල් එකක් දෙන්නම් ”
කියල නාද්යවත් ගේ ළඟින් දාගෙන මං ගෙදර ආවා .. අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් බිසී 😓 එයාලගෙ ජොබ් එකත් එක්ක අපි තුන්දෙනාටම එකට ඉන්න තියෙන වෙලාව ගොඩක් අඩුයි .. ඒ නිසාම එයාලා නාද්යා එක්ක හෙට යන්න අවසර දුන්නා ..
” හෙටත් එයා ඉඳීවිද … ?
මගේ හිත තමයි ඒ ප්රශ්නෙ ඇහුවෙ…ඇත්තටම දැන් මට ඒ ඇස් දකින්නෙ නැතුව ඉන්න බෑ ..
” ඒක ආදරයක්ද .. ? එහෙම ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? ”
මං මගෙන්ම කීපාරක් අහල තියෙද … ඒවා මේවා හිත හිත එහෙම්ම නින්ද ගියා .. ඊළඟ දවසෙ මං ලෑස්ති වෙලා නාද්යා එක්ක park එකට ආවා.. පොත් අස්සෙ හිරවෙලා ඉඳල පුදුම නිදහසක් දැනෙන්නෙ දැන් නම්.. චූටි පැටව් ටිකක් සෙල්ලම් කරනව දැකපු අපි දෙන්නගෙත් ළමා මනස එළිදැක්වෙන්න මහලොකු වෙලාවක් ගියේ නෑ … 🥲 හේ .. හේ.. අපි දෙන්නත් එයාල එක්ක සබන්බෝල යවයව සෙල්ලම් කරා ..
ඒ අතර අහම්බෙන් මගේ ඇස් ගියේ ටිකක් එහාට වෙන්න තියෙන බෙන්ච් එකෙ වාඩිවෙලා මේ පැත්ත බලන් ඉන්න මගේ Mr. Hazel Eyes
” පොඩ්ඩක් හිටහම් .. මගේ hazel eyes ? පිස්සුත උබට .. ? “
” හෙහෙ කවුත දන්නෙ … 😁 ” ඒ මගෙ හිත 😁
මං එයා දිහා බලන් ඉන්නව නාද්යා දැක්කා..
” මේ ආන්යා මේක හරියන්නෑ.. ඌ කතා කරන්නෙත් නැත්තම් අපිම ගිහින් ඌට කතා කරමු .. ගොළුද දන්නෑනෙ යමන්.. “
” පිස්සුද බම් උබට … ම්.ම් මේ .. මට නම් බෑ .. අනික අපි දන්නෑනෙ එයා වෙන කෙනෙක් දිහා බලනවද කියල …🥲 “
” අනේ නිකම් හිටපම් .. උබට ඌව වපරයි වගෙ පේනවද .. 😑 මෙච්චර මාස ගානක් තිස්සෙ ඌ උබ දිහා තමයි බලන් ඉන්නෙ … 😑 “
” හරි හරි ඉතිම් එයාම දවසක ඇවිත් කතා කරයිනෙ එතකම් බලන් ඉමු … “
” උබ කියන එකක් තමයි .. උබට කියල වැඩකුත් නෑනේ ..”
නාද්යා එක්ක කතා කරල ආයෙම අර පැත්ත බලද්දි එයා නෑ … මුන් නම් පුදුම මිනිස්සු තමයි … 🥲
Ice cream කාලා ශොපින් පාරකුත් දාලම අපි දෙන්නා ගෙදර ආවා .. ඒ ඇස් ගැන හිත හිතම අදත් නිදාගත්තා … 👀
ඊළඟ දවසෙ නැගිටිනකොට අම්මයි තාත්තයි දෙන්නම hospital යන්න ලෑස්ති වෙනවා …
” Good Morning අම්මා … Good Morning තාත්තා …😚 ”
” Good Morning දෝණී … “
” දෝණී හෙට හවසට මගේ යාලුවෙක්ගෙ anniversary පාටියක් තියෙනව.. අපි තුන්දෙනාම ඒකට යන්න ඕනෙ.. ඕනෙ කරන ඇඳුම් එහෙම ලෑස්ති කරගන්න … දැන්ම කියල තියන්න එපැයි…. 😉 “
කියල තාත්තා මගෙ නහයට තට්ටුවක් දැම්මා …
” හරි තාත්තා … ”
ඇත්තටම මං ගොඩක් සතුටු උනා ඒකට මොකද අපි තුන්දෙනා ගොඩ කාලෙකින් තමයි මෙහෙම දේකට සහභාගි වෙන්නෙ ..
කම්මැළි නිසාම මං ලයිබ්රි එකට ගියා .. ගිහින් එද්දී පාර එහාපැත්තෙ එයා හිටියා .. ඇත්තටම දැවෙන පස්නයක් මේක ..මෙයා කෝමද මං යන යන තැන ඉන්නෙ.. කොහෙහරි GPS එකක්වත් හයිකරලද දන්නෑ තියෙන්නෙ … 🥲 එයා දිහත් බලල මං ගෙදර ආවා..
තත්පර කට්ට දුවනව නිකම් උසේන් බෝල්ට් වගේ.. 😐 අපි anniversary පාටි එකට ආවා.. හරිම ලස්සනට සරසල තිබුනා .. අම්මයි තාත්තයි කට්ටිය එක්ක කතා කර කර ඉන්න අතරෙ සූටි මං වටපිට බැලුවෙ අඳුරන කවුරුහරි ඉන්නවද කියල .. 😁 එතකොටම එතනට ආවේ ….
_____________________________________
කවුද ආවේ …. ? 😁